අත් බෙහෙත් හා කෙම් ක්‍රම
අතීතයේ පටන් අද දක්වා අප අතර භාවිතා වන අත් බෙහෙත් හා කෙම් ක්‍රම භාවිතය අප රටට පමණක් සීමා වූවාක් නොව ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ආසියාතික රටවල් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය එංගලන්තය වැනි බටහිර රටවලට ද ඔවුන්ට ආවේණික දේශීය ප්‍රතිකාර භාවිතා කරති.
යම් රෝගයක් වැළදුණු විට වෛද්‍ය උපදෙස් පැතීම අපගේ සාමාන්‍ය පුරුද්දකි. එහෙත් රෝග ලක්ෂණ දැනුන විට එය වැඩි දියුණු වීමට පෙර අත් බෙහෙත්වලින් රෝග පාලනයවීමත් බොහෝ විට එයින්ම රෝගය සුවවීමද දක්නට ලැබේ. එම හේතුවෙන් මුදල් ඉතිරිකර ගැනීමටත් කාලය ඉතිරිකර ගැනීමටත් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ගන්නා බැවින් අතුරු ආබාධ ඇති නොවීමෙනුත් වාසි අත්වෙන සේම රෝගයේ මුල් අවස්ථාවේදීම සුළු ප්‍රතිකාරයක් මගින් සුවය ලබාගත හැකිවන අතර රෝගය වැඩිදියුණු වීමද වළක්වා ගත හැකිය.
ජාතික මට්ටමෙන් වූවද සෞඛ්‍ය සේවය වෙනුවෙන් රජයට වැයවෙන මුදලින් සෑහෙන ප්‍රමාණයක් අඩුකර ගත හැකිවෙනවා මෙන්ම ඖෂධ ආනයනයට පිටරටට ඇදී යන විදේශ විනිමය අඩුකර ගත හැකිවාත් මෙන්ම රෝහල් තදබදය ද අවම කෙරේ.
අත් බෙහෙත් පාවිච්චි කිරීම මූළික ක්‍රම දෙකකට කළ හැක.
1. අභ්‍යන්තර වශයෙන්
2. බාහිරව ආලේප ලෙස
අභ්‍යන්තර - කෂාය, ඉස්ම, යුෂ සහ තැම්බුම් ලෙස මුඛයෙන් ගන්නා බෙහෙත්ය.
බාහිර - පත්තු, මැල්ලූම්, තැවිලි, පොට්ටනි තෙල් ආලේප වැනි බාහාරව යෙදීමය.
අභ්‍යන්තර වශයෙන් යුෂ හෙවත් ස්වරස පානයට සකස් කරගන්නේ බොහෝ විට ශාඛවල දළු, කොල, පොතු, ගෙඩිවලින්ය. ඉගුරු හා කහ වැනි දේවලින් අල යුෂ ලබාගනී. පිරිසුදු ස්ථානයකින් එවෙලේම නෙළාගත් දලූ, කොළ හෝ මල් ආදී පංචාංගයම සෝදා වංගෙඩියක හෝ පිරිසුදු පොල්කටුවකට දමා කොටා පිරිසුදු තුනී රෙදි කඩකින් පෙරා බීමට දෙයි. යුෂ ගැනීම අපහසු වූ විට උණුවතුර ටිකක් දමා යුෂ ගන්නා අවස්ථාද ඇත. කොටා වන්ඩුවේ තම්බා මිරිකා යුෂ ගැනීම බොහෝවිට කරනුයේ විෂබීජ නසාලන අදහසින්ය. තවද යකඩයක් රත්කර එම රත්වූ යකඩය ඖෂධ යුෂට දමා රත්කර බොන අවස්ථාද අප පාරම්පරික අත්බේත් සෑදීමේදී භාවිත කරන විෂබීජ නාශක ක්රමයන්ය. තම්බා පෙරා බීමද, කැඳ වශයෙන් සකස්කර බීමද, කෝපිමෙන් කුඩුකර වක්කර බීමද අවස්ථානුකූලව සිදුකරයි.
බාහිරව යෙදීමේදී ඖෂධ වර්ග අඹරා ස්ථානිකව ආලේප කිරීම, ඖෂධ කොටා පොට්ටනි බැද වන්ඩුවේ තම්බා තැවීම කොළ පොතු කොටා මළවා බැදීම ආදිය කරනු ලබයි. එසේම දුම් ඇල්ලීමද සිදුකරනු ලබයි. විශේෂයෙන් අත්බේත් සැකසීමේදී ඖෂධ සඳහා නියමිත පැළෑටියම හඳුනාගෙන භාවිතා කිරීම වැදගත්ය. අධික ජනයා වෙසෙන තැන්වල, මහාමාර්ග අසල, සොහොන් පිටිවල හටගත් ඖෂධ ශාඛ බෙහෙත් පිණිස නොගත යුතුය. එසේම මේවා අඹරා සකස්කර ගන්නා භාජනය ද හොදින් සෝදා ජිවානුහරණය කරගැනීම මෙන්ම දෑත්ද පිරිසුදුව තබාගත ඖෂධ සැකසිය යුතුය. වඩාත්ම වැදගත් වන්නේ සුළු ආබාධයකදී මිස බරපතළ රෝග අවස්ථාවලදී අත්බේත් කර කර නිවසේ සිටීම කිසිවිටකත් නොකළ යුතුය. වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. ඒ වගේම අත්බේත් කොතරම් ගුණදායකවූවත් නොකඩවා දිගුකලක් පාවිච්චිකිරීම ද නොකළ යුතුය. ඇසට හා කනට අත්බේත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුසේම ඊට පසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.
ඉතින් අපි ඒකිනෙකා දන්න දේවල් හා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ලෙසින් කටින් කට පැවත ඒන අත් බෙහෙත් කෙම් ක්‍රම ඒකි නෙකාගේ දැන ගැනිම පිණිස සඳහන් කල හැකිනම් කාටත් ප්‍රයොජනවත් වේවි.

) කෝප්ප එකකට වතුර කෝප්ප තුනක් දාලා, හොඳට බීටර් එකෙන් බීට් කරල ඒකට රතූළූණු, අමු මිරිස් කරල් දෙකක ඇට අයින් කරල කෑලි පොඩියට කපල දාලා, ඉඟුරු ඉස්ම තේ හැන්දක් විතර දාල, ඕනෑම නම් දෙහි පොඩ්ඩක් දාල (අත්‍යාවශ්‍ය නෑ) රෑට වහල තියල පහුවදා උදේට හිස් බඩ බොන්න.