අත් ඔරලෝසු ගැන දැනගමු...!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අත් ඔරලෝසු ගැන දැනගමු...!

    කාලෙකින් හොඳ ත්‍රෙඩ් එකක් දාන්න බැරිවුන නිසා හැමදෙනාම භාවිතා කරන දෙයක් ගැන නොදන්නා දේවල් කීපයක් මෙන්න....

    අත් ඔරලෝසු භාවිතා නොකරන අයෙක් සොයාගැනීමටවත් අපහසුය. නමුත් විවිධ වර්ගවල අත් ඔරලෝසු ගැන වැඩි දෙනෙකුට එතරම් දැනුමක් නැති නිසා මේ විවිධ වර්ගවල ඇති වාසි හා අවාසි ගැන කතා කරමු.

    1. Quartz අත් ඔරලෝසු - ඔරලෝසු මුහුනත් වල Quartz යන වචනය තිබෙනු ඔබ අනන්තවත් දැක ඇති.

    quartzclock.jpg


    මෙම වර්ගය ලොව වඩාත් භාවිතා වන ඔරලෝසු වර්ගය වන අතර මෙහි ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ
    Quartz නම් ඛනිජය මතය.

    quartz.jpg


    Quartz

    Quartz සෑදී ඇත්තේ සිලිකන් ඩයොක්සයිඩ් වලිනි. තෙරපුමකට ලක් කළ විට කුඩා විදුලි ධාරාවක් ජනනය වන අතර මෙහි විලෝමයද සත්‍ය වේ. එනම් Quartz හරහා කුඩා විදුලි ධාරාවක් යැවූ විට එය ස්ඵන්දනය වේ.

    Quartz ඔරලෝසුවක කුඩා Quartz කැබැල්ලක් පවතින අතර මෙය හරහා කුඩා විදුලි ධාරාවක් යැවූ විට එය හරියටම තත්පරයට 32768 වතාවක් කම්පනය වේ.

    මයික්‍රොචිපයක් සහිත පරිපථයකින් මෙම කම්පන මනින අතර එය තත්පරයට එක බැගින් වන විද්‍යුත් ස්ඵන්දන බවට පත් කෙරේ. මෙම විද්‍යුත් ස්ඵන්දන වලින් විද්‍යුත් මෝටරයක් සහිත ලීවර පද්ධ්‍රතියක් ක්‍රියාත්මක වීමෙන් ඔරලෝසු කටු "වැඩ කරයි". නැතහොත් LED වර්ගයේ ඔරලෝසුවක නම් කාලය LED තිරයක දර්ශණය වේ.

    කුමන ආකාරයකින් හෝ මෙහිදී ඔරලෝසුවේ නිරවද්‍යතාවය
    Quartz ස්ඵටිකය මත රඳා පවතී.

    insidequartzwatch.jpg


    Quartz රඳවා ඇත්තේ මෙහි අංක 5 කොටසේය.

    වාසි
    * ඉතාම මිල අඩු අතර බහුලව දක්නට ඇත.
    * අතිශයින් නිවැරදිය. මිල අඩුම එකක් පවා දිනකට +/- 0.5 sec පමණ නිරවද්‍යතාවයක් රඳවා ගනී.
    * ක්‍රියාකාරී කොටස මිල අඩු නිසා වැඩි අවධානයක් බාහිර පෙනුමට යොමු කළ හැක. එනම් පෙනුමෙන් ඉහළ අත් ඔරලෝසුවක් පවා අඩු මිලට ගත හැක.
    * ඉහළ තරඟකාරීත්වයකින් ලබා ගත හැක.
    * බර අඩුය. ඝනකම අඩුය.

    අවාසි
    * සමස්ථ ආයුකාලය යාන්ත්‍රික ඔරලෝසුවකට වඩා අඩුය.
    * බැටරි දැමීමට නිතර විවෘත කරන නිසා water resistance හැකියාව ඉක්මනින් නැති වේ.
    * ජල වාශ්ප, උෂ්ණත්වය ආදියට එතරම් ඔරොත්තු නොදේ.
    * විදුලි ස්ඵන්දන වලින් විනාශ විය හැක.
    * බැටරි වලින් රසායන ද්‍රව්‍ය කාන්දු වීමෙන් හානි විය හැක.
    * බොහෝ සමාගම් පිටත කොටස පමණක් සාදා "චීනයෙන් ලාබෙට ගන්නා" ක්‍රියාකාරී කොටස සවි කර මේවා සාදයි. මෙවැනි ඔරලෝසු මිල අඩු වුවද තත්වයෙන් බාලය. මේවාට හසු නොවීම සඳහා අමතර අවධානයකින් ඔරලෝසු තෝරා ගැනීමට සිදුවේ.
    * මේවා සාදන සමාගම් සාමාන්‍යයෙන් බොහෝ කාලයක් භාවිතා කළ හැකි ආකාරයට මේවා සකස් කරන්නේ නැත. මේ නිසා ශක්තිමත් බවට වඩා සැහැල්ලු බව දක්නට ඇත.
    * හරිනම් බැටරි දැමීමට විවෘත කරන සෑම අවස්ථාවකදීම
    water resistance සඳහා පරීක්ෂා කළ යුතුය (අපේ රටේ මෙසේ සිදු නොවේ).

