අතීතයේ රජකළ දැවැන්තයෝ නැවතත් මිහිමත ඇවිද

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    අතීතයේ රජකළ දැවැන්තයෝ නැවතත් මිහිමත ඇවිද

    අතීතයේ රජකළ දැවැන්තයෝ නැවතත් මිහිමත ඇවිදීවිද? : විස්මිත සොයා ගැනීම්



    ‘ජුරාසික් පාක්’ චිත‍්‍රපටයේ ආ මිහිමත හෙල්ලූ ඩයිනොසෝරයන් ඔබට මතක ද? එදා ඒ වගේ දැවැන්තයන් මැවුණේ සිනමා තිරයේ පමණයි. හැබෑවට ම මේ සතුන් අප ඉදිරියේ මවන්නට මෙතෙක් අපේ විද්‍යාඥයන්ට හැකියාවක් තිබුණේ නැත. ඒත් තවත් වසර 10ක් 20ක් ඇතුළත ඒ හපන්කම කරන්නට ඔවුන්ට හැකියාව ඇති වන බැව් ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් කළ ජාන පිළිබඳ නවතම පර්යේෂණ අධ්‍යයනයකින් කියැවේ.


    1.jpg

    මෙම ජාන පර්යේෂණයේ සාර්ථකත්වය නිසා අතීතයේ විසූ දැවැන්ත සතුන් බොහොමයක් මේ මිහිමත යළිත් ඇවිදිනු අපට නුදුරු අනාගතයේ දී සමහර විට දැක ගත හැකි වේවි. ඔවුන් අතින් මුලින් ම සැබෑවට ම මැවෙන අතීත දැවැන්තයා වන්නේ වසර 10,000කට පෙර මිහිමතින් තුරන්වී ගියේ යැයි සැලකෙන යෝධ මැමතයෙකි. සිරුර ලොම්වලින් වැසුණු, දිග නැමුණු දළ ඇති වැඩුණු මේ මැමතයකු උසින් අඩි 8-14ත් අතර වෙයි. මේ මැමතයකුගේ ජාන බිලියන 3ක් ඇතුළත් ජිනෝමියක් (ජාන සැලැස්මක්) සකසන්නට මෙම පර්යේෂණයට සම්බන්ධ විද්‍යාඥ පිරිස සමත් වී සිටිති.

    මෙය හෙළි වී ඇත්තේ ‘නේචර්’ සඟරාවට ලියන ලද පර්යේෂණාත්මක ලිපියකිනි. ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ජෛවරසායන විද්‍යාඥයකු වූ ස්ටීවන් ෂුස්ටර්ගේ සම කර්තෘත්වයෙන් පළ වූ ඒ පර්යේෂණ ලේඛනයෙන් හෙළි වූ කරුණු අනුව ජාන තාක්ෂණය මගින් මැමතයන් යළි නිර්මාණය කිරීමට හැකි බව දැක්විණ. ඔහු ද මෙම පර්යේෂණයේ එක් හවුල්කරුවකි. ඩොලර් මිලියන ගණනක් වැය කර ඇති මෙම නව පර්යේෂණය නිසා සත්ත්ව පරිණාමයට හා වඳවී යාමට අදාළ නව හේතු සාධක මතු කර ගැනීමට ද හැකි වී තිබේ.

    2.jpg

    ඒ 1997 වසරේ දිනයකි. එදා 9 හැවිරිදි ජෙනාර්ඩි යාකෝෆ් සයිබීරියාවේ තැනිතලාව හරහා ගියේ පිනිමුවන් සොයමිනි. ඔහු අයත් වූ එඬ්ර ගෝත‍්‍රික පවුල පරම්පරා ගණනාවක් තිස්සේ කළේ පිනිමුවන් ඇති කිරීමය. අවාසනාවකට එදා ඔහුට පිනිමුවන් හමුවූයේ නැත. ඒත් එදා දවස අවසානයේ දී ඔහුට හිස් අතින් ආපසු ගෙදර යාමට සිදු වූයේ ද නැත. නිම්නය සිසාරා යද්දී අහම්බෙන් මෙන් ඈත තිබෙන කුඩා පර්වතයක් වෙත යාකෝෆ්ගේ අවධානය යොමු විණ. බැලූ බැල්මට එය සාමාන්‍ය පර්වතයක් නොවන බව ඔහුට පෙනී ගියේය. ඒ එහි ලෝම දක්නට ලැබීමෙනි. කුතුහලයෙන් වෙළුණු ඔහු ඒ දෙසට ගියේය. වඩාත් ළං වෙත් ම එහි විශාල ඇත් දළ යුගලක් ඇති බව මිදුණු හිමෙන් වැසුණු පොළොව අතරින් ඔහුට පෙනුණි. ඒ සම්පූර්ණයෙන් වැඩුණු හා හොඳින් සුරැකුණු දිගු ඇත් දළ යුගලක් බව වඩාත් ළං වෙත් ම යාකෝෆ්ට පැහැදිලි විය. එම ඇත් දළ යුගල ඩොලර් දහස් ගණනකට විකිණීමට හැකි බව පුංචි යාකෝෆ්ට දුටුවන ම තේරුම් ගියේය. ඔහු වහා ගොස් ඔහුගේ පවුලේ උදවිය එම ස්ථානයට කැටුව ආවේය. යාකෝෆ් ඇතුළු පවුලේ අය හිම පර්වතයෙහි වැළලී තිබුණු එම ඇත් දළ යුගල කපා ඉවතට ගෙන විකිණීමට තීරණය කළහ.

