අතීත ශිෂ්ඨාචාර එක්වරම අතුරැදහන් වුයේ ඇයි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    අතීත ශිෂ්ඨාචාර එක්වරම අතුරැදහන් වුයේ ඇයි

    හේෂාන්ගේ ලිපි පෙළ - අංක 04
    අතිශය දියුණු අතීත ශිෂ්ඨාචාර එක්වරම අතුරැදහන් වුයේ ඇයි ? - 1 කොටස
    ============================
    අද අප පැහැදිලිවම දන්නා අන්දමට ඒ අතීත දියුණු ශිෂ්ඨාචාර වල ඇත්තේ ගරා වැටුණු නඨබුන් පමණි.
    අඩුම කරමින් එම ශිෂ්ඨාචාරයන් වල වු ප්‍රබල තාක්ෂණයන් කිසිවක් අප වෙත පැමිණ නැත. එසේ වුයේ ඇයි ? ප්‍රශ්ණයකි. එය පැහැදිලි කර ගැනීමට ප්‍රථම අතීත ශිෂ්ඨාචාරයන් පිළිබදව සුලු විමසුමක් සිදු කිරීම මේ ලිපිය වටහා ගැනීමට ඔබට පහසුවක් වෙනවා මෙන්ම හොද ආරමිභයක්ද වනු ඇත.
    චීන ශිෂ්ඨාචාරය

    චින සංස්කෘතිය ප්‍රධාන වශයෙන් පදනමි වන්නේ දියෙහි හා මුහුදෙයි සැරි සැරිය හැකි මකරෙකු වටාය. එය චීන ජනකථා වලද ප්‍රබලව සදහන් වන්නක් වුවත් චින ශිෂ්ඨාචාරය ආරමිභ විම සමිබන්ධයෙන් හා කලා ශිල්ප පිළිබදව දැනුම සමිබන්ධයෙන් ජන කථා වල ගුවනින් පැමිණි අමුත්තන් දෙදෙනෙකු සමිබන්ධයෙන් කරැණු ඉදිරිපත් කරයි. ඔවුන් රනවන් පැහැයෙන් බබලන ශරිර ඇත්තන් වන අතර නමින් ෂා-වී හා හාන්-ෂු බව ජනකථා වල දැක්වේ. මොවුන් පැමිණෙන්නේ ඒ වන විට විනාශ වි ගොස් තිබුනි අතිශය දියුණු ශිෂ්ඨාචාරයක් වු ලෙමුරියා ( Lemuria ) ශිෂ්ඨචාරයෙනි. ජනකථා වලට අනුව මොවුන්ගේ ශිෂ්ඨාචාරයේ පුරවැසියන්ට අහසින් පවා ගමන් කිරිමට හැකි ප්‍රබල තාක්ෂණයක් තිබු බවත් පසු කාලීනව අහසේ විසු දෙවිවරැන් සමග යුද්ධ කර පාරාජයට පත්වි සිල්ල විනාශ වු බවත් ජනකතා වල සදහන් වේ. මෙම ලෙමුරියා නැමැති දේශය ඉන්දියන් සාගරය හා පැසිෆික් සාගර කලාපය අතර පිහිටා තිබෙන්නට ඇති බවත් එය යුධ වැදිමේන් පසු විනාශව ගිය බවත් මෙම ජනකථා අධ්‍යනය කිරිමෙදි යමි නිගමනයකට පැමිණිමට හැකිය. කෙසේ වුවද මෙය ස්ථිරවම කිව හැකි දෙයක් නොවේ.

    ජනකථා මෙසේ වුවද මෑතකදි කරන ලද යමි යමි පුරා විද්‍යා පර්යේෂණයන් තුලින් මෙ ජනකතා මිත්‍යාවක් නොවන බවටද නිගමනය වීමට සාධක හුමුවි තිබිම ප්‍රබල සාක්ෂියක් වේ. 1960 කාලයේදි දකුණු දිග චින ප්‍රෙදේශ වලදි සිදුකරන ලද යමි යමි කැනීම වලින් හමුවු අක්ශර හා රෑප වලින් මීට වසර 11000 කට පමණ පෙර යමි හදුනා නොගත් යානා විශේෂයක් පෘතුවියට පැමීන ඇති බව සාක්ෂි ඇතැයි පරයේෂණ කණ්ඩායම පවසයි. එසේම ටිබෙටය හා චින දේශ සීමා සමිපයේ පිහිටි කරායුලා ( Karaula) කදු වැටියෙහි වු ගල්ගුහාවල තිබි සොයා ගත් අමුතු ආකාරයේ වස්තුන් තුල විද්‍යාඥයන්ව අදටත් මවිත කරවන අක්ශර හා රැප කොටා තිබෙන අතර එය බොහෝවිට අවුරැදු 12000 ක් පමණ පැරණි වන්නට ඇතැයි අනුමාණ කෙරිනි. මෙම අක්ෂර පිළිබදව අද වන විටවත් නිගමනයක් නොහැති අතර එය සමිපුර්ණයෙන්ම විනාශ වි ගිය දියුණු ශිෂ්ඨාචාරයකට අයිති වන්නක් විය හැකි බැවි පමණක් නිගමනය කර තිබේ. නමුත් මෙම කව පෙති ආකාරයේ වස්තුන් වල කොටා තිබු රැපමය ලක්ෂණ සක්වල ජීවින්ට බොහෝ සෙයින් සමිබන්ධ විය හැකි බවටත් ඔවුන් විශ්වාෂ කරයි.

    නමුදු එම කැනීමි සිදුකල විද්‍යාඥයන් තවත් අපුර්වතම සොයා ගැනීමක් සිදුකලේ මෙම ගල්ගුහාවල සැබැ ලෙසම ජිවත් වු ගොත්‍රිකයන් පිළීබදව සොයා බැලීමෙනි. මෙසේ එම ප්‍රෙද්ශයේ ජිවත් වු පිරිස් රණගුමි ගොත්‍රිකයන් වන අතර ඔවුන් පිළිබදව කළ සොයා බැලීමි වලදි ඔවුන් විසින් මැටි පුවරැ වල සදහන් කර ඇති ලියවිලක් සොයා ගැනිමට විද්‍යාඥයන්ට හැකි වි තිබේ. මෙය රැපමය අක්ෂර වලින් නිර්මිතව තිබි ඇති අතර එහි තේරැම පහත පරිදි විය හැකි බැවි එම ගවේශණ කණ්ඩායම නිගමනය කරයි. “තම ලිස්සන යානා මගින් ඔවුන් වළාකුලු අතරින් පැමිණේ. මෙනිසා හිරැ නැගෙන්නට මත්තෙන් අප දිර්ඝ කාලයක් ගුහා තුලම සැගවුනෙමු. අවසානයේ එම අමුත්තන්ගේ ඉගි බස වටහා ගැනිමෙන් පසු ඔවුන් රෞද්‍රයන් නොවන බව අපට වැටහිනි “ යන්නයි. කෙසේ වුවද මොයා කාරයේ අහසින් අමුත්තන් පැමිණි කථා චින ජනකථා පුරා දක්නට ලැබේ. ඔවුන් කහ පැහැති හිස විශාල සිරැර කුඩා ජීවින් පිරිසකි. මෙය තව දුරටත් සනාථ වනුයේ මෙම ස්ථානයන් තුල සිදු කරන ලද කැණිමි වල තිබි සොයා ගත් සොහොන් කොත් වල තිබුනු හිස විශාල සිරැර කුඩා ඇටසැලිකිලි වලින්ය. (2 වන ඡයාරෑපය බලන්න)

    575266.jpg

    කරායුලා ගල්ගුහා වලින් සොයා ගත් අත්භුත කව පෙති

    එසේනමි චින ජනකථා වල සදහන් වනවා මෙන්ම , කැනීමි තුලින් හමුවු සාක්ෂි මත මෙ වසර 12000 කට පමණ පෙර චිනයට පැමිණියේ ඉහත විනාශ වි ගිය දියුණු ශිෂ්ඨාචාරයෙන්ද නැතිනමි වෙනත් ග්‍රහලොවක සිටද ? එසේ පැමිණෙන්න් විසින් ගොඩ නැගි ශිෂ්ඨාචාරය නැවත වරක් සමිපුර්ණයෙන් අතුරැදහන් වුයේ ඇයි ?

    ජපාන ශ්ෂඨාචාරය

    ජපන් ආදි ජනකථා වලට අනුව ඔවුන්ගේ ආදමතමයා වන්නේ මිකාඩෝ නැමැති දෙවියන්ගේ බවත් සදහන් වේ. ඔහු යමටරාඩෝ දෙවි පරපුරෙන් පැවත් එන බවත් ජනකථාවල දැක්වෙන අතර මෙම දෙවි ලෝකයෙන් පන්නා දමන ලද සුසනෝවා නැමැත්කෙත් පෘතුවියේ වු රජ කුමරියක් යමි අනතුරකින් බේරාගත් බවත් එබැවින් ඔහුට ඇය හා විවාහ විමට අවස්ථාව ලැබුනු බවත් ජපන් ආදි වාසින් පවසයි. එසේම මෙම සුසනෝවා නැමැත්තාගේ ශරිර ලක්ෂණ ජපන් ප්‍රතිමා විශේෂයක් වන “ ඩොගු “ ප්‍රතිමා වලින් නිරැපණය වන බව පැවසේ. මෙහි ඉතා වැදගත්ම ලක්ෂණය වන්නේ එම ප්‍රථිමා තුල ඇති ඇදුමි ගගනගාමින් පළදින ඇදුමි වලට සාමාන වන අතර , හුස්ම ගැනීමට භාවිතා කරන ශ්‍රවණාධාර උපකරණ ආදි දැ ලෙස හැදින්විය හැකි දැද මෙම ප්‍රතිමා තුල දක්නට ලැබීමයි.

    3406061_orig.jpg

    ඩොගු ප්‍රථිමාවක් සක්වල ජීවි විත්‍රයකට සමාන කර ඇති අයුරැ

    ඊජිප්තු ශිෂ්ඨාචාරය

    අද වන දැකිය හැකි පුරාණ ශිෂ්ඨාචාර වල නඨඹුන් අනුව ඉතා ප්‍රබලම සාක්ෂි හමුවන්නාවු තවත් එක් ශිෂ්ඨාචාරයක් වන්නේ ඊජිප්තු ශිෂ්ඨාචාරය හෙවත් මිසරයේදිය. ශිෂ්ඨාචාර ගත කරැණු වලටත් වඩා මිසරයේදි ඔවුන්ගේ නිර්මාණ දෙස බැලීමෙන් අපට ඇතිවන කුතු හලයෙන් ඔවුන් තුල එදවස තිබු දියුණු තාක්ෂණය පිළිබදව අදහසක් ලබා ගැනීමට හැකි වනු ඇත. එතරමිම දියුණු තාක්ෂණයක් අනෙක් ශිෂ්ඨාචාරයනට් මෙන්න ඔවුන්ට පැහැදිලිවම අයිති වි තිබිනි. කෙසේ වුවද මෙම ඊජිප්තු ශිෂ්ඨාචාරය ප්‍රධාන වශයෙන් පදනමි වන්නේ “රා“ නැමැති හිරැ දෙවියා වටාය. එදවස ඔවුහු තම ජනතාව හිරැගෙන් පැමිණෙන්න බව ප්‍රකාශ කර හැදින් වු අතර තම නායකයාද පැමිණියේ හිරැ මණ්ඩලයෙන් බව ප්‍රකාශ කරති.

    එසේම ඊජිප්තු ශිෂ්ඨාචාරයන් පිළිබදව විමසීමෙදි ඔවුන්ගේ විශ්මිත නිර්මාණයන් වු පිරමීඩ පිළිබදවද අමතක කිරිම කෙසේවත් කළ නොහැකිය. මන්ද පිරමිඩ යනු දැනට ලොව නටඹුන් වි ඇති අතීත ශ්ෂ්ඨාචාරයන් ගේ නිර්මාණ අතර විශාලම නිමවුම වන නිසාය. වාතය පීඩනය අඩු ස්ථානයේ සිට පීඩනය වැඩි තැනට ගමන් කිරීමේ විශේෂ ලක්ෂණය මේ පිරමීඩ තුල ඇති අතර එක් පිරමිඩයක් නිම කිරීම සදහා දළ වශයෙන් ගල් කුටිටි මිලියන 2.3 ක් පමණ අවශ්‍ය වන්නට ඇත. පිරමීඩ තුල ඇති ගල් කුටිට් තැන්පත් කිරිමේදි පරතරය අගලකින් 1/50 ක් තරමි සුක්ෂම වි ඇති අතර එක ගල්කුටිටයක් ටොන් 70 ක් පමණ බරකින් යුක්ත වේ.

    මේ වන විට ඇති විශාලම පරමිඩය නිර්මාණය කර අද වන විට වසර 4620 ක් පමණ කාලය ගත වි ඇත බව සැලකෙන අතර තවත් පුරාවිද්‍යාඥයන් පිරිසක් එය වසර 12000 ක් පමණ වනු ඇතැයි පවසයි. එසේම විශාලම පිරමිඩය පිහිටා ඇත්තේ මහද්විපයන් වල ගුරැත්වා කරන්ශණයේ හරි මැදය. මෙම පිරමීඩ පිහිටා ඇති බිමි පෙදෙස දැනට ලෝකයේ ඇති දිගම බිමි තිරැවේ වන බවද සැලකේ.

    මෙම ඊජිප්තු පිරමිඩ වල මුදුන උල් හැඩයෙන් සමන්විතව හමුවන ත්‍රිකෝණා කාර හැඩයන් 4 කින් හමුවේ. එකල මෙම විශාල පිරමිඩ රාජකිය මෘත දේහ තැනපත් කිරීම සදහා යොදා ගනු ඇති බව සිතුවත් සැබැවින්ම එය එසේමද යන්න විශාල ප්‍රශ්ණයකි. මන්ද මෙවන් අදහස් වෙනස් පැති වලට හරවන්නා වු රැපමය හා සාක්ෂි මෙම පිරමිඩ තුලින්ම හමුවන නිසාය.

    ගුවන් යානා ආකෘති සහිත රැපමය අක්ෂරද මේ වන විට පිරමීඩ තුලින් සොයා ගෙන තිබේ. එවා අද අප භාවිතා කර ගුවන් යානා හා සක්වල ජීවින් දර්ශණය වුවා යැයි පවසන්නගේන් ලද විස්තර හා බැහැර හැරිය නොහැකි ඡායාරෑප හා විස්තර අනුව ගොන නැගුනු සක්වල ජීවින්ගේ යානා ආදිය සමගද මනාවට ගැලපේ. එසේම මෙම පිරමීඩ තුලින්ම සොයාගත් පෘතුවිය තුල වු කිසිදු මිනිස් රැපයකට සමාන නොවන අක්ෂර සහිත කැටයමද වඩාත් සුවිශේෂි වේ. පහහත දෙවන රැපයෙන් දැක්වෙන්නේ එහි ඡායාරෑපයකි. එහිදි ඉතා මනාව සක්වල ජීවියෙකුගේ රැපයක් කැටයමි වි ඇති ආකාරය පැහැදිලිව පෙනෙනු ඇත. එසේනමි මෙයින් පැහැදිලිවම පෙනෙන් නේ අතීත ඊජිප්තු වැසියන් සක්වල ජිවින් හා සමිබන්ධතා පැවැත්වුවා යන්නද ? මෙසා විශාල පරිමීඩ ගොඩ නැගෙන්නේ සක්වල ජීවින්ගේ තාක්ෂණයෙ මහිමයෙන් යන්නද ?

    791159116.jpg

    නුතන ගුවන් යානා හා සැසැදෙන ඊජිප්තු කැටයමි

    මෙම සක්වල ජිවි තාක්ෂණය පිරිමිඩ ගොඩ නැගීමට ලැබුනායැයි විද්‍යාඥයන් පවසන්නේ විශාල වු සාධක ප්‍රමාණයක් ද සමගය. ප්‍රබලම සාධකය පිරමිඩ ගොඩ නැගීම හා සමිබන්ධ තර්කයයි. මෙම පිරමිඩ ගොඩ නැගීම හා සමිබන්ධ අවස්ථාවේදි අද අප සතු උපරිම තාක්ෂණය යොදා ගෙන වුවද එක් පිරිමිඩයක් සාදා නිම කිරීම සදහා අඩුම තරමේන් අවුරැදු 1000 ක් වත් ගත වනු ඇතැයි ජපන් ජාතික විද්‍යාඥයෙකු පවසයි. නමුත් එකල මෙවන් අති ප්‍රබල තාක්ෂණයක් ඔවුනට තිබුනා යැයි සිතිය හැකිද ? අනෙක් අතට අද පවතින තාක්ෂණය යොදා ගෙන ඔවුන් මෙම නිර්මාණ බිහි කිරිමට දායක වුවානමි මෙතරමි සුලු කාලයක් තුල ඔවුනට මෙම පිරමීඩ නිම කිරීමට නොහැකි වනු ඇත. එසේම මෙම පිළිවෙළට තබා ඇති ගල් කුටිට සැදීම සදහා එතරමි සුක්ෂම නිම කිරීම සදහා විකිරණ ශිලි ද්‍රව්‍ය භාවිතා කරන්නට ඇති බවද සාක්ෂි හමුවෙමින් පවති. නමුත් එකල ඊජිප්තු ජාතිකයින් සතුව ඔවුන් විසින්ම නිර්මාණය කරගත් තාක්ෂණයකට අදලා විකිරණ ශිලි ද්‍රව්‍ය භාවිතා කළා යැයි සාක්ෂි නැත. අනෙක් අතට මෙවැනි දැවැන්ත බිමි කඩකට මෙ පිරමිඩ සදහා අවශ්‍ය වන විශාල ගල්ගුටිටි ගෙන ආවේ කෙසේද යන්නද බලවත් ගැටලුවකි. එවා නැවි මගින් ගෙන ඒම යන්න ප්‍රකාශ කළ හැකි වුවත් එය කිසි සේත්ම ප්‍රායොගික නැත. එසේ වුවානමි ඔවුන් අදටත් මෙම නිර්මාණයන් සැදිය යුතු වේ. එසේනමි මෙම පිරමීඩ ගොන නැගීම සදහා ලැබුනු තාක්ෂණ කාගෙද ? මෙය වෙනත් ග්‍රහලොවකට සමිබන්ධ විමට නොහැකිද ?

    කෙසේ වුවද තවත් වැදගත් මතයක් වන්නේ එකල පෘතුවිය හා සමිබන්ධතා පැවැතිවු සක්වල ජීවින් තම ග්‍රහලෝක හා සංනිවේදන අවශ්‍යතා සපුරා ගැනීම සදහාත් ආරක්ෂිතව තම යානා ගොඩ බැස්ස වීම සදහත් මෙම පිරිමීඩ යොදා ගන්නට ඇති බවය. කරැණු මෙසේ පවතින් විට මෙම නිර්මාණයන් පෘතුවි වාසින්ගේ දැනුමෙන් පමණක් නිමවු බව කිසිසෙත් සිතිය නොහැක්කේ පරිමිඩ තුලම කැටයමි වි ඇති සක්වල ජීවින්ගේ රැපයන් දෙස බැලීමෙනි.

    ඉන්කා ශිෂ්ඨාචාරය

    ඉන්කා ශිෂ්ඨාචාරයේ නිජබුමිය වන්නේ දකුණු අමෙරිකාවේය. ටිටිකාකා විල පසුබිම කොට ගෙන ඉන්කා ශිෂ්ඨාචාරය ජනාවාස වි ඇති අතර “ටිටිකාකා “ යනු ඉන්කා භාෂාවෙන් පනින ජගුවරයා යන්නයි. මොවුන්ගේ ජනාවාශයේ පුදුම දවන සුලු නිර්මාණය වනුනේ අදටත් පවතින අහස දෙස නෙත් යොමා කදුලු සලන “කෝවා ප්‍රතිමාවයි“ මෙය බොහෝ කාලයක් විද්‍යාඥයන්ට මහත් ගැටලුවක් වුයේ මෙම ප්‍රතිමාවෙන් අහස දෙස නෙත් යොමා කදුලු සලන ආකාරයෙන් නිර්මාණය වුයේ ඇයිද යන්න පිළිබදවයි.

    නමත් මෑකතදි ගුවනේ සිට ගන්නා ලද ටිටිකාකා විලේ ඡායාරෑප නිරික්ෂණය කිරිමෙදි මෙම ගැටලුවට නියම පිළිතුරැ ලැබුනි. එනමි ටිටිකාකා විලේ හැඩය “පනින ජගුරෙයෙකුට සාමාන වි ඇති ආකාරයයි. සමිපුර්ණ ටිටිකාකා විල නිරික්ෂණය කිරීම සදහා ඒ අසල විශාල කදු කිසිවක් නැත. එබැවින් පැරණි ඉන්කා වැසියන් මෙය දුටුවේ කෙසේද ? ඔවුන් අතීතයේ සිට මෙම නාමය භාවිතා කලේ මෙම හැඩය සැබැවින්ම දුටු නිසා නොවේද ? ප්‍රශ්ණයකි. මෙ අනුව අපට සිතිය හැක්කේ ඉන්කා ශිෂ්ඨාචාරය නිර්මාණය සදහාද සක්වල ජීවින්ගේ සහය ලැබුනා යන්නයි. එවන් හිතවත් වි උදවි කළ අයෙකු සිහිවිම සදහා ඉහත දැක්වු “කෝවා“ ප්‍රතිමාව ඔවුන් විසින් නිර්මාණය කළා යන්නයි.