    සැ.යු. - තත්වයෙන් ඉහළම quartz ඔරලෝසු සාදන්නේ ස්විස් ආයතන වලින් බව බොහෝ දෙනා පිළිගනිති. නමුත් මේවා ඉතා මිල අධිකය. ජපන් ආයතන වලින් සාදන ඔරලෝසු බහුල තෝරාගැනීම බවට පත්වී ඇත.

    2. යාන්ත්‍රික අත් ඔරලෝසු - දැනට යාන්ත්‍රික අත් ඔරලෝසු වලින් භාවිතයේ ඇත්තේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන Automatic self-winding mechanical ඔරලෝසු පමණි.

    Cimier-Bigmatic-16-watch-2.jpg


    තරුණ පරපුර අතර ජනප්‍රිය නොවූවත් තවමත් බොහෝ දෙනා මේවා භාවිතා කරන්නේ මෙහි වාසි ගණනාවක් ඇති නිසාය.

    වසර 250ක පමණ ඉතිහාසයක් ඇති ස්වයංක්‍රීය ඔරලෝසු වල තාක්ෂණය වසර 50 ක පමණ කාලයකදී එතරම් වෙනස් වී නැත.

    මේවායේ බරැති අර්ධ වෘත්තාකාර කොටසක් ඇති අතර පළඳින්නාගේ අතේ චලිතය සමඟ ඉහත අර්ධ වෘත්තාකාර කොටස එහාට මෙහාට චලනය වන අතර මෙම චාලක ශක්තිය දුන්නක ගබඩා වේ.

    q280b.jpg


    මින් ඔරලෝසුව ක්‍රියාත්මක වේ.

    වාසි
    * ඉතා ඉහල ආයු කාලය - වසර 200-300 පමණ පැරණි තවමත් හොඳින් ක්‍රියා කරන යාන්ත්‍රික ඔරලෝසු ලොව ඇති අතර අත් ඔරලෝසුවක් වුවද මිනිස් ආයු කාලය ඉක්මවයි.
    * විවෘත කිරීමේ අවශ්‍යතා අඩු/නැති වීම - විවෘත කිරීමට අවශ්‍ය වන්නේ service කිරීමකට පමණි. නමුත්
    service නොකළද වසර 20-30 කල් හොඳින් ක්‍රියා කිරීමේ හැකියාව නවීන ස්වයංක්‍රීය ඔරලෝසු වලට ඇත.
    *
    water resistance ස්වභාවය බොහෝ කල් පවතී.
    * ජල වාශ්ප, උෂ්ණත්වය, රසායන ද්‍රව්‍ය වලින් බලපෑමක් නැත.
    * යාන්ත්‍රික කොටස් සාදන සමාගම් ඇත්තේ කීපයක් පමණි. තෝරා ගැනීම පහසුය.
    * තත්වයෙන් බාල චීන යාන්ත්‍රික කොටස්ද ඇති නමුත් මේවා ඉතා පහසුවෙන් සොයා ගත හැකි නිසා වංචාවන් වලට හසු වීම අඩුය.
    * වඩාත්ම පරිසර හිතකාමී වර්ගයයි.
    * ඉතා ශක්තිමත්ව නිමවා ඇත. මේවා සාදන සමාගම් සාමාන්‍යයෙන් බොහෝ කාලයක් භාවිතා කළ හැකි ආකාරයට මේවා සකස් කරන නිසා සැහැල්ලු බවට වඩා ශක්තිමත් බව දක්නට ඇත.
    * "පරිපූර්ණ තාක්ෂණය" - මෙහි භාවිතා කරන තාක්ෂණයට තවදුරටත් යාමට දුරක් නැතැයි කියවේ.
    * මානසික බැඳීම - තමන්ගේ ක්‍රියාකාරීත්වයෙන්ම ශක්තිය උකහා ගන්නා නිසාත් ජීවිත කාලයක් භාවිතා කරන නිසාත් යාන්ත්‍රික ඔරලෝසු වලට ඇති මානසික බැඳීම වැඩි බව කියවේ. සමීපතමයෙකුට තෑග්ගක් දීමට වැනි දෙයකට උචිත වේ. යාන්ත්‍රික ඔරලෝසු පරම්පරාවෙන් පරම්පරාවට යන බව සමහර විට ඔබ අසා ඇති.

