අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක Hot news Thread.

WallStreet

Member
Dec 3, 2012
129
20
0
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක Hot news Thread.

ඉන්දියාව අත දමයි, ඉල්ලා අස් නොවේ

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත ඉදිරිපත් වී ඇති දෝශාභියෝගය හමුවේ අද දිනයේ ඉල්ලා අස්වීමට ඇය විසින් තීරණය කර තිබුණද ඉන්දීය තානාපති කාර්යාලය මැදිහත් වී එම තීරණය වළක්වා ඇතැයි වාර්තා වේ.

දෝෂාභියෝගයට එරෙහිව සෙසු විනිසුරන්ගෙන් සහයක් නොලැබෙන තත්වය මත ඇය විසින් මෙම තීරණය ගෙන තිබුණද ඊට වහා මැදිහත් වී ඇති ඉන්දීය තානාපති ප‍්‍රධානීන් සිය චරපුරුෂ ජාලය ක‍්‍රියාත්මක කරවා විනිසුරුවන්ද දෙදින වැඩ වර්ජනයකට එකඟ කරවාගෙන තිබේ.

මෙම හදිසි මෙහෙයුම සඳහා නීලකන්දන් සහ නීලකන්දන් සමාගම මෙන්ම දෙමල සන්ධාන මන්ත‍්‍රී සුමන්තිරන්ද සියළු වැඩ අතහැර සහභාගී වී තිබේ.

අගවිනිසුරුවරියද දැඩි බෙදුම්වාදී මත දරන්නියක් වන අතර ඉන්දියාවද කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවට බල කරමින් සිටින්නේ බලය බෙදා හරින ලෙසය.

කෙසේ වෙතත් හෙට සහ අනිද්දා දෙදින තුල දෝෂාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතර එය මේ වන විටත් පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළු කර තිබේ.

විවාදයෙන් අනතුරුව සරල බහුතරයෙන් සම්මත කරගන්නා යෝජනාව ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
 

WallStreet

Member
Dec 3, 2012
129
20
0
අගවිනිසුරු කන්‍යාවියක් – වැළිඅමුණ

ජනාධිපති මන්දිරය දෙසට ගමන් ඇරඹු නීතීඥ පා ගමන ඇණහිට තිබේ. ආරක්‍ෂක අංශ සාමාජිකයන් විසින් කඳුළු ගෑස් ජල ප‍්‍රහාර සූදානම් කර තිබූ හෙයින් ඒවා බිඳගෙන ඉදිරියට යන්නට ඔවුහු උත්සාහ නොගත්හ.

එහි තිබූ උස් ස්ථානයකට නැඟි වැලි අමුණ ආණ්ඩුවට බැණ වදිමින් අගවිනිසුරුවරිය තවම පිරිසිදු කන්‍යාවියක් බව කීවේය.

නීතීඥයන් තවත් කිහිප දෙනෙක්ද සුපුරුදු විපක්‍ෂ මන්ත‍්‍රීන්ද මොනවාදෝ කීහ.

දෝශාභියෝගය විවාදය පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වේ.
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඉන්දියාවට අමාරැ නම් ඉන්දියාවේ අගවිනිසුරැ කර ගත්ත නම් ඉවරයිනේ
 

WallStreet

Member
Dec 3, 2012
129
20
0
- අධිකරණ ක්‍රමය කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා

- සුළුතරයක් තෘප්තිමත්වන තීන්දුවලින් සමාජ සාධරණත්වය ඉටු නොවේ

- මේ අධිකරණය උත්තරීතර නෑ

ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තුව උත්තරීතර නැතැයිද එසේ කියන්නේ නම් පෑලියගොඩ මාලු මාර්කට්ටුවද උත්තරීතර යැයි මෑතකදී ප්‍රකාශ කලේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි. ඔහු පවසන්නේ වඩා උත්තරීතර අධිකරණය මිස පාර්ලිමේන්තුව නොවන බවයි.පාර්ලිමේන්තුව නොව වඩා උත්තරීතර අධිකරණය යැයි පවසන පිළ වෙනුවෙන් අද පෙනී සිටින ජවිපෙ මීට මාස කිහිපයකට පෙරදී (2012 ජනවාරි 20) අධිකරණය උත්තරීතර නැතැයි පාර්ලිමේන්තිවේදී මහ හඬින් සිදුකල ප්‍රකාශයක් මෙහි ඇතුලත්ය. අගවිනිසුරුවරියගේ ක්‍රියාකලාපය නිසා අධිකරණයේ උත්තරීතරභාවය කෙලෙසී ඇතැයි ඔහු මෙහිදී චෝදනා කරයි.මේ එම ප්‍රකාශයෙන් උපුටා ගත් කොටසකි.