අද කාලේ ෆොටෝග්‍රැෆි (Photography)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

ඇයි වෙඩින් විතරද ? කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගියත් කන එකට වඩා කරන්නේ ෆොටෝ ගහන එක .මැක්ඩොනල් KFC වගේ ගියොත් අනිවා ඔය වැඩේ කරනවා .කරලා ඒ ෆොටෝස් දානවා ෆේස්බුක් කවර් ෆොටෝඅ එකට .ඇයි පොෂ් කියලා පේන්න එපැයි .පන්සලකට ගියත් වඳිනවට වඩා කරන්නේ ෆොටෝ ගහන එක .ට්‍රිප් එකක් ගියත් ට්‍රිප් එකේ ආතල් එක ගන්නවට වඩා වෙන්නේ ෆොටෝ ගහන එක .මළ ගේක ගියත් ඔච්චරම තමා .ඉතිං මෙකෙන් වෙන්නේ අදාල වැඩේ කෙරෙන එක නෙමේ .වෙන මොකක්ද එකක් වෙන එක .කොහේ හරි ඇක්සිඩන්ට් එකක් උනොත් ඒකත් ෆොටෝ ගහනවා .අනේ මන්දා මෙව්වා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ .
:no::no::no::no:
බයවෙන්නෙ මොකටද බන්...:P කොච්චරවුනත් ටෙක්නිකල් කොලිටි වෙනස තියෙනව. හැබැයි වැඩ දන්න එකා කැමරා ෆෝන් එකකින් හරි වැඩේ හරියට කරනව. කොහොමත් මිනිස්සුන්ට ෆොටෝ ගහන්න එපා කියන්න කාටවත් බැහැ
 
Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
මොනව කරන්නද එක එ මනුස්සයගේ කැමැත්ත .ඌ කැමති විදියට පොටෝ ගහලා දාලා පොටෝ ගැෆර් කිව්වට බලන එකා දැනගන්න ඔනේ පොර මොන වගේ ඩයල් එකක්ද කියලා
 
kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    කතාව නම් ඇත්ත.. :yes: ඒත් කට්ටිය දැන් ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න ආසයි..දක්ෂයන්ට තැනක් හදා ගන්න පුලුවන් ...මම හිතන විදියට සල්ලි තිබ්බ පළියට වත් පට්ට පදිරි කැමරාවක් තිබ්බ පළියට වත් දක්ෂයෙක් වෙන්න බැරි විශයක් පොටෝග්‍රැෆි කියන්නේ..:rolleyes: :rolleyes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    ඇයි වෙඩින් විතරද ? කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගියත් කන එකට වඩා කරන්නේ ෆොටෝ ගහන එක .මැක්ඩොනල් KFC වගේ ගියොත් අනිවා ඔය වැඩේ කරනවා .කරලා ඒ ෆොටෝස් දානවා ෆේස්බුක් කවර් ෆොටෝඅ එකට .ඇයි පොෂ් කියලා පේන්න එපැයි .පන්සලකට ගියත් වඳිනවට වඩා කරන්නේ ෆොටෝ ගහන එක .ට්‍රිප් එකක් ගියත් ට්‍රිප් එකේ ආතල් එක ගන්නවට වඩා වෙන්නේ ෆොටෝ ගහන එක .මළ ගේක ගියත් ඔච්චරම තමා .ඉතිං මෙකෙන් වෙන්නේ අදාල වැඩේ කෙරෙන එක නෙමේ .වෙන මොකක්ද එකක් වෙන එක .කොහේ හරි ඇක්සිඩන්ට් එකක් උනොත් ඒකත් ෆොටෝ ගහනවා .අනේ මන්දා මෙව්වා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ .
    :no::no::no::no:

    ඒ විදියට ෆොටෝස් ගන්න එකනම් මචන් ඒ අයගෙ කැමැත්ත.සහ මතක සටහනක් එකතු කර ගැනීම වෙන්න පුලුවන්.ඒක ප්‍රශ්නයක්ද නැද්ද වෙන්නෙ අපි බලන කෝණය අනුව.
    නමුත් මේක වෘත්තියක් කරගන්න අයනම් අනිවා දැනුම ඇතුව එනවානම් හොඳයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    ඒ විදියට ෆොටෝස් ගන්න එකනම් මචන් ඒ අයගෙ කැමැත්ත.සහ මතක සටහනක් එකතු කර ගැනීම වෙන්න පුලුවන්.ඒක ප්‍රශ්නයක්ද නැද්ද වෙන්නෙ අපි බලන කෝණය අනුව.
    නමුත් මේක වෘත්තියක් කරගන්න අයනම් අනිවා දැනුම ඇතුව එනවානම් හොඳයි

