අද ක්‍රිකට් පිටිය
අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා. බලන්න හොදයිද කියල...
පෙබරවාරි 24
අද පෙබරවාරි 24 වෙනිද… මීට හරියටම අවුරුදු 3කට කලින් ඒ කියන්නෙ 2010 පෙබරවාරි 24 වෙනිද තමයි සචින් ටෙන්ඩුල්කාර් එක්දින ක්‍රිකට් තරගයකදි ලකුණු 200 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා බවට පත්වුණේ. (හැබැයි ඔස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාර්ක් කාන්තා එක්දින තරගයකදි ද්විත්ව ශතකයක් වාර්තා කලේ 1997 තරම් අතීතයේ!) දකුණු අප්‍රිකාවට එරෙහිව Gwalior හිදී පැවති එක්දින තරගයකදි තමයි සචින් පන්දු 147කදි නොදැවී මේ දස්කම කළේ. (2011 අගදි ඉන්දියාවෙම විරේන්ද්‍ර ශෙවාග් බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 219ක් ලබාගෙන සචින්ගෙ වාර්තාව බිද දැම්මා.) සාමාන්‍යයෙන් කතාවක් තියෙනවනෙ සචින් score කරන මැච් පරදිනව කියල, හැබැයි මේ මැච් එක නම් ඉන්දියාව ලකුණු 400 සීමාවත් පහු කරල උඩින්ම දින්නා.
මැච් එකේ score card එක බලන්න ඕනෙ අය මේ ලින්ක් එකට යන්න.
සචින්ගෙ මේ සුපිරි ඉනිම
මීට අමතරව පකිස්තානෙ යූනිස් කාන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ත්‍රිත්ව ශතකයක් වාර්තා කලෙත් 2009යෙ අද වගේ දවසක. ඒ විතරක් නෙවෙයි අදට තමයි චාමර කපුගෙදරගෙ උපන් දිනය යෙදිල තියෙන්නෙත්.
ඔහොම ලියාගෙන යනකොට ඔන්න ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ඔස්ට්‍රලියාවට එරෙහිව ටෙස්ට් ද්විත්ව ශතකයක් ලබාගත්ත මේ දැන්. ටෙස්ට් ද්විත්ව ශතකයක් වාර්තා කළ ලෝකයේ 7ත් වෙනි කඩුලු රකින්නා ලෙස දෝනි වාර්තා පොත් අතරට යනවා.
මගේ බ්ලොග් එකෙන් තමයි ගත්තෙ... --> http://wp.me/p1h1vp-10