අග්‍ර පිංවැඩෙන භාවනාව

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කොලයක ලියාගෙන 3 පාරක් පාඩම් කරන්න. දවසට එක පාරක් හරි කියවන්න. ඉන්පසු මතකයෙන් කියවන්න උත්සහ ගන්න. මෙය එක පාරක් මෙනෙහි කරන කොට විනාඩි 7 පමණ යනවා. පුරුදු කරන්න. දවසට විනාඩි 20-30 කරන්න. වේලාව බලා ඔබ ලියාගත්ත මෛත‍්‍රී භාවනාව කියවන්න. කොව්වර වේලාවක් යනවද කියල....

    බුද්ධ ධර්මය,භාවනාව සෑම මිනිසෙක්ටම අයිති දෙයක් ජාති,ආගම් නෑ තමගෙ සිත ආරක්‍ෂා කල යුත්තේ තමන් විසින්.
    නිරෝගි වේවා!!! බුදු සරණයි!!!

    මහග්ගත චේතෝ විමුක්තිය
    මම වෛර නැත්තෙක් වෙම්වා!
    තරහ නැත්තෙක් වෙම්වා!
    ඉරිසියා නැත්තෙක් වෙම්වා! දුක් පීඩා නැත්තෙක් වෙම්වා!
    සුව සේ ජීවත් වෙම්වා!
    ශාන්ත සුවයට පත් වෙම්වා!

    මා මෙන් ම මේ ගමේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ නගරයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ පළාතේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ රටේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ ලෝකයේ සිටින සියලූ සත්වයෝ…
    මා මෙන් ම මේ සියලූ සත්වයෝ ම වෛර නැත්තෝ වෙත්වා!
    තරහා නැත්තෝ වෙත්වා!
    ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
    සුව සේ ජීවත් වෙත්වා!
    ශාන්ත සුවයට පත් වෙත්වා!

    අප්පමාණ චේතෝ විමුක්තිය

    උතුරු දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!
    උතුරු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    නැගෙනහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    දකුණු අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    බටහිර අනු දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    උඩ දිශාවේ සිටින සියලූ සත්වයෝ…
    යට දිශාවේ සිටින සියලූ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!

    මෛත්‍රී භාවනාවේ ආනිසංස...
    සැම දිනකම මෛත්‍රී භාවනාව වඩන සියලු දෙනාට මෙලොව සහ පරලොව වශයෙන් ලැබෙන ආනිශංස 11 කි.

    1. සැප සේ නිදයි
    2. සැප සේ අවදි වෙයි
    3. පාපකාරී සිහින නොදකියි
    4. මිනිසුන්ට ප්‍රිය වෙයි
    5. අමනුෂ්‍යයින්ට ද ප්‍රිය වෙයි
    6. දෙවියන් විසින් රකිනු ලබයි
    7. ගින්නෙන් වස විෂවලිනි විපත් නොවෙයි
    8. තම සිත එකඟ (සමාධිගත) වෙයි
    9. මුහුණ ප්‍රසන්න වෙයි
    10. සිහියෙන් කළුරිය කරයි
    11. මරණයෙන් මතු බඹලොව උපදියි

    මේ video එක අවසන් වෙනකම් බලන්න


     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,197
    67,546
    113
    7. ගින්නෙන් වස විෂවලිනි විපත් නොවෙයි

    Etakota buduhamduruwota le bada giye wasa kala :oo:
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    7. ගින්නෙන් වස විෂවලිනි විපත් නොවෙයි

    Etakota buduhamduruwota le bada giye wasa kala :oo:
    බුදුහාමුදුරුවන්ට කර්ම 12 විපාක දුන්න කියල ධර්මයෙ තියෙනවා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,197
    67,546
    113
    බුදුහාමුදුරුවන්ට කර්ම 12 විපාක දුන්න කියල ධර්මයෙ තියෙනවා.
    E kiyanne itihin maitree karath sure nane karma enawane
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    E kiyanne itihin maitree karath sure nane karma enawane

    භාවනාව හිත හදාගන්න තියෙන්නෙ..... දරුණු කර්ම කිරීමෙන් පවු සිද්ධ වෙනවා.කර්මයට විපාක හම්බවෙනවා. ඒක හැමෝටම එකයි. හිත හදාහත්තොත් නරක දේවල් කරන්න හිත දෙන්නෙ නෑ.​

     
    • Like
    Reactions: Janithsl88

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    E kiyanne itihin maitree karath sure nane karma enawane
    පෙර පව් පලදදෙද්දි මෛත්‍රී කරාම පෙර පින් බලවත් වෙලා ඒවත් පලදෙනවා, එතකොට කරදර අඩුවෙනවා
    මෛත්‍රී කරාම ප්‍රතිශක්තිය වැඩිවෙනවා, ඒකයි ඔය වසවිසෙන් ආරක්ෂා වෙනවා කියන්නෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,197
    67,546
    113
    පෙර පව් පලදදෙද්දි මෛත්‍රී කරාම පෙර පින් බලවත් වෙලා ඒවත් පලදෙනවා, එතකොට කරදර අඩුවෙනවා
    මෛත්‍රී කරාම ප්‍රතිශක්තිය වැඩිවෙනවා, ඒකයි ඔය වසවිසෙන් ආරක්ෂා වෙනවා කියන්නෙ
    Eth ban okath patta ahambuwak neda.mehemai kiyala sure ekata kiyanna bene.karma mix ekakne okath.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Eth ban okath patta ahambuwak neda.mehemai kiyala sure ekata kiyanna bene.karma mix ekakne okath.
    මුකුත් නොකර ඉන්නවා වැඩිය එහෙම දෙයක් කරන එකේ ප්‍රතිපලයක් තියනවනෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,197
    67,546
    113
    මුකුත් නොකර ඉන්නවා වැඩිය එහෙම දෙයක් කරන එකේ ප්‍රතිපලයක් තියනවනෙ
    Ekanan atta.but oya kiyanawa wage sure ekata kiyanna bene bn.ahamabuwak ne
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,304
    2,156
    113
    Ekanan atta.but oya kiyanawa wage sure ekata kiyanna bene bn.ahamabuwak ne

    Karma could be like a multi degree polynomial with variable coefficient of time and other factors. Final result depends on many many factors. Too complex. Thats probably why buddha said dont go too much into investigating karma theory. It may be that complex.
     
    • Like
    Reactions: helphelp1