අඩුවට-තට්ටු-දෙකේ-ගෙයක්

Nimalkasfg5

Member
Apr 5, 2015
12
1
0
අනුමත කරාම ප්‍රශ්න අඩුයි මචන්.නිකමට හිතපන්කො උබ ප්ලෑන් එක අනුමත නොකර ගේ හදාගෙන යද්දී කවුරුහරි තරහකාරයෙක් පෙත්සමක් වත් ගැහුවොත් උබ අනාතයි.අනික කවද හරි උබ ගේයි ඉඩමයි විකුනනකොට උබට වෙන පාඩුව අඩුයි.හොඳම දේ තමයි පාස් වෙන විදියට ප්ලෑන් එකක් ඇඳල හදනකොට වෙනස් කරගෙන හදන එක.හැමෝම ගෙවල් හදන්නෙ එහෙම තමයි.

මේක මහා අමන කතාවක්. අනුමත කරගත්තා නං ඒ සැලැස්මට අනුව තමයි ඉදිකරන්න ඕනි. ගේ හදන සැලැස්ම අනුමත කරගත්තම පස්සේ යම්කිසි කාලයක් ඇතුලත වැඩ පටන් අරන්, ඒක හදලා ඉවර කරලා ආයේ පෙන්නන්න ඕනි. නිකන් බොරු දාලා මිනිස්සුන්ව රවට්ටන එපා. මම මේ බැරිම තැනයි එකවුන්ට් එකක් හදන් මේක කියලා යන්න. අනුන්ගේ ත්‍රෙඩ් වල බොරු දාන්න එපා. මේ shaminda peiris කෙනා කියන දේවල් නිසා මේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාලා තියෙන එව්වටත් හානි වෙනවා.
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් මචෝ මගේ Idea එකත් තියෙන්නේ මෙහෙම Low Cost Design එකක් හදාගන්න තමයි..:yes::yes: හොඳ Architectල කවුද ඉන්නේ Low Cost Design කරන.

    ඕනම ආකිටෙක් කෙනෙක්ට කරන්න පුලුවන් මචන්.ලඟපාත කෙනෙක් හොයාගන්න.
    මෙයාට PM එකක් දාල බලන්න මෙයා ආකිටෙක් කෙනෙක්.

    http://www.elakiri.com/forum/member.php?u=263357
     
    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    මචන්, තනි තට්ටුවේ.... කාමර දෙකයි, කුස්සියයි, සාලේයි, බාත් රූම් එකයි එක්ක ගෙයක් හදන්න කීයක් විතර යයිද... ? :confused:

    ලක්ෂ 15 කින් විතර පුළුවන් හොදට හදාගන්න. තට්ටු දෙකට හදන්න කල්පනා කරනවා නං ඔය කියලා තියෙන විදියට පහල තට්ටුව හදලා ස්ලැබ් එක දාගන්න පුළුවන් ලක්ෂ 17 කින්. හැබැයි එහෙම කරන්න පුළුවන් අපි දවස් පඩියට බාස්ලා,ගෝලයෝ දම්මලා, අපි ලග ඉදන් වැඩේ කරවනවා නං විතරයි.

    Super thread...thanks

    Plan ekak andaganna Hoda, gassthu saadarana company monawada?

    හොද පිළිගත්තු, විශාල ඉදිකිරීම් එහෙම කරන සමාගමක් යොදාගන්න. ඒවායේ සැලසුම් ශිල්පියෝ, ඉංජිනේරුවන්, සේරම දෙනා ඉන්නවා.
     
    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    machan floor ekata tile allanawata wada cement cut & polish karana eka labada?

    ටයිල් අල්ලනවට වඩා වියදම ටිකක් අඩුයි. හැබැයි හොද බාස් කෙනෙක් අල්ල ගන්න ඔය වැඩේට. නැත්තන් සිමෙන්තිය බොල් වෙලා බිම ඉරි ගියොත් වියදම් දෙකයි.

    good post machan
    math ge hadanna patan ganna innee
    eth machan oya kiwwa widihata kaloth 35 kin 40 aniwa puluwanda.

    ඔව් පුළුවන්. ත්‍රෙඩ් එකේ කියලා තියෙන විදියට ගෝලයෝ,බාස්ලා, අමුද්‍රව්‍ය සෙට් කරගෙන අපිම වැඩේ කරවනවා නං පුළුවන්. කොන්ත්‍රාත් දුන්නොත් නං ලක්ෂ 50 ක් වත් යයි වර්ග ආදී 2000 ක තට්ටු දෙකේ ගෙයක් හදන්න.

    mamat iye gihin idama pennala plan adina set karala awa

    etakota plan adina uncle kiwe kohomat 40 45 wat yai kiyala

    dora janel uluwahu walata aluminum frams dana puluwan nam tawat labai kiwa

    කොස් ලී උළුවහු දාන්න, නැත්තන් වටිනාකමක්, හයියක් නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක මහා අමන කතාවක්. අනුමත කරගත්තා නං ඒ සැලැස්මට අනුව තමයි ඉදිකරන්න ඕනි. ගේ හදන සැලැස්ම අනුමත කරගත්තම පස්සේ යම්කිසි කාලයක් ඇතුලත වැඩ පටන් අරන්, ඒක හදලා ඉවර කරලා ආයේ පෙන්නන්න ඕනි. නිකන් බොරු දාලා මිනිස්සුන්ව රවට්ටන එපා. මම මේ බැරිම තැනයි එකවුන්ට් එකක් හදන් මේක කියලා යන්න. අනුන්ගේ ත්‍රෙඩ් වල බොරු දාන්න එපා. මේ shaminda peiris කෙනා කියන දේවල් නිසා මේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාලා තියෙන එව්වටත් හානි වෙනවා.

    උබ කියන කතාව ඇත්ත තමයි.නමුත් ඔය විදියට ගෙවල් හදන්නෙ කීයෙන් කී දෙනාද?නීත්‍යානුකූලව අනුමත කරගත්ත සැලැස්ම හදනකොට පොඩි පොඩි වෙනස් කම් කරන්න පුලුවන්.හැබැයි ඒක ගොඩනැගිලි නීති වලට අනුකූලනම් COC ගනිද්දී අනුමත කරගන්න පුලුවන්.මගේ අදහස් වලින් ත්‍රෙඩ් එකට හානියක් වෙලා තියෙනවනම් සොරි.හැබැයි ඔයා දාල තියෙන ගනන් වලට නොදන්න කෙනෙකුට ගෙයක් හදන්න බෑ.ඒකයි මම යන වියදම් දැම්මෙ.නිකමට අහන්නෙ ඔයා ගෙවල් කීයක් විතර හදල තියෙනවද?මම කියල තියෙන එකක් හරි බොරුනම් ඔප්පු කරල පෙන්නන්න.ආයිත් මම මේ ත්‍රෙඩ් එකට එන්නෙ නෑ.ගෙවල් හදන හැටි ගැන මම පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්නම්.එතකොට කාගෙවත් කතා අහන්න ඕනි වෙන්නෙ නෑ
     
    Last edited:

    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    මචං අපේ ගෙදර තනි තට්ටුවට තියෙන්නේ. සාලෙ මැද්දෙං කණු දාලා ඉස්සරහා ටික විතරක් තට්ටු දෙකට කරන්න අදහසක් තියෙනවා. මොකද කාමර මදි නිසා. තියෙන ගේ එහෙම වෙනස් කරන එක හොදයිද ? වාස්තු විද්‍යා පැත්ත ගැන බලන්න ඕනේද ? ආයේ අළුතෙන් ප්ලෑන් අදින්න ඕනේද ? ඒ ප්ලෑන් එක ආයේ රෙජිස්ටර් කරන්න ඕනේද ?
    කරනවා නං ඒ වැඩේ පටං ගන්න කලිං උපදෙස් ටිකක් දෙනවද :(

    වාස්තු විද්‍යාත්මක පැත්ත බලන්න. ඒ කියන්නේ ගෙදර වර්ගඵලය, ජනෙල් දොරවල් ප්‍රමාණය වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඒක ඔයාගේ හෝ ගෙදර ප්‍රධානියාගේ කේන්දරය අනුව බලාගන්න ඒ ගැන විශ්වාශ කරනවා නං.

    සාලේ මැද්දෙන් කණු දාලා උස්සන්න පුළුවන්. අලුතින් හදන්න යන කොටස් දාලා ප්ලෑන් එකක් ඇදලා අනුමත කරගන්න. මුල් ප්ලෑන් එකට වඩා අලුතින් කොටස් එකතුකරනවා නං අනිවාර්ය්‍යයෙන්ම ඒ අලුත් කොටස් අනුමත කරගන්න ඕනි.
    බිත්ති කඩන්නේ නැතිව ඒවායේ මුළු වලින් කණු දාගන්න පුළුවන්.

    Macho Rs 35 lakhs valata hadana gedara full square feet keeyada?

    වර්ග අඩි 2000 ක (දෙදාහක) වගේ තට්ටු දෙකේ ගෙයක් ගැන ත්‍රෙඩ් එකේ තියෙන්නේ.
     
    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    තනි තට්ටුවේ නම්- 1000 Sqft විතර
    තට්ටු දෙකක් වගේ හදනවනම් -800 Sqft විතර

    අඟල් 9 ගඩොල් බිත්ති බැඳල පොලව ටයිල් කරල වහල පරාල පේන විදියට කොන්ත්‍රාත් කාරයෙකුට කියල කරගන්නවනම් මේ වගේ ප්‍රමානයක් තමයි හදන්න වෙන්නෙ.අපිම කරගන්නවනම් මීට වඩා අඩුවට (වැඩි වර්ග අඩි ප්‍රමානයක් ) හදාගන්න පුලුවන්.

    මුල් ත්‍රෙඩ් එකේ ලක්ෂ 35 න් හදන්න පුළුවන් කියලා තියෙනෙන් වර්ග අඩි 2000 ක පමණ තට්ටු දෙකේ නිවසක් ගැන. මේ ඉහතින් ඇති දේ අසත්‍යය.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මුල් ත්‍රෙඩ් එකේ ලක්ෂ 35 න් හදන්න පුළුවන් කියලා තියෙනෙන් වර්ග අඩි 2000 ක පමණ තට්ටු දෙකේ නිවසක් ගැන. මේ ඉහතින් ඇති දේ අසත්‍යය.

    3,500,000/2000=1750
    මෙ ගානට කොහොමද බන් ගෙයක් හදන්නෙ.උබල ගෙවල් හදනකොට නිකමට QS කෙනෙක්ගෙන් අහල බලන්න ව.අ එකකට කීයක් විතර යනවද කියල.නෝමල් විදියට හැදුවත් මගේ අත්දැකීම් අනුව ව.අ එකකට 3000ක් විතර යනව තනි තට්ටුවේ ගෙදරකට
     
    • Like
    Reactions: deanXX

    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    මචෝ ගෙයක් හදනකොට සැලසුම අනුමත කගරන්නම ඕනෙද??

    නීතියට අනුව වැඩ කරනවා නං ප්ලෑන් අනුමත කරගන්න. මේක පසුවටත් බොහොම වැදගත් වන දෙයක්.

    plan eka anumatha karagena gedara hadanna patan gattata passe apita wenas karanna puluwnda bn eke tiyena dewal hadagena yaddi?

    බෑ එහෙම අපිට ඕනි විදියට අනුමත උන ප්ලෑන් එකට පරිබාහිරව වෙනස් කම් කරන්න බැහැ. අනුමත ප්ලෑන් එකට අනුව ගෙදර හදලා ඉවරුනාම වැඩේ හරියට කරා කියලා ආයේ පෙන්නලා සහතිකයක් ගන්න ඕනි. මෙව්වා තියෙන්නේ නිකන් ඉන්න බැරුවට නෙමෙයි.

    මොකද මේ විදියට අනුමැතිය අරං ඒ විදියට ගෙවල් හැදුවම ආණ්ඩුවත් ඒ ගැන වගකීමක් තියෙනවා. අපි නීති කඩලා නෑ, නීතියට ගරු කරලා ගෙදර හදලා තියෙන්නේ. පස්සේ කාලෙක බැංකු ලෝන් එකක් ගන්නවා නං, මොකක් හරි වෙලා ගෙදර අයිති ඉඩම රජයට පවරා ගන්න වෙලාවක් අවොත් වැඩි වන්දි මුදලක් ගන්න, අපදා තත්වයකදී රජයෙන් සහන ගන්න වගේ දේවල් බොහොමයකට මේ කාරණේ වැදගත් වෙනවා. ඒ නිසා හිතු මනාපේ ගෙවල් හදන්න නං එපා.

    Gedaraka plan eka anumatha karagannavanam hondai. Neththam water, light Board eken ganna berivei. Samanya ekak endala pass karanna, hebei thattu gaana dakwanna vei.
    Gedara hadanakota venas karaganna avulak nehe.
    Gedara hedeegena enakota ena sathuta, aasaava kiyala ivarakaranna bae macho :)

    අනුමැතිය ලැබුණු ප්ලෑන් එක පරිබාහිරව නි‍වස ඉදිකිරිම සුදුසු නැති බව අවධාරණය කරමි.
     
    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    මචෝ මම ගේ හදන්න ඉන්න ඉඩමේ ඇතුලට වෙන්න කන්ද වගේ තියෙන්නේ.. මගේ අදහසක් තියනවා ගේ අත්තිවාරම කොටස් දෙකකට තියනවා වගේ හදන්න. එක කොටසක් උස්සල. එහෙම කරන එක හොඳයිද?

    ඒක හොද අදහසක්. සමතලා ඉඩමකම ගේ හදන්න ඕනි කියලා නියමයක් නෑනේ. ඔය වගේ භුමියේ හැඩය අනුව උස් පහත් කරලා ගේ හැදුවම ලස්සනයි. වහල එහෙම ගහද්දීත් කොටස් විදියට වැදුනම ලස්සන වැඩියි.
     
    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    උබ කියන කතාව ඇත්ත තමයි.නමුත් ඔය විදියට ගෙවල් හදන්නෙ කීයෙන් කී දෙනාද?නීත්‍යානුකූලව අනුමත කරගත්ත සැලැස්ම හදනකොට පොඩි පොඩි වෙනස් කම් කරන්න පුලුවන්.හැබැයි ඒක ගොඩනැගිලි නීති වලට අනුකූලනම් COC ගනිද්දී අනුමත කරගන්න පුලුවන්.මගේ අදහස් වලින් ත්‍රෙඩ් එකට හානියක් වෙලා තියෙනවනම් සොරි.හැබැයි ඔයා දාල තියෙන ගනන් වලට නොදන්න කෙනෙකුට ගෙයක් හදන්න බෑ.ඒකයි මම යන වියදම් දැම්මෙ.නිකමට අහන්නෙ ඔයා ගෙවල් කීයක් විතර හදල තියෙනවද?මම කියල තියෙන එකක් හරි බොරුනම් ඔප්පු කරල පෙන්නන්න.ආයිත් මම මේ ත්‍රෙඩ් එකට එන්නෙ නෑ.ගෙවල් හදන හැටි ගැන මම පස්සෙ ත්‍රෙඩ් එකක් දාන්නම්.එතකොට කාගෙවත් කතා අහන්න ඕනි වෙන්නෙ නෑ

    ස්තුතියි අදහස් වලට. ත්‍රෙඩ් එකට නැවත නොපැමිණීම ඉතා අගය කරමි. ස්තුතියි.
     
    මේ ටික?
     
    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    Thava deyak. Gedara hadanakota hekipamana udata hadanna try karanna, idama ithuru kerena vidihata. Annexe room 1 or 2 bathroom valatath ida thiyaganna, passe hari hadanna. Eka aniva nuvanakkara vedak.

    ඔව්. අනික ගේ හදද්දී ඉඩමේ මැදම හදන්න ඕනි නෑ. ඉඩමේ පැත්තකින් හදන්න. ඒ කියන්නේ වේල්ලක් වගේ තියෙනවා නං ඒකටම කරලා ගේ හදන්න.(මෙහෙම ගෙවල් හදන්න පුළුවන්,අනුමත වෙනවා.)

