අතුරු අයවැය සහ වාහන මිල.

ඒක තමයි බන් මමත් කිව්වේ. මුලිකව හයිබ්‍රිඩ් ගැන කිව්වේ තීරුබදුත් වැඩිවුන නිසා.
අනිත් පෙට්‍රල් වාහන අනිවා වැඩිවෙනවා. අනේ මන්දා බන්. මද්යම පන්තියටත් කෙලවුනා බන්. සුපිරි සල්ලි කාරයූන්ට නම් චු යන්න බදු ගැහුවේ.
:P

අනිවා මචං පහල මද්යම පාන්තිකයන්ට හොදයි, අනිත් අයට සහ රජයේ සේවකයන්ට නම් හොදයි. අනිත් අයට නම් ලොකු වෙනසක් නැහැ.
සුපිරි සල්ලි කාරයන්ට කෙල කරපු එක අවුලක් නෑ බන්. උන් හැමදාම වැඩි ලාබ අඩු බදු ගෙවීම් නේ.
 
මගේ අදහස කියන්නම්
1500cc, 1000 සහ හයිබ්‍රිඩ් කියන වාහන වල බදු සමාන අඩු බදු ප්‍රමාණයකට ගේන්න ඕනේ. ඒකට නම් 1500cc, 1000 වල බදු අඩු කරලා හයිබ්‍රිඩ් වල බදු වැඩි කරන්න වෙනවා. එතකොට 1500cc, 1000 වලින් රජයට වෙන පාඩුව යම්තාක් දුරකට හයිබ්‍රිඩ් වලින් අල්ලන්න පුලුවන්. අනිත් එක එතකොට වාහන මිලදී ගන්න මිනිස්සුන්ට ඕනි ඔප්ෂන් එක තෝරගන්න පුලුවන්. මේවට අමතරව ත්‍රීවිල් වෙනුවට අඩුමිල කාර් එකක් (මරුටියක් වගේ එකක් හරි) ලංකාවෙම හදන්න ඕනේ. හදලා ටික ටික ත්‍රීවිල් ගේන එක සීමා කරන්න ඕනේ.

ලන්කාවෙ වාහන හදන්න ඉඩ දෙන්න‍ෙ නැහැ බන් සේල් කාරයො..... ඒකයි කේස් එක.... සේල් මාෆිය‍ාව තමා වාහන මාර්කට් එක රන් කරන්නෙ......

ඔව් මචං නැත්තං මයික්‍රෝ කාරයා හදාගෙන ආපු විදිහට හදන්න දුන්නනම් අද ලංකාවෙම වාහනයක් නිෂ්පාදනය වෙනවා.

අනිවා මචංලා.
මයික්‍රෝ කාරයව කෑවේ චීන ලබ්බවල් ගෙන්නන්න පොලබවලා.
 
uba hithuwada americawa lankawa wage podi kiyala. :eek:

ලංකාවෙත් තදබදය වැඩි නගර අශ්‍රිතව විතරයි බන්. එක නිසා තමයි විසදුමක් කිව්වේ.
ලංකාවේ පොඩි මොනිහත් වාහනයක් අරන් සැපට ඉන්නවා නම් තමයි බන් හොද, ඔය යටත් කුල බේද මානසිකත්වයෙන් ඉන්න එවුන්ට එක අවුලක් යයි.
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් මචං නැත්තං මයික්‍රෝ කාරයා හදාගෙන ආපු විදිහට හදන්න දුන්නනම් අද ලංකාවෙම වාහනයක් නිෂ්පාදනය වෙනවා.

    හම්...... අර මරැටි කාරයත් ලන්කාවෙ ෆැක්ටරියක් ඕපන් කරන්න ගියේ... ඒකටත් මොනව වෙයිද දන්නෙ නැහැ... මන් දන්න විදියටනන් බන් මීට අවුරැදු 2-3 කලින් හොද සේල් කාරයෙක් අවුරැද්දකට ලක්ස 1000 විතර හොයල තියනව.....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17824362 said:
    අනිවා මචංලා.
    මයික්‍රෝ කාරයව කෑවේ චීන ලබ්බවල් ගෙන්නන්න පොලබවලා.

