අඟහරු වෙත මිනිස්සු යැව්වොත් වෙන දේ මෙන්න

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    අඟහරු_වෙත_මිනිස්සු_යැව්වොත්_වෙන_දේ_මෙන්න

    මිනිසුන් සහිත අඟහරු ගමනක් (manned mission) සඳහා එල්ල විය හැකි ලොකුම තර්ජනයක් විද්‍යාඥයින් හෙළි කරගෙන තියෙනවා.
    ඒ තර්ජනය එල්ල වෙන්නෙ අධි-ශක්ති සූර්ය විකිරණ වලින් බව ඔවුන් කියනවා.

    ඔවුන්ගේ අධ්‍යයන වලින් හෙලි කරගෙන තිබෙන තොරතුරු වලට අනුව අන්තරීක්ෂ කිරණ වලට, මිනිස් DNA වලට හානි කිරීමේ ප්‍රබල හැකියාවක් තිබෙනවා.

    dna.png


    මෙය කොයිතරම් භයානක තත්ත්වයක්ද යන්න පිළිබඳව ඔවුන් තවදුරටත් පරීක්ෂා කර තිබෙනවා. එක් කණ්ඩායමක් විසින්, මෙලෙස හානියට පත් DNA වල ඇති පිළිකා ඇති කිරීමේ හැකියාව ගැන අධ්‍යයනය කර තිබෙනවා. විකිරණ වලින් හානි වූ DNA රුධිරය තුල පැතිරෙන ආකාරයයි මොවුන් මෙහිදී පරීක්ෂණයට භාජනය කර තිබෙන්නේ.

    damaged-dna.png


    විකිරණ වෙත නිරාවරණය කල මීයන් යොදාගෙන කල පරීක්ෂ‍ණයකදී මේ අධිශක්ති විකිරණ වල භයානක පැත්ත හෙළි කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, මෙලෙස හානිවූ DNA එම හානිය තනිව විඳ දරා නොගෙන තමා ළඟ ඇති නිරෝගී සෛල වලටත් සංඥා නිකුත් කරමින් මෙම නිරෝග සෛලද වෙනස් කම්වලට භාජනය කර පිළිකා තත්ත්වය වැඩි වර්ධනය කරන බවයි.

    ඉන්පසු ඔවුන් විශ්වයේ හා අඟහරු මත ඇති විකිරණ මට්ටම් නිමාණය කර එමඟින් අභ්‍යාවකාශ ගාමියෙකුට ඇතිවිය හැකි අවදානම පරීක්ෂණයට භාජනය කර තිබෙනවා.
    එහි ප්‍රතිඵල නම් අතිශය භයානක බවයි සනාථ වී තිබෙන්නේ. එනම් අඟහරු මත ඇති පිළිකා ඇති කිරීමේ අවධානම පෙර විද්‍යාඥයින් විසින් සිතාගෙන සිටියාට වඩා දෙගුණයක් වැඩි බවයි.

    මීට පෙර අඟහරු තරණය සඳහා සැලසුම් සකස් කිරීමේදී මෙම විකිරණ අවදානම හා එහි බලපෑම ගැන අවධානය යොමු කර තිබුනේ නැහැ.

    අභ්‍යාවකාශ ගමන් වලදී භාවිත කෙරෙන විකිරණ ආවරණ වලට පවා මෙම අවදානම වලක්වන්නට තිබෙන්නෙ දුබල හැකියාවක්.

    sized_man-on-mars.png


    වාසනාවකට පෘතුවියේ අපි නම් මෙම අහිතකර විකිරණවලින් ආරක්ෂා වී සිටිනවා. ඒ පෘතුවියේ චුම්භක ක්ෂේත්‍රය මඟින් බොහොමයක් අහිතකර විකිරණ දුර්වල කරන නිසයි. නමුත් අවකාශයේ හෝ අඟහරු තුළ මෙවැනි ආරක්ෂාවක් නැහැ.

    mag.png


    එබැවින් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ අඟහරු වෙත මිනිසුන් යැවීමට පෙර මෙම අවදානම ගැන පුළුල් ලෙස පරීක්ෂණය කල යුතු බවයි.
    ------
    මචංලා මේ මගේ යූටියුබ් චැනල් එක. :yes: මේ වගේ වීඩියෝස් ඉස්සරහට දාන්න මම ප්ලෑන් කරන් ඉන්නවා.
    සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාලා අඩුපාඩු කියලා සපෝර්ට් එකක් දීපල්ලා. :)
    තෑන්ක්ස්.



    බම්ප් එකක් දාගෙන ගියොත් යහපති! :rolleyes:


     
    Last edited:

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    :lol:දැන් හේතු හොයනව වගේ නේද.

    නොයා ඉන්න හේතුවක් හොයනවා වගේ සීන් එකක්ද? හැබැයි ඊලොන් අයියා නම් ගේම අත අරින්නෙ නෑ.
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Ade, balan giyama Oxygen, kema, wathura witharak nemei ooni jiwath wenna.

    ඒකනෙ මචං මෙච්චර හොඳට අංගසම්පූර්ණ ලෝකයක් විනාශ වෙනකල් බලන් ඉඳලා අඟහරු ජනාවාස හදන එකත් විහිළුවක් වගේ වෙලාවකට. හැබැයි බැකප් එකට වෙන ග්‍රහලෝකයක් තියෙන එකත් අවුලක් නෑ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    Without going to Mars, you can get it even here on the Earth. Skin cancers (Melanoma and certain types of carcinoma), Eye disease etc
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    Without going to Mars, you can get it even here on the Earth. Skin cancers (Melanoma and certain types of carcinoma), Eye disease etc

    Yeah. But Mars has no protective magnetosphere, as Earth does. So it severely exposed to radiation all the time. According to science journals, prolonged exposure could lead to all kinds of health problems – like acute radiation sickness, increased risk of cancer, genetic damage, and even death.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    Yeah. But Mars has no protective magnetosphere, as Earth does. So it severely exposed to radiation all the time. According to science journals, prolonged exposure could lead to all kinds of health problems – like acute radiation sickness, increased risk of cancer, genetic damage, and even death.

    Certainly yes... Even UVA, which has the least energy can cause indirect damage to cell DNA.

    The effects on the human body will on Mars, will be disastrous.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ඔය මොන විකිරණ තිබ්බත් අපේ රාවණ සර් අඟහරු ලෝකෙට ගියේ ඔය මොන ආවරණයක් වත් නැතුව දඩු මොනරේ පේන්ට් එකට වත් හානියක් උනේ නෑ කියල කියන්නේ වෙන කව්රුත් නෙවි චක්කරවර්ති මිරැන්ඩෝ සර්
     
    • Like
    Reactions: wKani