අඩු කුලේ ජපන් ජීවිත...

lilman

Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    පහුගිය දොහේ වෙච්චි සන්තෑසි කන වැකිලා ඇහැ කන පියාන ඉන්ට බැරිඋනා ආයුබෝවන්ඩ. දැන් කාලේ අපි ගැටයා කාලේ වගේ නෙමේ නොවැ. අබුද්දස්ස කාලේ කොල්ලො කුරුට්ටෝ ජපන් යන්නේ අකුරු කොරන්ට නෙමේ මෝස්තරේට.

    ඒ දොහේ සිදාදියේ ඉස්කෝලවල අකුරු කරපු ඈයොන්ට නිච්චිද දන්නෑ, ඉස්කෝලෙට මඟින් ගොඩවිච්චි ගමේ ගොඩේ එව්වෝ මුල් දොහේ බොහොම සීරුමාරුවට ඉදලා පහු පහු වෙනකොට සිදාදියේ උන්ට වඩා තෙල වැඩි උනේ ගමේ උන්ට. සිදාදියේ අරුමෝසම් ඇහැ ගැටිලා මදකිපුනා මුන්ට.

    ඉන් ඉස්සට වැඩිපුර අකුරු කොරන්ඩ කියාලා උපාධි ඉස්කෝලෙට ගොහිනුත් මුල් දොහේ තලගොයා අව්ව තපිනවා වගේ හිටලා එළිවෙන ජාමෙට තියෙන සමිති සමාගම් ඔක්කෝටම හේත්තු වෙලා, දේසපාලනෙත් පටන් අරන් ජව්සන් නැටුවෙත් සිදාදියේ උන්ට වඩා ගමේ එව්වෝම තමා ඕං.

    මොන බිබික්කමක් වත් නැති ගම් තුලානේ හැදුන ගැටිස්සිටත් දැන් සිදාදියේ ගැටව් දෙන්නා තුන්දෙනා. මේ විනම්බෑසි වලට කාරණාව මොකෑ? අල බහිනවා වගේ ඔළු ගෙඩියට බෑවුන නිදහස මේ කිරිසප්පයන්ට ඔරොත්තු දුන්නැති එක.

    තිරික්කලේට පොල්මල් ගැටගහගෙන අහස්යාන්තරා තොටට ගොහින් ඒරොප්පෙදි උපන් දොහකට ඇස් ගෙඩි දෙකට නොදැකපු අරුමෝසමුයි නිදහසයි දැක්කම මේ පුංචි අයියලා අක්කලාට මංජල් සෝරු මල් පපඩම් කියලා කියවෙනවලුනේ ආයුබෝවන්ඩ.

    ජපානේදි ගුස්ති අල්ලන මේ පුංචි සලපියන්ගේ හැබෑව බැලුවොත්, බාගයක් හරියට බත් ඩිංගිත්තක් වත් ගිලින්ඩ තුට්ටුවක් අතේ තිබුණේ නැති හැත්ත. උන්ගේ මහ උන් බඩට නොකා පණ ගැටගහගෙන තමා තමන්ගේ එකාව ඒරොප්පෙට තොළොංචි කොලේ. කාසි නැහැ උන් ගාව. ඉතුරු බාගේ මහ උන් ඇහේ තියාගෙන හාපැටව් වගේ හදපු උන්.

    ලංකාවේ බිත්ති හතරට කොටුවෙලා හැදුන මේ මුඩුමයන්ට ඒරොප්පේ ආරුමෝසමුයි නිදහසයි දැක්කම උන්ට හිතෙන්නේ ඌ තමා රජ්ජුරුවෝ කියලා. මොකෝ ජපානෙදි මුන් නටන ජව්සන් දැකලා මුන්ව කෝටුමස් කරන්න මුන්ගේ මහ උන් ඉන්න එකක් කියලයැ.