    ඕව මචං පහුගිය රජය ගත්තු අදූරදර්ශී තීරණ තමයි. මේ රජයත් ඒ රිලේ එකේ දුවන තවත් ටීම් එකක් විතරක් වෙයිද දන්නෙ නෑ. (දැනට ඒ වගේ.) අපේ රටේ මිනිස්සුන්ට තෝරගන්න තියන එකම ඔප්ෂන් එක හයිබ්‍රිඩ් එක හෝ ඇල්ටො එක කියන තත්වෙට පත්කරපු එක මහ අපරාධයක්. දැන් හයිබ්‍රිඩ් පරණ වෙනකොට පිටරටට ගෙවන්න වෙන සල්ලි කන්දරාව ගැන කව්රුවත් හිතුවේ නෑ. කෙටිකාලීන ලාබයට, මයිකෝ සමාගම චීනෙන්, කොරියාවෙන් වාහන ගෙනල්ලා දොරවල් විතරක් හයි කරන තත්වෙට පත් කරපු එකත් මේ රටේ අනාගතයට එල්ල කරපු ලොකු ඍණ බලපෑමක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෑප්ටන් Jack Sparrow;17824371 said:
    ලංකාවෙත් තදබදය වැඩි නගර අශ්‍රිතව විතරයි බන්. එක නිසා තමයි විසදුමක් කිව්වේ.
    ලංකාවේ පොඩි මොනිහත් වාහනයක් අරන් සැපට ඉන්නවා නම් තමයි බන් හොද, ඔය යටත් කුල බේද මානසිකත්වයෙන් ඉන්න එවුන්ට එක අවුලක් යයි.

    ඔව් ඔව් ලන්කාවෙ වාහනයක්... (මොකක් උනත් කමක් නැහැ) කියන්නෙ තමන්ගෙ තත්වය පෙන්නන් තියන මාර්ගයක්නෙ....
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    මචන් ඔකෙන් සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක ලොකුවට වෙනස් වෙන එකක් නෑ නේද? විට්ස් එකක් වගේ ගන්න හිතාගෙන හිටියෙ මාර්තු වල වගේ
     
    ඕව මචං පහුගිය රජය ගත්තු අදූරදර්ශී තීරණ තමයි. මේ රජයත් ඒ රිලේ එකේ දුවන තවත් ටීම් එකක් විතරක් වෙයිද දන්නෙ නෑ. (දැනට ඒ වගේ.) අපේ රටේ මිනිස්සුන්ට තෝරගන්න තියන එකම ඔප්ෂන් එක හයිබ්‍රිඩ් එක හෝ ඇල්ටො එක කියන තත්වෙට පත්කරපු එක මහ අපරාධයක්. දැන් හයිබ්‍රිඩ් පරණ වෙනකොට පිටරටට ගෙවන්න වෙන සල්ලි කන්දරාව ගැන කව්රුවත් හිතුවේ නෑ. කෙටිකාලීන ලාබයට, මයිකෝ සමාගම චීනෙන්, කොරියාවෙන් වාහන ගෙනල්ලා දොරවල් විතරක් හයි කරන තත්වෙට පත් කරපු එකත් මේ රටේ අනාගතයට එල්ල කරපු ලොකු ඍණ බලපෑමක්.

    සිරාවට, වර්තමානේ ගැන විතරක් හිතපු කලින් වගේම තවත් එක කැරට් අය වැයක්.
    මයික්‍රෝ එකෙන් කොච්චි වගේ ඒවත් හදන්න හැදුව ගොඩක් අඩුවට, එකත් නවත්තල චීනෙන් ගෙන්නුවා. සැහෙන්න අපරාදේ.
     
    ඔව් ඔව් ලන්කාවෙ වාහනයක්... (මොකක් උනත් කමක් නැහැ) කියන්නෙ තමන්ගෙ තත්වය පෙන්නන් තියන මාර්ගයක්නෙ....

