අතුරුදහන් වූ රෝම බල ඇනිය
ඉතිහාසයේ හිඩැස් පුරවන මිථ්‍යාව
සිනමා කෘතින් සදහා පාදක වූ සත්‍ය කතා පිළිබඳ විවරණය කෙරෙන ලිපි මාලාව - 22
කීර්තිමත් රෝම සේනාංකයක පරාජය වසා දැමී ඇත්තේ මීදුමකිනි
නම වැනි ස්පාඤ්ඤ සේනාංකය රෝම අධිරාජ්‍යයට අයත් බළ ඇණියක් වූ අතර එය ක්‍රිස්තු යුගයට පෙර සියවසේ සිට ක්‍රිස්තු යුගයේ දෙවැනි සියවසේ මැද භාගය තෙක් සිය කීර්තිය දස අත පතුරවමින් පැවැතිණි.
ක්‍රි. පූ. 61 පමණ ස්පාඤ්ඤයේ ආණ්ඩුුකාරවරයා ලෙස ජුලියස් සීසර් කටයුතු කළ අතර මෙම බළ ඇණියේ පළමු අණ දෙන නිලධාරියා ලෙස පත් වූයේ ඔහු බව පැවසෙයි.
ක්‍රි. පූ. 61 දී සීසර් මෙම සේනාංකය ගෝල් දේශයට කැඳවා ගෙන ආ අතර ගෝල් දේශය ආක්‍රමණය සිදු වූයේ මෙම බළ ඇණිය අතිනි. එය පහසු කටයුත්තක් වූයේ නැත. නමුත් ස්පාඤ්ඤ සේනාංකය ගෝල් යුද්ධයේදී දැක් වූ දක්ෂතා නිසාම රෝම අධිරාජ්‍යයේ අනෙකුත් සේනාංකවලට වඩා වැඩි කීර්තියක් නම වැනි ස්පාඤ්ඤ බල ඇණියට හිමි වූයේය.
සමකාලීනව අනෙකුත් සේනාංකවලට වඩා වැඩි රණ ශූරත්වයක් සහිත වූ නම වැනි ස්පාඤ්ඤ සේනාංකය රෝම ඉතිහාසයේ කියැවෙන ප්‍රකට ඩයිර්හාසියම් හා පැරසෝලස් සටන්වලටත්, අප්‍රිකාවේ සටන්වලටත් සහභාගි වූයේය.
එකල නම වැනි ස්පාඤ්ඤ සේනාංකය ප්‍රකට වී තිබුණේ පරාජය කළ නොහැකි බළ ඇණියක් ලෙසිනි. ජර්මානු ගෝත්‍රිකයෝ රෝම සේනාංකවලට ප්‍රබල ප්‍රහාර එල්ල කළහ. එම ගෝත්‍රිකයන් මර්දනය කොට ජර්මනියේ රෝම බලය ව්‍යාප්ත කිරීමට පවා පෙරමුණට යැවුණේ නම වැනි ස්පාඤ්ඤ සේනාංකයයි.
ක්‍රි. ව. 43 දී පමණ රෝම අධිරාජ්‍ය ක්ලෝඩියස් ගේ නායකත්වය යටතේ සිදු වූ බ්‍රිතාන්‍ය ආක්‍රමණය සඳහා ද විශාල දායකත්වයක් නම වැනි ස්පාඤ්ඤ සේනාංකයෙන් ලැබිණි. මේ කීර්තිමත් සේනාංකය ක්‍රි. ව. 117 දී බ්රි්රතාන්යය ඇතුළත සම්පූර්ණයෙන්ම අතුරුදන් වූයේය.
සටනකට යමින් සිටින අතරතුර ඔවුන් මීදුමෙන් වැසී ගත් ප්‍රදේශයකට ඇතුළු වූ නමුත් සේනාංකය එම ප්‍රදේශයෙන් පිටතට නො ආ බවත්, සටනක් සිදු වූ බව ඇඟවෙන්නට කිසිදු සලකුණත් මීදුමෙන් වැසී තිබූ ප්‍රදේශය ඇතුළත නොතිබි බවත් ඉතිහාසයේ පැවසෙයි.
නමවැනි ස්පාපඤ්ඤ සේනාංකය සම්පූර්ණයෙන්ම අතුරුදන් වීම හා පබැඳුණ පුවත් බොහොමයකි. ඒ සෑම පුවතකම ඇත්තේ ඉහත මීදුමෙන් වැසුණු පෙදෙසකට ඇතුළු වී කිසිම සලකුණක් නොතබා අතුරුදන් වීම හා සමාන අද්භූත ස්වභාවයකි.
