උබත් දන්න දේවල්, හෑබෑයි ඔක්කොම හරි.
ජොනී බට්ට;21912596 said:
බොහොම නිස්කලංක පුද්ගලයෙකුගේ අතක්. කේතකුන්ද රේකාවෙන් පෙන්නන විදිහටනම් ව්‍යාපාර පැත්තෙන් අලාබ හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්තිර රැකියාවකට යොමු වීම නුවනට හුරුයි. නමුත් කිත්තමූල රේකාවට අනුව වැඩිහිටියන්ගෙන් හා ඉහල නිලධාරීන්ගේ අවවාද ඔවදන් පිළිපැදීමේ මදි කමක් පෙන්නුම් කරනවා. ඒ නිසා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පුළුවන් තරම් ඉවසීමෙන් ඉන්න ඕනේ, රැකියා ස්ථානයේදී පවතින වාතාවරණය ගැනද තමන්ගේ පුරුදු ගැනද කිට්ටු අවධානයක් දීම නුවණට හුරුයි. එක්ශානවස්තු රේකාවෙ හැටියට මිල මුදල් වල සුළු අඩුවක් පෙන්නුම් කෙරුවත් වේනෆ්හබ බේනිස්ද රේකාවෙ හැටියට වයස අවුරුදු 35 කිට්ටු වනවාත් සමග මහා දනස්කන්ධයකට උරුමකම් කියන පාටක් පෙන්නුම් කරනවා. ඒවගේම තමයි සොධෝකිව්ර්හ රේකාවේ දිග සහ ගණත්වය ගත්තහම දිගු කලක් ජීවත් වීමේ වාසනාව ලැබුනත් ජීවිතේ අවසන් කාලය තනියම සිටීමට වෙන පාටක් තමයි පෙන්නේ
ව්‍යාපාර නම් නෑත. මාස් පඩි රස්සව තමය් ඔක්කොටම තියෙන්නේ.
35ට දෑන් ලගයි, කෝකටත් පේ පෑල් ඈඩ්‍රස් එක එවලා තියපන් දනස්කන්දෙ හම්බ උනොත් උබටත් ටිකක් ට්‍රාන්ස්ෆර් කරන්නම්
කසාද බැදලනම් බිරිද ලස්සන කාන්තාවක්. නැත්තං ලස්සන කෙනෙක් විවහා කර ගන්න වාසනාව තියනවා. දරුවන් දෙදෙනෙක් ලැබෙයි. එක්කෙනක් පුතෙක් අනෙක් කෙනා දුවෙක්. බොහෝ විට නිරෝගී. මුදල් පිළිබදව එතරම් ප්‍රශ්නයක් නෑ. ඉතිරි කළ මුදලකුත් තියෙන්න ඕනේ.
ග්ලෙන්ෆිඩිච් බාගයක් වක්කරන්න හිතෙනවා උබේ කටේ.
