හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානීට සහ හිටපු දැව සංස්ථා සභාපතිට බරපතළ වැඩ සහිත දඬුවම්.
රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අවි.එච්. කුසුමදාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
ඒ අනුව විත්තිකාර මහනාම මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 65000 ක දඩයක් ද නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඊට අමතරව විත්තිකාර මහනාම විසින් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2 ක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් වුණි.
නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පියදාස දිසානායක මහතාට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 55000ක දඩයක් ද නියම කරනු ලැබුවේය.
මාධ්‍යවේදියෙකුට පහරදුන් එජාප හිටපු ආසන සංවිධායකවරයෙකුගේ පුතෙකු අත්අඩංගුවට.
මාධ්‍යවේදියෙකුට පහරදීමේ චෝදනාවට කැලණිය එක්සත් ජාතික පක්ෂ හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් මංජුල පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ.
අද(19) දහවල් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මංජුල පෙරේරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.