අගමැති හා චෙක්පත

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අගමැති හා චෙක්පත

    මෙරට අගමැතිවරයා ඔහුට ලැබුණ චෙක්පතක් රැගෙන ප්‍රධාන රාජ්‍ය බැංකුවකට ඇතුළු වුයේ එය මුදල් කරගැනීමට ය. ඔහු ඉතා නිහතමානීව පෝලිමේ සිටියේ තම වාරය එනතුරු ය. ටික වෙලාවකට පසු ඔහු කවුන්ටරය වෙත ලඟා වී ඔහු අත තිබු චෙක්පත ඉදිරිපත් කළේය.

    අගමැති : "මට කරුණාකරලා මේ චෙක්පත මාරු කරලා දෙන්න පුලුවන් ද ?"

    කැෂියර්වරිය: " මට කරුණාකරලා සර් ගේ හැඳුනුම්පත දෙන්න"

    අගමැති : "ඇත්තටම මට මගේ හැඳුනුම්පත ගෙන්න බැරි වුණා..ඒත් මම හිතන්නේ නෑ හැඳුනුම්පත ඕන වෙයි කියල..මාව හැමෝම දන්නවා...මම රනිල් වික්‍රමසිංහ..මේ රටේ අගමැති"

    කැෂියර්වරිය: "මම සර් කවුද කියලා දන්නවා...එත් බැංකු නීති සහ රෙගුලාසි අනුව හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕන."

    අගමැති : " බැංකුවේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්න මම කවුද කියලා...හැමෝම මාව දන්නවා"

    කැෂියර්වරිය: " සමාවෙන්න අගමැතිතුමා, මම බැංකු රෙගුලාසි අනුගමනය කරන්න ඕන"

    අගමැති : " මම ඔයාට කියන්නේ කරුණාකරල මේ චෙක්පත මාරු කරලා සල්ලි දෙන්න! "

    කැෂියර්වරිය: " සර් මේ අහන්න...දවසක් වික්ටර් රත්නායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා තොටුපල අයිනේ ගීතය ලස්සනට ගායනා කරලා පෙන්නුව ..ඒක ගායනා කරපු විදියෙන් අපි අඳුන ගත්තා ඒ වික්ටර් රත්නායකමයි කියල..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා..තව දවසක් අනුර කුමාර දිසානායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා කට උල් කරලා ඇස් ලොකු කරලා "මහින්ද හොරා" කියලා තුන් පාරක් කිව්වා..ඒ කියපු විදියෙන් අපි දැන ගත්තා ඒ අනුර කුමාර දිසානායකමයි කියලා..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා...සර්ටත් ඒ වගේ මොනවා හරි කරලා ඔප්පු කරන්න පුලුවන් ද ඔබතුමා තමයි අගමැති කියලා ? "

    (අගමැතිතුමා දිගු කල්පනාවකට වැටී පසුව කටහඬ අවධි කළේය)

    අගමැති : "ඇත්තටම මගේ ඔලුවට කිසිදෙයක් එන්නේ නෑ ..මට කරන්න පුළුවන් එක දෙයක් ගැනවත් හිතාගන්න බෑ"

    කැෂියර්වරිය: " සර්ට ඕන 1000 නෝට්ටුවලින් ද 5000 නෝට්ටුවලින් ද ? "

    =======================
    සොනාල ගුණවර්ධන
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    27.gif

    හික්... හික්... හික්... හික්...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    දුමින්ද සිල්වා ආවනම්:P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දුමින්ද සිල්වා ආවනම්:P

    "ඇත්තටම මගේ ඔලුවට කිසිදෙයක් එන්නේ නෑ ..මට කරන්න පුළුවන් එක දෙයක් ගැනවත් හිතාගන්න බෑ"

    කියන එකයි "මට මතක නෑ" කියන එකයි දෙකක් නේහ්..:rofl: