අද ඔබට හෙට මෙය මටද විය හැක

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද ඔබට හෙට මෙය මටද විය හැක

    එදා, සුද්දා අශ්වකරත්තයෙන් පාරේ යන කල ස්වදේශීකයන් අමුඩ ලේන්සුව කරෙන් ගෙන දෙකට නැමී පාරෙන් ඉවත් වී ඊට ඉඩ දිය යුතු විය. එසේ නොවුනහොත් අශ්වයාට තලන කසයෙන් සුද්දා ස්වදේශිකයන්ටද තැලීය.

    සුද්දා වෙනුවට අද පාරේ ,පරන් භූන්, කියා ජාතියක් යති. ඔවුන්ගේ ගමනද එදා සුද්දා ගිය ගමනට වඩා වෙනසක් නැති බව මම අනුභූතිකව දැනගතිමි. අනුභූතික ලෙස දැන ගැනීම යනු පංචේන්ර්් යන්ගෙන් යමක් දැන ගැනීමයි. මෙම දැනගැනීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ,අනුභූතික දැනගැනීමක්, වුයේ ඇස, කණ, නාසය, දිව, සම යන පංචඉන්ද්රීවයන් ම එකවර පුපුරා යන තරමේ මුෂ්ඨි පරදැනහාරයක්ද මුහුණපුරා ලබමින් උක්ත අත්දැකීම ලැබීමයි.

    ඒ පසුගිය අගහරුවාදාය. මා කොහුවල සිට 120මාර්ගයේ ටවුන්හෝල් දක්වා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියෙමි. වේලාව දහවල් 12.30පමණ ඇත. වැල්ලවත්ත හැවුලොක් ටවුමේ හින්දු කෝවිල පසුවනවාත් සමගම පිටපසින් මහ හඩක් නගමින් පැමිණෙන පරකොහභූ ආරක්ෂක රථ පෙලක් දුටුවෙමි. අප රටේ බොහෝ දෙනෙකුට මෙන්ම මටද එවෙලේ එම දසුන ජුගුප්සාජනක සේම ලේ කෝප කරවන එකක්ද විය. නමුත් නීතිය කෙසේ වෙතත් මේ රටෙහි අප පුරුදු වී ඇති සාමාන්යස ආකාරය අනුව මා ඊල`ගට කල යුත්තක් විය. එය නම්, මා පදවන යතුරුපැදිය ඔවුන් පැමිණෙන මාර්ගයට ඉඩදී පසෙකට ගැනීමයි. එකවරම නොකලද මම ද, එවේලේ එය කලෙමි. මගේ යතුරුපැදිය වම්පසට ගෙන උක්ත රථ පෙලට යාමට ඉඩදුනෙමි. සයිරන් හඩවමින් පැමිණි පොලිස් යතුරුපැදිය, අංක තහඩු නොමැති කලූ පැහැති ඊඵඋ රථය හා ආරක්ෂක බලූ කුක්කන් රැගත් සුදුපැහැති KH 1019දරන ඩිෆෙන්ඩර් රථය ක්ෂතණයකින් මා පසුකර යන ලදි.

    නමුත් එකවරම අප සියලූ දෙනාගේ ගමනට බාධා කරමින් විශාල මාර්ග තදබදයක් ඉදිරියෙන් ඇති විය. එම නිසා උක්ත රථ පෙලද මාගේ යතුරුපැදියද තවදුරටත් ඉදිරියට යාමට නොහැකි වුයෙන් පාරේ නැවතුනි. මට එතරම්ම නිච්චියක් නොවුවත් කලූපාට තඩි BMW රථය මාගේ දකුණු පසින් වාහනය තදබදය හේතුවෙන් නතර වී ඇති බව ඇස් කොනින් දුටුවෙමි. නමුත් එකවරම මට එදෙස

    බැලීමට සිදුවුයේ ඊට පසු පසින් පැමිණි සුදුපාට ඩිෆෙන්ඩර් රථයෙන් විශාල බිරුම් හඩවල් කීපයක් ඇසීමෙනි.

    "ඕයි, බයිසිකල් කාරයා, ඔතනින් අයින් වෙනවා" බිරුම් හඩින් කිය විණි.

    මට කාරණය වැටහුණි. ලෙවූ මස්කටු දිරවීම අරඹා තිබුණි.

    මා නොඇසුනා සේ සිටියෙමි.

    "උඹේ කන් ඇහෙන්නේ නැද්ද? , ඕක හරව ගනින් කන පලාගන්නේ නැතිව, කියපු එක ඉක්මනට

    කරපං." මෙවර බිරුම් හ`ඩවල් කීපයකි.

    මම හැරී බැලූවෙමි.

    "ඇයි මොකද පරි්නශ්නේ? "

    බුරන්නන්ගෙන් මමද විමසීමි.

    "අඩෝ මු කතාවටත් එනවා මැරුම් නොකා ඕක අයින්කරන් පලයන් වේසිගේ පු ....,"

    මගේද රතු ඉර දැන් පැන ඇත.

    "ඇයි මම අයින් කරගන්නේ ? යන්න පුලූවන් පරලයනමානෙට ඉඩ දුන්නා, තවත් කොහෙටවත් මම යන්නේ නෑ. මම පාරේ යන්න ඕන විදිය කියන්න ඕගොල්ලන්ට තියෙන අයිතිය මොකද්ද ?"

    මාද බුරන්නන්ට නොදෙවෙනි හඩින් කියවාගෙන ගියෙමි.

    ඉන් අනතුරුව එම අයිතිය මට කියා දීමට එක් බුරන්නෙකු ඉදිරිපත් විය.

    සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් හැඩිදැඩි ආරක්ෂ්ක නිලධාරියෙකු ඔහුගේ T56වර්ගයේ ආයුදයද රැගෙන බිමට පැන්නේ ක්ෂිණයකිනි.

    ඔහු එක් වරම මාවෙත පැමිණ තුවක්කු බඳෙන් යතුරු පැදිය මත තිබු මාගේ කකුලට පහරක් ගසන ලද අතරම තම දකුණතින් මාගේ මුහුණට වැර යොදා මුශ්ඨි පරපැමහාර කීපයක් එල්ල කරන ලදී. මොහොතකට පසු පොලිස් සයිරන් හ`ඩ ඈතට ඇදී යන හඩ සිහිනයෙන් මෙන් ඇසුණු අතර බොඳ වුණු දෑසින්ද, පුපුරු ගසන කනින්ද, ලේ රස සහිත දිවෙන්ද, තැලී ගිය නහයෙන්ද යුතුව සිටි මා දෙස අසරණව බලා සිටින අවට ජනයා දෙස හිස ඔසවා බැලීමි..

    එදින මට එල්ලවු පරවට හාරය පිළිබඳ මගේ අත්දැකීම එසේ විය. නමුත් මෙරටෙහි තවත් බොහෝ දෙනෙකුට, මෙවැනි තවත් බොහෝ අත්දැකීම් ඇති බව නිසැකය.

    උක්ත සඳහන් පරොහෝභූ ආරක්ෂැක නිලධාරියාගේ පර විහාරය පිටුපස විශාල කථාන්තරයක් ඇත. ඔවුන් මුලින්ම මග යනෙන අනිකුත් ජනතාව තඹ දොයිතුවකට මායිම් නොකරමින්, සියලූ රථවාහන ඉවත්කරමින් සියලූ මාර්ග නීති සම්පරත් දායන් උල්ලංඝනය කරමින් පාරේ ගමන් කරන ආකාරය පිළිබඳ සිතා බලන්න. එමෙන්ම පාරේ මිනිසුන් බලූ කපුටන් තරම්වත් මායිම් නොකරමින් ඔවුන්ට නියෝග දෙන ආකාරය අඩුමතරමේ යමෙකු එම රථයක ගැටුනද, තුවාලකරුවා දෙස බැලීමටද කල්ගත නොකර ගමන් කරන විලාශය හා උක්ත සඳහන් කළ අයුරින් කලාතුරකින් හෝ මේ තත්ත්වුය අභියෝගයකට ලක් කරන්නකු වේ නම්, කිසිදු බියකින් සැකයකින් තොරව මහ දවල් ගිනි අවිද රැුගෙන පැමිණ අභියෝග කරන්නාගේ මුහුණකට සමතලා කරන ආකාරයෙන් පරරව කාශ වන්නේ කුමක්ද ?

