අද ක්‍රිකට් පිටිය

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - පෙබරවාරි 27

    පෙබරවාරි 27 ගැන නම් ලියන්න ගොඩක් දේවල් නැහැ. 2003 අද වගේ දවසක තමයි නැමීබියාව ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 45කට දැවී ගියේ. දකුණු අප්‍රිකාවේ පැවති 2003 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයක් වූ මෙහිදී නැමීබියාවට හිමිවුණේ ලකුණු 256ක දැවැන්ත පරාජයක්. මේක තමයි ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දෙවන විශාලතම පරාජය.

    ඒ වගේම මේ තරගයේදී ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ග්‍රාත් ලකුණු 15 කට කඩුළු 7ක් දවා ගනිමින් ලෝක කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. මෙහිදී ඔහුට චමින්ද වාස්ගේ ලෝක වාර්තාව බිඳ හෙලන්නත් අවස්ථාව තිබුණා. කෙසේ වෙතත් අනෙක් අන්තයෙන් පන්දු යැවීමට පැමිණි ඇන්ඩි බිකල් තම පළමු පන්දුවාරයේදීම නැමීබියානු ඉනිමේ අවසන් කඩුලු 2 දවාගත් නිසා මැක්ග්‍රාත්ට එම අවස්ථාව අහිමි වුණා.

    ඒ වගේම 1925 අද වගේ දවසක තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් අවධියේ බිහිවූ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වූ ඕස්ට්‍රේලියාවෙ Clarrie Grimmett ටෙස්ට් වරම් ලබාගත්තෙ. තම මංගල ටෙස්ට් තරගයෙදීම එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේදී කඩුළු 5ක් හා දෙවන ඉනිමේදී කඩුලු 6ක් දවාගැනීමට ඔහු සමත් වුණා.

    40463.jpg

    Greame සහ Shaun Pollock

    ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවකු වූ දකුණු අප්‍රිකාවේ Greame Pollock උපත ලැබුවේ 1944 අද වැනි දවසක. දකුණු අප්‍රිකාවට මුහුණ දීමට සිදුවූ ක්‍රිකට් තහනම නිසා වයස 26දි ටෙස්ට් ක්‍රිකට් වලට සමුදීමට පොලොක්ට සිදුවුණත් ඔහුගේ 60.97ක් වන batting average එක අදටත් දෙවනි වන්නේ සර් ඩොන් බ්‍රැඩ්මන්ට පමණයි. කවුරුත් හඳුනන දකුණු අප්‍රිකාවේ හිටපු නායක Shaun Pollockගෙ මාම තමයි Greame Pollock කියන්නෙ.

    ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ Jimmy Maher, එංගලන්තයේ James Tredwell සහ බංග්ලාදේශයේ Enamul Haqueගෙ උපන්දිනත් අදට යෙදිල තියෙනවා. හෙටත් හම්බෙමු.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - පෙබරවාරි 28

    අද දවස ගැන මුලින්ම කියන කතාව නම් එච්චර හොඳ මතකයක් නෙවෙයි. ඒ ගිය අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවේ තිබ්බ CB තරගාවලියෙ 11වෙනි තරගය ගැන. තරගාවලියෙ තවදුරටත් රැඳී සිටීමට නම් ඉන්දියාව මෙම තරගයෙන් bonus point එකකුත් එක්ක ජයගත යුතුව තිබුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු 320ක ඉලක්කයක් ඉන්දියාවට ලබාදුන්නා. මෙහිදී තිලකරත්න දිල්ශාන් සහ කුමාර් සංගක්කාර දෙදෙනාම ශතක වාර්තා කළා. කෙසේ වෙතත් පන්දු වාර 40කින් ඉලක්කය හඹා යෑමේ අදිටනින් සිටි විරාත් කෝලි පන්දු 86කින් ලකුණු 133ක් ලබා ගනිමින් පන්දු වාර 36 පන්දු 4කදී ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියා.

    ලංකාවේ ප්‍රභලම තුරුම්පුව වූ ලසිත් මාලිංගට පහර පිට පහර වැදුණා. තමන් යැවූ පන්දු වාර 7.4 තුළ ලකුණු 96ක් මාලිංග ලබා දුන්නා. එක්දින තරගයක ඉනිමකදී පන්දු වාර 5කට වඩා යැවූ පන්දු යවන්නන් අතර වැඩිම economy rate එක ලෙස මාලිංගගේ 12.52 වාර්තා පොත් අතරට යනවා. කොහොම වුණත් ඊළඟ තරගයෙදි ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව අභිබවා අවසන් වටයට සුදුසුකම් ලැබීමට ලංකාවට හැකි වුණා.

    sobers1.jpg

    සර් ගාෆිල්ඩ් සෝබර්ස්

    1958 අද වගේ දවසක ජැමෙයිකාවෙ කිංස්ටන් වල පැවැත්වුණේ පකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ටෙස්ට් තරගයක තුන්වන දිනය. දිනය ආරම්භයෙදී පකිස්ථානය පළමුඉනිමේ ලබාගත් ලකුණු 328 ට පිළිතුරු වශයෙන් 147/1 ක් ලෙස පිටියට පිවිසි කොදෙව්වන් දිනය අවසාන කළේ 504/1ක් ලෙස. බොහෝ කාලයක් (1994 දී බ්‍රයන් ලාරා විසින් බිඳ හෙලන තුරු ) ටෙස්ට් ලෝක වාර්තාවක් ලෙස පැවති ගාෆිල්ඩ් සෝබර්ස්ගේ ලකුණු 365 වාර්තා වුණෙත් මෙහිදී.

    පකිස්ථානයේ Azhar Mahmood, Rana Naved ul-Hasan, Yasir Hameed සහ එංගලන්තයේ Tim Bresnan අද උපත ලබා තිබෙනවා.

    ඒ අතරින් 1997දී ටෙස්ට් වරම් ලැබූ Azhar Mahmood තම මංගල තරගයේ පළමු ඉනිමේදී ශතකයක් හා දෙවන ඉනිමේදී අර්ධ ශතකයක් ලබා ගන්නට සමත් වුණා. විශේෂත්වය නම් මේ ඉනිම් 2දීම නොදැවී සිටීමට අසාර් සමත් වුණා. 2003දි ටෙස්ට් වරම් ලැබූ Yasir Hameed අසාර්ට නොදෙවනි ලෙස තම මංගල තරගයේ ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළා. එම දස්කම කළ දෙවැන්නා ඔහුයි.

    මාර්තු 1වැනිදා විස්තරත් එක්ක හෙට හමුවෙමු.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Thread එක දිගටම කරගෙන යන්න හැමෝගෙම දිරිමත් කිරීම දිගටම ලැබෙයි කියල හිතනව.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ela Ela keep it up :) me Thread eka Elakiri Talk eka danna thibba ban

    ElaKiri Talk! (296 Viewing)
    Sports (1 Viewing)

    :(
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Ela Ela keep it up :) me Thread eka Elakiri Talk eka danna thibba ban

    ElaKiri Talk! (296 Viewing)
    Sports (1 Viewing)

    :(

    TThanx bro.
    Sports වලට වෙනම එකක් තියෙන නිසයි මේකෙ දැම්මෙ. ඒත් මටත් දැන් එහෙම හිතෙනවා. සුදුසු නම් සහ සාධාරණ නම් නිසි බලධාරියෙක් මෙය Elakiri talk වෙත move කරත්වා. (මං දන්නෑ එහෙම පුළුවන්ද කියල, නිකමට කිව්වෙ...)
    නැතත් කමක් නෑ මචං මම මේක මගේ බ්ලොග් එකේ දිගටම ලියන නිසා මෙතනත් දානවා, කැමති නෙනෙකුට බලන්න පුළුවන්නෙ.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - මාර්තු 01

    1992 අද වගේ දවසක ඇඩිලේඩ් හිදී පැවැත්වුණේ පකිස්තානය සහ එංගලන්තය අතර ලෝක කුසලාන තරගයක්. මුලින් පන්දුවට පහරදුන් පකිස්තානයට සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 74 පමණයි. නමුත් වර්ෂාව නිසා කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් ලබාදී තරගය අතහැර දමන්නට සිදු වුණා. පකිස්තානයට තරගාවලියේ අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට හැකිවූයේ මෙම ප්‍රසාද ලකුණ නිසයි. කෙසේ හෝ ලැබූ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගත් පකිස්තානය ලෝක කුසලානය සිය දිනා ගන්නට සමත් වුණා.

    ඒ වගේම අළු බඳුන ඉතිහාසයේ වාර්තා වූ පළවෙනි whitewash එක (තරග 5-0ක් ලෙස ජයග්‍රහණය ) ඕස්ට්‍රේලියාව විසින් වාර්තා කළෙත් අද වගේ දවසක.

    මේ කියන්න යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් වාර්තාවක් ගැන. 1955 මාර්තු 1වැනිදා පකිස්තානය සහ ඉන්දියාව අතර කරච්චි හිදී ටෙස්ට් තරගයක් සහ තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා. විශේෂත්වය වෙන්නෙ 0-0 ලෙස අවසන් වූ පළමු තරග 5කින් සමන්විත තරගාවලිය මෙය වීමයි.

    warnapura.jpg

    බන්දුල වර්ණපුර

    පකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩි 33වෙනි උපන්දිනය සමරන්නෙත් අද වගේ දවසක. ලංකාවෙ ක්‍රිකට් ලෝලීන් අතර අෆ්රිඩි නොදන්න කෙනෙක් නැතුව ඇති. ඒ විතරක් නෙමෙයි ලංකාවෙ පළමු ටෙස්ට් නායකයා බන්දුල වර්ණපුර මහතාගෙ උපන්දිනය යෙදිල තියෙන්නෙත් අද දිනට. ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ලාබාලතම ක්‍රීඩකයා වන සංජීව වීරසිංහගේ උපන් දිනයත් අදයි. 17ත්වැනි වියේදී ටෙස්ට් වරම් ලැබූ (1985දී) පා දඟ පන්දු යවන සංජීවට ඉන්පසු ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වාසනාව හිමිවූයේ නැහැ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ තිලාන් තුෂාර, පකිස්තානයේ අබ්දුර් රෙහ්මාන් සහ ඕස්ට්‍රේලියාවේ ෂේන් හාර්වුඩ් යන ක්‍රීඩකයිනුත් අද උපන්දින සමරනවා.

    හෙටත් හමුවෙමු.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - මාර්තු 03

    අද දවස නම් ක්‍රිකට් ක්ෂේත්‍රය පමණක් නොවේ, මුළු මහත් ක්‍රීඩා ලෝකයම කම්පාවට පත්කළ දිනයක්. 2009 අද වගේ දවසක තමයි ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වුණේ. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම තුවාල සිදුවුණත් වාසනාවකට (සහ කණ්ඩායම ගමන් ගත් බස් රථ රියැදුරාගේ දක්ෂතාවය නිසා) ජීවිත හානි සිදුවූයේ නැහැ. 1972 ජර්මනියේ මියුනික් ඔලිම්පික් උළෙල අතරතුර ඊශ්‍රායල ක්‍රීඩකයින්ට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව ක්‍රීඩා කණ්ඩායමක් වෙත එල්ලවූ දරුණුම ප්‍රහාරය ලෙස මෙය සැලකෙනවා. මෙම සිද්ධියෙන් පසුව පකිස්තානය තුළ අන්තර්ජාතික ක්‍රිකට් තරග නොපැවැත්වෙන අතර ඔවුන් ඒ වෙනුවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) කේන්ද්‍ර කරගෙන ක්‍රීඩා කරනවා.

    pakistanattack.jpg

    ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිතව ක්‍රීඩාංගනයෙන් පිටත්ව ගිය අකාරය

    අද දවස ගැන කතා කරනකොට දකුණු අප්‍රිකාව හා ඩර්බන් අමතක කරන්නම බැහැ. ඒ ඇයි කියල දැනගන්න කියවලම බලන්නකෝ.

    ඉතිහාසයේ පැවති දීර්ඝතම ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වුණෙත් 1939 අද වගේ දවසක දකුණු අප්‍රිකාවේදී. සංචාරක එංගලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකාව අතර පැවති මෙම තරගය ඉතිහාසයේ පැවති අවසාන කාල් සීමාවක් නොමැති ටෙස්ට් තරගයද (Timeless Test) වෙනවා. පුරා දින 11ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව (with 2 rest days) දෙපිළේම එකඟතාවයෙන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ එංගලන්ත පිළට ආපසු තම මවුරට බලා යෑමට ඇති නැව මගහැරෙන නිසයි. ලකුණු 696ක ඉලක්කයක් හඹාගිය ඔවුන්ට කඩුළු 5ක් අතැතිව තරගය අවසන් කරනවිට ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍යව තිබුණේ ලකුණු 42ක් පමණයි.

    තරගයේ scorecard එක මෙතැනින් බලන්න.

    කලින් කියූ තරගය වගේම දැන් කියන තරගයත් තිබුණේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් වල. මේ 2003 ලෝක කුසලානයේ මූලික වටයේ තරගයක්. තරගාවලියේ super six වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමග පැවති මේ තරගය ජයගැනීම ෂෝන් පොලෝක් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පිළට අත්‍යවශ්‍ය වුණා. නමුත් වැස්සෙන් ඇතිවූ බාධා මැද පන්දුවට පහරදෙමින් සිටි Mark Boucher සහ Nickie Boje ට Duckworth Lewis වගු කියවීමේදී අත්වැරැද්දක් වුණා. මේ නිසා පහසුවෙන් ජයගත හැකිව තිබූ තරගය ලකුණු සමවී ජය පරාජයෙන් තොරව අවසාන වුණේ සත්කාරක දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු සුන් කරමින්.

    මේ තරගයේ scorecard එක මෙතැනින්.

    මතකනෙ 2007 ලෝක කුසලානයේදි දකුණු අප්‍රිකාවට එරෙහිව පිට පිට කඩුළු 4ක් ලබා ගනිමින් ලසිත් මාලිංග කළ දස්කම. හැබැයි මේ කියන්නෙ ඒ ගැන නෙවෙයි. ඒ හා සමාන දස්කමක් පළමු පෙළ තරග වලදී දෙවරක්ම සිදුකළ පන්දු යවන්නෙක් සිටි බව ඔබ දැන සිටියාද? දකුණු අප්‍රිකාවේම RJ Crisp දෙවන වරට මේ දස්කම කළේ Natal පිළට එරෙහිව ඩර්බන්හිදී අද වගේ දවසකයි.

    ටෙස්ට් ඉනිමකදී වාර්තා වී ඇති තුන්වන හොඳම පන්දු යැවීම වාර්තා වුණෙත් 1896 අද වැනි දවසක දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් වල Old Wanderers ක්‍රීඩාංගනයේදී. එංගලන්තයේ George Lohmann ලකුණු 28කට කඩුළු 9ක් දවා ගන්නට සමත් වුණා. මෙම දස්කම දෙවැනි වන්නේ ජිම් ලේකර් සහ අනිල් කුම්බ්ලේ කඩුළු 10ම දවා ගත් අවස්ථා 2ට පමණයි.

    ඊට අමතරව පකිස්ථානය වෙනුවෙන් එක්දින සහ (එක්දින+ටෙස්ට්) ලකුණු වැඩිම ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා වන ඉන්සමාම් උල් හක් අද තම 43වන උපන්දිනය සමරනවා. ඔන්න ඔහොම තමයි මාර්තු 3වැනිදා ක්‍රිකට් පිටියට වැදගත් වෙන්නෙ. පස්සෙ හම්බෙමු.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    දැන් නම් කට්ටියට මේ ත්‍රෙඩ් එක එපා වෙලාද මන්දා...
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - මාර්තු 04

    පසුගිය අවුරුද්දෙ මාර්තු 4වෙනිදා ක්‍රිකට් ලෝලීන්ට අහන්න ලැබුණෙ කණගාටුදායක ආරංචියක්. ඒ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක රුනාකෝ මෝර්ටන් රිය අනතුරකින් කිය ගිය පුවතයි. ක්‍රිකට් තරගයකට සහභාගි වී නැවත නිවෙස බලා යමින් සිටි රුනාකෝගේ මෝටර් රථය මාර්ගය අසළ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. 33වන වියේදී මියයන විට ඔහු ටෙස්ට් තරග 15කට හා එක්දින තරග 56කට ක්‍රීඩා කර තිබුණා.

    colin-croft.jpg

    කොලින් ක්‍රොෆ්ට්

    බටහිර ඉන්දීය දූපත් ක්‍රිකට් ලෝක‍යේ ප්‍රසිද්ධ වන්නේ එම රටවලින් බිහිවී ඇති විශිෂ්ඨ වේග පන්දු යවන්නන් නිසයි. කොදෙව් වේග පන්දු යවන්නෙකු ටෙස්ට් තරගයකදී වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කොලින් ක්‍රොෆ්ට් සමත් වුණේ 1977 අද වගේ දවසක. පකිස්ථානයට එරෙහිව ට්‍රිනිඩෑඩ් හිදී පැවති තරගයේදී ඔහු ලකුණු 29කට කඩුළු 8ක් දවාගත්තා. (මතකද ඊයෙ George Lohmann ලකුණු 28කට කඩුළු 9ක් දවාගත් කතාව ) විශේෂත්වය වෙන්නේ මෙය කොලින් ක්‍රීඩාකළ 2වන ටෙස්ට් තරගය වීමයි. 70-80 දශකවල බටහිර ඉන්දීය දූපත් නියෝජනය කළ ප්‍රභල වේග පන්දු බලඇණියේ එක් සාමාජිකයෙක් තමයි කොලින්. කොලින් ක්‍රොෆ්ට්, මයිකල් හෝල්ඩිං, මැල්කම් මාර්ෂල්, ජොයෙල් ගානර් සහ ඇන්ඩි රොබට්ස් කියන නම් ඇසූ පමණින් එකල පිතිකරුවන් භීතියෙන් වෙලී ගියා.

    ඒ වගේම සර් ඩොන් බ්‍රැඩ්මන් පළමුවරට ලකුණු නොලබා දැවීගියෙත් 1931 අද වගේ දවසක. සිඩ්නි වලදී බ්‍රැඩ්මන් මෙසේ දවාගත්තේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Hermann Griffith විසින්.

    දකුණු අප්‍රිකාවෙන් බිහිවූ දක්ෂ පිතිකරුවෙකු වූ Daryll Cullinan උපත ලැබුවෙත් 1967 මාර්තු 4වෙනිදා. එහෙනම් හෙටත් හමුවෙමු.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - මාර්තු 05

    අද දිනය ගැන නම් කියන්න සුවිශේෂී සිදුවීම් එතරම් නැහැ. මතකද 1992 ලෝක කුසලානය. එය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ දී. ඇලන් බෝඩර්ගේ ඕස්ට්‍රේලියානු පිළ සිඩ්නිහිදී ග්‍රැහැම් ගුච්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිළ හමුවේ කඩුළු 8ක පරාජයක් ලැබුවේ අද වගේ දවසක. තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ඉයන් බොතම් කඩුළු 4ක් හා අර්ධ ශතකයක් ලබා ගත්තා. 1987 ලෝක කුසලානය දිනා සිටි සත්කාරක ඕස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නොහැකි වූ අතර එංගලන්තය අනු ශූරයින් බවට පත්වුණා.

    botham.jpg

    එංගලන්තයේ ඉයන් බොතම්

    තරගයේ scorecard එක මෙතනින්.

    2004 බංග්ලාදේශයේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ජයගැනීමට පකිස්ථානයට හැකි වුණෙත් මාර්තු 5වෙනිදා. ඔවුන් අතින් පරාජයට පත්වුණේ බටහිර ඉන්දීය කොදෙව්වන්. පසු කලෙක අන්තර්ජාතික තරග බිමට පිවිසි කලීඩ් ලතීෆ්, ෆවාඩ් අලාම්, රවි රාම්පෝල්, දිනේෂ් රාම්දින්, ලෙන්ඩ්ල් සිමන්ස් සහ (ක්)සේවියර් මාර්ශල් වැන්නන් පළමු වරට ලෝක අවධානය දිනාගත්තේ මේ තරගාවලියේදී.

    ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ එකම ක්‍රිස්තියානි පූජක වරයා වන ඩේවිඩ් ශෙපර්ඩ් (කවුරුත් හඳුනන විනිසුරු ඩේවිඩ් ශෙපර්ඩ් නොවේ.) පූජකතුමා අභාව ප්‍රාප්ත වුණේ 2005 අද වැනි දවසක. ඒ වනවිට එතුමා ලිවර්පූල් හි බිෂොප් වරයා ලෙස කටයුතු කළා.

    අද උපන්දින සමරන ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වූ රොඩ්නි හොග් සහ ලංකාවේ ඉෂාර අමරසිංහ සිටිනවා.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    TThanx bro.
    Sports වලට වෙනම එකක් තියෙන නිසයි මේකෙ දැම්මෙ. ඒත් මටත් දැන් එහෙම හිතෙනවා. සුදුසු නම් සහ සාධාරණ නම් නිසි බලධාරියෙක් මෙය Elakiri talk වෙත move කරත්වා. (මං දන්නෑ එහෙම පුළුවන්ද කියල, නිකමට කිව්වෙ...)
    නැතත් කමක් නෑ මචං මම මේක මගේ බ්ලොග් එකේ දිගටම ලියන නිසා මෙතනත් දානවා, කැමති නෙනෙකුට බලන්න පුළුවන්නෙ.

    move karanna puluwan machan GTZ aiyyata poddak pm ekak dala balanna :D
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    අද ක්‍රිකට් පිටිය - මාර්තු 06

    අද දවසත් ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට ගියපු දවසක්. ඒ 1996 ලෝක කුසලානයේ කෙන්යාවට එරෙහිව මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයෙදි කඩුළු 5කට ලකුණු 398ක් වාර්තා කළ නිසයි. 2006දි ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව විසින් බිඳාහෙලන තුරු කණ්ඩායමක් විසින් එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙම ලකුණු සංඛ්‍යාව ලෝක වාර්තාවට හිමිකම් කිව්වා. අරවින්ද ද සිල්වා ලකුණු 145ක් රැස් කළ මෙම තරගයේ සනත් ජයසූරිය සහ රොමේශ් කළුවිතාරණ පන්දු වාර 6.3කදී ගොඩ නැගූ ආරම්භක සබඳතාව ලකුණු 88ක්.

    තරගයේ එක scorecard මෙතැනින් බලන්න.

    ඒ වගේම ලොව බිහිවූ දක්ෂතම පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ඉන්දියාවේ සුනිල් ගවස්කාර් ටෙස්ට් වර්ම් ලබාගත්තෙත් 1971 අද වගේ දවසක බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව. ගවස්කාර් තමයි ටෙස්ට් ලකුණු 10000 සීමාව පසුකළ පළමු ක්‍රීඩකයා.

    gavaskar.jpg


    සුනිල් ගවස්කාර්

    ඊට අමතරව 2000 වසරේදී ඉන්දියාව වසර 13කට පසුව තම රටේදී ටෙස්ට් තරගයකින් පරාජය වුණා. ඒ Hansie Cronje නායකත්වය දැරූ දකුණු අප්‍රිකාවට අතින්. තරග පාවා දීමේ චෝදනාවට ලක්ව තරග තහනමකට ලක්වූ Cronje ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගයත් මෙයයි.

    ශේන් වෝන් තමන්ගෙ අශෝභන හැසිරීම නිසා විවිධ අවස්ථාවල ක්‍රිකට් පිටියේ අවධානයට ලක්වුණා. 1994 මාර්තු 6 වැනිදා දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් වල සිද්ධිය ඒ අතරින් ප්‍රධාන සිදුවීමක්. අන්තිමටම ශේන් වෝන් සම්බන්ධව මේ වගේ සිද්ධියක් වාර්තා වුණේ පසුගිය Big Bash League තරගාවලියේදී.

    ඩේවිඩ් ශෙපර්ඩ් පූජකතුමාගේ අභාවය ගැන ඊයෙ කිව්වනෙ. එතුමාගෙ උපන්දිනය යෙදිල තියෙන්නෙ අදට. ඊට අමතරව කොදෙව් දූපත් හි කිරාන් පවෙල්, පකිස්ථානයේ සොහේල් කාන් එහෙමත් අද උපන්දින සමරනවා. හෙටත් හමුවෙමු.
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද දවසත් ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට ගියපු දවසක්. ඒ 1996 ලෝක කුසලානයේ කෙන්යාවට එරෙහිව මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයෙදි කඩුළු 5කට ලකුණු 398ක් වාර්තා කළ නිසයි. 2006දි ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව විසින් බිඳාහෙලන තුරු කණ්ඩායමක් විසින් එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙම ලකුණු සංඛ්‍යාව ලෝක වාර්තාවට හිමිකම් කිව්වා. අරවින්ද ද සිල්වා ලකුණු 145ක් රැස් කළ මෙම තරගයේ සනත් ජයසූරිය සහ රොමේශ් කළුවිතාරණ පන්දු වාර 6.3කදී ගොඩ නැගූ ආරම්භක සබඳතාව ලකුණු 88ක්.

    තරගයේ එක scorecard මෙතැනින් බලන්න.


    11.gif
    11.gif

    11+
     
    • Like
    Reactions: aba88