    ඔව් මචං එක තමයි අවුල. අපේ එවුන්ගේ ඔලු හදල පොදු ප්‍රවහනේ දියුණු කළා නම් රටේ වාහන වැඩි වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි.
    එත් ලංකාවේ ඒ වගේ දෙයක් හීනයක් විතරයි මචං.​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හම්...... අර මරැටි කාරයත් ලන්කාවෙ ෆැක්ටරියක් ඕපන් කරන්න ගියේ... ඒකටත් මොනව වෙයිද දන්නෙ නැහැ... මන් දන්න විදියටනන් බන් මීට අවුරැදු 2-3 කලින් හොද සේල් කාරයෙක් අවුරැද්දකට ලක්ස 1000 විතර හොයල තියනව.....
    මම නම් හිතන්නේ එන්ජින් එක, ගියර්බොක්ස් එක ජපානෙන් ගෙනල්ලා හරි ලංකාවෙම වාහන හදන්න ව්‍යාපාරයක් පටන්ගන්න ඕනි කියලා මචං. ඇයි බං මේ අපේ රජයකට ඔය වගේ දේකට මුදල් යොදවන්න බැරි. නිකං බදු ගහ ගහ සල්ලි හූරං කන එකේ මෙහෙ ඔය වගේ ව්‍යාපාරයක් පටන් ගත්ත නම් කොච්චර ජොබ් දෙන්න පුලුවන්ද, අනිත් එක වාහන විකුණලා කොච්චර ලාභ ලබන්න පුලුවන්ද. මුං හැමෝම රටින් ලැබෙන සල්ලි ටිකටයි, අත යටින් ලැබෙන කුට්ටි වලටයි කෙල හලනවා මිසක් ප්‍රයෝජනවත් දෙයක් කරන්න හිතන්නෙ නෑ.
    සේල් කාරයන්ට ඔය යන සල්ලි කන්දරාව බලපංකෝ ඉතිං ඕව අපේ මින්ස්සූ දුක් මහන්සියෙන් හම්බුකරන සල්ලිනේ. සමහරු ෆිනෑන්ස් දාලා කොච්චර දුකක් විදිනවද වාහනේකට ගෙවාගන්න.
     
    මචන් ඔකෙන් සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක ලොකුවට වෙනස් වෙන එකක් නෑ නේද? විට්ස් එකක් වගේ ගන්න හිතාගෙන හිටියෙ මාර්තු වල වගේ

    මචං හයිබ්‍රිඩ්, පෙට්‍රල් කාර් බදු වැඩි වෙලා මිල වැඩි නිසා ලක්ෂ 25-35 වාහන බ්‍රෑන්ඩ් නිව් ගත්ත අයට බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න බැරි වෙන නිසා පාවිච්චි කරපු ඔය වගේ වාහන වලට ඒ අය යන්න හැදුවොත් ඉල්ලුම වැඩි වෙලා මිල වැඩි වේවි මට හිතෙන විදිහට. අනිත් අයගේ අදහසුත් කියන්න මේ ගැන.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17824435 said:
    සිරාවට, වර්තමානේ ගැන විතරක් හිතපු කලින් වගේම තවත් එක කැරට් අය වැයක්.
    මයික්‍රෝ එකෙන් කොච්චි වගේ ඒවත් හදන්න හැදුව ගොඩක් අඩුවට, එකත් නවත්තල චීනෙන් ගෙන්නුවා. සැහෙන්න අපරාදේ.

