අඟල්_55_ටීවී_එකක්!_ඝනකම-මිමී_4යි!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අඟල්_55_ටීවී_එකක්!_ඝනකම-මිමී_4යි!

ලෝකයේ ලොකුම OLED තිරය වෙළඳ පොළේ!

එල්.ජී. සමාගම මහත් බලාපොරොත්තුවක් තබා ගෙන සිටි විස්මිත ටෙලිවිශන් තිරය සහිත රූපවාහිනිය ලබන මාසේ කොරියාවේ වෙළඳ පොළට එනවා. OLED තාක්ෂණය නිසා මි.මි.4ක් පමණක් ඝනකම ඇති ඇදහිය නොහැකි තරම් පැහැදිලි රූප සහිත මේ විශාල තිරය ඇති රූපවාහිනී යන්ත‍්‍රය නිපදවීමට එල්.ජී.සමාගමට හැකිවී තියෙනවා.

මෙය දැනට මෙම තාක්ෂණය සහිතව වෙළඳ පොළට ලොකුම ටෙලිවිශනයයි. දකුණු කොරියානු නිෂ්පාදන සමාගම කියන්නේ මේ ටෙලිවිෂනයක් කොරියානු වොන් මිලියන 1.1කට මිල දී ගත හැකි බවයි. ශී‍්‍ර ලංකා රුපියල්වලින් නම් 1,32,000ක්.

XOg3w.jpg


rGfLz.jpg


XHSnV.jpg

දකුණු කොරියානු එල්.ජී. සමාගම නිපදවා ඇති අලූත්ම ටෙලිවිශනය OLED තාක්ෂණය යොදා ලෝකයේ විශාලතම හා තුනීම තිරය එකක්. එහි රූප මෙතෙක් නොවූ විරූ තරමට පැහැදිලියි.

මේ නව ටෙලිවිශන අත්දැකීම ලෝකයේ අනෙක් රටවලට ලබා ගත හැක්කේ මාර්තු මාසයේ අග සිටයි.

මේ ටෙලිවිශනයට යොදා ගෙන ඇත්තේ OLED හෙවත් කාබනික ආලෝක විමෝචන ඩයෝඩ තාක්ෂණයයි. මෙහි දී රූප වඩාත් පැහැදිලිව, ගැඹුරු වර්ණ සංයෝජනයක් හා තියුණු වර්ණ ප‍්‍රහේදනයක් සහිතව දැක ගත හැකියි. මෙහි තිරය දැනට භාවිත වන ද්‍රව ස්ඵටික තිරයට වඩා සුපැහැදිලියි.

8EdR3.jpg


kb4V3.jpg

මේ නව ටෙලිවිශනයේ තිරය කෙතරම් සිහින්ද කීවොත් එහි ප‍්‍රමාණය මිලිමීටර 4ක් පමණයි.

ටෙලිවිශන නිෂ්පාදනයේ දී දැන් ලබා ඇති තාක්ෂණික දියුණුව නිසා දකුණු කොරියානු සමාගම් ලොව අනික් සමාගම් අබිබවා යමින් සිටිනවා. එල්.ජී. හා සැම්සුන් ඒ අතර ප‍්‍රධානයි. ඒ අතරිනුත් අනාගත පරම්පරාවේ ටෙලිවිශන යන්ත‍්‍රය ඉදිරිපත් කිරීමේදී එල්.ජී. සමාගම ඉන්නේ වඩාත් ඉදිරියෙන්.

අනාගත පරම්පරාවේ ටෙලිවිශනය ඉදිරිපත් තරගය මෙසේ නිමාවට පත් වෙන්නේ එල්ජී සමාගම ලෙන ආ නව තිරයේ ටෙලිවිශනය නිසයි.

ජපානයේ සෝනි තමයි, මේ OLED තාක්ෂණය යොදා ගෙන ලෝකයේ ප‍්‍රථම ටෙලිවිශනය තැනුවේ. ඒ 2007 දී තිරය අඟල් 11 ප‍්‍රමාණයෙන්. ඒත් ඔවුන් එම තාක්ෂණය යොදා ගෙන විශාල තිර නිෂ්පාදනය සඳහා ඉදිරියට ගියේ නෑ ඒ සඳහා කළයුතු ආයෝජනය අති විශාල නිසා.

මේ OLED තිරය දැන් බහුලව භාවිත කෙරෙන්නේ ජංගම දුරකතනවලටයි. තාක්ෂණික අභියෝග හා මුදල් ආයෝජනයේ විශාලත්වය නිසා මේ ක‍්‍රමයේ විශාල තිර නිෂ්පාදනය ලෝකයේ බොහෝ ටෙලිවිශන් යන්ත‍්‍ර නිෂ්පාදනය කරන සමාගම්වලට අසීරු දෙයක් වෙලා තියෙනවා.

