දරුවෝ අනාථයි
අපේ රටේ අනාගතේ..මම නම් කියන්නේ ගුරුවරු පොඩ්ඩක් හරි නම්‍යශීලි වෙන්න ඕනේ..මේක පිටිපස්සේ ඉන්නේ මේ රටේ හැමදේම අඩපන කරන සෙට් එකක්
ගුරු - විදුහල්පති අරගලය රුපියල් 5,000කට ලඝු නොකරන ලෙස ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළේය.
අද (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව පැවසීය.
කිසිම ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු මෙම රුපියල් 5,000 දීමනාව භාර නොගන්නා අතර එය කොවිඩ් මර්දනයට තබා ගන්නා ලෙසද එම වෘත්තීය සමිති නියෝජිතයින් එහිදී වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියන් සඳහන් කළේ, මෙතෙක් කාලයක් ශක්තිමත්ව මෙම අරගලය සිදුකළේ රුපියල් 5,000කට එය ලඝු කිරීමට නොව ගුරු සේවයේ ගුණාත්මකභාවය මෙන්ම ගරුත්වය ද සැලකිල්ලට ගෙන බවය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජය ගත් තීරණ සමග එකඟ නොවන බවය.
"කැබිනට් මණ්ඩලය ඊයේ සම්මත කරගෙන තියෙන්නේ ගුරුවරුන්ට ලබන මාසේ සිට රුපියල් 5,000 දීමනාවක් දීමත් 2018 අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවත් කළ යෝජනාව කොටස් වශයෙන් අයවැය යෝජනාවක් යටතේ ලබාදීමත්. අපි පැහැදිලිව කරුණු ඉදිරිපත් කළා අනුකමිටුව ඉදිරිපත් කරන මේ වැටුප් යෝජනාව සම්පූර්ණ මුදලක් ලෙස ලබාදෙන්නත් ඒක සුබෝධනී වාර්තාවේ කොටසක් හැටියට ලබාදෙන්නත් කියලා. අපි ඉදිරිපත් කරපු මේ යෝජනාව සම්පූර්ණයෙන් නොසලකා හැරලා තියෙන්නේ. මේකෙන් හම්බවෙන්නේ රුපියල් 5,000 සිට 11,000 දක්වා වැටුප් වැඩිවීමක්. මේක කොටස් කරලා මොකක්ද ගන්න තියෙන්නේ ගුරුවරුන්ට."