අතීතය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    images



    අතීතය අමතක වීම නරක රෝගයකි. නිදහස ලැබුනදා සිටම අප විවිද සංධිස්ථානයන් පසුකරමින් දශක ගනනාවක යුද්දයක් නිමකර නිදහස අර්ථවත් කරගැනීමට වෙරදරන මොහොතක සිට අප මෙතෙක් පසුකරගෙන ආ දේශපාලනික ගමන් මග දෙස ආපසු හැරී බැලීමේදී අතීතයේ සිදුවීම් හා ඒවාද සමග බැදුනු සමහර තීරන පිළිබදව අප අපටම දොස් පවරාගන්නේ නිරායාසයෙනි. අප පුද්ගලික ස්වයංවිවේචනයන් විවිධාකාරය. එහෙත් එහි පොදු සාධකය අන්කවරක්වත් නොව තට්ටුමාරු ක්‍රමයට අපට ඔලුවෙ ගානට ඒ ඒ කාලයෙන් කාලයට අප ඉල්ලන හැටියට සාදා නිමකර දුන් අං තට්ටු පමනකි. අප ස්වයංචින්තනයට අනුව අප පළකරන මනාපය ගැන 1812 අමෙරිකානු සිවිල් අරගලය නිමකරමින් හා වහල්භාවය අමෙරිකානු පොලොවෙන් තුරන් කල හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝන් කුවෙන්සි ඇඩම්ස් පවස්නනේ " ප්‍රතිපත්තියක් වෙනුවෙන් මනාපය පල කරන්න. ඔබ තනිව මනාපය පල කලද, ඔබගේ මනාපය අපතේ නොගියේය යන සුන්දර මතකය සමග ඔබට දිවි ගෙවිය හැකිය."

    අතීතය වෙනස් කල නොහැක. එසේ වෙනස් කල හැකි වූවේ නම් අප සැම දෙනාටම වෙනස් කරගැනීම සදහා බොහෝ අවස්ථාවන් අප ජීවිත තුල තිබිය යුතුමය. අප ජීවිත පුදුමාකාරය. අප ජීවිත නොනවත්වා ඉදිරියට ඇදේ, ඒ ඇදෙන මාවතේ අතීතය ගැන වදවීමම දෙවරක් කාලය නාස්ති කර ගැනීමකි. අපි ඉදිරිය ගැන සිතමු. තට්ටුමාරු ක්‍රමයට සුළුතර ධනපතියන් විසින් හූරාකෑමට ලක්ව ගෙවන්නන් වාලේ ඔවුනගේ න්‍යාය පත්‍රයට ජීවිත දියකරහරින අප හට මේ එළඹ ඇත්තේ අපේ කම අගයන අපේ හදගැස්ම හදුනන අපේම අපේම ආණ්ඩුවක් හදා ගැනීමට කාලය නොවේද? හිතල බලන්න. . . . .

    ෴෴මාරුවෙන් මාරුවට බල හුවමාරු කරගන්නා පක්ෂ දෙකකට මැදිව තැලී පොඩිවී මිරීකී යමුද? නැතහොත් අපේ හද පතුලේ ඇති පැතුමන් දල්වාලියහැකි පාලන ක්‍රමයක් බිහිකරන ගමනේ මේ තීරනාත්මක කඩඉම එකාවන්ව එකතුවී ජය ගනිමුද?෴෴
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මාරුවෙන් මාරුවට බල හුවමාරු කරගන්නා පක්ෂ දෙකකට මැදිව තැලී පොඩිවී මිරීකී යමුද? නැතහොත් අපේ හද පතුලේ ඇති පැතුමන් දල්වාලියහැකි පාලන ක්‍රමයක් බිහිකරන ගමනේ මේ තීරනාත්මක කඩඉම එකාවන්ව එකතුවී ජය ගනිමුද?