ඇනේ ඉදන් ඔක්කොම 100%කින් වැඩි වෙලා තියෙන්නේ බන් පාලන මිල හැමදාම තියාගෙන ඉන්න බෑ වැඩිකරන්න වෙනවා කොහොමත්
පාලන මිලක් ඕන වෙන්නෙ ඇයි කියන එක ගැන අදහසක් නෑ වගේ..
මෙහෙමයි.. ප්‍රශ්නයක් තියෙනවා නෑ කියන්නෙ නෑ.. පාලන මිල ඉවත් කරන එක සාර්ථක ක්‍රමයක් ඉතා දියුනු රටවල. එතකොට මොකද වෙන්නෙ තරඟය නිසා ඉබේම මිල පාලනය කරන්න වෙනවා නිශ්පාදකයින්ට. නමුත් සිරි ලංකාවෙ එහෙම නිශ්පාදන වලට තරඟයක් නෑ. කිරිපිටි ඒකාදිකාරයක් තියෙන්නෙ. ගෑස් ඒකාදිකාරයක් සිමෙන්තිත් එහෙමයි.. මොනොපොලි බිස්නස් තියෙන ලංකාව වගේ රටකට පාලන මිලක් නැති කරාම නිශ්පාදකයො කියන කියන ගනන් වලට ගන්න වෙනවා. මොකද තරඟයක් නැති නිසා.
ලංකාව වගේ රටකට රජයක් විසින් මිල පාලනය කරන්න ඕන වෙන්නෙ ඔන්න ඔය හේතුව නිසා. මිල්කො වගේ දේශීය නිශ්පාදන කරන සමාගම් වලට හැකියාව තිබ්බොත් මුලු රටටම අවශ්‍ය කිරි දෙන්න මේක කිසිම ගැටලුවක් නෑ. නමුත් පාලකයො ( සියලුම දෙනා ජේ ආර් ගෙ ඉදන් රට පාලනය කරපු ) බහු ජාතික සමාගම් වල කොමිස් කුට්ටි වලට යට වෙලා දේශීය නිශ්පාදන සමාගම් වල කොඳු නාරටි කැඩුවට පස්සෙ සහ තියෙන තුනෙන් දෙකේ බලය රෝල් කරලා පුපේ ගහන් ඉන්න ආන්ඩුවකින් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.