අටපට්ටම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අටපට්ටම


    වෙසක් කූඩුවක් හැදීම යනු හුදු ආමිස පූජාවක් පමණක් නොවෙයි. එහි ගැඹුරු ආධ්‍යාත්මික ඉගැන්වීමක් තියෙනවා. මේ තියෙන්නේ ඔබට වෙනත් කිසිදු තැනකින් කියවීමට නොලැබෙන අප විසින්ම ලියන ලද අටපට්ටමේ ගැඹුරු ධර්ම විග්‍රහයයි.

    අද කාලේ නෙලුම් මල්, තරු විතරක් නෙමේ ගුවන් යානා, නැව් වගේ වෙසක් කූඩු හැදුවත්, නියම වෙසක් කූඩුව තමයි "අටපට්ටම".

    අටපට්ටමක් හදන්නේ පුංචි දරුවන් උදෙසාමයි. පුංචි දරුවන්ට කුඩා කාලයේදීම අනිත්‍යය මතක් කර දීම එහි අරමුණයි. කරන්ට් වැදුණොත් විතරයි කරන්ට් එක එක්ක සෙල්ලම් කරන එක නරක බව කුඩා කාලෙදි වැටහෙන්නේ. අන්න ඒ වගේ ජිවිතයේ අනිත්‍යතාවය පිළිබඳව කුඩා කාලෙදිම අවබෝධ කරලා දෙන ගැඹුරු මානසික අභ්‍යාසයක් තමයි අටපට්ටම.

    වඩාත් විචිත්‍ර ආකාරයෙන් ටිශූ කොළ එකතු කරලා එය හැදීමෙන් පුංචි දරුවන් ඒකට ඉතාමත් ඇලුම් කරනවා. තියෙන ලස්සන නිසාම පුංචි දරුවන් අටපට්ටම තමන්ට "ලෝකයක් වටින දෙයක්" ලෙස සලකනවා.

    එයට අපි සවි කරන්නේ ඉටිපන්දමක් පමණයි. එසේම එය නිවසෙන් බැහැරව සවි කරනවා.

    වෙසක් කුඩූවට රැළි හයි කරන්නේ ලස්සන ගන්න කියලයි ගොඩක් අය හිතන්නේ. ඒත් ඊට හේතුව තමයි හුළඟට ලේසියෙන්ම අහු වෙලා කූඩුව ඇල වීමට.

    ඒ අනුව අටපට්ටමේ අවසානය බොහෝ විට සිදුවන්නේ ඉටිපන්දම ඇල වී වටේ අති ටිෂූ කඩදාසියට ළං වී ගිණි ගැනීමෙනුයි. ගිණි ගන්නා අටපට්ටම දෙස බලා පුංචි දරුවන් කෑ ගහල අඬන වෙලාවල් තියෙනවා.

    එහෙම නැතිනම් අටපට්ටමේ අවසානය ස්වහාවිකවම අව පැහැ ගැන්වී දිරාපත් වීමයි. නිවසේ එළිපැත්තෙන් හයි කිරීමෙන් දින කිහිපයකින් අටපට්ටමේ වෛවාරණ ගතිය අවසන් වෙනවා.

    ඒත් එමගින් ඔවුන් පුංචි කාලෙදිම අනිත්‍යය මෙනෙහි කර කරගන්නවා. ("අනිත්‍යය අවබෝධ කරගන්නවා" නැමැති වචන ඒ සඳහා යෙදීම සුදුසු නෑ).

    මෙන්න දැන් අටපට්ටමේ ගැඹුරුතම ඉගැන්වීම.

    අටපට්ටම හදන්නේ ත්‍රිකෝණාකාර කොටස් (පට්ටම්) 8 ක් එකතු කිරීමෙන්. අටපට්ටම යනු පුංචි දරුවෙක්ට ලෝකයක් වටින දෙයක් කියල මම මුලදී කිව්වානෙ. ඒ අනුව ලෝකය සෑදී තියෙන්නේ ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රසංශා, සැප, දුක් යන කොටස් 8 නිසා තමයි කියලයි පට්ටම් 8 න් පෙන්වා දෙන්නේ. ලෝකය අටපට්ටම් කියල දඩිබිඩිස් (හසන්ත හෙට්ටිආරච්චි) කිව්වෙත් ඔය කතාවමයි.

    එම ත්‍රිකෝණකාර කොටස් 8 එක හා සමානව නොතිබුණොත් අටපට්ටම ඇද වෙනවා. අන්න ඒ වගේ ජීවිතයේදී අප අත් විඳින අටලෝ දහමෙන් එක් පාර්ශවයකට වැඩිපුර නැඹුරු වුවහොත් ජීවිතේ සමබර නොවන බවකුයි ඉගැන්වෙන්නේ.

