එතකොට කො බන් සිරිසේන මහත්තය එතුමාට හෙන ගහනව්ද,![]()
එතුමාගේ වැඩ එතුමා බලා ගනී ඔබතුමා ඔබතුමාගේ ලොක්කට වෙන දේ බලාගන්නකෝ

දැන් වත් මහින්දගේ සරම අස්සෙන් එලියට වරෙන් බං ඔතනින් එහා ලෝකයක් තියනවා

එතකොට කො බන් සිරිසේන මහත්තය එතුමාට හෙන ගහනව්ද,![]()


baya wenna deyak na mama hawasa dakka rupawahini headline walata kiyanawa
"hela urumaya wagakeem ath hari.. "
kiyala..ada ohomai. heta anidda weddi balapanko. sarath fonseka wage karanawa unwath.
me rata politician lata galawanna baha meka galawanna puluwan ape rate minissunat witharai , rate minissunge akalpa, ranil awath raajaya sewaye loku putu tika wenas weyi, aye un karanne unta hamba karaganna eka, mokada thamange bada 1st akalpaya paksha bedekin thorawa ape rate minissunta kawadila thiyenne, ranil awath ape rata thiyenne thibba thanama thamayi
දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.
දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.
මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.
මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.
මෙවර මැතිවරණයේදී,
ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,
ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.


ඔව්. උබ කියන එක දෙයක් හරි වෙන්න පුලුවන් මචන්. රනිල් ආවහම ලොකු පුටුවල වෙනසක් වෙන්න පුලුවන්. ඒ එන එවුනුත් හොරා කන්න පුලුවන්. ඒත් දැන් තරම් නම් හොරා කන එකක් නෑ. මහින්ද කරපු එකම හොද වැඩේ යුද්දෙ ඉවර කරපු එක විතරයි. ඒක මෙතන ඉන්න කිසිම කෙනෙක් නෑ කියල නෑ. ඒ දිනපු යුද්දෙත් එක්කම රටත් ස0වර්දනය කලා නම් අද මහින්දට මෙහෙම වෙන්නෙ නෑ. මෙතනදි සමහරු කියයි පාරවල් හදන එක තමා ස0වර්දනය කියන්නෙ කියල. ඒත් රටක ඊට වඩා දෙයක් වෙන්න ඕනෙ මචන්. මහ බැ0කු වාර්තා වල තියන විදිහට ගත්තොත්නම් අපි ඉන්නෙ සුරපුරයක. ඒත් අපි හැමෝම දන්නව රටේ ආර්තිකේ තත්වෙ කොහොමද කියල. කඩේකට ගිහින් බඩුවක් ගන්න ගියත් , ඇදුමක් ගන්න ගියත් අපේ purse එකට හොදටම තට්ටු වෙනව කියල අපි විතරක් නෙවේ, මහින්ද හොදයි කියල කියන හැමෝටමත් තේරෙන දෙයක්. තව දෙයක්, කලින් කිවුව වගේ රනිල් ආවහම වෙනසක් වෙයි. හැබැයි රනිල් කියන්නෙ හොරෙක් නෙවෙයි. රනිල්ට මඩ ගහන කිසි කෙනෙක්ට බෑ රනිල් හොරෙක් කියන්න. ඒත් මහින්ද? මහින්දගෙ පවුලෙ අය? මේ දැන් කතා කරන, මේ thread එකේ ඉන්න හැමෝමත් දන්නව මහින්ද කියන්නෙ යුද්දෙ විකුනගෙන කාල, දේශප්‍රේමිත්වයත් විකුනගෙන කාල, රටේ මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කාල පෝසත් උන කෙනෙක් කියල. (සමහරු නම් නෑ කියයි.)
තව දෙයක්, ඔව් රනිල්ට අගමැතිකම හම්බෙනව.. ඒත් අර දින 100ට විතරයි. ඊට පස්සෙ අප්‍රේල් වලදි මහ මැතිවරනයක් තියනව. ඒකෙදි පුලුවන් තමන්ට කැමති අගමැති කෙනෙක් තමන්ට තෝර ගන්න. මෙතනදි කරන්න ඕනෙ රනිල්ද, මෛත්‍රීද, මහින්දද කියන එක නෙවේ, තමන්ගෙ අනාගතය වෙනුවෙන් අඩු වැරදි තියන කෙනෙක්ව තෝර ගන්න එක.
දැන් රටම කාල, චීනට රට උගස් කරල ඉවරයි. බටහිර දියුනු රටවල් එක්ක තියන සම්බන්දතා වලට කෙලවගෙන ඉවරයි, බොරු කයිවාරු ගහන්න ගිහින් ඇදගෙන නාල ඉවරයි. ඒ හින්ද දැන් රටට ඕන වෙල තියෙන්නෙ වෙනසක්. බොරුවෙන් මිදිල රටට මේ වෙලාවෙදි අවශය දේ හරියට තීරනය කරන්න. ඒ තීරනය තමන්ගෙ අතේ. ඒත් වැරදි තීරනයක් ගත්තොත් අපිට විතරක් නෙවේ, විදවන්න වෙන්නෙ ටව අවුරුදු ගානකට පස්සෙ ඉපදෙන ලමයින්ටත් එක්ක.
well said. හැමෝම උබල වගේ හිතනවා නම් මෙච්චර හොරු රජ කරන්නේ නෑ.. මෙන්න මේ ටික හරියට මිනිස්සුන්ට තේරුම් පුළුවන් උනා නම් මේ හොරු රැල ගෙදර යවන එක කජ්ජක් නෙවෙයි..
දැන් අයෙමත් විදේශ බලවේග, යුද්ධාදිකරණය එහෙම ඇවිත් කතාවට.. මිනිස්සු බය කරලා චන්ද ගන්න තමයි ට්‍රය් එක.. මෙතන උබල කියල තියන කාරනා තමයි මිනිස්සු අතරට යන්න ඕනි.. ගොඩක් අය බය වෙලා ඉන්නේ මෛත්‍රී දිනලා රනිල්ට රට දෙන්න හදනවා කියල.. මිනිස්සුත් කබලෙන් ලිපට වැටෙන්න බයයි.. මහින්ද දැන් හදන්නේ ඒ බයෙන් ප්‍රයෝජන ගන්න,. පුළුවන් තරම් මිනිස්සු අතරට මේ කාරණා ටික යවන්න.. බය කරලා ඒකාධිපති පාලනයකට මේ රට ගෙනියන්න දෙන්න එපා..
මෛත්‍රිපාලට එන චන්ද වලින් 70%ක් 80%ක් යූන්පි චන්ද.ඒක නිසා රනිල් අගමැති වෙන එක අහන්න දෙයක්ද?
