ඔය උන් පෙන්න ගෙදර කුරුසේ එන විදියට බිම් ගහලා නේද?සාමාන්යෙන් එහෙම හදන්නේ නැහැ![]()

ඔය උන් පෙන්න ගෙදර කුරුසේ එන විදියට බිම් ගහලා නේද?සාමාන්යෙන් එහෙම හදන්නේ නැහැ![]()
aa uba kiyanne + mark widihata ba kiyala thiyana waasthu magulada. biththi thamai ehema bari. kohomath polawe foundation and beam yanna epai tie wenna.

මටත් හරියටම සින් එක මතක නැහැ...
+ බිත්ති දින සින් එකක් නම් තියෙනවා තමා..
සමහර අය + බිම් එන්න ගහන්නේ නැහැ,පොඩි අගල් කාලක් පන්නවා![]()

මොකද කිව්වොත් කණු වලට සිරස් ලෝඩ් වලට අමතරව ඝූර්ණයකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඩිසයින් කරනකොට අපි ෆුටින් වලට ඝූර්ණය නොයවා සිරස් බර ප්‍රයිම් විදියට ඩිසයින් කරනවා.. එහෙම කරන්නේ ප්ලින්ත් බීම් එක ටයි බීම් එකක් විදියට කිරයාත්මක වෙන්න. හැබැයි ඒ ප්ලින්ත් බීම් එක යටම තට්ටුවෙ බිත්ති වලවත් ස්ලැබ් එකේවත් ලෝඩ් ගන්නේ නෑ. එයා ෆ්ලෙක්ෂරල් මෙම්බෙර් එකක් විදියට වැඩ කරන්නේ. ඉතින් තනි කම්බියක් මදි![]()

RePost බුවා;21311344 said:උබ කියන කතාව හරි හයි රයිස් බිල්ඩින් වලට නම්, හැබැයි footing අනිවා මොමෙන්ට් එකට ඩිසයින් කරනවා...
ගෙවල් හදන්න ඔය ඩිසයින් වැඩක් නැ බන්,
ඔක්කොම ඕවර් ඩිසයින්,,,,
RePost බුවා;21311350 said:අනික ඔය විදිහට වින්ඩ් ලෝඩ් වලටත් කල්කියුලේට් කලොත් මලාට වහලයක් ගහන්න, තට්ටු දෙකේ තුනේ ගේක බිත්ති බදින්න වෙන්නේ නැ......

PattaiRePost බුවා;21310168 said:මෙහෙමයි මචන්,
මුලින්ම ගෙදර ෆවුන්ඩේෂන් එක පොඩ්ඩක් බලා ගන්න.
ඒ කිවේ පොලවේ පස් වල ස්වභාවය අනුව, වතුර මට්ටමේ ස්වභාවය අනුව ෆවුන්ඩේෂන් ඩිසයින් කරන්න ඕනේ...
මම හිතනවා දැනට ඒ ටික උබ කරගෙන ඇති කියලා..
මේකේ විදි දෙකක් තියෙනවා,
1. ටයි බිම් දාන එක..
නමෙන්ම තේරෙනවනේ මේකෙන් කරන්නේ කෝලම් ටික අල්ලන් බිම් එකක් දාන එක,,
අගල් 9 x 9 තමා සාමාන්‍යයෙන් දාන්නේ,,,
10 කම්බි 4ක් දාල අගල් 9 න් 9ට සිරප් (ස්ටිරප්) බදින්න...
1:2:4 කොන්ක්‍රීට් කරන්න.
සාමාන්‍යයෙන් බස් කුලිය දික් අඩියකට 150 - 200 ක් විතර කියය...
මේකෙන් කරන්නේ ලෝඩ් එක, ඒ කියන්නේ බර රබල් වර්ක් එකට නොදී, කෝලම් වලට දීල, ෆුටින්ග් වලින් [පොලවට ට්‍රාන්ස්ෆෙර් කරන එක....
පොලව අව්ල් නම්, ටිකක් මහතාට කළු ගල් බැදලා නැත්නම් මේ ක්‍රමය හොදයි.
2. අනික තමා අගල් 6 පළල , 4 උස කොක්රිට් කරන එක,
වෙලාවකට බාස්ලා පොලව ලින්ටල් කියලත් කියනවා..
මේක කරන්නේ ගල් බදින්න ලෙවෙල් සර්ෆෙස් එකක් හදා ගන්න එක හා කළු ගල් බැම්මෙන් එන වතුර පාර ගල් බැම්මට උරණ එක නතර කරන එක විතරයි.
ලොඅඩ් ගන්න බැ...
මේක දාන්න අගල් 3 හෝ 3.5 උස ගඩොල් අරන් අගල් 6ක් පරතරේන් බැදලා මැද්දට 10 කම්බි 1 ක් හෝ 2ක් දාල කොන්ක්‍රීට් කරන්න.
තව දෙයක්, ස්කර්ටින් අගල් 3ක් එලිය බිත්තියේ පන්නන්නේ නැත්නම් එලිය බිත්ති වල එක පැත්තක ගඩොල් බැදලා, එලිය කෙලවරට ලෑල්ලක් හේත්තු කරලා කොන්ක්‍රීට් දාන්න..
හැම වෙලේම කොන්ක්‍රීට් එක උද ගඩොල් / බ්ලොක් ගල් බැදෙන විදිහට දාගන්න...
ගඩොල් දෙකම බදිනවා නම් දික් අඩියක් 100 - 120 , එක පැත්තක් බදිනවා නම් 60 - 90 ක් කියය...
ෆොටෝ දන් නම් නැ බන්., හෙමිට් දැන්නම්, මාත් ගේ හදනවා මේ දවස් වල....