අත්අඩංගුවට:BREAKING

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට සහ හිටපු දැව සංස්ථා සභාපතිට බරපතළ වැඩ සහිත දඬුවම්.



    රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

    ඒ අනුව විත්තිකාර මහනාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 65000 ක දඩයක් ද නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    ඊට අමතරව විත්තිකාර මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් වුණි.

    නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පියදාස දිසානායක මහතාට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 55000ක දඩයක් ද නියම කරනු ලැබුවේය.




    මාධ්‍යවේදියෙකුට පහරදුන් එජාප හිටපු ආසන සංවිධායකවරයෙකුගේ පුතෙකු අත්අඩංගුවට.

    1576739628_6397529_hirunews_Manjula-Perera.jpg


    මාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාවට කැලණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ.

    අද(19) දහවල් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මංජුල පෙරේරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
     
    • Like
    Reactions: sithija.h

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    අසදාරනය මුල් බැස සමාජයේ , යලි යුක්තිය ඉටු වෙනවා ..... මුන්ට දඬුවම් කරන්නේ නැතුව හුරතල් කරන්න කියන නම් එන්න එපා එක පකයෙක් වත්
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අසදාරනය මුල් බැස සමාජයේ , යලි යුක්තිය ඉටු වෙනවා ..... මුන්ට දඬුවම් කරන්නේ නැතුව හුරතල් කරන්න කියන නම් එන්න එපා එක පකයෙක් වත්
    මුන්ට දඬුවම් කරන්නේ නැතුව හුරතල් කරන්න:yes: