අඟහරු වල අයිස් මුහුදු

Van Helsing

Member
Sep 28, 2011
83
18
0
අඟහරු වල අයිස් මුහුදු

agaharu.jpg


දැනට ඉතා සීතල සහ වියළි අඟහරුහි සමහර ප්‍රදේශ කලකට පෙර ද්‍රව ජලය සහිත සාගර වලින් වැසී තිබු බව බොහෝ ග්‍රහලෝක විද්‍යාඥයන් සැක පල කරයි. නමුත් මෙයින් අදහස් කරන්නේ රතු ග්‍රහයා එකල නිවර්තන කලාපීය පාරාදීසයක්ව පැවතුනු බව නම් නොවේ.
තාරකා ජීව විද්‍යාඥයෙකු වන Alberto Fairyn සහ ඔහුගේ සහයකයන් විසින් පසුගියදා සඟරාවට ඉදිරිපත් කල ලිපියකින් යෝජනා කරන්නේ අඟහරුගේ උතුරු පහත් බිම් වල ෆයිලෝසිලිකේට් නම් ඛනිජය දක්නට නොමැති වීමෙන් හැඟෙන්නේ එම ප්‍රදේශ වල ශීත සාගර පරිසරයක් තිබූ බවයිගඇතැම් විට එය ග්ලැසියර බවට පත්වීමේ මායිමේ තිබෙන්නට ඇති.
ෆයිලෝසිලිකේට් යනු පෘතුවියේ සාගර අවසාදිත වල පහසුවෙන් හමුවන ඛනිජයක් සහ අවසාදිත පාෂාණයක් වන අතර එය නිර්මාණය වන්නේ සාගර පරිසරයකදීය.මෙම ඛනිජයම අඟහරුගේ සමකාසන්න ප්‍රදේශ වල ඇතිබව අඟහරු වටා කක්ෂගත යානා වල වර්ණාවලිමාන මගින් තහවුරු කල නමුදු උතුරු ප්‍රදේශ වල එය සොයාගැනීමට නොහැකි විය. දැනට අඟහරු ගැන පවතින මතයන් වන එය කලකට පෙර උණුසුම් හා තෙත්ව තිබූ බව යන මතය සහ උතුරු ප්‍රදේශයේ ෆයිලොසිලිකේට් ඛනිජයේ හිඟ බව යන මතයන් දෙක අතර පරස්පර විරෝධීභාවයට පිළිතුර ලෙස Fairyn විසින් ඉදිරිපත් කරන කල්පිතය වන්නේ උතුරු ප්‍රදේශයේ තිබූ මුහුදු ස්ථීර වශයෙන්ම ඉතා සිසිල් සහ මිදීමට ආසන්න අවස්ථාවේ පවතින්නට ඇති බවයි. ඇතැම් විට සාගරයේ සමහර පෙදෙස් අයිස් වලින් ආවරණය වී තිබෙන්නටද ඇති.
උතුරු උස් බිම් වල දැන් දක්නට ලැබෙන ,මොරේන, මගින් තහවුරු වන්නේ මේ ශීත මුහුදු අවට ග්ලැසියර තිබූ බවයි. මේවා ෆයිලෝසිලිකේට මුහුදු පතුලේ අවසාදනය වීම වලක්වන්නටද හේතු වන්නට ඇති බව විද්‍යාඥයන් සැක පල කරයි. මොරේන යනු ග්ලැසියර විනාශ වීමෙන් පසු ඉතිරිවන පාෂාණමය සුන්බුන්ය. මේවාහි පැවතීම අඟහරුගේ පූර්ව ශීත යුගය පිළිබඳ චිත්‍රයක් මැවීමට සමත් වේ.
 
  • Like
Reactions: kandya