අත් බෙහෙත් හා කෙම් ක්‍රම

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    අත් බෙහෙත් හා කෙම් ක්‍රම

    අතීතයේ පටන් අද දක්වා අප අතර භාවිතා වන අත් බෙහෙත් හා කෙම් ක්‍රම භාවිතය අප රටට පමණක් සීමා වූවාක් නොව ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ආසියාතික රටවල් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය එංගලන්තය වැනි බටහිර රටවලට ද ඔවුන්ට ආවේණික දේශීය ප‍්‍රතිකාර භාවිතා කරති.

    යම් රෝගයක් වැළදුණු විට වෛද්‍ය උපදෙස් පැතීම අපගේ සාමාන්‍ය පුරුද්දකි. එහෙත් රෝග ලක්‍ෂණ දැනුන විට එය වැඩි දියුණු වීමට පෙර අත් බෙහෙත්වලින් රෝග පාලනයවීමත් බොහෝ විට එයින්ම රෝගය සුවවීමද දක්නට ලැබේ. එම හේතුවෙන් මුදල් ඉතිරිකර ගැනීමටත් කාලය ඉතිරිකර ගැනීමටත් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ගන්නා බැවින් අතුරු ආබාධ ඇති නොවීමෙනුත් වාසි අත්වෙන සේම රෝගයේ මුල් අවස්ථාවේදීම සුළු ප‍්‍රතිකාරයක් මගින් සුවය ලබාගත හැකිවන අතර රෝගය වැඩිදියුණු වීමද වළක්වා ගත හැකිය.

    ජාතික මට්ටමෙන් වූවද සෞඛ්‍ය සේවය වෙනුවෙන් රජයට වැයවෙන මුදලින් සෑහෙන ප‍්‍රමාණයක් අඩුකර ගත හැකිවෙනවා මෙන්ම ඖෂධ ආනයනයට පිටරටට ඇදී යන විදේශ විනිමය අඩුකර ගත හැකිවාත් මෙන්ම රෝහල් තදබදය ද අවම කෙරේ.

    අත් බෙහෙත් පාවිච්චි කිරීම මූළික ක‍්‍රම දෙකකට කළ හැක.
    1. අභ්‍යන්තර වශයෙන්
    2. බාහිරව ආලේප ලෙස


    අභ්‍යන්තර - කෂාය, ඉස්ම, යුෂ සහ තැම්බුම් ලෙස මුඛයෙන් ගන්නා බෙහෙත්ය.
    බාහිර - පත්තු, මැල්ලූම්, තැවිලි, පොට්ටනි තෙල් ආලේප වැනි බාහාරව යෙදීමය.


    අභ්‍යන්තර වශයෙන් යුෂ හෙවත් ස්වරස පානයට සකස් කරගන්නේ බොහෝ විට ශාඛවල දළු, කොල, පොතු, ගෙඩිවලින්ය. ඉගුරු හා කහ වැනි දේවලින් අල යුෂ ලබාගනී. පිරිසුදු ස්ථානයකින් එවෙලේම නෙළාගත් දලූ, කොළ හෝ මල් ආදී පංචාංගයම සෝදා වංගෙඩියක හෝ පිරිසුදු පොල්කටුවකට දමා කොටා පිරිසුදු තුනී රෙදි කඩකින් පෙරා බීමට දෙයි. යුෂ ගැනීම අපහසු වූ විට උණුවතුර ටිකක් දමා යුෂ ගන්නා අවස්ථාද ඇත. කොටා වන්ඩුවේ තම්බා මිරිකා යුෂ ගැනීම බොහෝවිට කරනුයේ විෂබීජ නසාලන අදහසින්ය. තවද යකඩයක් රත්කර එම රත්වූ යකඩය ඖෂධ යුෂට දමා රත්කර බොන අවස්ථාද අප පාරම්පරික අත්බේත් සෑදීමේදී භාවිත කරන විෂබීජ නාශක ක‍්‍රමයන්ය. තම්බා පෙරා බීමද, කැඳ වශයෙන් සකස්කර බීමද, කෝපිමෙන් කුඩුකර වක්කර බීමද අවස්ථානුකූලව සිදුකරයි.

    බාහිරව යෙදීමේදී ඖෂධ වර්ග අඹරා ස්ථානිකව ආලේප කිරීම, ඖෂධ කොටා පොට්ටනි බැද වන්ඩුවේ තම්බා තැවීම කොළ පොතු කොටා මළවා බැදීම ආදිය කරනු ලබයි. එසේම දුම් ඇල්ලීමද සිදුකරනු ලබයි. විශේෂයෙන් අත්බේත් සැකසීමේදී ඖෂධ සඳහා නියමිත පැළෑටියම හඳුනාගෙන භාවිතා කිරීම වැදගත්ය. අධික ජනයා වෙසෙන තැන්වල, මහාමාර්ග අසල, සොහොන් පිටිවල හටගත් ඖෂධ ශාඛ බෙහෙත් පිණිස නොගත යුතුය. එසේම මේවා අඹරා සකස්කර ගන්නා භාජනය ද හොදින් සෝදා ජිවානුහරණය කරගැනීම මෙන්ම දෑත්ද පිරිසුදුව තබාගත ඖෂධ සැකසිය යුතුය. වඩාත්ම වැදගත් වන්නේ සුළු ආබාධයකදී මිස බරපතළ රෝග අවස්ථාවලදී අත්බේත් කර කර නිවසේ සිටීම කිසිවිටකත් නොකළ යුතුය. වහා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. ඒ වගේම අත්බේත් කොතරම් ගුණදායකවූවත් නොකඩවා දිගුකලක් පාවිච්චිකිරීම ද නොකළ යුතුය. ඇසට හා කනට අත්බේත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුසේම ඊට පසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.


    ඉතින් අපි ඒකිනෙකා දන්න දේවල් හා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ලෙසින් කටින් කට පැවත ඒන අත් බෙහෙත් කෙම් ක්‍රම ඒකි නෙකාගේ දැන ගැනිම පිණිස සඳහන් කල හැකිනම් කාටත් ප්‍රයොජනවත් වේවි.
     
    • Like
    Reactions: farcry919

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස උණ


    1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට

    අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.

    2. සෙම්ප්‍රතිශ්‍යා උණට

    අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ)​

    3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට

    තිප්පිලි කළං 1 යි, අමු ඉගුරු කළං 2යි, බැදපු කොත්තමල්ලි කළං 3 යි, වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න.​

    4. සෙම සහිත කැස්සට

    අමු ඉගුරු,කටුවැල්,බටු තිප්පිලි,සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න.​


    5. පපුවේ සෙමට


    සරිතේක්කු,අමු ඉගුරු,කළං 6 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා පත 1/2 බැගින් සූකිරි අනුපානය කොට උදේ සවස වඩි 4 ක් බොන්න.

    6. ප‍්‍රතිශ්‍යාව සමග අතපය සන්ධි වේදනාව පවතීනම්

    I. වෙනිවැල්ගැට, හීං අරන්ත, ඉගුරු කොත්තමලිල් කටුවැල්බටු තම්බා සීනි දමා බොන්න.

    II. දේවදාර, ඉගුරු කොත්තමල්ලි, කටුවැල්බටු එළබටු මුල් තම්බා සීනිදමා බොන්න.​


    7. සෙම් ගෙඬිවලට

    I - නිල් කටරොල් මුල්,මුරුංගා පොතු සිවිය,නිකමුල් සමව ගෙන තම්බා මී පැණි දමා උදේ සවස බොන්න.

    II - මුරුංගා මුල්,ඇඹුල් දොඬම් යුෂින් ගලගා හක්කේ තියා සෙම අරින්න.