    අටපට්ටම මැද ඉටිපන්දමක් සවි කිරීමට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ අපගේ සිත පහන් සිලකට උපමා කර තිබීම. පහන් දැල්ල නිසා අට පට්ටම ආළෝකමත් වන්නේ යම් සේද, එසේම ප්‍රභාමත් සිත නිසා අවට ලෝකය ආළෝකමත් වෙනවා.

    වෙසක් කූඩුවේ ලස්සන ඇති වෙන්නේ එහි ඉටිපන්දමේ ආළෝකය හොඳින් ලැබුණොත් පමණයි. ඒ වගේම අපේ ලෝකය ලස්සන වෙන්නේ සිත ප්‍රභාමත් වුණොත් පමණයි. සිත ප්‍රභාමත් වෙනවා කියන්නේ සිතේ ද්වේශය අඩු කරලා කරුණාව ඇති කර ගැනීම.

    වෙසක් කූඩුව එළියෙන් සවි කිරීමෙන් සුළඟ නිසා එහි ඉටිපන්දම් දැල්ල ඕනෑම මොහොතක නිවී යා හැකියි. අන්න ඒ වගේ අපේ ජීවිතයත් අනිත්‍යයි.

    ඉටිපන්දම් දැල්ල අටපට්ටමට ළං වුණොත් අටපට්ටම ගිණි ගන්නවා. අන්න ඒ වගේම සිත අට ලෝ දහමේ ඇලෙන්න ගියොත්, ජීවිතය විනාශ වෙන බවත් මින් ඉගැන්වෙනවා. ඒ අනුව අටලෝ දහමේ ඇලී ගැලී නොගොස් මැදහත්ව සිත තබා ගැනීමේ වටිනාකම මින් පැහැදිළි කෙරෙනවා.

    වෙසක් කූඩුවේ රැළි වැඩි වෙන තරමට හුළඟ බදනවාත් වැඩියි, එවිට කූඩුව අසමබර වී ඉටිපන්දම වැටී කූඩුව ගිණි ගැනීමේ සම්භාවිතාවය වැඩියි. අන්න ඒ වගේ ජීවිතයේ විච්චූරන වැඩි වෙන තරමට "උපාදානයන්" (ඇලීම්) ඇති වෙනවාත් වැඩියි. එවිට ජීවිතය අසමබර වී ජීවිතයේ විනාශයට පත් වීමේ සම්භාවිතාවය වැඩි බවයි ඉන් ඉගැන්වෙන්නේ.

    ගිණි ගන්නා අටපට්ටමක් දිහා බලාගෙන අඬා වැටෙන පුංචි දරුවෙකුට මේවා හෙමින් සීරුවේ කියල දෙන්න ඕන. එමගින් දෙමාපියන්ට කරදර කරන්නේ නැති, ලොකු වෙලා තමන්ට නොලැබෙන දේවල් පසුපස ගිහින් ජීවිතේ විනාස කරගන්නේ නැති පින්වත් දරුවෙක්ව හදා ගන්න පුලුවන්.

    ඒත් ඉතින් අද කාලේ යකඩ ෆ්‍රේම් එක සල්ලි වලට අරන්, ලයිට් එකක් ගහලා ගේ ඇතුළේ හයි කරන අටපට්ටමෙන් නම් දරුවන්ට ඉගැන්වෙන්නේ ලෝක්යේ අනිත්‍ය ස්වභාවය නෙමෙයි.

    "එතේව නත්වා සතිමා සුමේධෝ
    අවෙක්ඛති විපරිනාම ධම්මේ
    ඉට්ඨස්ස ධම්මා න මතෙන්ති චිත්තං
    අනිට්ඨ තෙ නො පටිඝාත මේ තී"

    මනා සිහිබුද්ධිය ඇති නැණවතෙක් වටින් විට වෙනස් වන ස්වභාවය ඇති මේ අටලෝ දහම තේරුම් ගනී නම් ඔහු ගේ සිතෙහි තමන් කැමැති වන්නා වු දේ පැමිණීමෙන් උදම් බවක් හෝ, අරුචි දේ පැමිණීමෙන් පසුබෑමක් හෝ දොම්නසක් පහළ නොවන්නේ ය.
    By: Sinhala Buddhist
     
    • Like
    Reactions: VirajRK and ijay

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    11.gif
    11.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අටපට්ටම හදන්නේ ත්‍රිකෝණාකාර කොටස් (පට්ටම්) 8 ක් එකතු කිරීමෙන්. :confused::confused:
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    මං ඔබතුමාගේ වැදගත් කියන්න පුළුවන් ත්‍රෙඩ් එකක් දැක්කමද කොහෙද.
    කොහොමහරි කමක් නෑ නොදන්නා දෙයක් දැනගත්තට ස්තුතියි. :yes: