අදත් වැඩ කරන මිනිහකුගේ මැයි දින පණිවුඩය

අදත් වැඩ කරන මිනිහකුගේ මැයි දින පණිවුඩය

may+day.jpg


අදත් වැඩ කරන මිනිහකුගේ මැයි දින පණිවුඩය: තල තෙලට වේලේ - මී බෙටි කුමට වේලේ?



කැලැන්ඩර‍යේ මැය 01 දිනය උදා වී තිබේ. කැලැන්ඩර් දේශපාලනයට මැයි 01 දිනය තවත් සංදර්ශනයකට නිමිත්තක් සපයයි.

අපි මැයි පළමු දින මෙසේ සංදර්ශන පවත්වන්නේ ඇයි? යුරෝපා රටවල දුර අතීතයේ සිටම සමරනු ලැබූ මැයි දිනයක් තිබේ. එය ඔවුන්ගේ සංස්කෘතිකාංගයකි.

එහෙත්, අප අද සමරන්නේ ඒ මැයි දිනය නොව ජාත්‍යන්තර ශ්‍රම දිනයයි. මෙයට ජාත්‍යන්තර කම්කරු දිනය කියාද කියනු ලැබේ.

පැය අටේ වැඩ දිනයක් වෙනුවෙන් ඇමරිකානු කම්කරුවන් කළ අරගළයෙන් මතු වූ ජාත්‍යන්තර කම්කරු දිනය වැඩ කරන ජනතාවට සිය අයිතිවාසිකම් වෙනුවෙන් ස‍ටන් කිරීමේ වැදගත්කම සිහිපත් කරන දිනයකි.

එහෙත්, ඇත්ත තත්වය ගත්තොත් අද වන විට අපේ රටේ නම් ඇතැම් කම්කරුවෝ තමන් කම්කරුවන් යයි හැඳින්වීමට පවා මැලි වෙති. බුද්ධිමය ශ්‍රමය වගුරන සුදු කරපටි රැකියා කරන අය පමණක් නොව තාක්ෂණික ශ්‍රේණිවල නිල්කරපටිකරුවෝ පවා කම්කරුභාවයෙන් දුරස්ථ අනන්‍යතා සොයති. පසුගිය කාලයේ ලංකාවේ වෛද්‍ය රසායනික කාර්මික ශිල්පීහු ‍හෙවත් කවුරුත් දන්නා සිංහලෙන් එම්.එල්.ටී.ලා සිය සේවා නාමයට විද්‍යාඥ කෑල්ලක් එක් කර ගත්හ. ලිපිකරුවෝ කළමනාකාර සහායක ලෙස තම සේවා නාමය වෙනස් කරගත්හ. දුම්රිය රියදුරන්ට හෙවත් එන්ජින් ඩ්‍රයිවර්ලාට සිය සේවා නාමය පයිලට් ලෙස වෙනස් කරගන්න‍ට උවමනා කර තිබේ.

ඇතැම් කම්කරු නායකයෝ පුවත්පත් සාකච්ඡා පවත්වන්නේ ටයි පැළඳගෙනයි. ටයි පටියේ මහලොකු උජාරුවක් නැතිමුත්, ටයි පැළඳීමෙන් ඔවුන් උත්සාහ කරන්නේ තමන් කම්කරුවන් නොව යම් නිලධාරීන් පිරසක් බව පෙන්වීමටයි.

තමන් කය වෙහෙසවන රැකියාවක් කරන බව කියන්නට බොහෝ දෙනෙක් අකැමැති වෙති. රටේ තිබෙන රැල්ල අනුව වැඩිදෙනෙක් උත්සාහ කරන්නේ වැඩ නොකරන ජනතාව වීමටයි. වෘත්තීය සමිති නායකයන් බවට පත් වන අයගෙන්ද වැඩිදෙනෙක් සේවා ස්ථානවල වැඩ නොකරන අයයි. වැඩ නොකරන ජනතාව වීමට හොඳම මාර්ගය දේශපාලනයයි. ආණ්ඩු පක්ෂයේ ගැත්තකු ලෙස ලියාප‍දිංචි වූ විට වැඩ කරන්නට අවශ්‍ය වන්නේ සිය හාම්පුතුන්ගේ දේශපාලන වැඩවලදී පමණි.

හොඳ වැටුපක් ලබමින් නිකම් සිටීමේ බලාපොරොත්තුවෙන් ඇතැමෙක් වරාය කම්කරු වැනි රැකියා සඳහා දේශපාලකයන්ට ලක්ෂ ගණනින් අල්ලස් දෙති.

ඇත්තටම සිය තනතුරු නාම‍යේ කම්කරු කියා සඳහන් වන රජයේ ආයතනවල සේවය කරන අය තරම් කය වෙහෙසවා වැඩ කිරීමට අකැමති තවත් පිරිසක් නැත.

මෙවැනි පසුබිමක සිට අප ජාත්‍යන්තර කම්කරු දිනය සමරමු. මේ කම්කරු සැමරුම්වල නායකත්වය ගන්නන් වැඩිදෙනෙකුගේ මූලික ලක්ෂණය වන්නේද වැඩ කිරීමට ඇති අකැමැත්තයි.

කවුරුත් කැමති අනුන්ගෙන් වැඩ ගැනීමටයි. පුංචි සුපවයිසර් තනතුරක් ලබාගෙන කම්කරුවන් දෙතුන් දෙනෙකු වැඩෙහි යොදවා බලන්නට වැඩකුදු නොමැති නිසා දුරකථනවලින් මල් කඩමින් සිටින වැඩ කරන ජනතාව බොහෝ විට අපි වීදි අද්දරදී දකිමු.

ඉතින් ඇත්තෙන්ම වැඩ කරන ජනතාව කියන්නේ කවුරුද? තමන්ට අදාළ රාජකාරිය නොපිරිහෙළා ඉ‍ටු කරන ශ්‍රමිකයන් සිටින බව ඇත්තකි. බලහත්කාරී ශ්‍රම පරිසරයන් තුළ අපමණ වෙහෙස වී වැඩ කරන කම්කරුවෝ සිටිති. ඇඟලුම් කම්හල්වල, වැඩපොළවල්වල, තේ රබර් ආදී වතුවල, කුඹුරුවල මිනිස්සු කය වෙහෙසා වැඩ කරති. මානසික ශ්‍රමය වගුරුවමින් වෙහෙසී වැඩ කරන මිනිස්සුද සිටිති. ඔවුහු බොහෝ දෙනෙක් අද දවසේද වැඩ කරති. මන්ද, ඔවුන් වැඩි දෙනෙකුට වැටුප් ලැබෙන්නේ වැඩ කළොත් පමණක් වන හෙයිනි. වැඩ කර මහන්සි වන මිනිසුන්ට වැඩ නොකරන කම්කරු නායකයන්ගේ ‍දේශන අසන්නට කොළඹ යන්නට වෙලාව නැත. ඔවුහු මැයි දින නිවාඩුව දරු පවුල් සමග ගත කරති.

ඇතැමෙක් මැයි දින සතුට ලබන්නේ වෘත්තීය සමිතියෙන් සපයන ලද බසයෙන් කොළඹ ගොස් හොඳට බීමත් වී සමිතියෙන් සපයන බත් පාර්සලය කා පෙළපාලි ගොස් රැස්වීම් භූමියේ ඒ පැත්තෙන් ඇතුල් වී මේ පැත්තෙන් පි‍ට වී යන්නටයි.

දේශපාලන පක්ෂවල මැයි රැළි යනු නායකයන්ගේ ඒකායන අරමුණ වූ පාර්ලිමේන්තුවට යන්නට හා බලය භුක්ති විඳින්නට අවශ්‍ය ක්‍රියාකාරිත්වය නඩත්තු කර ගැනීමේ තවත් උපාය මාර්ගයක් පමණි. ඈත ගම්වල සිට එහි එන ඇතැමෙක් මී කඩන්නේ අත ලෙව කන්නට බලාගෙන නොවේ.

වමේ පක්ෂවල එවැනි අය ගැන කියන්නට තිබෙන්නේ මෙන්න මේ උපහැරණයයි
.

'තල තෙලට වේලේ - මී බෙටි කුමට වේලේ?'



http://www.w3lanka.com/




 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාව කම්කරැ දිනය කියලා සමරන්නේ දේශපාලයන්ට ක‍ඩේ යන පෙලපාලිවලින් හා රැස්ව්ම් වලින් .:(