    අන් කිසිවක් නොව බලයයි. එසේ මෙසේ බලයක් නොව රාජ්යා බලයයි. මා මුහුණදුන් අත්දැකීමේදි උක්ත පර සමභූ ආරක්ෂිකයා රථයෙන් බැස ආ සාඩම්බර විලාශය, ඔහු තම රාජකාරි ගිනි අවිය කිසිදු චකිතයකින් තොරව මට එල්ල කල ආකාරය තුලින් පර බැකාශ වන්නේ ඒ බලයයි. ඒ බලය කෙසේද යත්, ,මේ යතුරුපැදිය මත සිටින්නා කවරකු වුවත්, ඒකා මා රකිනා පරශ වභූවරයාගේ ගමනට අභියෝගකල නිසා මම උගේ මුහුණ කට සමතලා කරමි, මට ඊට අයිතියක් ඇත, එමගින් මගේ එක රෝම කූපයකට හෝ කිසිදු හානියක් නොවේ, යන හැගීම කිසිදු දෙගිඩියාවකින් තොරව ඔහු තුල නොවේ නම් උක්ත කථා බහ ඇතිවු වහාම එවැනි පහරදීමකට ඔහු ඉදිරිපත් නොවේ.

    ඒ නිසා පරකිනභූ රථ නමින් අද මේ මහම`ග එහේ මෙහේ යන්නේ ඒ බලයයි. දෙනෝදාහක් බලා සිටියදී මට පරනි සිද්ධියේ පහරදුන් ආකාරය තුලින් පරතිවකාශයට පත් වන්නේ ඒ මහා බලයයි. ඒ බලය කවරෙකු විසින් දෙන ලද්දක්ද ? කිසිදු දෙගිඩියාවකින් තොරව පැවසිය හැක්කේ එය අප විසින්ම දෙන ලද්දක්ම වන බවයි. මන්ද මේ ආකාරයේ සෘජු ලෙස ජනතාව පෙළන කිරිඩ යාමාර්ග වලට සේම පොදුවේ මර්ධනකාරි පාලනයට අපගේ අනුමැතිය දී ඇත. එනම් අපද පොදුවේ මෙවන් තත්ත්ව යන් භාරගනී, අනුමත කරයි.

    උක්ත ,පරස භූ ගමන, ම මීට උදාහරනයක් ලෙස දිය හැක. එම පර කරභූ ගමන හා ඔවුන්ගේ පරන කභූ ආරක්ෂකකයන් අපට කොතරම් කරදරකාරී වුවද අවිඥානිකව අප තුල ඊට කැමැත්තක් ඇත. මදකට සිතා බලන්න ඔබගේ ගමේ සාමාන්යක දේශපාලනඥයන් මෙවන් ආරක්ෂකකයින් හෝ වාහන පිරිවරා ගමන් නොකරයි. (ඔහු හොඳ මිනිහෙකැයි ඉන් අදහස් නොවේ. ඔහුටත් ඒවා තිබුණානම් ඔහුද ඒවා කරයි.* නමුත් පයින් යන ඔහුට වඩා ආරක්ෂඉකයින් පිරිවරා වාහන ගනනාවකින් යන මේ පරහු භූවරයා පිළිබඳව අප තුලම ,පරා භාවක්, තිබේ. අප ඒ දෙස බලන්නේ විශ්මිතව මිස විරෝධයකින් නොවේ. අපිට ඒක ,මාර, එකක් වේ. එවැන්නක් දුටු විට අප පවසන්නේ,

    ,කොහොමද ගිය වාහන පේලිය?, ,කොහොමද සිකියුරිටි එක?, ,කොහොමද පාරේ අනිත්පැත්තෙන් දාලගිය හැටි?, ගියේ අසවලා බව දනී නම්, ,එයාට ඇර වෙන කාටද එහෙම යන්න පුලූවන් ? ,

    අප බොහෝදෙනෙක් මේවා දෙස බලන්නේ මෙසේය. ඒ මෙම මර්ධනකාරි පාලනයට අප තුල ඇති ,එක`ගත්වයයි,. එම නිසා අප වටහාගත යුතු වන්නේ පාලකයන් මේ තත්ත්ව යන් පවත්වාගෙන යන්නේද මේ පාලනය මෙලෙසම ගෙන යන්නේද අපගේ එක`ගත්වටයද සහිතව වන බවයි.

    එසේම ඒ එක`ගත්වය නිර්මානය වීම, කරන්න වෙන කිසිවක් නැති වීම නිසාද සිදුවේ. ,අපි ඕකට මොකද කරන්නේ ? , ,කලූ ගලේ ඔලූව ගහගන්න අපට පුලූවන්ද ?, යනුවෙන් අපටම සිතේ. කෙසේ වෙතත් මේ පර ඕකභූ ආරක්ෂේක මරුවන් වේගයෙන් අප වටා සැරිසරමින් තිබේ. ඔවුන් අපේ පාසල් යන දරුවන්ගේ හිස් පොඩි කරමින් සිටි. අපහට ,ගෙම්බර්, දමමින් අපේ දෛනික දින චර්යාව අවුල් කරමින් සිටි. අප මීට කුමක් කරමුද ?

    පළමුකොටම මෙම තත්ත්වටය පාලකයන්ගේ බලය තුලින් පැනනගින්නක් බවද, එය අපගේද කැමැත්ත ඇතිව පවත්වාගෙන යන බවද තේරුම් ගත යුතුය. එමෙන්ම පොදු ජනතාවක් ලෙස පොදුවේ මීට එරෙහි විය යුතුය. එම නිසා පරයන භු ආරක්ෂලක රථ වලට පාරේ පසෙකට වී ඉඩදීම සුද්දා අශ්වකරත්තයෙන් යන විට දෙකට නැමී පාරෙන් ඉවත් වීමට නොදෙවෙනි කිරරක්යාවක් බව තේරුම්ගත යුතුය. පරරත භූ ආරක්ෂමක රථ වලට මාර්ගයේ තවදුරටත් ඉඩ නොදෙමින් මේ තත්ත්‍වයට එරෙහිව සටන් වැදීමට ඔබට ඇරයුම් කර සිටිමි.

    උදුල් ප්‍රේමරත්න
     
    • Like
    Reactions: Fox Mulder89

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    HIthadara Udul.....oba kala kriyawa dutuwan kihipa deneku ho yamak igena ganna athi ......oba niyama Sinhalayekya ....
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සරත් පොන්සේකා අපේ වීරෝධාර හමුදා නායකයා ජීවත් වෙන්නෙත් තමන් බිලි දීල බයික් එකේ යන ගමන් පයින් ගහපු නියම සිංහල වීරයෙක් නිසයි. ඔය bmw එකේ ගියේ කවුද කියල මම දන්නෙ නෑ.නමුත් හුඟ දෙනෙක්ට මරණ භය තියෙනව මොනතරම් සාමකාමී බවක් තිබුනත්.ඒකයි ඇත්ත. ඇත්ත කිවූ එකට බැනපල්ල.කුණුහරුප කියපල්ල. ඒකට හේතුවත් තේරුම් ගන්න පුලුවන්නෙ බන්. ඒ තමන්ගෙ අරමුන ඉටු නොවීමේ තරහ.හැබැයි ඔය රාජකාරියෙ උඹල හිටියත් අපටත් කරන්නෙ ඔයදේම තමයි. බුදු සරණයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සරත් පොන්සේකා අපේ වීරෝධාර හමුදා නායකයා ජීවත් වෙන්නෙත් තමන් බිලි දීල බයික් එකේ යන ගමන් පයින් ගහපු නියම සිංහල වීරයෙක් නිසයි. ඔය bmw එකේ ගියේ කවුද කියල මම දන්නෙ නෑ.නමුත් හුඟ දෙනෙක්ට මරණ භය තියෙනව මොනතරම් සාමකාමී බවක් තිබුනත්.ඒකයි ඇත්ත. ඇත්ත කිවූ එකට බැනපල්ල.කුණුහරුප කියපල්ල. ඒකට හේතුවත් තේරුම් ගන්න පුලුවන්නෙ බන්. ඒ තමන්ගෙ අරමුන ඉටු නොවීමේ තරහ.හැබැයි ඔය රාජකාරියෙ උඹල හිටියත් අපටත් කරන්නෙ ඔයදේම තමයි. බුදු සරණයි.

    dan yudde nahane.....anika nalla male jathika virayontane arakshawa denne hamudawen.....kawuda ban unwa maranne:P:P:P
     
    May 19, 2013
    1,864
    81
    0
    සරත් පොන්සේකා අපේ වීරෝධාර හමුදා නායකයා ජීවත් වෙන්නෙත් තමන් බිලි දීල බයික් එකේ යන ගමන් පයින් ගහපු නියම සිංහල වීරයෙක් නිසයි. ඔය bmw එකේ ගියේ කවුද කියල මම දන්නෙ නෑ.නමුත් හුඟ දෙනෙක්ට මරණ භය තියෙනව මොනතරම් සාමකාමී බවක් තිබුනත්.ඒකයි ඇත්ත. ඇත්ත කිවූ එකට බැනපල්ල.කුණුහරුප කියපල්ල. ඒකට හේතුවත් තේරුම් ගන්න පුලුවන්නෙ බන්. ඒ තමන්ගෙ අරමුන ඉටු නොවීමේ තරහ.හැබැයි ඔය රාජකාරියෙ උඹල හිටියත් අපටත් කරන්නෙ ඔයදේම තමයි. බුදු සරණයි.

    අද කාලේ පාර්ලිමේනෙතුවෙ ඉන්න බහුතරයක් අන්තිම චාටර්. එහෙම අයගේ සිකියුරිටි වලින් මෙහෙම වෙනවට සමහර මිනිස්සු කැමති නෑ. sf හරි president හරි නං මිනිස්සු ඉවසයි හිටපු හමුදාපති, රටේ ජනාධිපති කියලා හිතලා. ඒත් අද කාලේ මහ දවල් ඔහොම ස්කොඩ් පිටින් රවුන් ගහලා, මිනී මරලා බේරෙන මිනිස්සුත් ඉන්නවනේ.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    mr11150902e.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සක්කිලියො බං. :angry: උන් මැරෙන වෙලාවට ඔය හැමදේම දිරවගන්න උන්ට සිද්ද වෙයි!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එහෙං පොලිස් සොන්නලු කිසි වරදක් නැතුව අහිංසක මිනිස්සු කුදලන් යනවා
    උද්ගෝෂණ කරන උන්ට වෙඩි තියන්නේ හමුදාව දාල
    vip වේසිගෙ පුට්ටු පාරේ යද්දී අපි කානු වලට බහින්න ඕනා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම දේෂපාලනය ගැන මහලොකු දැනුමක් තියන කෙනෙක් නෙමෙයි. නමුත් මම හිතනවා අපි දැන්වත් මාරුවෙන් මාරුවට බලයට ගෙනාපු පක්ෂ දෙක ඇරෙන්න වෙනත් විකල්පයක් දෙසට හැරෙන්න ඔනේ කියලා. නැත්තන් මේ VIPලා වැඩිවෙන විදිහට තවටික කාලෙකින් අපිට පාරේ යන්න වෙන්නේ කානුවට බැහැලම තමයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16415194 said:
    මම දේෂපාලනය ගැන මහලොකු දැනුමක් තියන කෙනෙක් නෙමෙයි. නමුත් මම හිතනවා අපි දැන්වත් මාරුවෙන් මාරුවට බලයට ගෙනාපු පක්ෂ දෙක ඇරෙන්න වෙනත් විකල්පයක් දෙසට හැරෙන්න ඔනේ කියලා. නැත්තන් මේ VIPලා වැඩිවෙන විදිහට තවටික කාලෙකින් අපිට පාරේ යන්න වෙන්නේ කානුවට බැහැලම තමයි.

    රජ කාලේ වගේමයි නේද මචන්
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    නැකැත් රාල;16415194 said:
    මම දේෂපාලනය ගැන මහලොකු දැනුමක් තියන කෙනෙක් නෙමෙයි. නමුත් මම හිතනවා අපි දැන්වත් මාරුවෙන් මාරුවට බලයට ගෙනාපු පක්ෂ දෙක ඇරෙන්න වෙනත් විකල්පයක් දෙසට හැරෙන්න ඔනේ කියලා. නැත්තන් මේ VIPලා වැඩිවෙන විදිහට තවටික කාලෙකින් අපිට පාරේ යන්න වෙන්නේ කානුවට බැහැලම තමයි.


    a kathawanam mamath piligannawa sahodaraya
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මුන් සිවිල් ජනතාවට ගගහාද බන් චන්දෙ ඉල්ලන්නෙ???
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මේ පාරත් තවත් මුන්ගෙ දෑත් ශක්තිමත් කරපල්ලා... :no::no::no:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පාරත් තවත් මුන්ගෙ දෑත් ශක්තිමත් කරපල්ලා... :no::no::no:

    කකුස්සි හෝදන එවුන් ඉන්නකල් ...ඕව ඔහොම තමයි