    III - ගම්මිරිස් කුඬු,දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න. (සෙම්ගෙඬි නිතර සෑදේ නම් හොඳ නැත.භයානක රෝග ඇතිවිය හැකි බැවින් වෛද්‍යවරයෙකු හමුවන්න.​

    8. කල්ගිය සෙම්ප්‍රතිශ්‍යාවට

    රසකිඳ,කටුවැල් බටු,අමු ඉගුරු,කලාඳුරු අල,සුවඳ කොට්ටං කළං 2 යි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් වඩි 4 ක් පමණ බොන්න.

    9. කැස්සට

    I - කටුවැල් බටු මුල්,පොල්පලා මුල්,එළබටු මුල් රසකිඳ කළං 2 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ වී පොරි කළං 4 ක් දමා එකට සිඳ උදේ සවස පත 1/2 බැගින් මී පැණි දමා බොන්න.

    II - වැල් මී,මුද්දරප්පලම්,තල් සූකිරි සමව ගෙන තම්බා ටික ටික බොන්න.​

    10. වේලුම් කැස්සට

    ආඞතෝඬා මුල්,රසකිඳ,කටුවැල් බටු කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.​

    11. ප‍්‍රතිශ්‍යා කැස්සට

    i. පාවාට්ටා කොළ, දලූ, මල්, පොතු සහ මුල් කටුවැල්බටු වැල්මී, ඉගුරු තම්බා බොන්න.

    ii. පාවට්ටා දලූ අමු ඉගුරු කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් ඉස්මට ඇඹුල්දොඩම්, සීනි, මීපැණි දමා වරකට තේහැඳි 1x2 බැගින් ටික ටික දිව ගා ගිලින්න.

    iii. ඇඹුල් දොඩම් ඉස්ම අමු ඉගුරු ඉස්ම මීපැණි මිශ‍්‍රකර ටික ටික දිව ගා ගිලින්න​

    12. උගුර බැරැණ්ඩියට

    i. වැල්මී කැබැල්ලක් සහ යුෂ ගිලින්න.
    ii. අරලූ සූකිරි මිශ‍්‍රකර යුෂ ගිලින්න
    iii. .මද උණුසුම් වතුරට ලූණුකැට කීපයක් දමා දියකර වරින්වර උගුර සෝදන්න. වේගයෙන් කාරාදැමීම සුදුසු නොවේ.
    iv. ඇඹුල් දොඩම් ඉස්ම, අමු ඉගුරු ඉස්ම මීපැණි, තල සූකිරි මිශ‍්‍රකර ටික ටික දිව ගා ගිලින්න.​

    13. පීනසයට

    අසමෝදගම්,තිප්පිලි,බෙලිමුල්,සිද්ධි ගුරු,බැදපු කොත්තමල්ලි,කුරුඳු පොතු කළං දෙක බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සීනි දමා උදේ සවස පත 1/2 බැගින් බොන්න. (වඩි 4 ක් 5 ක් බොන්න.)​

    14. ඇදුමට

    I - කටුවැල් බටු,සිද්ධි ගුරු,නෙඵම් ඳඩු,කර්කටගසිංගි,කලාඳුරු අල,රසකිඳ කළං 2 බැගින්ගෙන වතුර පත 8-1 සිඳ පත 1/2 බැගින් සීනි අනුපානය කොට උදේ සවස බොන්න. (වඩි 4 ක් 5 ක් )

    II - පොල්පලා අස්වැන්න,කටුවැල්බටු,එඩරුමුල්,මිදි මුල්,බෙලි මුල්,ඇත් දෙමට මුල්.තොටිල්ල මුල්,එළබටු මුල්,පළොල් මුල් කළං 1 යි. මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-4 සිඳ වීපොරි කළං 12 ක් දමා පත දෙකට සිඳ තිප්පිලි කුඩු දමා උදේ සවස පත බැගින් වඩි 4 ක් පමණ බොන්න.​


    15. සිරුරේ දැවිල්ල සමග පිපාසය සහිත උණට

    i. රසකිඳ, පත්පාඩගම්, කොත්තමල්ලි තම්බා සීනි දමා බොන්න.

    මෙම බෙහෙත් උණුසුම්ව දවසට තුන් හතරවතාවක් බී ඇඳ විවේක ගැනීමෙන් හා දිරවීමට පහසු සැහැල්ලූ ආහාර ගැනීමෙන්, පැඟිරි කොලවර්ග තම්බා දුම් ඇල්ලීමෙන්ද, ඒවා පලතුරු යුෂවීමෙන්ද අතුරු උපද්‍රව වලින් තොරව විශේෂයෙන් කැස්සෙන් පීඩා ඇති නොවී ප‍්‍රතිශ්‍යා උණ සුවවේ.​
     
    Last edited:

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    බඩේ දැවිල්ලට Gastritis
    කොහිල අල, පොල් එකට අබරලා යුෂ බිපුවම අඩුවෙනවා.
     

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    මුඛය ආශ්‍රිත රෝගාබාධ
    16. කට ගඳ නැතිවීමට​
    ගස් කරල් හැබෝ පැළෑටි පුඵස්සාගත් අඵ,අඹකොළ ඉස්මට දමා අව්වේ කකාරා වේලා රැගෙන බුලත් සමග උදේ සවස කන්න. මනා සුවඳ හමයි.​

    17. කටහඩ මිහිරි වීමට​

    I - සිද්ධි ගුරු,වදකහ,කොට්ටම්,අරලු,වැල්මී,තිප්පිලි,අසමෝදගම්,සහිඳ ලුණු සමානව ගෙන චූර්ණයක් සාදා මී පැණි,ගිතෙල් සමග උදේ සවස වලඳන්න. වරකට කළං 1/2 යි

    II - බැමිතිරිය මුල්,සිද්ධිගුරු,වඳකහ,සහිඳ ලුණු සමව ගෙන කුඩුකර පිරිසිදු මී පැණියෙන් අනා උදේ සවස ටික ටික අනුභව කරන්න.
    (මෙම ප්‍රතිකාර දෙකම හඩ මිහිරි වීමට ඉතා ප්‍රත්‍යක්ෂයි)​

    18. දත් ඇදෙනවාට සවිවීමට​

    කටුකරඞු,සමන්පිච්ච කොළ,කරඳ මුලේ පොතු කළං 6 බැගින් ගෙන කයිප්පු,සීනක්කාරං,රත් හඳුන් කළං 3 බැගින් දමා වතුර පත 16 පත 4 ට සිඳුවා දිනකට 3 වරක් වරකට විනාඩි 5 ක් වතුර කටට ගෙන කකාරා කට සෝදා හරින්න.
    (දත් රෝග නසා තදින් දත් සවිවේ.)​

    19. අකාලයේ දත් සෙලවීමට​

    කයිප්පු,සහිඳ ලුණු කළං 3 බැගින් ගෙන කුඩුකර තාච්චියකට තල තෙල් තුන්කාලක් දමා එයට කුඩු දමා කාලට සිඳුවා හොඳින් නිවුනු පසුව බෙහෙත් බිදක් කටට ගෙන විනාඩි 5 ක් පමණ කලතමින් සිට කට සෝදා හරින්න.(දිනකට 3 වරයි.දත් සවිවේ.)​

    20. දත් කැක්කුමට​

    සීනක්කාරං පුඵස්සා කුඩුකර බෝතලයක දමා වතුර පුරවා තබාගෙන නිතර සොලවා කට සෝදන්න.​

    21. දත් පණුවන් කෑමට​

    I - තිබ්බටු ගෙඩි තලතෙලින් මලවා කැක්කුම ඇති පැත්තේ දත්වලින් හපා දියලුණු වතුරෙන් කට සෝඳන්න.