    දීර්ඝ චාරිකාවකින් පසු, මෙම දළ යුගල කෙසේ හෝ ප‍්‍රංශ ගවේෂකයකු වූ බර්නාඞ් බුයිගුයිස්ගේ අවධානයට ලක්විය. මේ දළ යුගල අයත් වන්නේ දැවැන්ත ඇතකුට සමාන ලෝමවලින් පිරි ‘වූලි මැමත්’ නම් සත්ත්වයකුට බව බුයිගුයිස්ට එක්වර ම අවබෝධ විය. මේ මැමත් සතුන් ජීවත් වූයේ මෙයට වසර දහස් ගණනකට පෙරය. ඔවුන් මිහිපිටින් වඳ වී ගියේ මීට වසර 10,000 කට පමණ පෙරය.

    දළ යුගල පිළිබඳ විස්තර දැනගත් බුයිගුයිස් වහා ම කළේ ජෙනාර්ඩි යාකෝෆ්ට එම මැමත් සිරුර හමු වූ ස්ථානය බලා පිටත්වීමය. එහි ගිය බුයිගුයිස්ට දකින්නට ලැබුණේ සදා හිමෙන් වැසුණු තැනකි. බැලූ බැල්මට ම ඔහු තීරණය කළේ එහි මැමත් සතකුගේ සිරුරක් වැළලී ඇතැයි කියාය. ඔහුගේ සිතුවිල්ල නිවැරදි බැව් එහි දී ඔහු කළ නිරීක්ෂණවලින් පෙනී ගියේය. ඔහුට අවබෝධ වූයේ ඉතාමත් හොඳින් සුරැකුණු මැමත් සිරුරක් හමුවූ ප‍්‍රථම අවස්ථාව එය බවයි. ඒ සත්ත්වයාගේ ලෝම පවා සුරැකිව තිබෙනු දුටු බුයිගුයිස් පුදුමයෙන් පුදුමයට පත්විය.

    බුයිගුයිස් විසින් මෙම මැමත් සත්ත්වයා ‘යාකෝෆ්’ යනුවෙන් නම් කරන ලදී. බුයිගුයිස් ඉදිරියේ තිබූ ලොකු ම අභියෝගය වූයේ එතෙක් කලක් හිමෙන් මිදී සුරැකි ව පැවති එම මැමත් සිරුර ඉදිරියටත් එසේ ම සුරක්ෂිත ව තබා ගැනීමය. ඒ අභියෝගය භාරගත් බුයිගස්ගේ කැණීම් කණ්ඩායම විසින් එම සිරුරත් සමඟ ටොන් 23 ක් පස් කුට්ටියක් කපා ඉවතට ගන්නා ලදී. 1999 වසරේ නොවැම්බරයේ දී හෙලිකොප්ටරයක් මගින් මෙම යෝධ පස් කුට්ටිය ඔසවා ගෙන සැතපුම් 200 ක් දුරින් පිහිටි හිම ගුහාවක් වෙත ගෙන යන ලදී.

    ඔවුහූ එහි දී හිසකේ වියළනයන් යොදා ගෙන මැමත් වසා ගෙන තිබූ හිම කුට්ටියෙහි හිම ඉවත් කිරීමට තැත් කළහ. වසර එක හමාරක් තිස්සේ වෙහෙස වී අවසානයේ ඔවුනට ඉවත් කර ගත හැකි වූයේ එයින් සියයට එකක කොටසක් පමණය.

    ‘යාකෝෆ්’ගේ සොයා ගැනීමෙන් පසු මැමතයන්ගේ මේ ජාන පර්යේෂණයට මඟ පෑදුණේය. ඒ අනුව නුදුරු අනාගයේ දී ක්ලෝනීකරණය මගින් බිහි කෙරෙන මැමතයන් මිහිමත සැරිසරනු දැක ගන්නට දැන් ‘ජුරාසික් පාක්’ චිත‍්‍රපටය නැරඹූ සිනමාලෝලයන් ආසාවෙන් බලා සිටිනු ඇත. එහෙත් ඒ ගැන උනන්දුවක් විද්‍යාඥයන් තුළ දක්නට නැත. ඔවුන් විස්මයට පත් වී ඇත්තේ ඒ මැමතයාගේ ලොම්වල රැඳී තිබී හමු වූ වසර 20 දහසක් පමණ පැරණි මැක්කන් හා මැමතාගේ පාමුල තිබී හමු වූ තණ කොළ ගැනය.

    සයිබීරියාවෙන් හමුවූ ‘යාකෝෆ්’ නම් මේ මැමත් සත්ත්වයා ටොන් 6 ක් පමණ බරින් යුක්ත විය. උස අඩි 11 කි. හොඳින් වැඩුණු සමහර මැමත් සතුත් බරින් ටොන් 10 ක් පමණ ද උසින් අඩි 14 ක් පමණ ද වූ බැව් සඳහන්ය.

    මැමත් සතුන් ජීවත් වූයේ විශාල රංචු වශයෙනි. ඒ වසර මිලියන 2 සිට වසර 9,000 ක් පමණ වූ ඈත අතීතයේය. අවුරුදු 47 ක් පමණ වියැති පිරිමි සතකු වන මේ ‘යාකෝෆ්’ මියගියේ යැයි සැලකෙන්නේ අවුරුදු 20,380 කට පෙරය. අවසානයේ ඉතිරි වූ මැමත් සත්ත්ව රංචුව මියගියේ මීට වසර 4,000 කට පෙරය. මොවුන් ජීවත් වූයේ බේරිං සමුද්‍ර සන්ධියේ පිහිටි රැංගෙල් දූපතේය. ඒ එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් ස්මාරකය සහ අප‍්‍රිකාවේ පිරමීඩ ඉදි කළ අවදියේදීය.

    මැමත් සත්ත්වයින් මුලින්ම ජීවත් වූ බවට සාක්ෂි ලැබී ඇත්තේ අප‍්‍රිකාවෙනි. නමුත් උන් හැමෝම කල් ගතවෙද්දී යුරෝපයට හා සයිබීරියාවට සංක‍්‍රමණය වී තිබේ. ගොඩබිම් පාලම් මගක් ඔස්සේ ඔවුහු ඇලෙස්කාවට ගිය අතර පසුව උතුරු හා දකුණු අපි‍්‍රකාවේ වාසයට හුරුවූහ.

    මැමත් සත්ත්වයින් ලොවින් තුරන් වී ගිය අයුරු සම්බන්ධයෙන් මත 3 ක් ඉදිරිපත් වී තිබේ. මිනිසා විසින් මස් හා ලොම් පිණිස මැමත් සතුන් ප‍්‍රමාණය ඉක්මවා දඩයම් කිරීම, අධික සීතලට ඔරොත්තු දීමට නොහැකි වීම හා කිසියම් වයිරස රෝගයකට ගොදුරුවීම නිසා මරණයට පත්වී එම මත තුනයි. නමුත් මැමත් සහ වර්තමානයේ අපට දකින්න ලැබෙන ඇතුන් (ආසියානු හා අපි‍්‍රකානු) දෙදෙනාටම පොදු වූ මුතුන්මිත්තෙක් සිටින්න ඇති බව විශ්වාස කරේ.

    Source
     

    33000W

    Member
    ඔය කතාව ඇත්තනම් දැනට හම්බ වෙලා තියන alien ලගේ මල සිරුරු වල ජන අරගෙන alien ලව උනත් හදන්න පුලුවන්න. මැක්කෝ පස්සෙයි තණකොළ පස්සෙයි දුවන ගමන් කාට හරි බැරිද ඔය ගැනත් හොයන්න? :rolleyes::rolleyes::rolleyes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඔය කතාව ඇත්තනම් දැනට හම්බ වෙලා තියන alien ලගේ මල සිරුරු වල ජන අරගෙන alien ලව උනත් හදන්න පුලුවන්න. මැක්කෝ පස්සෙයි තණකොළ පස්සෙයි දුවන ගමන් කාට හරි බැරිද ඔය ගැනත් හොයන්න? :rolleyes::rolleyes::rolleyes:

    කව්ද කියන්නේ එලියන්ස් ලගේ මල සිරුරු හොයාගත්ත කියලා.
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ඔය කතාව ඇත්තනම් දැනට හම්බ වෙලා තියන alien ලගේ මල සිරුරු වල ජන අරගෙන alien ලව උනත් හදන්න පුලුවන්න. මැක්කෝ පස්සෙයි තණකොළ පස්සෙයි දුවන ගමන් කාට හරි බැරිද ඔය ගැනත් හොයන්න? :rolleyes::rolleyes::rolleyes:
    alienslage body ekak tama hoyaganna bari unane ban........:rolleyes: