Portugal ගිහින් settle වෙන්න පුළුවන්, එහෙම කරන්න බැරි වෙයි හරි බැහැ හරි කියලා මේක කියවන්න පටන් ගන්නකොටම ඔයාට හිතුනොත් මම පුදුම වෙන්නෙ නැහැ. එහෙ හම්බ උන අය සහ කථා කරපු කවුරුත් කියන්නෙ එයාලට ලංකාවෙ කෙනෙක් හම්බ වෙන්නෙ කලාතුරකින් කියලා. සමහර අයට ලංකාවෙ කෙනෙක් මේ පෘතුගාලයෙ හම්බ වෙලාම නැහැලු.
අපිට හම්බ උන සහ විස්තර පැහැදිලි කරපු අයගෙන් දෙතුන් දෙනෙක් හැර අනිත් හැමෝම Asians, එයාලා
Panjabi, Gujarati, Indians, Nepal. ඒ අය හරිම කැමැත්තෙන් අපිට මෙහෙ විස්තර සහ සෙට්ල් වෙන්නෙ කොහොමද කියලා දුන්නා. හැම කෙනෙක්ම visit visa ඇවිත් සෙට්ල් උන අය මිසක වෙන මොනවත් visa catogary එකකින් නම් නෙවෙයි.
විස්තරේ සරලවම මෙහෙමයි, visit visa එකක් හරි Shengan visa (ඒකත් visit visa එකක්ම තමයි) එකකින් හරි Portugal ඇවිත් පුළුවන් තරම් ඉක්මනින් ජොබ් එකක් හොයා ගන්න. ලේසිම ජොබ්ස් කිහිපයක් තමයි hotels and restaurants, supermarkets, farms, shops හොයාගෙන වැඩ කරන්න පටන් ගත්තහම ඔයාගෙ නමින් tax ගෙවනවා ඔයාගෙ employer. මේ රටට වැදගත් tax ගෙවන එක තමයි. එතකොට ඔයාට ලැබෙනවා TR Card එක ඒ කියන්නෙ Temporary Residency Card. TRC එක apply කරලා සති 3-4 අතර මේක ලැබෙනවා. ඊට පස්සෙ. Recidancy Card එකට apply කරන්න පුළුවන්, මේ card එක අවුරුදු 1-2 අතර අළුත් කරන්න ඕන ඒකෙන් අවු.අවු.5 හිටියම PR ගන්න පුළුවන්.
ඒත් Permanent Residence Card එක අවු.5 න් පහට අළුත් කරන්න ඕන. ඒත් අළුත් නොකර Nationality මාරු කරලා Citizenship එක ගන්නත් පුළුවන්.
Permanent Residency Card එකෙන් ඉන්න කෙනෙකුට තියන අයිතීන් Citizenship තියන කෙනෙකුට ඇති සියළුම දෑ තියනවා (නමුත් ඡන්දයකට තරඟ කිරීම,
ඡන්දයක් දැමීම කරන්න බැරි වෙනවා.) වෙනත් රටක මේ හරහා relocate වීම, සහ අනෙකුත් රටවලට ඒ කියන්නෙ රටවල් 187කට යන්න පුළුවන්, රටවල් 26 shengan කලාප වල ජීවත් වීමටද හැකියාව තියනවා. සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය නොමිලේ ලැබෙනවා. මෙහෙම PR එක ගන්න නම් මාස හයකට වැඩි කාලයක් එක දිගටම මේ රටේ රැදිලා ඉන්න ඕන tax ගෙවන්න ඕන පලවෙනි අවුරුදු තුන ඇතුලතදි.
Traffic - අපි දැකපු traffic අඩුම රට, traffic cameras හරිම අඩුවෙන් තමයි තියනවා කියලා කිව්වෙත්.
Rent and bills - 3 bedroom house එකක් €1200 කටත් අඩුවෙන් city center එකෙත්, පිටතින් ඊටත් වඩා අඩුවෙන් ගන්න පුළුවන්. කෑම වලට මාසෙකට €200 වගෙ, share කරනවා නම් ඊටත් අඩුවෙන්. හුගක් අය සෙට්ල් වෙනකල් share කරනවලු ඒක තමයි හොදම සහ ලාබම කියලා කියන්නෙ.
Uber and private rental services - Drivers license මාරු කරගන්න ලේසිම European රට මේක. ඔන්ලයින් මාරු කරගන්න පුළුවන්. හුගක් අය ලේසියෙන්ම Uber join වෙලා ලොකු ගානක් හොයා ගන්නවා. අපිව Airport drop කරපු කෙනා Portugal ඇවිත් තියන්නේ මාස නවයකට කලින්, ඒත් පහුගිය October ඉදලා එයා එයාගෙම taxis register කරලා drivers පස් දෙනෙකුට ජොබ්ස් දීලා බිස්නස් එකක් පටන් අරන් තියනවා. අපිට හම්බ උන taxi drivers හැමෝම ඒ රටට ඇවිත්
අවුරුදු 1- 4 අතර අය, එයාලා Indians, Nepol, Gujarati, Brazil සහ Panjabi. හරිම ලේසියෙන් ඒ ජොබ් එක හදාගෙන තියන්නේ, සාමාන්‍ය ජොබ් එකක් කරනවට වඩා හුගක් වැඩි ගානක් එයාලා දවස ගානේ earn කරනවා කිව්වා.
Season- දැන්ම යන්න try කරන්න, ජොබ්ස් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් කාලෙ හැටියට කිව්වේ April to September, October ඉදලා March අග වෙනකල් off season නිසා.
Education - free
Medical - free
Settlement - Europe වල සෙට්ල් වෙන්න පහසුම රට
Family - ඔයාට ලේසියෙන්ම ගෙන්වා ගන්න පුළුවන්.
LGBT - same sex marriage allowed in 2010
Language - හුගක් අයට English පුළුවන්, විශේෂයෙන්ම තරුණ සහ මැදි වයස් අයට. රජයේ රැකියා කරන වයසක අය හුගක් අයට බැහැ කියලා තමයි කිව්වේ. අපි ගිය හැම තැනකම භාෂාව අපිට ප්‍රශ්නයක් උනේ නැහැ.
French මිනිස්සු අනිත් visitors ලට වඩා ටිකක් harsh/ ru*de කියලා තමයි හැමෝම වගෙ කිව්වෙ. ඒ රටේ අය කැමති නැහැ කිසිම දොරක් සද්දෙන් වහනවට, එයාලා කියන්නේ ඒක හරිම රූde කියලා. Portuguese අය හරිම friendly, language එක කථා කරත් නොකරත් හරිම hospitable.
Earnings - සාමාන්‍ය රැකියාවකින්, ඒ කියන්නෙ හොටෙල් එකක shop, farm එකක වගෙ වැඩ කරලා €1000 වගෙ හම්බ වෙනවා මාසෙකට. ඒත් ජීවන වියදම වඩාත් අඩු රටක් මේක.
Relocate- මෙහෙ citizenship එක PR එක අරන් EEA වෙනත් රටක ලේසියෙන්ම පදිංචියට හෝ රැකියාවන්ට යන්න පුළුවන්. අපිට කථා කරපු හුගක් අය කිව්වෙ එයාලා අනිත් Europe රටවලට drive කරලා වැඩ කරලා ලොකු මුදලක් හොයා ගන්නවා කියලයි.
Tips -
කථා කරපු හැමෝම කිව්වෙ අඩු මුදලකට උනත් මෙහෙ වැඩ කරලා Nationality change කරලා වෙන Europe country එකකට යන එක හරිම ලේසියි සහ ලාබයි කියන එකයි. වියදම් වෙන්නෙ visit/ Shengan visa එකකට විතරයි ඒ නිසා ඒ ගැන හිතලා බලන්න
යන්න කලින් අඩුම එක contact එකක් හරි හොයාගන්න, එතකොට ලේසියි. ජොබ් එකක් හොයාගෙන tax ගෙවන්න පටන් ගන්න මාසයක් හෝ උපරිම මාස දෙකක් ඇතුලත් පුළුවන් කියලා තමයි කියන්නෙ.
Drivers license අරන් තියාගන්න
තනියම යන්න ඉස්සෙල්ලම
කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් මේක
ජොබ්ස් වලට online apply කරන්න qualifications වල හැටියට, ඒ නැතත් related නැති ජොබ් එකක් කරත් පලවෙනි මාසෙ ඉදලම legally ඉන්න හදාගන්න පුළුවන් රටක් visit visa ගිහින්.
යන්න අදහස් කරපු දවසෙ ඉදන්ම language එක study කරන්න ගන්න, ඉදිරියෙදි ප්‍රයෝජනවත් වේවී
Family holiday එකක් නිසා පොඩ්ඩක් අමාරු උනා විස්තර හොයා ගන්න, ඒත් හරිම ලේසියෙන් අඩුම වියදමකින් settle වෙන්න පුළුවන් රටක්.
https://immigrantinvest.com/blog/portugal-permanent-residence-en/
Try කරන්න,
Good Luck
Asha Perera