    අවාසි

    * බර වැඩිය, ඝනකම වැඩිය.
    * නිරවද්‍යතාවය අඩුය. ඉතාම ඉහළ මට්ටමේ එකක් වුවද දිනකට තත්පර 2ක් පමණ වෙනසක් පෙන්විය හැක. සාමාන්‍ය Automatic watch එකක් +/- 15-20s per day නිරවද්‍යතාවයක් පෙන්වයි.
    * මිලෙන් වැඩිය.
    * දිනපතා වයින් කිරීමේ/භාවිතා කිරීමේ කරදරය - මෙම වර්ගයේ සාමාන්‍ය මට්ටමේ ඔරලෝසුවකට පැය 40 ක පමණ ධාරිතාවයක් රඳවා ගත හැක. මේ නිසා නිතරම අතේ පැළඳ සිටින අයට වඩා ගැලපෙන අතර එසේ නොකරන්නේ නම් අතින් වයින් කිරීම හෝ (එම හැකියාව නැති නම්) වෘත්තාකාර චලිතයකින් වයින් කිරීම සිදු කළ යුතුය.
    * සර්විස් කිරීම - යාන්ත්‍රික ඔරලෝසුවක් විවෘත කර සර්විස් කිරීම එන්ජිමක් overhaul කිරීමට සමාන වේ. එනම් සියළු කොටස් ගලවා පරීක්ෂා කර lubricant යොදා සවි කළ යුතුය. මෙයට යන වියදමද වැඩි අතර පළපුරුදු කාර්මිකයෙකු අවශ්‍ය වේ. මේ නිසා තමන්ගේ ඔරලෝසුවේ දෝෂයක් නැත්නම් කිසිවිටකත් විවෘත නොකිරීම සුදුසුය.

    සැ.යු. - තත්වයෙන් ඉහළම automatic ඔරලෝසු සාදන්නේ ස්විස් ආයතන වලින් බව බොහෝ දෙනා පිළිගනිති. නමුත් මේවා ඉතා මිල අධිකය. ජපන් ආයතන වලින් සාදන ඔරලෝසු බහුල තෝරාගැනීම බවට පත්වී ඇත.

    තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු - යාන්ත්‍රික ඔරලෝසු යනු අතිශය සියුම් නිර්මාණයකි. වඩාත්ම වැදගත් වන්නේ මෙහි යාන්ත්‍රික කොටස නිශ්පාදනය කරන ස්ථානයේදීම එයට lubricants යොදා ඔරලෝසු සැකිල්ලට සවි කර සුසර කර ගැනීමයි.


    In-house drive සංකල්පය - In-house drive යනුවෙන් අදහස් කරන්නේ යාන්ත්‍රික කොටස නිශ්පාදනය කරන ආයතනයම ඔරලෝසු සැකිල්ලද සෑදීමයි.
    In-house නොවන ඔරලෝසු නිශ්පාදනයේදී යාන්ත්‍රික කොටස වෙනත් ආයතනයකින් ආනයනය කොට ඔරලෝසු සැකිල්ලට පසුව අමුණා ගැනේ. මේවා තත්වයෙන් In-house වර්ගයට දෙවන වේ.

    මේ නිසා හැමවිටම In-house drive සහිත ඔරලෝසු වර්ගයක් තෝරා ගැනීමට සැළකිලිමත් වන්න. උදා - සමහර Seiko ඔරලෝසු සිංගප්පූරුවේදී සකස් කරන අතර එම සමාගමටම අයත් Orient සමාගම 100% ක් ජපානයේදීම ඔරලෝසු සකස් කරයි. (මෙය එකම කර්මාන්තශාලාවකදී සිදු වේ) මේ නිසා සිංගප්පූරු Seiko මිලට ගැනීමට වඩා Orient ගැනීම සුදුසුය.


