දෙමව්පියන් වුනත් තමන්ගේ දරුවා පොෂ් කියල අනිත් අයට පෙන්නන්න මේ වගේ ඇඳුම් අඳින්න දෙනවා. අපි පොඩි කාලේ අපේ අක්කට දණහිසට වඩා කොටට ගවුමක් වත් අඳින්න දුන්නේ නෑ ඇත්තටම. ඒකටත් එක්ක දැන් ඉන්න අම්මලා තමන්ගේ දුවට ඇඟටම ඇලුණු ජංගි කොට වගේ කලිසම් ඇඳගෙන අහල පහල මිනිස්සුන්ටත් පේන්න එක්ක එළියේ ඇවිදින්න දෙනවා.
ශේප් නේ...
ඒ ළමය තමුන්ට පහසු ඇඳුමක් ඇඳන් ඉන්නේ. සිත කලබල කරගන්න එපා. අනික ඉස්සර නං මෙහෙමයි කියල කියන්න එපා. පේනවනේ ඉස්සර ළමයි ගාලු පාරේ ගිය හැටි. මේක පට්ට රස්නේ රටක් නේ. තමුන්ට පහසු ඇඳුමක් ඇඳන් හිටියට ප්‍රශ්නයක් නෑ. ඔයාගේ දුව ලොකු වෙනකොට බලන්නකෝ ගෙදරට කකුල් දිගට වඩා කොට කලිසමක් ඇඳන් ඉන්න ප්‍රිය කරන්නේ නැද්ද කියල....
ගෑනියෙක්ගේ කකුලක් දැකපුවහමත් නගින, හොරෙන් ෆොටෝ ගහල internet එකට දාන උන් ඉන්න රටේ තමුන්ගේ දරුවෝ මීට වඩා පරිස්සම් කරන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ


