අතිවිශිෂ්ට 2011 Kia Optima රථය ලංකාවට එයි

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
අතිවිශිෂ්ට 2011 Kia Optima රථය ලංකාවට එයි

51f76b.gif


ලොව සුප්‍රසිද්ධ මෝටර් රථ නිර්මාණ කරුවෙකු වන පීටර් ශ්‍රයර්ගේ සැලසුමක්
ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිර්මාණ කරුවෙකු වන පීටර් ශ්‍රයර්ගේ අතිවිශිෂ්ට නිර්මාණ සැලසුමකින් හෙබි නව 2011 කියා ඔප්ටිමා මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

කියා මෝටර් රථවල ඇති කොටි මුහුණේ හැඩය ගත් ඉදිරිපස කොටසට නව මුහුණුවරක් දෙමින් නිර්මාණය කර ඇති මෙම රථය මීට පෙර වෙළඳ පොළට පැමිණි කියා ඔප්ටිමා රථවලට වඩා දිගු සහ පුළුල් මෝටර් රථයක් වන අතර එය නිර්මාණය කර තිබෙන්නේ පිටතින් බලන විට පොළවට වඩාත් ලංව සිටින ආකාරයටයි.
මෙම මෝටර් රථය පිළිබඳව අදහස් දක්වමින් කියා මෝටර් රථ සමාගමේ ප්‍රධාන මෝටර් රථ නිර්මාණකරු පීටර් ශ්‍රයර් පවසන්නේ ඉතාමත් ඉහළ නිර්මාණාත්මක බවකින් යුක්ත මෝටර් රථ වෙළඳ පොළට හඳුන්වා දීම සමාගමේ අරමුණ බවයි.
නව රථය ලීටර 02 ක ධාරිතාවයකින් යුක්ත MP 2 තීටා II වර්ගයේ පෙට්රල් එන්ජිමක් සහිත වේ.
කියා මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා පවසන්නේ නව ඔප්ටිමා රථය රුපියල් මිලියන 4.2ක (බදු රහිත) මිලකට හඳුන්වා දී ඇති බවත් පාරිභෝගිකයින්ට කිලෝ මීටර් 100,000 ක හෝ වසර තුනක වගකීමක් හිමිවන බවයි.
මෙම රථය ඇමරිකා එක්සත් ජනපදයේ ගමනා ගමන කටයුතු දෙපාර්තමේන්තුව හඳුන්වා දුන් නව මාර්ග නිර්දේශකයන්ට අනුව තරු පහක උපරිම සහතිකයක් ලබාගත් කොරියාවේ නිෂ්පාදිත පළමු මෝටර් රථය බවට පත්වී තිබේ.
මීට අමතරව, ඇමරිකා එක්සත් ජනපදයේ “ඉන්ෂුවරන්ස් ඉන්ස්ටිටියුට් ෆෝ හයිවේ සේෆ්ටි“ යන ආයතනයෙන්ද මෙම රථයට සුරක්ෂිතභාවය සඳහා වූ “ටොප් සේෆ්ටි පික්“ සම්මානය හිමිව ඇත.
ඡයාරූපවල දැක්වෙන්නේ 2011 කියා ඔප්ටිමා රථයයි



a23192.gif

 
Last edited:

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Korean newei nam ithin ela.... :D

maath bawitha karanne korean vaahanayak thamai. mama mage car eka aran dan awurudu hatharak withara wenawa. ada wenakan kisima ledak mage car ekata awilla naha.

japanese car = pay more / less options for your money

korean car = value for money / budget car / more options for the money u spend on it
 
  • Like
Reactions: wisal