එහෙත් එසේ සේනාංකය අද්භූත ආකාරයකට අතුරුදන් වූ බව ඉතිහාසඥයන් පිළි ගන්නේ නැත. ක්‍රි. ව. 117 බ්‍රිතාන්‍යයේදී අතුරුදන් වී යැයි කියන මේ සේනාංකයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් ඊට පසු ද රෝම අධිරාජ්‍යයේ විවිධ නිලතල හොබවා ඇති ආකාරය ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ බළ ඇණියේ ඉහළ නිලයක් දැරූ ලුසියස් ඒමිලියස් කාරුස් ක්‍රි. ව. 142 – 143 කාලයේ අරාබියේ ආණ්ඩුකාර තනතුරක් උසුලා ඇති ආකාරයයි.
ඉතිහාසඥයන්ගේ අදහස වන්නේ බාර් කොච්බා කැරැල්ලේ දී හෝ වෙනත් සටනකදී මෙම බළ සේනාංකය සම්පූර්ණයෙන්ම පරාජයට පත් වන්නට ඇති බවත්, එහෙත් එම බළ සේනාංකය රණ ශූ®රත්වය උදෙසා දැරූ කිර්තිය නිසාම එම පරාජය ඉතිහාසයෙන් වසං කොට අද්භූත අතුරුදන්වීමක් ලෙස සටහන් කරන්නට ඇති බවත්ය. කෙසේ වෙතත් සේනාංකය කිසිම සටනකදී පරාජය වූ බවට සාධක ද ඉතිහාසයේ නැති බව එම ඉතිහාසඥයෝම පිළිගනිති.
රෝම ඉතිහාසඥයකු හා මාර්කස් ඔරිලියස්ගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ මාර්කස් කොර්නේලියස් ෆේරාන්ටෝ ක්‍රි. ව. 160 දී ලියා ඇත්තේ යුදෙව්වන් අතින් ද, බ්‍රිතාන්‍යයන් අතින්ද රෝම සොල්දාදුවන් සෑහෙන සංඛ්‍යාවක් මරු දුටු බවයි.
බ්‍රිතාන්‍යයන් පාලනය කිරීම රෝම අධිරාජ්‍යයට මහත් ගැටලුවක් හා අභියෝගයක් වූ බවට අපමණ සාධක ඉතිහාසයේ තිබේ. නම වැනි ස්පාඤ්ඤ සේනාංකය බ්‍රිතාන්‍යයේදී සම්පූර්ණයෙන්ම පරාජයට පත් වූවා මිස අද්භූත ආකාරයකට අතුරුදන් වූයේ නැතැයි පවසන ඉතිහාසඥයන් තම මතය සනාථ කිරීමට ඉවහල් කර ගන්නේ් මාර්කස් කෝර්නේලියස් ෆ්‍රොන්ටෝ ගේ සටහන් සහ බ්‍රිතාන්‍යයේදී රෝම සේනාංක වෙත එල්ල වූ අභියෝගයන්ය.
කෙසේ වෙතත් නමවැනි ස්පාඤ්ඤ සේනාංකයට සිදු වූයේ කුමක් ද යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් මේ දක්වාම ලැබී නැත. අද්භූත ආකාරයට අතුරුදන් වූ මෙම රෝම සේනාංකය පිළිබඳ සිනමා පටයක් දැන් බ්‍රිතාන්‍ය - අමෙරිකා සම නිෂ්පාදනයක් ලෙස ලොව පුරා ප්‍රදර්ශනය වෙයි.
නම වැනි ස්පාඤ්ඤයේ සේනාංකයේ ලාංඡනය වූ රාජාලියා ඔවුන් භාවිත කළ පලිස් මත සටහන්ව තිබිණි.
පසුගිය පෙබරවාරි 11 දා සිට අමෙරිකාවේ හා කැනඩාවේත් පසුගිය මාර්තු 25 දා සිට එංගලන්තයේදීත් ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය ‘දි ඊගල්’ නම් වෙයි. කෙවින් මැක්ඩොනල්ඩ් ගේ අධ්‍යක්ෂණයක් වූ මෙයට පාදක වී ඇත්තේ 1954 දී ජෙරමි බ්‍රොක් හා රෝස්මරී සට්ක්ලිෆ්ස් එක්ව ලියූ ඓතිහාසික නව කතාව ‘දි ඊගල් ඔෆ් ද නයින්ත්’ය.