    II - වියළි ඉගුරු,ගම්මිරිස්,පිලමුල් පොතු,දියලුණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා දත මුල තබන්න.
    22. දත් සුද්ද කිරීමට​

    ඉඳුන බිලිං ගෙඩි කිහිපයක් ගෙන කටට දමා හොඳින් සපා විනාඩි 10 ක් පමණ බුරුසුව ගෙන දත් දෙපල මදින්න. දත් සිදුරු ආදිය හොදින් මදින්න.ඉන්පසු ඉවත් කොට තල තෙල් ටිකක් කටට ගෙන විනාඩි තුන හතරක් දත් සිදුරු ඇතුළ ආදියට හොදින් කලතා කට සෝදා හරින්න. මුතුමෙන් බැබළේ.​
     
    බඩේ දැවිල්ලට Gastritis
    කොහිල අල, පොල් එකට අබරලා යුෂ බිපුවම අඩුවෙනවා.

    සෙම නැති අයට , විශේෂයෙන් අළුතින්ම එදාම මුදවපු මී කිරි, හෝ නැවුම් එළකිරි (පැකට් වල දියර කිරි හෝ පිටි කිරි නම් ටෙස්ට් කරල නෑ, වැඩ කරන එකකුත් නෑ,පිංවතෙක් ඉන්නව නම් ටෙස්ට් කරල බලල මේකේ දාන්න. :nerd:) කෝප්ප එකකට වතුර කෝප්ප තුනක් දාලා, හොඳට බීටර් එකෙන් බීට් කරල ඒකට රතූළූණු, අමු මිරිස් කරල් දෙකක ඇට අයින් කරල කෑලි පොඩියට කපල දාලා, ඉඟුරු ඉස්ම තේ හැන්දක් විතර දාල, ඕනෑම නම් දෙහි පොඩ්ඩක් දාල (අත්‍යාවශ්‍ය නෑ) රෑට වහල තියල පහුවදා උදේට හිස් බඩ බොන්න.:) ආමාශයේ බඩවැල් වල නහර පවා දැනෙන්න ගන්නවා. :shocked::cool::yes:
     
    Last edited:

    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    තුවාලයක් වුනාම කඩු පහර කියලා වෙල් අයිනේ නාන ලිං අයිනේ පාරවල් අයිනේ තියෙන කොල ජාතියක් තියෙනවා කොළයක් පොඩි කරලා තුවාලේ තිබ්බාම මස් ලියලනවා හා වෙනවා
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    ඉදිරියේ රාළ;20102820 said:
    සෙම නැති අයට , විශේෂයෙන් අළුතින්ම එදාම මුදවපු මී කිරි, හෝ නැවුම් එළකිරි (පැකට් වල දියර කිරි හෝ පිටි කිරි නම් ටෙස්ට් කරල නෑ, වැඩ කරන එකකුත් නෑ,පිංවතෙක් ඉන්නව නම් ටෙස්ට් කරල බලල මේකේ දාන්න. :nerd:) කෝප්ප එකකට වතුර කෝප්ප තුනක් දාලා, හොඳට බීටර් එකෙන් බීට් කරල ඒකට රතූළූණු, අමු මිරිස් කරල් දෙකක ඇට අයින් කරල කෑලි පොඩියට කපල දාලා, ඉඟුරු ඉස්ම තේ හැන්දක් විතර දාල, ඕනෑම නම් දෙහි පොඩ්ඩක් දාල (අත්‍යාවශ්‍ය නෑ) රෑට වහල තියල පහුවදා උදේට හිස් බඩ බොන්න.:) ආමාශයේ බඩවැල් වල නහර පවා දැනෙන්න ගන්නවා. :shocked::cool::yes:
    sema thiyena ayata Gastritis wlata behethak nadda :love:
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    තුවාලයක් වුනාම කඩු පහර කියලා වෙල් අයිනේ නාන ලිං අයිනේ පාරවල් අයිනේ තියෙන කොල ජාතියක් තියෙනවා කොළයක් පොඩි කරලා තුවාලේ තිබ්බාම මස් ලියලනවා හා වෙනවා
    Podi ewata nam nidikumba hapala thiyenne.ikmanta welenawa