    රූප පෙට්ටියෙන් විතරක් දැකපු iPhone ද මොකක්ද කියන උලව්ව ගෙවන්ඩ අරගෙන සීල් අරක්කු උගුරක් කටට හලාගත්තම මුන්ට අමතකයි මුන් ජපන් ආවේ අකුරු කොරන්ඩ කියලා. මුන් තමා දැන් හයිකාරයො. මුන්ට අමතකයි මහ උන්, මුන්ගේ මස් පිරෙව්වේ උන්ගේ මස් දියකරලා කියලා.

    මූ දැන් පන්ති කාබරේට හරි වැඩපොළට හරි රිංගපුවම මූට මුරිච්චි වෙනවා ලංකාවෙන් තොලංචි වෙච්චි මූ වගේම මුඩුමයෝ රැළක්. මී හරක් රැළක් උනත් එකට ලගිනකොට රැළෙන් පිට එකෙක් දැක්කම උන්ට හිතෙන්නේ මේකා මොන කොක්කෙක්ද අපිට. අපිනේ මේ ඒරියල් එකේ ගණන් කාරයෝ කියලනේ බොල. තට්ටුවට පූජාව තියන්න තොවිලේ පටන් ගන්න කම් හිටපු ඩස්පියෙක් ඉන්නවා. මුන්ට ටිකදොහකට ඉස්සෙන් ජපානෙට සේන්දු උන ඒ ඩස්පියත් දැන් මේ ගොන් රැළට හේත්තු වෙනවා. අන්ධයෝ පිරිච්ච රටක එක ඇහැක් තියෙන එකාත් රජෙක්ලුනේ.

    මේ පූස් පැටව් ටික තාම ජපානේ රියල් ගුස්ති කාරයෝ කව්ද කියලා අදුරන්නෙ නෑ. තාම මුන්ට රියල් ගුස්ති කාරයෙක් මුරිච්චි වෙලත් නෑ යකෝ. එහෙම උනානම් මේ කිරිසප්පයන්ට පණ කෙන්ද බේරගෙන දුවන්න ජපානේ පාරවල් වල ඉඩ මදි වෙනවා. අනික මේ මුඩුමයෝ රැළ හිතාන ඉන්නේ ජපානේ කවුන්සලේත් ලංකාවේ කවුන්සලේ වගේ නාඩගම් මඩුවක් කියලා. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා මුන්ට මහඋළු ගෙදර මංජන් සෝරු කන්ඩ වෙනකොට තමා කරුණු කාරණා ඒත්තු යන්නේ. එතකොට පරක්කු වැඩී බොල.

    ලංකාවේ බිත්ති හතරට කොටු උන බොලා එරෝප්පෙදි ඉදලා හිටලා ටිකක් විනෝද උනා කියලා අනිත් උන්ට කාරි නෑ බොලව්. ඒත් අනිත් උන්ගේ බඩ මාලු රත් කොරන්ඩෙපා. පාරේ තොටේ නෛයිනාඩගම් නටන් නැතුව සීල් අරක්කු බොන්ඩ ඕනේ නම් විකුණන තිප්පොලකට පලයව්. කුණ්ඩවාල එක්ක නිදිවදින්න ඕනේ නම් උන්ගේ ගුබ්බෑයමකට රිංගපියව්. ගුස්ති අල්ලන්න ඕනේ නම් ගුස්ති මඩුවකට පලයව්. බොලා ගුස්තියෙන් දිනුවොත් කාසිත් අතේ.

    අලි මදිවට කොටි කිව්වා වගේ අර කැලෑ ගම් වලින් තොලොංචි වෙච්චි ගම් වැද්දියොත් දැන් හිතාගෙන ඉන්නේ උන් ඒරොප්පේ එකෙක්ට ජාතක උන උන් කියලා. උන් ළඟ තියෙන ඌස්නේ බලන්ටේපෑ. අර ටික්ටොක් කියන විගඩමේ මුන් නටන්නේ හරියට උන්ගේ මහ එකා කුඹුරු එක්ක ඔට්ටු වෙනකොට උදැල්ලට අහුවෙලා කැපිච්ච පණුවෝ වගේ.

    රට්ටුන්ට පේන්න ටීටර් කරලා මුණු පොතේ දාලා උදම් අනන්න දැන් මේ ගම්වැද්දියෝ රුසියෝ. මුන්ටත් අමතකයි ආපු කරුණු කාරණාව. මුනුත් හරියට මොණර සතා වගේ තමා. ඉස්සරහින් පිල් විලිස්සගෙන නැටුවට මුන්ගේ පුක එලියේ. මේ කුඩා බඩු ටික හිතාගෙන ඉන්නේ බටහිර පන්නෙට හැඩ ගැහෙනවා කියන්නේ මොකෙක්හරි සලපියෙක්ගෙන් හප වෙන එකයි සාද බහින එකයි කියලා.

    අන්තිමට මුන් කොරන්නේ ලංකාවේ හොඳ නමත් පුච්චලා දාලා ආයේ අපේ සනුහුරේ එකෙක්ටවත් එරෝප්පේ පස් පාගන්න වත් පිළිවෙලක් කොරන්නැතුව කොහේහරි පැක්ටරියක එක එකාට පක්කලිකම් කර කර අඩු කාසි වලට දරදිය අදින එක.

    මුන්ගේ මහ උන් එදා වගේම හරියට බඩ පොත්තට වත් අල්ලන්නැති ගොඩ හොදි ගිල ගිල ඉදලම පස්යට වැළලිලා යයි. මුන්ට ඒ පවම ඇති වලකජ්ජ ගැහුවට පස්සේ අපායේ වැටිලා ලෝදිය බොන්ඩ. මේක කියවලවත් මේ ගම්වැද්දියොයි, සලපියො ටිකයි හරියට හැදුණොත්, වැඩි දොහක් යන්න මත්තෙන් උන්ගේ අම්මලා අප්පලාගේ ඇස් වලත් මල් පිපෙයි.

    එකඟයි නම් ශෙයා කරපිය.

    නාමල් ධනුෂ්ක.
    2024/02/02

    ========================
    "මෙවලම් මොකටද මෙතරම්
    පැලඳුවෙ සමනළියේ
    උස් අඩි පාවහන් යුගල
    යයි විසිරී ගොල්ලේ
    මල් පෙතිවල පාට ගෑවෙ
    ඇයි සියුමැලි දෙතොලේ
    කොලඹ ගිහින් ඉගෙන ගත්තෙ
    ඕවද මගෙ කෙල්ලේ."
    =======================



     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    උබලා මොන රටකට ගියත් කමක් නෑ.. සින්හලු/ඉන්දියන් ලබ්බො දැක්කොත් මග ඇරල ඉදපල්ල.
    Make foeign Friends.
    1st Generation un trip wath yanne na bung Suddo ekka

    2nd idan thama suddo ekka mix wenna puluwan

    mama nam ape danna ekake wath na Suddo unta trip walata ekkagena yana, okkoma inne lanakwe un ekkama trips and gathering wala

    wena ratawal un nathima tharam 1st generation
     
    • Like
    Reactions: lilman and B.Chat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,892
    113
    උබලා මොන රටකට ගියත් කමක් නෑ.. සින්හලු/ඉන්දියන් ලබ්බො දැක්කොත් මග ඇරල ඉදපල්ල.
    Make foeign Friends.
    Foreign un mehen yana godak adukuley unwa ganan ganne nane ban. Ekane aula. E nisane un itapase metanai FB ekei awill haali liyanne. Ara finland ponsiyath langadi naagaththe talks denna awith 🤭 🤭
     
    • Like
    Reactions: lilman and B.Chat

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    උබලා මොන රටකට ගියත් කමක් නෑ.. සින්හලු/ඉන්දියන් ලබ්බො දැක්කොත් මග ඇරල ඉදපල්ල.
    Make foeign Friends.(2)
     
    • Like
    Reactions: lilman and fe-lix