චැනින්ග් ටැටුම්, ජෙමී බෙල්, ඩොනල්ඩ් සදර්ලන්ඩ්, මාක් ස්ට්‍රෝන්ග්, තහාර් රහීම් හා ඩෙනිස් ඔහාරේ වැනි නළු නිළියන් රඟන මෙම චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 2009 වසරේ අගෝස්තු මාසයේය.
බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ සති ගණනාවක්ම ග්නොමියෝ ඇන්ඩ් ජුලියට්, ජස්ටින් බ්ලෙබර්, නෙවර් සේ නෙවර් හා ජස්ට් ගෝ විත් ඉට් යන චිත්‍රපටවලට පසුපසින් ‘දි ඊගල්’ සිවුවැනි ස්ථානය නියෝජනය කළේය. විචාරකයන්ගේ ප්‍රසාදය මධ්‍යම වශයෙන් දිනා ගත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ රෝම සේනාංක හා බ්‍රිතාන්‍ය ගෝත්‍රිකයන් අතර ඇති වූ ගැටුම්ය.
මාර්කස් ෆ්ලැවියස් අකිලා උතුරු බ්‍රිතාන්‍යයට රෝම යුද නිලධාරියකු ලෙස පැමිණෙන්නේ ක්‍රි. ව. 140 දීය. ඔහුගේ ප්‍රධාන අරමුණ වන්නේ තම පියා සේවය කළ නම වැනි ස්පාඤ්ඤ සේනාංකයට නියම ආකාරයට සිදු වූයේ කුමක් ද යන්න සෙවීමයි.
අකිලාගේ මෙම සොයා යාම හරහා චිත්‍රපටයෙන් පැවසීමට උත්සාහ දරන්නේද නම වැනි ස්පාඤ්ඤ සේනාංකය අද්භූත ආකාරයකට අතුරුදන් වූවා නොව ගෝත්‍රිකයන්ගේ දරුණු ප්‍රහාරවලට ලක්ව සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වූ බවයි. ඉතිහාසයේ බොහෝ හිස් තැන් තිබේ. විශේෂයෙන්ම කීර්තිමත් රජකු, අධිරාජ්‍යයකු, සේනාංකයක් පරාජයට පත් වූ විට එම සැබෑව ඉතිහාසයේ නො ලියැවුණ සෙයක් පෙනී යයි. එවිට එම හිස් තැන සැම විටම පිර වූණේ අද්භූත කතා ස්වරූපයකිනි. නමවැනි ස්පාඤ්ඤ සේනාංකය පිළිබඳ ‘දි ඊගල්’ චිත්‍රපටය පවසන්නේ ද එවැන්නකි.
ඉතිහාසයේ හිඩැස් පුරවන මිථ්‍යාව
සිනමා කෘතින් සදහා පාදක වූ සත්‍ය කතා පිළිබඳ විවරණය කෙරෙන ලිපි මාලාව - 22
කීර්තිමත් රෝම සේනාංකයක පරාජය වසා දැමී ඇත්තේ මීදුමකිනි
නම වැනි ස්පාඤ්ඤ සේනාංකය රෝම අධිරාජ්‍යයට අයත් බළ ඇණියක් වූ අතර එය ක්‍රිස්තු යුගයට පෙර සියවසේ සිට ක්‍රිස්තු යුගයේ දෙවැනි සියවසේ මැද භාගය තෙක් සිය කීර්තිය දස අත පතුරවමින් පැවැතිණි.
ක්‍රි. පූ. 61 පමණ ස්පාඤ්ඤයේ ආණ්ඩුුකාරවරයා ලෙස ජුලියස් සීසර් කටයුතු කළ අතර මෙම බළ ඇණියේ පළමු අණ දෙන නිලධාරියා ලෙස පත් වූයේ ඔහු බව පැවසෙයි.
ක්‍රි. පූ. 61 දී සීසර් මෙම සේනාංකය ගෝල් දේශයට කැඳවා ගෙන ආ අතර ගෝල් දේශය ආක්‍රමණය සිදු වූයේ මෙම බළ ඇණිය අතිනි. එය පහසු කටයුත්තක් වූයේ නැත. නමුත් ස්පාඤ්ඤ සේනාංකය ගෝල් යුද්ධයේදී දැක් වූ දක්ෂතා නිසාම රෝම අධිරාජ්‍යයේ අනෙකුත් සේනාංකවලට වඩා වැඩි කීර්තියක් නම වැනි ස්පාඤ්ඤ බල ඇණියට හිමි වූයේය.
එකල නම වැනි ස්පාඤ්ඤ සේනාංකය ප්‍රකට වී තිබුණේ පරාජය කළ නොහැකි බළ ඇණියක් ලෙසිනි. ජර්මානු ගෝත්‍රිකයෝ රෝම සේනාංකවලට ප්‍රබල ප්‍රහාර එල්ල කළහ. එම ගෝත්‍රිකයන් මර්දනය කොට ජර්මනියේ රෝම බලය ව්‍යාප්ත කිරීමට පවා පෙරමුණට යැවුණේ නම වැනි ස්පාඤ්ඤ සේනාංකයයි.
ක්‍රි. ව. 43 දී පමණ රෝම අධිරාජ්‍ය ක්ලෝඩියස් ගේ නායකත්වය යටතේ සිදු වූ බ්‍රිතාන්‍ය ආක්‍රමණය සඳහා ද විශාල දායකත්වයක් නම වැනි ස්පාඤ්ඤ සේනාංකයෙන් ලැබිණි. මේ කීර්තිමත් සේනාංකය ක්‍රි. ව. 117 දී බ්රි්රතාන්යය ඇතුළත සම්පූර්ණයෙන්ම අතුරුදන් වූයේය.
නමවැනි ස්පාඤ්ඤ සේනාංකය යෙදුණ සටනක් චිත්‍ර ශිල්පියකුගේ ඇසින්.
සටනකට යමින් සිටින අතරතුර ඔවුන් මීදුමෙන් වැසී ගත් ප්‍රදේශයකට ඇතුළු වූ නමුත් සේනාංකය එම ප්‍රදේශයෙන් පිටතට නො ආ බවත්, සටනක් සිදු වූ බව ඇඟවෙන්නට කිසිදු සලකුණත් මීදුමෙන් වැසී තිබූ ප්‍රදේශය ඇතුළත නොතිබි බවත් ඉතිහාසයේ පැවසෙයි.
නමවැනි ස්පාපඤ්ඤ සේනාංකය සම්පූර්ණයෙන්ම අතුරුදන් වීම හා පබැඳුණ පුවත් බොහොමයකි. ඒ සෑම පුවතකම ඇත්තේ ඉහත මීදුමෙන් වැසුණු පෙදෙසකට ඇතුළු වී කිසිම සලකුණක් නොතබා අතුරුදන් වීම හා සමාන අද්භූත ස්වභාවයකි.
එහෙත් එසේ සේනාංකය අද්භූත ආකාරයකට අතුරුදන් වූ බව ඉතිහාසඥයන් පිළි ගන්නේ නැත. ක්‍රි. ව. 117 බ්‍රිතාන්‍යයේදී අතුරුදන් වී යැයි කියන මේ සේනාංකයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් ඊට පසු ද රෝම අධිරාජ්‍යයේ විවිධ නිලතල හොබවා ඇති ආකාරය ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ බළ ඇණියේ ඉහළ නිලයක් දැරූ ලුසියස් ඒමිලියස් කාරුස් ක්‍රි. ව. 142 – 143 කාලයේ අරාබියේ ආණ්ඩුකාර තනතුරක් උසුලා ඇති ආකාරයයි.
ඉතිහාසඥයන්ගේ අදහස වන්නේ බාර් කොච්බා කැරැල්ලේ දී හෝ වෙනත් සටනකදී මෙම බළ සේනාංකය සම්පූර්ණයෙන්ම පරාජයට පත් වන්නට ඇති බවත්, එහෙත් එම බළ සේනාංකය රණ ශූ®රත්වය උදෙසා දැරූ කිර්තිය නිසාම එම පරාජය ඉතිහාසයෙන් වසං කොට අද්භූත අතුරුදන්වීමක් ලෙස සටහන් කරන්නට ඇති බවත්ය. කෙසේ වෙතත් සේනාංකය කිසිම සටනකදී පරාජය වූ බවට සාධක ද ඉතිහාසයේ නැති බව එම ඉතිහාසඥයෝම පිළිගනිති.
බ්‍රිතාන්‍යයන් පාලනය කිරීම රෝම අධිරාජ්‍යයට මහත් ගැටලුවක් හා අභියෝගයක් වූ බවට අපමණ සාධක ඉතිහාසයේ තිබේ. නම වැනි ස්පාඤ්ඤ සේනාංකය බ්‍රිතාන්‍යයේදී සම්පූර්ණයෙන්ම පරාජයට පත් වූවා මිස අද්භූත ආකාරයකට අතුරුදන් වූයේ නැතැයි පවසන ඉතිහාසඥයන් තම මතය සනාථ කිරීමට ඉවහල් කර ගන්නේ් මාර්කස් කෝර්නේලියස් ෆ්‍රොන්ටෝ ගේ සටහන් සහ බ්‍රිතාන්‍යයේදී රෝම සේනාංක වෙත එල්ල වූ අභියෝගයන්ය.