    ඔව් ඒක හරි මචං .අපිත් මතක සාටහනට ෆොටෝස් ගන්නවා .ඒත් මචං මේ ෆොටෝ ගැනිල්ල නිසා මචං අපිට ඒ අදාල කාරණය තුළ ඇති නියම වින්දනය ලබන්න බැහැ මචං .හුදෙක්ම ෆොටෝඅ ගැහිල්ලක් විතරයි .උදාහරණය්ක් ගමු .අද කොල්ලේ කෙල්ලෝ ට්‍රිප් එකක් ගියොත් කීයෙන් කී දෙනාද ඒ ට්‍රිප් eka කියන එකේ නියම වටිනාකම දෙන්නේ ? ඇයි කරන්නේ ගිය වෙලාවේ ඉඳන් ෆොටෝඅ ගහන එක .අනික ට්‍රිප් එක යන තැන ෆොටේ ගැහැව්වට කමක් නැහැ .සොභව සෞන්දර්‍ය වගේ එව්වයේ අසිරිය දනිලා ඒ අසිරිය මතකයක් ලෙස හැමදාම තියාගන්න ෆොටේ ගත්තට කමක් නැහැ .එත් මෙතන් වෙන්නේ තමන්ගේ මොකක්දේ මෙව්වා එකක් අනික් අයට පෙන්න ගන්න දඟලන එක .එකේන් වෙනේ අදාල කාරණාව වෙන්නේ නැහැ .මම් මෙහෙම කිව්වට මචං තරහා වෙන්න එපා .මොකද මෙව්වා කියන්නේ නැතුවත් බැහැ නේ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    මොනව කරන්නද එක එ මනුස්සයගේ කැමැත්ත .ඌ කැමති විදියට පොටෝ ගහලා දාලා පොටෝ ගැෆර් කිව්වට බලන එකා දැනගන්න ඔනේ පොර මොන වගේ ඩයල් එකක්ද කියලා
    ඔව් උබ කියන එක හරි මචං .ඒත් වැඩේ කියන්නේ බලන එවුන් ඔක්කෝන්ටම එහානේ .ඒකනේ මෙතන අවුල .ෆොටෝඅ බලල වෙනස තරුම් ගන්න බුද්ධියකින් හෙබි උන් ඉන්නවානම් මට මෙහෙම ත්‍රෙඩ් එකකින් මේ දේ කියන වෙන්නේ නැහැ .මොකද මචංජස්ටින් බීබර් ගේ සිංදුවලටත් අස උන් නැතුවම නෙමේ නේ .අන්න ඒවගේ සීන් එකක් තමා මෙතන වෙලා තියෙන්නේ .තමන්ගේ ආතල් එකට ෆොටෝස් ගත්තට අවුලක් නැහැ .ඒත් වෘතිමය පැත්තෙන් ඒක අවුල්
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    බයවෙන්නෙ මොකටද බන්...:P කොච්චරවුනත් ටෙක්නිකල් කොලිටි වෙනස තියෙනව. හැබැයි වැඩ දන්න එකා කැමරා ෆෝන් එකකින් හරි වැඩේ හරියට කරනව. කොහොමත් මිනිස්සුන්ට ෆොටෝ ගහන්න එපා කියන්න කාටවත් බැහැ

    මචං මම මෙතන කාටවත් ෆොටෝ ගහන්න එපා කියලා නැහැ .මොකද එහෙම කිව්වොත් ඒක අන්තවාදි වැඩක් .ඒත් මචං අපි ෆෝඅ ගැහිල්ල නිසා තමන්ගේ සොභවිකව ලබන්න පුළුවන් වින්දනය ලබන්න බැහැ නේ .මොකද අපි ෆොටෝස් ගත්තට ගොඩක් එවුන් ඒ ෆොටෝඅස් වල පෙනී ඉන්නේ අනුකාරක මවාගත්ත නිරූපනයක .පස්සේ එහෙම හිතලා මුන් කරන්නේ ඔහේ හොයන්නේ බලන්නේ නැතිව වෘතිමය පැත්තට ඇතුළු වෙන්න හදනවා කිසිම නිරික්ක්ෂණයකින් තොරව .අන්න ඒක භයානක වැඩක් වෘත්තීමය පැත්තේන් .
    :yes::yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    ඔව් උඹ කියන එක අත්ත... ලොකු ගානක් වියදම් කරලා කැමරා එකක් ගත්තු උන් හිතන්නේ උන් ප්‍රොෆෙශනල් අය කියලයි.... ඒවගේම තව එකක් කියන්න තියෙනවා.. ලංකාවේ දැන් තව වසංගතයක් ඇවිල්ලා... ඒක තමයි කොහෙන් හරි හොයාගත්තු හෙලුව පෙන්නගන්න දඟලන කෙල්ලෙක්ව ගෙනල්ලා තියාගෙන කොල්ලො වට කරගෙන බාගෙට හා සම්පූර්නයෙන් හෙලුවෙන් තියාගෙන නේකඩ් ෆොටෝ ග්‍රැෆි කියාගෙන ක්ලාස් කරනවා... උන් හිතන්නේ කෙල්ලෙක්ව අඳුම් නැතිව පිංතූර ගන්න එක කලාත්මකයි කියලා... ඇත්තටම නේකඩ් ෆොටෝ ග්‍රැෆි කියන්නේ මොනවද ඒකට අදාල බේසික් අදහසක්වත් උන්ගාව නෑ.. මම ලඟදි දවසක් ෆේස් බුක් එකේත් දැක්කා කෙල්ලෙක්ව ඇඟපුරා මඩ තවරලා ෆොටෝ අරගෙන දාල තියෙනවා.. ඒවට කොපිරය්ට්ස් අරගෙන ලොකුවට දාලා.. ඌත් ක්ලාස් කරන එකෙක් ලු... හද්ද චාටර්... :dull:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    මමනම් ඕකෙ එච්චර ලොකු වැරද්දක් දකින්නෙ නෑ. මොකද තමන් කැමති දෙයක් කරන්න ඕනෙම කෙනෙක්ට නිදහස තියනව.professional photographer කෙනෙක් තමන්ගෙ වැඩවලින් මුදලක් උපයනව.නිකන් ආතල් එකට photos ගත්තට කවුරුවත් සල්ලි දෙන්නෙ නැහැනෙ.අනිත් එක උඹ කියලතියන එක සහතික ඇත්ත. ෂාරුක් ඛාන්ගෙ රඟපෑමයි රොෂාන් රණවනගෙ රඟපෑමයි අතර ලොකු වෙනසක් තියනව තමයි.හැබැයි උන් දෙන්නගෙ වාර්ෂික ආදායම අරන් බැලුවත් අහසට පොලව වගේ වෙනසක් තියෙයි.ඒ වගේ තමන් subject එකට සැබෑ දක්ෂයෙක්නම්, තමන් කරනදේට ඉල්ලුමක් තියනවනම් තමන්ට ලැබෙන්න ඕනෙ තැන ලැබෙනව.එහෙම නැතිඋනත් දක්ෂය දැනගන්න ඕනෙ ඒ තැන ලබාගන්න.
    උඹ මෙහෙම කියල තියෙන්නේ DSLR Cameras වලින් ෆොටෝස් ගන්න එක දැන් trend එකක් විදිහට යන හින්දද කියන්න මම දන්නෙ නෑ..හැබැයි ඕකත් ඉක්මනටම සාමාන්යීකරණය වෙයි.හරියට ඉස්සර digital cameras වගේ.අනිත් එක මිනිස්සුත් ආසයි තමන් ගන්න photo එක quality එකට ගන්න.ගොඩක් අය SLR cameras ගන්නෙ ඒකට.add එක දාන්න ඔච්චර ගානක් වියදම් කරල cameras ගන්න එවුන් ඉන්නවනම් ඉතින් උන්ට යන්න වෙනම මානසික රෝහල් හදන්න වෙනව...
     
