අද ඉඳන් හැමෝටම 30++ ගානේ දෙනු ලැබේ..

Status
Not open for further replies.

sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    ඔන්න අද ඉඳන් රෙප් පවර් එක 30+ වෙලා.. ඉතින් අද ඉඳන් හැමෝටම 30+ ගානේ සලකනු ලැබේ..:yes::yes:

    මෙන්න අද කතාව..

    බල්ගේරියාවේ උපතලද බාබා වන්ගා (1911-1996) විසින් සිදුකරනු ලැබූ අනාගත අනාවැකි විශාල සංඛ්‍යාවක් ඒ ආකාරයෙන්ම සත්‍ය වී ඇතැයි පැවසෙනවා. ඒ නිසා ඇයට ලොවපුරා ඉමහත් කීරිතියක් සහ ජනප‍්‍රියත්වයක්ද හිමිවුණා. ඇතැමෙක් ඇය අධිමානසික හැකියාවක් ඇති සාන්තූවරියක් ලෙසද හැඳින්වුවා.

    2020 වර්ෂයෙන් පසු ඉදිරි අවුරුදු කිහිපය තුලදීද සිදුවිය හැකි සිදුවීම් ගණනාවක් පිළිබඳවද ඇය අනාවැකි රැසක් මෙසේ පවසා තිබෙනවා.

    2023 - පෘතුවි කක්ෂය වෙනස් වේවි.

    2028 - වෙනත් විකල්ප බලශක්ති ප‍්‍රභවයක් සොයාගැනීමේ අරමුණෙන් යුතුව , මිනිසා වීනස් වෙත පියාසර කරාවි.

    2033 - අයිස් ග්ලැසියර් දියවීම නිසා පෘතුවියේ ජල මට්ටම ඉහල යාවි.

    2043 - යුරෝපය ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා පැවති සටන සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන අතර අගනුවර ලෙස රෝමය නම්කරනවා. ලෝක ආර්ථිකයද මුස්ලිම් වරුන් අතට පත්වෙනවා.

    2066 - රෝමය මුදවාගෙන නැවත ක‍්‍රිස්තියානි ආගම ප‍්‍රචලිත කිරීම සඳහා, ඇමරිකාව විසින් නවතම අවියක් භාවිතා කරනවා. එය කාලගුණය පවා වෙනස් කිරීමේ හැකියාවක් ඇති අවියකි.

    2076 - යුරෝපයට සහ මුළු ලෝකයටම නැවත කොමියුනිස්ට්වාදය පැමිණෙනවා.

    2084 - ස්වභාවධර්මය යලි උපත ලබනවා.

    2100 - මිනිසා විසින් නිෂ්පාදනය කරනලද කෘතීම සුර්යා පෘතුවියේ අඳුරු පැති ආලෝකමත් කරනවා.

    2130 - පිටසක්වල ජීවීන්ගේ උපකාරය ඇතිව මුහුදු පතුලේද ජනාවාස ඉදිවෙනවා.

    2170 - ලෝකයටම බලාපාන විශාල ඉඩෝරයක් ඇතිවෙනවා.

    2187 - විශාල ගිනිකඳු දෙකක විදාරණය සාර්ථකව නතර වෙනවා.

    2201 - සුර්යාගේ තාපන්‍යෂ්ටික ක‍්‍රියාවලිය මන්දගාමී වීම නිසා, ගෝලීය උෂ්ණත්වය අඩුවෙනවා.

    2262 - ග‍්‍රහලෝක වල කක්ෂය සෙමින් වෙනස් වෙන අතර, වල්ගා තරුවක් නිසා අගහරු ග‍්‍රහයාට විශාල අවදානමක් ඇතිවෙනවා.

    2354 - කෘතීම සූර්යාගේ සිදුවෙන අනතුරක් නිසා ඉඩෝරය තවත් නරක අතර හැරෙන්නට ඉඩ තිබෙනවා.

    2480 - කෘතීම සූර්යයන් දෙදෙනෙක් එකට ගැටී, මුළු ලෝකයම අඳුරු වෙනවා.

    3005 - අගහරු මත ඇති යුද්ධය නිසා ග‍්‍රහයාගේ පාරාචක‍්‍රය වෙනස් වෙනවා.

    3010 - චන්ද‍්‍රයා සමග වල්ගාතරුවක් එකට ගැටීම හේතුවෙන්, පෘතුවිය වටේට පාෂාණ සහ අළු අළු වළල්ලක් ඇතිවෙනවා.

    3797 - මෙම කාලය වන විට, පෘතුවිය මත වෙසෙන සෑම කෙනෙක්ම මරණයට පත්වී හමාරයි. කෙසේ වෙතත්, වෙනත් සෞරග‍්‍රහ මණ්ඩලයකට සංක‍්‍රමණය වීමට තරම් තාක්ෂණික දියුණුවක් එකල ජන සමාජය තුල පවතිනවා

    නෙත් නිවුස් ඇසුරෙනි....
    .

    Rep Added !!!!!
     
    Status
    Not open for further replies.