කෙසේ වෙතත් නමවැනි ස්පාඤ්ඤ සේනාංකයට සිදු වූයේ කුමක් ද යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් මේ දක්වාම ලැබී නැත. අද්භූත ආකාරයට අතුරුදන් වූ මෙම රෝම සේනාංකය පිළිබඳ සිනමා පටයක් දැන් බ්‍රිතාන්‍ය - අමෙරිකා සම නිෂ්පාදනයක් ලෙස ලොව පුරා ප්‍රදර්ශනය වෙයි.
පසුගිය පෙබරවාරි 11 දා සිට අමෙරිකාවේ හා කැනඩාවේත් පසුගිය මාර්තු 25 දා සිට එංගලන්තයේදීත් ප්‍රදර්ශනය ඇරඹූ මෙම චිත්‍රපටය ‘දි ඊගල්’ නම් වෙයි. කෙවින් මැක්ඩොනල්ඩ් ගේ අධ්‍යක්ෂණයක් වූ මෙයට පාදක වී ඇත්තේ 1954 දී ජෙරමි බ්‍රොක් හා රෝස්මරී සට්ක්ලිෆ්ස් එක්ව ලියූ ඓතිහාසික නව කතාව ‘දි ඊගල් ඔෆ් ද නයින්ත්’ය.
චැනින්ග් ටැටුම්, ජෙමී බෙල්, ඩොනල්ඩ් සදර්ලන්ඩ්, මාක් ස්ට්‍රෝන්ග්, තහාර් රහීම් හා ඩෙනිස් ඔහාරේ වැනි නළු නිළියන් රඟන මෙම චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 2009 වසරේ අගෝස්තු මාසයේය.
බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ සති ගණනාවක්ම ග්නොමියෝ ඇන්ඩ් ජුලියට්, ජස්ටින් බ්ලෙබර්, නෙවර් සේ නෙවර් හා ජස්ට් ගෝ විත් ඉට් යන චිත්‍රපටවලට පසුපසින් ‘දි ඊගල්’ සිවුවැනි ස්ථානය නියෝජනය කළේය. විචාරකයන්ගේ ප්‍රසාදය මධ්‍යම වශයෙන් දිනා ගත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ රෝම සේනාංක හා බ්‍රිතාන්‍ය ගෝත්‍රිකයන් අතර ඇති වූ ගැටුම්ය.
මාර්කස් ෆ්ලැවියස් අකිලා උතුරු බ්‍රිතාන්‍යයට රෝම යුද නිලධාරියකු ලෙස පැමිණෙන්නේ ක්‍රි. ව. 140 දීය. ඔහුගේ ප්‍රධාන අරමුණ වන්නේ තම පියා සේවය කළ නම වැනි ස්පාඤ්ඤ සේනාංකයට නියම ආකාරයට සිදු වූයේ කුමක් ද යන්න සෙවීමයි.
අකිලාගේ මෙම සොයා යාම හරහා චිත්‍රපටයෙන් පැවසීමට උත්සාහ දරන්නේද නම වැනි ස්පාඤ්ඤ සේනාංකය අද්භූත ආකාරයකට අතුරුදන් වූවා නොව ගෝත්‍රිකයන්ගේ දරුණු ප්‍රහාරවලට ලක්ව සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වූ බවයි. ඉතිහාසයේ බොහෝ හිස් තැන් තිබේ. විශේෂයෙන්ම කීර්තිමත් රජකු, අධිරාජ්‍යයකු, සේනාංකයක් පරාජයට පත් වූ විට එම සැබෑව ඉතිහාසයේ නො ලියැවුණ සෙයක් පෙනී යයි. එවිට එම හිස් තැන සැම විටම පිර වූණේ අද්භූත කතා ස්වරූපයකිනි. නමවැනි ස්පාඤ්ඤ සේනාංකය පිළිබඳ ‘දි ඊගල්’ චිත්‍රපටය පවසන්නේ ද එවැන්නකි.

විහිළුවක් කළේ
ඔයා කළින් දාපු ත්‍රෙඩ් ටිකත් උපුට ගත්තු ඒවා නම් ලින් ටික එවනවද ? මට ආසයි දැනගන්න ඒ ලස්සන ලිපි ලිව්වේ කවුද කියලා