    හැබැයි එහෙම වේල්ලකට ලං කරලා ගෙයක් හදද්දී ගෙයත්,වේල්ලත් අතර අගල් දෙකක වත් කොන්ක්‍රීට් එකක් දාගන්න ඕනි. මේකට කම්බිත් දාගන්න ඕනි පහල බේස් එකේ ඉදලා එන. එතකොට වතුර උනන්නේ නෑ බිත්තිය ඇතුල් පැත්තට. (මේ බිත්තියට ජනෙල එහෙම දන්නේ නෑ. )

    ඊට පස්සේ තුන් පැත්තක් තියෙනවා ඉඩ තියෙන. මේකෙන් තව පැත්තක් වෙන කරන්න ටොයිලට් වලවල් වගේ එව්වට. ඉතිරි පැති දෙකේ හොදට මිදුලක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ගේ හදද්දී අනුමත වෙන අවම දුර ප්‍රමනවල් තියන්න ඔය කියන ටොයිලට් වල තියෙන පැත්තට. එතකොට අනික් පැති දෙකේ හොදට ඉඩ තියෙනවා. ගේ ප්‍රධාන දොරටු ඒ පැති වලට දාගන්න.

    එහෙම නැතිව පොඩි ඉඩම් වල හරි මැද ගේ හැදුවොත් කොයි පැත්තෙනුත් හරියට ඉඩක් නෑ ඊළගට.
     
    උබේ රැඳවුම් බැමි(Retaining wall ) නිර්මානය නම් නියමයි.කොහෙන්ද ඉගෙන ගත්තෙ? Retaining wall එකක් design කරන හැටි දන්නවද?
     
    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    Ochchara yanne na ban bayawenna epa. Meke rooms aran thienawa loku wedi 10*10 gaththa nam shape. kitchen eka nam thawa tikak lokuwunata awulak na. Umbata oya gedara 15-20 athara ganakata complete karaganna puluwan. :yes: 10 athe thian wedeta behepan.

    අඩි 10*10 නිදන කාමර නං ලොකු මදි. මේක තමයි අනුමත වෙන්න ඕනි අවම ප්‍රමාණය. තනි අයෙක්ගේ කාමරයකට නං මේක කමක් නෑ. හැබැයි පධාන නිදන කාමර නං විශාලෙට ගන්න. ත්‍රෙඩ් එකේ ඒ නිසයි කියලා තියෙන්නේ හොද සමාගමක් මගින් ප්ලෑන් අදින වැඩේ කරගන්න කියලා. එයාලා මේ ගැන සැලකිලිමත් වෙනවා.
     
    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    මචෝ ගෙයක් හදනකොට සැලසුම අනුමත කගරන්නම ඕනෙද??

    අනිවාර්යයෙන්ම ප්ලෑන් එක අනුමත කරගන්න. මේ අනුමත කරගන්න වැඩේට මහලොකු වියදමක් යන්නේ නෑ. වරිපනම් ගාස්තු එහෙම ගෙවන්න වෙයි, තව පොඩි පොඩි ලියකියවිලි ටිකක් ඕනි වෙයි. ඒවා හරියට දෙන්න. සතියක් දෙකක් ඇතුලත අනුමත කරගන්න පුළුවන්.
     
    Nimalkasfg5

    Member
    Apr 5, 2015
    12
    1
    0
    තව දෙයක් හරියට නිවැරදිව ප්ලෑන් එක ඇදලා තියෙනවා නං කාටවත් සල්ලි,අල්ලස් එහෙම දෙන්න ඕනි නෑ ඕක අනුමත කරගන්න. ප්‍රාදේශීය සභාවට,නගරසභාවට ගිහින් අවශ්‍ය වරිපනම් මුදල් ගෙවලා වැඩේ කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උබනම් දෙයියෙක් බන් මගේ යාලුවෙක්ගේ අයියා කෙනෙකුත් වැඩේට බහින්න හදන්නේ උට මේක පෙන්නන ඹනා