    Jewels සංකල්පය - ඔරලෝසුවක මුහුනතේ 17 Jewels, 21 Jewels ආදී වශයෙන් සඳහන් කර ඇත්තේ එයට යොදා ඇති synthetic rubies ගණනයි. ගෙවීමේ හැකියාව වැඩි ස්ථාන වලට synthetic rubies යොදන අතර මින් ගෙවීම් වලින් වන හානිය අවම වේ.
    හොඳ අත් ඔරලෝසුවක Jewels 17-23 අතර ප්‍රමාණයක් තිබිය යුතුය.

    සැ.යු. - මේවායේ දිනය හා දවස (Day and Date) වෙනස් වන්නේ රාත්‍රී 11.00PM -1.00 AM ත් අතර කාලයේදීය. මෙම කාලයේදී වේලාව වෙනස් කිරීම නොකළ යුතුය.
    ඔබට manual wind කිරීම අවශ්‍ය නම් ඔරලෝසු මුහුනත පොළවට හරවා ඔරලෝසුව පොළවට සමාන්තරව තබා වෘත්තාකාරව අතින් කරකවන්න. (බොහෝ දෙනා කරන්නේ එහාට මෙහාට තදින් චලනය කිරීමයි. මෙය වැරදිය.)


    මේවායේ මිල ගණන් - ජපන් ආයතන වලින් Seiko ආයතනය මෙම වර්ගය සඳහා වඩා ප්‍රකටය. ජපානයේම එකලස් කළ Seiko Automatic එකක් Rs. 12000 -15000 පමණ වන අතර Orient වර්ගයේ එකක් Rs. 8000 - 9000 කට පමණ මිල වේ. Citizen සමාගම Automatic වර්ගය බොහෝ දුරට අත්හැර දමා ඇති අතර Rs. 7000 පමණ අඩු මිලකට ලබා ගත හැක.

    යාන්ත්‍රික වර්ගය ගැන බොහෝ දෙනාගේ දැනුම අඩු නිසා ඒ ගැන FAQ සහිත වෙබ් පිටුවක් - http://people.timezone.com/library/wwatchfaq/wwatchfaq631668591017665598
    යාන්ත්‍රික වර්ගය භාවිතා කරන්නන්ට එහි කාලය/දවස/දිනය සකස් කරගන්නා ආකාරය ගැන උපදෙස් කිහිපයක් -
    http://forums.timezone.com/index.php?t=tree&goto=2191&rid=2


    3. Eco-drive වර්ගය - මෙය ගැන කෙටියෙන් හඳුන්වන්නේ නම් මෙයද quartz වර්ගයක් වන අතර නැවත ආරෝපණය කළ හැකි ලිතියම් පොලිමර් බැටරියක් යොදා ඇත.

    සූර්යාලෝකයෙන් ආරෝපණය වේ. සූර්ය කෝෂ ඔරලෝසු මුහුනතේම පිහිටා ඇත (බැලූ බැල්මට නොපෙනේ).


    ap1042-03a_01.jpg



    Citizen ආයතනය මෙම වර්ගයෙන් ලොව පුරා නමක් දිනා ඇත.

    මෙහි ප්‍රධාන වාසිය නම් බැටරියේ දිගු ආයු කාලයයි. වසර 30 ක් පමණ ආයු කාලයක් තිබෙන බව ආයතනයෙන් ප්‍රකාශ කර ඇතත් අතර මෙය එතරම් පිළිගත නොහැක්කේ ආයුකාලය භාවිතය, පරිසර තත්ව සමඟ සම්බන්ධ වන නිසාය.

    කෙසේ වෙතත් විවෘත කිරීමට එතරම අවශ්‍ය නොවනු ඇත. මෙම වර්ගය ඉතා මිල අධික නමුත් ඉදිරියේදී මිල අඩු වනු ඇත.


    මෙය කොහෙන්වත් ගල් කල ලිපියක් නොවේ. ප්‍රයෝජනවත් උනා නම් comment එකක් දාලා යන්න. :)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදාම වගේ වැදගත්, හරබර සහ රසබර......
    බොහෝ පින්.......

    කොහොමත් ඔරලෝසුවකට තියෙන්නේ යම් බැදීමක්.......
    කොච්චර ඔරලෝසු හමුබ වුණත් මම තවම භාවිතා කරන්නේ “ඇය“ දීපු එක......
    ඒ වගේ දේවල් ඔරලෝසු හා හරි සම්බන්ධයි.......