    ඔව් සහෝ ඒවනම් මහ අපරාද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් හිතන්නේ එන්ජින් එක, ගියර්බොක්ස් එක ජපානෙන් ගෙනල්ලා හරි ලංකාවෙම වාහන හදන්න ව්‍යාපාරයක් පටන්ගන්න ඕනි කියලා මචං. ඇයි බං මේ අපේ රජයකට ඔය වගේ දේකට මුදල් යොදවන්න බැරි. නිකං බදු ගහ ගහ සල්ලි හූරං කන එකේ මෙහෙ ඔය වගේ ව්‍යාපාරයක් පටන් ගත්ත නම් කොච්චර ජොබ් දෙන්න පුලුවන්ද, අනිත් එක වාහන විකුණලා කොච්චර ලාභ ලබන්න පුලුවන්ද. මුං හැමෝම රටින් ලැබෙන සල්ලි ටිකටයි, අත යටින් ලැබෙන කුට්ටි වලටයි කෙල හලනවා මිසක් ප්‍රයෝජනවත් දෙයක් කරන්න හිතන්නෙ නෑ.
    සේල් කාරයන්ට ඔය යන සල්ලි කන්දරාව බලපංකෝ ඉතිං ඕව අපේ මින්ස්සූ දුක් මහන්සියෙන් හම්බුකරන සල්ලිනේ. සමහරු ෆිනෑන්ස් දාලා කොච්චර දුකක් විදිනවද වාහනේකට ගෙවාගන්න.

    එහෙම කරන්න බැහැ බන්. අපේ උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ ‍ටොයෝටා නැත්තන් මේඩ් ඉන ජැපෑන් විතරයි. තායිලන්තෙ හදන ටොයොටා වාහනත් ගන්න අදිමදි කරන එකේ ලන්කාවෙ හදන වාහනයක් ගනීද. අනික බන් වාහන හදන්න යන වියදම වැඩී ඒක පොඩි ‍කම්පැනියකට දරන්න අමාරැයි. ලන්කාව වෙගේ පොඩි මාර්කට් එකක වාහන විකුණල ලාබයක් ලබන්නත් බැහැ. පිටරටකට අලුත් වාහන විකුණන්නත් බැහැ.

    කරන්න පුලුවන් එකම දේ පිටරට නමගිය වාහන කම්පැණියකට ලන්කාවෙ ‍මාර්කට් එකට වාහන එසෙම්බල් කරන්න කියල කියන එක. එන නොඑන එක උන්ගෙ දෙයක්.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    සුද්ද සිංහලෙන්ම කියන්නම් හයිබ්‍රිඩ් වැඩි කරපු එක මහා කැරි වැඩක් :angry::angry: මොකද ඔතන පොඩි මිනිහගේ වාහනේ ලොකු මිනිහගේ වාහනේ කියන නෙමේ වැදගත්, හොද දේ දීමයි වැදගත්, දැන් 1000CC වාහන අඩු කල කියලා හම මිනිහම alto ගන්නේ නැනේ බන්, අනිත් එක ගොඩක් මිනිස්සු ඉන්නවා හයිබ්‍රිඩ් ගන්න HIre කරන්න, ලෝකේ ඔක්කොම රටවල් eco friendly වාහන වලට මාරු වෙනවා, ලංකාව තවත් පල්ලෙහට දානව
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙම කරන්න බැහැ බන්. අපේ උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ ‍ටොයෝටා නැත්තන් මේඩ් ඉන ජැපෑන් විතරයි. තායිලන්තෙ හදන ටොයොටා වාහනත් ගන්න අදිමදි කරන එකේ ලන්කාවෙ හදන වාහනයක් ගනීද. අනික බන් වාහන හදන්න යන වියදම වැඩී ඒක පොඩි ‍කම්පැනියකට දරන්න අමාරැයි. ලන්කාව වෙගේ පොඩි මාර්කට් එකක වාහන විකුණල ලාබයක් ලබන්නත් බැහැ. පිටරටකට අලුත් වාහන විකුණන්නත් බැහැ.

    කරන්න පුලුවන් එකම දේ පිටරට නමගිය වාහන කම්පැණියකට ලන්කාවෙ ‍මාර්කට් එකට වාහන එසෙම්බල් කරන්න කියල කියන එක. එන නොඑන එක උන්ගෙ දෙයක්.

    ඒක නම් ඇත්ත. ඒත් මම හිතුවේ ඉන්දියාව සුසුකි තාක්ෂණයෙන් කාර්හැදුවා වගේ, හොන්ඩ තාක්ෂණයෙන් බයික් හැදුවා වගේ ඇයි අපේ උන්ට දෙයක් කරගන්න බැරි කියල මචං. වියදම අඩු කරගන්න මූලිකව බේසික් වාහන විතරක් හදනවා එහෙම කරලා අඩුවට දෙන්න පුලුවන් නම් අපේ උන් ගනී. මොකද දැනට අඩුවට දෙනව කියන එකම විතරක් පදනම් කරගෙන ඉන්දියන් වාහන අපේ එව්න් ගන්නවනේ බං. ඒ වගේම අඩුවට තියන නිසාම සැප පහසුව, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන මොකවත් හිතන්නේ නැතුව හයිබ්‍රිඩ් ගත්තනේ මචං. මේක අපේ වගේ රටක පොඩි පුද්ගලික ආයතනයකට කරන්න අමාරුයි. ඒත් රජයක් මැදිහත් වුනොත් කරන්න පුලුවන් වෙයි නේද.
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    කෑප්ටන් Jack Sparrow;17824474 said:
    මචං හයිබ්‍රිඩ්, පෙට්‍රල් කාර් බදු වැඩි වෙලා මිල වැඩි නිසා ලක්ෂ 25-35 වාහන බ්‍රෑන්ඩ් නිව් ගත්ත අයට බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න බැරි වෙන නිසා පාවිච්චි කරපු ඔය වගේ වාහන වලට ඒ අය යන්න හැදුවොත් ඉල්ලුම වැඩි වෙලා මිල වැඩි වේවි මට හිතෙන විදිහට. අනිත් අයගේ අදහසුත් කියන්න මේ ගැන.

    අඩේ ඒකත් ඇත්ත නේ. ඉක්මනට ගන්න ඕනෙ එහෙනම්. පරක්කු කරන්නෙ නැතුව
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17824474 said:
    මචං හයිබ්‍රිඩ්, පෙට්‍රල් කාර් බදු වැඩි වෙලා මිල වැඩි නිසා ලක්ෂ 25-35 වාහන බ්‍රෑන්ඩ් නිව් ගත්ත අයට බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න බැරි වෙන නිසා පාවිච්චි කරපු ඔය වගේ වාහන වලට ඒ අය යන්න හැදුවොත් ඉල්ලුම වැඩි වෙලා මිල වැඩි වේවි මට හිතෙන විදිහට. අනිත් අයගේ අදහසුත් කියන්න මේ ගැන.

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක නම් ඇත්ත. ඒත් මම හිතුවේ ඉන්දියාව සුසුකි තාක්ෂණයෙන් කාර්හැදුවා වගේ, හොන්ඩ තාක්ෂණයෙන් බයික් හැදුවා වගේ ඇයි අපේ උන්ට දෙයක් කරගන්න බැරි කියල මචං. වියදම අඩු කරගන්න මූලිකව බේසික් වාහන විතරක් හදනවා එහෙම කරලා අඩුවට දෙන්න පුලුවන් නම් අපේ උන් ගනී. මොකද දැනට අඩුවට දෙනව කියන එකම විතරක් පදනම් කරගෙන ඉන්දියන් වාහන අපේ එව්න් ගන්නවනේ බං. ඒ වගේම අඩුවට තියන නිසාම සැප පහසුව, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන මොකවත් හිතන්නේ නැතුව හයිබ්‍රිඩ් ගත්තනේ මචං. මේක අපේ වගේ රටක පොඩි පුද්ගලික ආයතනයකට කරන්න අමාරුයි. ඒත් රජයක් මැදිහත් වුනොත් කරන්න පුලුවන් වෙයි නේද.

    මේවගේ පොඩි කාලෙකින් ආන්ඩු ම‍ාරැවෙද්දි කොහොමද බන් කාර් හදන්නෙ....