අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක Hot news Thread.
ඉන්දියාව අත දමයි, ඉල්ලා අස් නොවේ
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත ඉදිරිපත් වී ඇති දෝශාභියෝගය හමුවේ අද දිනයේ ඉල්ලා අස්වීමට ඇය විසින් තීරණය කර තිබුණද ඉන්දීය තානාපති කාර්යාලය මැදිහත් වී එම තීරණය වළක්වා ඇතැයි වාර්තා වේ.
දෝෂාභියෝගයට එරෙහිව සෙසු විනිසුරන්ගෙන් සහයක් නොලැබෙන තත්වය මත ඇය විසින් මෙම තීරණය ගෙන තිබුණද ඊට වහා මැදිහත් වී ඇති ඉන්දීය තානාපති ප්‍රධානීන් සිය චරපුරුෂ ජාලය ක්‍රියාත්මක කරවා විනිසුරුවන්ද දෙදින වැඩ වර්ජනයකට එකඟ කරවාගෙන තිබේ.
මෙම හදිසි මෙහෙයුම සඳහා නීලකන්දන් සහ නීලකන්දන් සමාගම මෙන්ම දෙමල සන්ධාන මන්ත්‍රී සුමන්තිරන්ද සියළු වැඩ අතහැර සහභාගී වී තිබේ.
අගවිනිසුරුවරියද දැඩි බෙදුම්වාදී මත දරන්නියක් වන අතර ඉන්දියාවද කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට බල කරමින් සිටින්නේ බලය බෙදා හරින ලෙසය.
කෙසේ වෙතත් හෙට සහ අනිද්දා දෙදින තුල දෝෂාභියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතර එය මේ වන විටත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළු කර තිබේ.
විවාදයෙන් අනතුරුව සරල බහුතරයෙන් සම්මත කරගන්නා යෝජනාව ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.