අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    good post machan
    math ge hadanna patan ganna innee
    eth machan oya kiwwa widihata kaloth 35 kin 40 aniwa puluwanda.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    good post machan
    math ge hadanna patan ganna innee
    eth machan oya kiwwa widihata kaloth 35 kin 40 aniwa puluwanda.

    mamat iye gihin idama pennala plan adina set karala awa

    etakota plan adina uncle kiwe kohomat 40 45 wat yai kiyala

    dora janel uluwahu walata aluminum frams dana puluwan nam tawat labai kiwa
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මචන්

    අවුවට පිච්චිලා වැස්සට අහුවෙලා කලු උන දොරවල් ජනෙල් සුද්දකරල water based කරන්නෙ කොහොමද කියලා කියපන් කො.

    බාසෙක් දම්මලා කරන්න ගියොත් පට්ට ගානක් යනවා බන් :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං අපේ ගෙදර තනි තට්ටුවට තියෙන්නේ. සාලෙ මැද්දෙං කණු දාලා ඉස්සරහා ටික විතරක් තට්ටු දෙකට කරන්න අදහසක් තියෙනවා. මොකද කාමර මදි නිසා. තියෙන ගේ එහෙම වෙනස් කරන එක හොදයිද ? වාස්තු විද්‍යා පැත්ත ගැන බලන්න ඕනේද ? ආයේ අළුතෙන් ප්ලෑන් අදින්න ඕනේද ? ඒ ප්ලෑන් එක ආයේ රෙජිස්ටර් කරන්න ඕනේද ?
    කරනවා නං ඒ වැඩේ පටං ගන්න කලිං උපදෙස් ටිකක් දෙනවද :(
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    mamat iye gihin idama pennala plan adina set karala awa

    etakota plan adina uncle kiwe kohomat 40 45 wat yai kiyala

    dora janel uluwahu walata aluminum frams dana puluwan nam tawat labai kiwa

    aha ehemada ehenam goda daganna puluwan wei neda.thanks machann
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං අපේ ගෙදර තනි තට්ටුවට තියෙන්නේ. සාලෙ මැද්දෙං කණු දාලා ඉස්සරහා ටික විතරක් තට්ටු දෙකට කරන්න අදහසක් තියෙනවා. මොකද කාමර මදි නිසා. තියෙන ගේ එහෙම වෙනස් කරන එක හොදයිද ? වාස්තු විද්‍යා පැත්ත ගැන බලන්න ඕනේද ? ආයේ අළුතෙන් ප්ලෑන් අදින්න ඕනේද ? ඒ ප්ලෑන් එක ආයේ රෙජිස්ටර් කරන්න ඕනේද ?
    කරනවා නං ඒ වැඩේ පටං ගන්න කලිං උපදෙස් ටිකක් දෙනවද :(

    මචං අපේ ගෙදර තනි තට්ටුවට තියෙන්නේ. සාලෙ මැද්දෙං කණු දාලා ඉස්සරහා ටික විතරක් තට්ටු දෙකට කරන්න අදහසක් තියෙනවා. මොකද කාමර මදි නිසා. තියෙන ගේ එහෙම වෙනස් කරන එක හොදයිද ?

    thiyena ge ehemama wenas karanna puluwan.ekatanam kanu enna one than wala biththiya poddak kadala kanu yawanna one.ita passe wahala ain karana beam yawanna one.ita passe thmai slab eka gahanne.​

    baas kenekwa gennala poddak ahuwoth kiyawi karana de.

    වාස්තු විද්‍යා පැත්ත ගැන බලන්න ඕනේද ?

    uluahu,janel,padipel ehema thiyenna one gaanak thiyenawa.thawa poro thale ahu nowenna design karanna one.thawa anan manam athi poddak balawanna.wasthu gana danna baas kenekwama genawoth hodai.​

    ඒ ප්ලෑන් එක ආයේ රෙජිස්ටර් කරන්න ඕනේද ?

    eka nam danne na.

    mama danna widiyata thmai kiwwe.:):):):)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචං අපේ ගෙදර තනි තට්ටුවට තියෙන්නේ. සාලෙ මැද්දෙං කණු දාලා ඉස්සරහා ටික විතරක් තට්ටු දෙකට කරන්න අදහසක් තියෙනවා. මොකද කාමර මදි නිසා. තියෙන ගේ එහෙම වෙනස් කරන එක හොදයිද ?:(
    වෙනස් කරන්න පුලුවන්.කිසිම ප්‍රශ්නයක් නෑ.

    වාස්තු විද්‍යා පැත්ත ගැන බලන්න ඕනේද ?:(
    උබලා වාස්තු විශ්වාස කරනවානම් වාස්තු බලන්න .

    ආයේ අළුතෙන් ප්ලෑන් අදින්න ඕනේද ? ඒ ප්ලෑන් එක ආයේ රෙජිස්ටර් කරන්න ඕනේද ?(

    මුලින්ම තියෙන ගෙදර අඳින්න ඕනි ඊට පස්සෙ අලුතින් එකතු කරන කෑලි එක පාටකිනුත්,කඩන ඒව තව පාටකිනුත්/තිත්/කඩ ඉරි වලින් ඇඳල අදාල නගර සභාවෙන් පාස් කරගන්න ඕනි.සැලසුම් ශිල්පියෙක්ට හරි ආකිටෙක් කෙනෙක්ට හරි කියල මේ ටික කරගන්න පුලුවන්.දැනට ඉන්න ගෙදරට අනුමත කරපු ප්ලෑන් එකක් තියෙනවනම් වැඩේ ලේසියි.ඒ වගේම අවුරුදු 15ක් ඇතුලත කාලයේදී අනුමත කරගත්තු බිම් කට්ටි සැලසුමකුත් ඕනි.මේක කරල නැත්නම් මිනින්දෝරුවෙකුට කියල මේක කරගන්න පුලුවන්.

    කරනවා නං ඒ වැඩේ පටං ගන්න කලිං උපදෙස් ටිකක් දෙනවද :(
    ගොඩක් අය තනි තට්ටුවේ ගෙදරකට තව තට්ටුවක් එකතු කරද්දි කණු දාන්න බිත්ති එහෙම කඩනවා.නමුත් බිත්තිය නොකඩා බිත්ති වලට පිටතින් කණු දාන්න පුලුවන්.

    මුලින්ම ගිහිල්ල ඕක ආකිටෙක්/සැලසුම් ශිල්පියෙක්ට පෙන්නල උපදෙසක් ගන්න.බාසුන්නැහේලට විතරක් කියල ඒගොල්ලන්ගෙ අදහස් විතරක් අරගෙන කෙරුවොත් උබ සදා අනාතයි.බාසුන්නැහේල බහුතරයක් අය මුලින්ම අත් උඩවු වැඩ කරල ඊට පස්සෙ වැඩ ඉගෙනගෙන බාස්ල වෙච්ච අය.ඒ අයට ගෙදරක තියෙන ටෙක්නිකල් පැත්ත ගැන එච්චර අවබෝධයක් නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්

    අවුවට පිච්චිලා වැස්සට අහුවෙලා කලු උන දොරවල් ජනෙල් සුද්දකරල water based කරන්නෙ කොහොමද කියලා කියපන් කො.

    බාසෙක් දම්මලා කරන්න ගියොත් පට්ට ගානක් යනවා බන් :sorry:

    මුලින්ම වීදුරු කඩේකට ගිහිල්ල පේන්ට් හූරන්න වීදුරු කෑලි ටිකක් දෙන්න කියල ඉල්ලපන්.උන් උබට පොඩි කෑලි ටිකක් දෙයි.සල්ලි ගන්නෙ නෑ.ඊට පස්සෙ ඒකෙන් කලු කෑලි ටික අයින් වෙනකම්ම දොර ජනේල ටික හූරන්න.

    ඊට පස්සෙ ඕවගෙ තියෙන පැච් වහන්න ලී වලට දාන පොටි එකක් තියෙනව.ඒකදාන්න .ඊට පස්සෙ හොඳට ව්/ලි කඩදාසි වලින් මදින්න.මුලින්ම 320 වගේ කොලයකින් මැදල ඊට පස්සෙ නෝට් එකෙන් මදින්න.

    උබට මොකක් හරි පාටක් ඕනිනම් ලී වලට ගාන පාට තියෙනව.(පේන්ට් නෙමෙයි රජෝ )තේක්ක පාට ,මහෝගනී පාට,වොල්නට් පාට වගේ පාටවල් තියෙනව.එයින් එකක් අරගෙන ඒකෙ උපදෙස් දීල තියෙන විදියට ලීයෙ ගාන්න.පාට ගානකොට හරියට ගාගන්න ඕනි මචන්.නොදන්න එකෙක් ගෑවොත් පාරවල් හිටිනව.පාට වෙලුනාට පස්සෙ වෝටර්බේස් කෝඩ් එකක් ගාල ඒක වෙලුනාම වැලි කඩදාසියෙන් කපල (නෝට් එකෙන් ලාවට කපන්න ඕනි )අවසාන කෝඩ් එක ගාන්න.


    වැඩි විස්තර සඳහා ලී වැඩ කරන කෙනෙක් හිටිය මට උගේ නම අමතකයි.අන්න ඌව අමතන්න
     
    • Like
    Reactions: kuma.lk