අචිනි එදිරිවීර ප්‍රථම වරට මාධ්‍යට කියයි

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අචිනි එදිරිවීර ප්‍රථම වරට මාධ්‍යට කියයි

    තමන්ගේ පියාගේ රියදුරා වූ රෝහිත වසර 10කින් කෝටිපතියෙක් වූ හැටි අචිනි එදිරිවීර ප්‍රථම වරට මාධ්‍යට කියයි


    1994 දී පත්වූ පොදුජන එක්සත් පෙරමුනු රජයේ හිටපු බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එදිරිවීර ප්‍රේමරත්න මහතාගේ දියණිය වන අචිනි එදිරිවීර ලිපියක් මගින් ඇගේ පියාගේ එවකට රියදුරු “රත්තරන්” නොහොත් හිටපු කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන වසර 10 ක් තුළ ප්‍රකෝටිපතියෙකු වූ ආකාරය ගැන ලියයි.

    ඇය පවසන්නේ තම නිවසට ෆුට් බයිසිකලයකින් පැමිණ තම පියාගේ හදවත දිනාගත් රෝහිත අබේගුණවර්ධනට වසර 10 ක් තුළ බිලියන ගණනක් ගොඩගැසීමට හැකි වූ බවයි.
    එසේනම් ඔහු දක්ෂ උගත් පුද්ගලයෙකු යැයි ඔබ සිතනවා නොඅනුමානය. නමුත්, මෙම රත්තරන් යනු අපකීර්තිමත් ලැජ්ජා සහගත පුද්ගලයෙකු බව ඇය පවසයි.

    මගේ රියදුරු වීම නිසා එසේ පවසනවා නෙවෙයි. නමුත් කාරණය වන්නේ ඔහු මගේ පියාව හොඳ පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් රැවටීමයි. මගේ පියා තම බිරිඳව හෝ පුතුන්ව දේශපාලනයට සම්බන්ධ කරනොගත් අතර ඔහුගේ ප්‍රතිපත්ති නිසා ඔහුගේ ඥාතීන්ටද කාර්යාලයේ හෝ අමාත්‍යාංශයේ තනතුරු ලබා නොදුන් නිසා, මේ පුද්ගලයාට අවස්ථාව ලබා දුන්නේය. ඔහු මගේ පියාට දේශපාලනයේ යෙදීමට කොතරම් ප්‍රිය කරනවාද යන්න සහ මගේ පියාගේ අදහස් අගය කළ අයුරු පැවසීය. මගේ වැඩිමහල් සහෝදරයා හෝ මව වෙනුවට මගේ පියා ඔහුව දේශපාලනයට රැගෙන ආවේය.

    මාගේ පියා රත්තරන්ව බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති බවට පත් කළේය. කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මාගේ පියා, ඔහුට මීළඟ පළාත් සභා මැතිවරණය සඳහා අපේක්ෂකත්වයද ලබා දුන් අතර, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට අපේක්ෂකත්වය ලබා දීම ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට පැවසුවේ, “ඔබ මොහුට මගේ දිස්ත්‍රික්කයේ අවස්ථාවක් ලබා නොදෙනවානම්, මෙන්න මගේ ඉල්ලා අස්වීමේ ලිපිය.” ලෙසය. කනගාටුවට කරුණ නම් චන්ද්‍රිකා ඒ මොහොතේ දුටු දේ මගේ පියා නොදැකීමයි. මෙය සිදුවූ අවස්ථාවේ බොහෝ දෙනෙකු පැමින සිටි අතර, ඔවුන් ඉහත සිදුවීමට සාක්ෂි දරනු ඇත. ඉන්පසු මගේ පියා ඔහුට බේරුවල අසුන ලබා දී “ඔබ මගේ අසුන බේරුවල ලබාගත්තා නම් වඩාත් සුදුසුයි. මොකද මම මේක ඔබ වෙනුවෙන්ම සැකසුව ආසනය. මම අගලවත්ත ආසනයට යන්නම්.” යනුවෙන් පැවසීය.