පසුගිය වසරේ මේ නව ටෙලිවිශනය ගැන අදහස් දක්වමින් එල්.ජී. සමාගමේ ව්‍යාපාර අධ්‍යක්ෂවරයා වූ ජෑන් මූන් ඉක් කීවේ, මේ OLED තාක්ෂණය යොදා විශාල තිර නිෂ්පාදන හැකියාව ඇත්තේ ලෝකයේ සමාගම් දෙකකට පමණක් බවයි. ඔහු කියන විදියට ඒ හැකියාව ඇත්තේ ඒ එල්.ජී.සමාගමටත් ඔවුන්ගේ දකුණු කොරියානු ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූ සැම්සුන් සමාගමයටත් පමණයි.

විශාල තිරය සහිත නව පරම්පරාවේ රූපවාහිනී යන්ත‍්‍රය තැනීම සඳහා කර්මාන්තශාලා නවීකරණයට දැවැන්ත ආයෝජනයක් කරන්න එල්.ජී. සමාගමට සිදු වුණා. ඒ නිසා නව පරපුරේ රූපවාහිනී යන්ත‍්‍රය ටිකක් මිලෙන් වැඩියි. ඉල්ලූම වැඩි වී නිෂ්පාදනය වැඩි වෙත් ම අනාගතයේ දී මෙයට වඩා අඩු මිලට මේ ටෙලිවිශන් යන්ත‍්‍රය අලෙවි කළ හැකි වෙතැයි සමාගම බලාපොරොත්තු වෙනවා.
ගත්තේ ''මල් කැකුළු'' එකෙන්.
http://www.malkakulu.com/

(මේකේ ගාන කොරියන් වොන් වලින් දාලා තිබුනේ මම ලිපිය ගතිපු තැන.. නමුත් දැන් බැලුවම මේකේ ගාන USD 8000ක් කියලා තියෙන්නේ..
ඒ අනුව බලද්දී ලංකාවේ මුදලින් නම් 1019200.00ක් වෙනවා..මේකේ මිල ගැන වද වුනු හැමෝම සොරි වෙයල්ලා.)
 
Last edited:

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
කොරියානු වොන් මිලියන 11කට මිල දී ගත හැකි බවයි. ශී‍්‍ර ලංකා රුපියල්වලින් නම් 1,32,000ක්.
11Million von= 132,000?

11Million or 1.1Million won?

දඩබ්බරයා;14215738 said:
gana ubata sureda hodatamaaaaaaaaaaaaaaaaaaaaa
වැරදීමක් මචන් කොරියන් වොන් මිලියන 1.1ක්.( ඔන්න හැදුවා )
එතකොට ශ්‍රී ලංකා රුපියල් නම් 131822.90ක් වෙනවා,
ඒ ගානට නම් පාඩු නැහැ, ඒ උනත් අපිට ඉහලින් උත්තමයෝ ජිවත් කරවන්නත් තියෙනවනේ, ඒ හින්දා මේකට පොඩි බද්දක් ගැහුවම රුපියල් ලක්ෂ 5ක් විතර වේවි..
 
Last edited:

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    වැරදීමක් මචන් කොරියන් වොන් මිලියන 1.1ක්.( ඔන්න හැදුවා )
    එතකොට ශ්‍රී ලංකා රුපියල් නම් 131822.90ක් වෙනවා,
    ඒ ගානට නම් පාඩු නැහැ, ඒ උනත් අපිට ඉහලින් උත්තමයෝ ජිවත් කරවන්නත් තියෙනවනේ, ඒ හින්දා මේකට පොඩි බද්දක් ගැහුවම රුපියල් ලක්ෂ 5ක් විතර වේවි..

    eka nan wennawa ba ban.. man hitthanne 10 lack wath paniy..

    කොරියන් වොන 1 = Rs . ?????
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    වැරදීමක් මචන් කොරියන් වොන් මිලියන 1.1ක්.( ඔන්න හැදුවා )
    එතකොට ශ්‍රී ලංකා රුපියල් නම් 131822.90ක් වෙනවා,
    ඒ ගානට නම් පාඩු නැහැ, ඒ උනත් අපිට ඉහලින් උත්තමයෝ ජිවත් කරවන්නත් තියෙනවනේ, ඒ හින්දා මේකට පොඩි බද්දක් ගැහුවම රුපියල් ලක්ෂ 5ක් විතර වේවි..
    :eek::yes::shocked::baffled:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේකේ ගාන කොරියන් වොන් වලින් දාලා තිබුනේ මම ලිපිය ගතිපු තැන.. නමුත් දැන් බැලුවම මේකේ ගාන USD 8000ක් කියලා තියෙන්නේ..
    ඒ අනුව බලද්දී ලංකාවේ මුදලින් නම් 1019200.00ක් වෙනවා
    ..මේකේ මිල ගැන වද වුනු හැමෝම සොරි වෙයල්ලා..