අතිශයින්ම පෞද්ගලිකයි!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අතිශයින්ම පෞද්ගලිකයි!

    72657667_2445267472396120_1982210626390327296_n.jpg

    අතිශයින්ම පෞද්ගලිකයි!
    හිරුණිකා ප්‍රේම චන්ද්‍ර, චන්ද්‍රිකා කුමාරතුංග! ඔබට මතකද මේ දේශපාලන චරිත?
    ඔව් 2015 ජනවාරි 08 ඊණියා යහපාලන රජය බලයට ගෙන ඒමට විශාල කාර්‍ය්භාරයක් මේ දෙදෙනා විසින් ඉටුකල බව අප සැම දන්නා කාරණයක්. ඉතා කෙටියෙන් අප මෙ චරිත දෙක හා ඔවුන්ගේ අරමුණු පැහැදිලි කර ගනිමු!

    කාන්තා හිංසනය, සුදු වෑන් වැනි සවේදී වචන දේශපාලන වේදිකාවේ දිගහරිමින් මිනිසුන්ගේ අනුකම්පා ව දිනාගන්නට ඔවුන් සමත්විය. එහෙත් ඇත්තටම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට ඇත්තේ ජනතාව කෙරෙහිවූ අනුකම්පාවක්, ආදරයක් වෙනුවෙන් කැපවුන දේශපාලනයක්ද?

    නැත! ඇයට ඇත්තේ අතිශය පෞද්ගලිකවූත්, දේශපාලනික වූත් බල අධිකාරිය පවත්වා ගැනීම සඳහාවූත් සටනකි. රාජපක්ෂලා ව නිර්දය ලෙස හෙලා දැකීම, සහ කිසිදු පදනමක් නැති චෝදනා එල්ල කරමින් අපහාස කිරම තුලින් ඇය රාජපක්ෂලා කෙරෙහි ඇති අසීමිත වෛරය රටටම පෙන්වමින් ඇත. සිය පියාගෙ අභාවයෙන් පසු කොලොන්නාව බලප්‍රදේශය ඇයගේ අනසක යටතේ රඳවා ගැනීමට ඕනෑම දෙයක් කිරීමට ඇය සූදානම්‍ ය.
    චන්ද්‍රිකා බණ්ඩාරනායක චරිතය ද එවැනිම වූ රාජපක්ෂ විරෝධී අතිශය පුද්ගලික අරමුණු පෙරදැරිව දේශපාලනය හසුරුවන තැනැත්තියකි. එපමනක් නොව ඇය දැඩි සිංහල බෞද්ධ විරෝධී, සිංහල බෞද්ධ බහුතරය මර්දනය කරන්නට එලිපිටම වැඩ කටයුතු කරම අයෙකි!

    භික්ෂූණ් වහන්සේ ලා ඇදගෙන ගොස බලු කූඩුවට දමන බව විටෙක ඇය මුස්ලිම් දේවස්ථානයකදී පවසනු අප දැක ඇත.

    එළඹෙන මැතිවරණයට පෙර ඡන්ද දායකයන් ලෙස ඔබටත් මටත් මොවුන් සමග විසඳා ගතයුතු ප්‍රශ්න කිහිපයක් ඇත!

    මිනිසුන්ගේ කඳුළු, හැඟීම් මිලකර ඔවුන්ව දරුණු රැවටීමකට ලක්කර 2015 දී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ , බෙදුවාදීන් , අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන්ගෙන් සැදුම්ලත් යහපාලන ආන්ඩුව බලයට පත්කර ඔවුන් රටට සහ ජනතාවට ලබාදුන් ජයග්‍රහණයන් මොනවාද?

    රටපුරා ත්‍රස්තවාදී කඳවුරු, පල්ලියක් පල්ලියක්, ගෙයක් ගෙයක් පාසා අවිආයුධ එකතු කරමින් වැඩුන ත්‍රස්තවාදය විසින් ඝාතනය කල 300ක් අහිංසක මිනිසුන් , සදාකාලික ආභාධිතයන් කල 500ක් අහිංසක මිනිසුන් ගේ ජීවිත වලට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ලා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ලා වගකිවයුතු නොවේද?
    ඔවුන්, ඒ ඝාතනය කල අපේම මිනිසුන් වෙනුවෙන් කතාකල, පෙනීසිටි තැනක් තිබේද? එකී ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් මෙහි කියවන ඔබත් මමත් ඝාතනයවුවද මොවුන් නැවතත් ඉතිරි පිරිස මොවුන්ගේ කපටි නිර්ලජ්ජිත දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරනවා නේද?
    ප්‍රථික්ෂේප කරමු ! ඔබේත් මගේත්, අපගේ දරුවන්ගේත් ජීවිත වල සුරක්ෂිත බව තහවුරු කිරීමට නම්, රටේ ජාතික ආරක්ෂාව අතිශය වැදගත් කාරණයකි. බලය බෙදන්න එන සජිත්ට හෝ, වෙනම නීති පිලිගන්න අනුර කුමාර ට හෝ, පාස්කු ප්‍රහාරය සිදුවන තුරු නිදිකිරා වැටුන හමුදාපති ට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කල නොහැක.

    එය කල හැකි එකම නායකයා, ගෝඨාභයයි! ඔහු වටා එකතු වන්න. පසුතැවීමට ඉඩ නොතබමු!

    උපුටා ගැනීමකි
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: YelaWolf and xcorat