    මගේ ආදරණීය පියා මෙසේ සිදු කලේ, යමෙකුට ජීවිතයේ සාර්ථක වීමට සෑම විටම පොහොසත් පසුබිමකින් පැමිණිය යුතු නැතැයි ඔහු විශ්වාස කළ බැවිනි. ඔබට දේශපාලනය කිරීමට අයිතියක් උරුම කරගත යුතු නැත. ඔබට අවශ්‍ය වන්නේ ජනතාවට සේවය කිරීම සඳහා “ආශාව” සහ “කැපවීම” පමණි. ඔහු දුප්පත් මිනිසෙකු ලෙස මෙය වඩා හොඳින් දැන සිටියේය. අද කුමන ඇමතිවරයාද වේදිකාවට නැග ඔහුගේ රියදුරු ගැන කියන්නේ, “මේ මගේ දේශපාලනයේ පුතා. ඔබ ඔබේ පුතුන්ට හා භාර්යාවන්ට, දේශපාලනය වෘත්තියක් බවට පත්කරන බව මට පේනවා. නමුත් මෙන්න මගේ පුතා. ඔහුට ඡන්දය දෙන්න. මගේ බේරුවල ජනතාව, මම ඔබ වෙනුවෙන් ඔහුව පත් කරනවා.”

    ඔහුගේ සාර්ථකත්වය මගේ පියා ඊර්ෂ්‍යා කරන දෙයක් නොවීය. මන්දයත් අනෙක් බොහෝ අය කළාක් මෙන් ඔහුගේම වැඩිමහල් පුතාට හෝ බිරිඳට පවා අවස්ථාව ලබා නොදී මගේ පියා, ඔහුට දුන්නේ එයයි. මගේ වැඩිමහල් සහෝදරයාගේ ආදරණීය මිතුරා ඒ වන විටත් පාර්ලිමේන්තුවේ සිටියේය. අද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වන අතර මගේ පියා ඔහුගේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළේය.

    අද රත්තරන්ගේ මුළු පරම්පරාවම දේශපාලනයේ යෙදී සිටින අතර ඔහුගේ පවුල බිලියන ගණනක් උපයා මගේ පියාව සහමුලින්ම අපකීර්තියට පත් කළේය. දේශපාලනයෙන් එහා ජීවිතයක් අපට ඇති නිසා අපට ජීවත් වීමට දේශපාලනය අවශ්‍ය නොවේ. මගේ තාත්තා ඔහුට මේ ජීවිතය ලබාදෙන විට ඔහු කරයි කියා, මගේ පියා සිහිනෙන්වත් නොසිතූ සෑම දෙයක්ම ඔහු කිරීම ගැන අපි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
    මේ රටේ අහිංසක ජනයාගෙන් සොරකම් කරන මේ හොර රස්තියාදුකාරයාට හෝ කිසිම හොරෙකුට මම කිසිවිටෙකත් සහාය නොදක්වමි.

    ෆලීල් හජියර් මාමා (බේරුවල), රත්තරන් මුලින්ම ඔබේ සේවකයා වූ අතර, ඔබ රත්තරන්ව මගේ තාත්තාට හඳුන්වා දුන්නේ, ඔහු මගේ තාත්තා අගය කළ බව පැවසූ නිසා සහ ඔහුට මගේ තාත්තාගේ රියදුරු විය හැකි යැයි සිතාය. මගේ තාත්තා ඔහුගේ කතාවට රැවටී සිටින විට, ඔබ මගේ පියාට අනතුරු ඇඟවූයේය. ඒනිසා මම ඔබට ස්තූතිවන්ත වෙමි. මේ වන විට අල්ලස් කොමිෂන් සභාව විසින් දුෂන සහ වංචා කිහිපයක් සම්බන්ධයෙන් හිටපු කැබිනට් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරන් පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

    උපුටා ගැනීම කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියෙන්

    https://www.colombotelegraph.com/index.php/how-did-my-fathers-driver-raththaran-stack-up-billions-in-10-years/amp/?fbclid=IwAR2axSQapGAmKK7xD8KSBCD3FE3KGFua4l-saPpwlMHdffmVhYqT2yfdAng
     
    • Like
    Reactions: platinumweb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ නම් වසර දහයකින් කොටි පතියෙක් වෙලා තියෙන්නෙ.. මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කාපු රනිලයි, අර්ජුනයි බිලියන පතියො උනේ එක පැයෙන්.. :dull::dull::dull::dull:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඌ නම් වසර දහයකින් කොටි පතියෙක් වෙලා තියෙන්නෙ.. මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කාපු රනිලයි, අර්ජුනයි බිලියන පතියො උනේ එක පැයෙන්.. :dull::dull::dull::dull:




    Roohitha horek newe boru mada ban munge...


    Maha bankuwa horaa kaapu ewunwa ellanna ona.. rohitha nirdoshai...