අඟහරු_වෙත_මිනිස්සු_යැව්වොත්_වෙන_දේ_මෙන්න
මිනිසුන් සහිත අඟහරු ගමනක් (manned mission) සඳහා එල්ල විය හැකි ලොකුම තර්ජනයක් විද්‍යාඥයින් හෙළි කරගෙන තියෙනවා.
ඒ තර්ජනය එල්ල වෙන්නෙ අධි-ශක්ති සූර්ය විකිරණ වලින් බව ඔවුන් කියනවා.
ඔවුන්ගේ අධ්‍යයන වලින් හෙලි කරගෙන තිබෙන තොරතුරු වලට අනුව අන්තරීක්ෂ කිරණ වලට, මිනිස් DNA වලට හානි කිරීමේ ප්‍රබල හැකියාවක් තිබෙනවා.
මෙය කොයිතරම් භයානක තත්ත්වයක්ද යන්න පිළිබඳව ඔවුන් තවදුරටත් පරීක්ෂා කර තිබෙනවා. එක් කණ්ඩායමක් විසින්, මෙලෙස හානියට පත් DNA වල ඇති පිළිකා ඇති කිරීමේ හැකියාව ගැන අධ්‍යයනය කර තිබෙනවා. විකිරණ වලින් හානි වූ DNA රුධිරය තුල පැතිරෙන ආකාරයයි මොවුන් මෙහිදී පරීක්ෂණයට භාජනය කර තිබෙන්නේ.
විකිරණ වෙත නිරාවරණය කල මීයන් යොදාගෙන කල පරීක්ෂණයකදී මේ අධිශක්ති විකිරණ වල භයානක පැත්ත හෙළි කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, මෙලෙස හානිවූ DNA එම හානිය තනිව විඳ දරා නොගෙන තමා ළඟ ඇති නිරෝගී සෛල වලටත් සංඥා නිකුත් කරමින් මෙම නිරෝග සෛලද වෙනස් කම්වලට භාජනය කර පිළිකා තත්ත්වය වැඩි වර්ධනය කරන බවයි.
ඉන්පසු ඔවුන් විශ්වයේ හා අඟහරු මත ඇති විකිරණ මට්ටම් නිමාණය කර එමඟින් අභ්‍යාවකාශ ගාමියෙකුට ඇතිවිය හැකි අවදානම පරීක්ෂණයට භාජනය කර තිබෙනවා.
එහි ප්‍රතිඵල නම් අතිශය භයානක බවයි සනාථ වී තිබෙන්නේ. එනම් අඟහරු මත ඇති පිළිකා ඇති කිරීමේ අවධානම පෙර විද්‍යාඥයින් විසින් සිතාගෙන සිටියාට වඩා දෙගුණයක් වැඩි බවයි.
මීට පෙර අඟහරු තරණය සඳහා සැලසුම් සකස් කිරීමේදී මෙම විකිරණ අවදානම හා එහි බලපෑම ගැන අවධානය යොමු කර තිබුනේ නැහැ.
අභ්‍යාවකාශ ගමන් වලදී භාවිත කෙරෙන විකිරණ ආවරණ වලට පවා මෙම අවදානම වලක්වන්නට තිබෙන්නෙ දුබල හැකියාවක්.
වාසනාවකට පෘතුවියේ අපි නම් මෙම අහිතකර විකිරණවලින් ආරක්ෂා වී සිටිනවා. ඒ පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය මඟින් බොහොමයක් අහිතකර විකිරණ දුර්වල කරන නිසයි. නමුත් අවකාශයේ හෝ අඟහරු තුළ මෙවැනි ආරක්ෂාවක් නැහැ.
එබැවින් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ අඟහරු වෙත මිනිසුන් යැවීමට පෙර මෙම අවදානම ගැන පුළුල් ලෙස පරීක්ෂණය කල යුතු බවයි.
------
මචංලා මේ මගේ යූටියුබ් චැනල් එක.
මේ වගේ වීඩියෝස් ඉස්සරහට දාන්න මම ප්ලෑන් කරන් ඉන්නවා.
සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා අඩුපාඩු කියලා සපෝර්ට් එකක් දීපල්ලා.
තෑන්ක්ස්.
බම්ප් එකක් දාගෙන ගියොත් යහපති!

මේ වගේ වීඩියෝස් ඉස්සරහට දාන්න මම ප්ලෑන් කරන් ඉන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා අඩුපාඩු කියලා සපෝර්ට් එකක් දීපල්ලා.
තෑන්ක්ස්.
බම්ප් එකක් දාගෙන ගියොත් යහපති!

Last edited:
දැන් හේතු හොයනව වගේ නේද.