    194622789.png


    අප ශිෂ්ඨාචාරයට බෙහෝ ඈත තිබු ශිෂ්ඨාචාරයන් හි ඇදහිය නොහැකි සක්වල ජීවින් සමග සමිබන්ධතා මෙම ලිපියෙන් පැහැදිලිව ඔබට කරැණු ඉදිරිපත් කර තිබේ. අද වන විට ඔප්පු වි ඇති බොහෝ කරැණු කාරණා එකල ශිෂ්ඨාචාරයන් හි විසුවන් විසින්ම ලෙඛන ගත කල හෝ කැටයමි ගත කළ එවායින් ලබා ගත සාක්ෂි මත පදනමි වු එවා බැවින් මෙය අසත්‍යක් බව කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකිය. මන්ද අද ඔබට සිදුවන්නාවු යමක් ඔබ දිනපොතක සදහන් කරනවා මෙන් එකලද මිනිසුන් තමන් අත්දැක ඇති දෙවල් මොයාකාරයෙන් සටහන් කරන්නට ඇති බැවිනි. කෙසේ වුවද මෙම ලිපියෙන් මා සොයායන්නට උත්සහ කලේ ලොක්යේ විදේශිය ශිෂ්ඨාචාරයන් පිළිබදව කරැණා කාරණා පමණි. එබැවින් මෙය මෙම ලිපියේ අවසානය නොවන බව සලකන්න. මෙහි තවත් කොටසක් ලියන්නට ඇත්තේ මෙම ලිපිය දැනටමත් දිර්ඝ වි ඇති නිසාවෙනි. මා මෙතෙක් ශිෂ්ඨාචාරයන් පිළිබදව ලියුවද ඉතා වැදගත්ම හා විශ්මිත කරැණා කාරණා රැසක් ආනාවරණය වන්නාවු ප්‍රබලම වැළලි ගිය ශිෂ්ඨාචාරයන් වන්නේ ඉනිදියානු ශිෂ්ඨාචාරයන් හා ලාංකීය ශ්ෂ්ඨාචාරයන් ය. එය සාක්ෂි සහිතව සොයා යන විට ඉතා දිර්ඝ වන බැවින් මේ ලිපියටම එක් කළ නොහැකිය. එබැවින් මෙම ලිපියේ දෙවැනි කොටස ළගදීම ඔබ වෙත ඉදිරිපත් කිරීම සදහා මේ වන විටද සුදානමි වෙමින් පවති.
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    නියමයි......:yes::yes::yes:
    මචං, කෝවා පිළිමේ ගැන විස්තර ටිකක් දාපන්කෝ.......:cool::cool:
    නැත්නම් හොයා ගන්න පුළුවන් සයිට් එකක් දාපන්...;););)

    රෙප් දෙන්න බැරිලු....:(:(
     
    • Like
    Reactions: NRTG

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බැර ලෝහ වලින් සෑදු පිගන්,කෝප්ප,හට්ටි නිසා ග්‍රීක ඒවා නම් නැති උනේ ඕවත් ඒ වගේ ඇති ,පිටසක්වල ජෝකෙස් නෙමේ හෙහෙ tfs
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අතිශය දියුණු අතීත ශිෂ්ඨාචාර වල මිනිසුන් ඉතා විශාලයි. ඔවුන්ගේ ශක්තියෙන් විවිධ නිර්මාන කර ඇත.


    giants-build-the-pyramids.jpg
    319366_463421090349446_1660659302_n.jpg
    gia.jpg


    දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
    මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අතිශය දියුණු අතීත ශිෂ්ඨාචාර වල මිනිසුන් ඉතා විශාලයි. ඔවුන්ගේ ශක්තියෙන් විවිධ නිර්මාන කර ඇත.



    දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
    මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට

    ඔටු මුත්‍රා හලාල්ද බන්?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අතිශය දියුණු අතීත ශිෂ්ඨාචාර වල මිනිසුන් ඉතා විශාලයි. ඔවුන්ගේ ශක්තියෙන් විවිධ නිර්මාන කර ඇත.


    giants-build-the-pyramids.jpg
    319366_463421090349446_1660659302_n.jpg
    gia.jpg


    දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
    මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට

    උඹට ඒ කාලේ කාන්තාරේ මිනිස්සුන්ගේ චිත්ර පිලිගන්න පුලුවන් හැබැයි හදටත් රොකට් යවපු මිනිස්සු කියන එක පිලිගන්න බෑ.... ඇයි බන් ඒ?