    nude කියන්නෙ ආට් එකක් තමයි..:P හම්බයොන්ට කොයින්ද මෙව්වා..:rofl:
     
    උඹ කියන එකෙත් ඇත්තක් තියෙනව, හරිනම් අනිත් එවුන් දියුනුවෙනවට වැඩිය වේගෙන් ප්‍රොෆෙශනල් එවුන් දියුනු වෙන්න ඕන. කොච්චර ෆෝන් තිබ්බත් ඇපල් වලට ගහන්න බෑ වගේ හැමදාම කම්පෙයා කරන්න බැරි මට්ටමක ප්‍රොෆෙශනල් උන් ඉන්න ඕන.. ඒක උන්ගෙ වැඩක්. ඒක කරන්නෙ නැතුව අනිත් උන් හදන්න යන එකත් වැරදියි.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මටත් ඔය පිස්සුව උපරිමයෙටම තියන්ව බන් අනේ මන්ද මම කරන්නෙනම් ෆන් එකට... ෆොටර්ග්‍රෆර් කියල මේ ලොකු සීන් එකට නෙමේ බන් ෆෝටෝ එකක් අප් කරල ඒකට ලයික් එකක්, කමෙන්ට් එකක් වැටුනහම එන සතුට පට්ටයි බන් අනික දන්නෙ නැති හුගදෙනෙක් අදුරගන්න පුලුවන් මට පේජ් එකක් නෑ අප් කරන්නෙ මගෙ ප්‍රොෆයිල් එකේම තමා... තවත් පට්ටම ෆන් එකක් තියෙන්නෙ මගෙ පික් එකක් කවුරු හරි ප්‍රොෆයිල් පික් එකට , කවර් එකට දාගත්තහම... එක එක් කෙනා හිතන විදිහනෙ බන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    මටත් ඔය පිස්සුව උපරිමයෙටම තියන්ව බන් අනේ මන්ද මම කරන්නෙනම් ෆන් එකට... ෆොටර්ග්‍රෆර් කියල මේ ලොකු සීන් එකට නෙමේ බන් ෆෝටෝ එකක් අප් කරල ඒකට ලයික් එකක්, කමෙන්ට් එකක් වැටුනහම එන සතුට පට්ටයි බන් අනික දන්නෙ නැති හුගදෙනෙක් අදුරගන්න පුලුවන් මට පේජ් එකක් නෑ අප් කරන්නෙ මගෙ ප්‍රොෆයිල් එකේම තමා... තවත් පට්ටම ෆන් එකක් තියෙන්නෙ මගෙ පික් එකක් කවුරු හරි ප්‍රොෆයිල් පික් එකට , කවර් එකට දාගත්තහම... එක එක් කෙනා හිතන විදිහනෙ බන්

    ඒක අවුලක් නැහැ බන් .ඒකේ ආතල් එක මමත් දන්නවා .මමත් කැමරාවක් අරන් ෆොටෝඅ ගහනවා .එහෙම අහිංසක විදියට දෙයක් කරාට කිසිම අවුලක් වෙන්නේ නැහැ .ඒත් මෙතන අවුල වෘතීමය පැත්ත සෝදාපාළු වේගෙන යනවා .අන්න ඒකයි .දැන් බලපන් අපි ආතල් එකේ ගිටාර් එකක් අරන් සිංදුවලක් කියන එක අවුලක් නැහැ .ඒත් අපි ඒහෙම කියලා ඔහේ මියුසික් වීඩියෝ එකක් කරලා මියුසික් ෆීල්ඩ් එකට එනවානම් තේරුමක් තියෙනවද ? නැහැ නේ ? අන්න ඒ වගේ තමා මේ කේස් එක .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    උඹ කියන එකෙත් ඇත්තක් තියෙනව, හරිනම් අනිත් එවුන් දියුනුවෙනවට වැඩිය වේගෙන් ප්‍රොෆෙශනල් එවුන් දියුනු වෙන්න ඕන. කොච්චර ෆෝන් තිබ්බත් ඇපල් වලට ගහන්න බෑ වගේ හැමදාම කම්පෙයා කරන්න බැරි මට්ටමක ප්‍රොෆෙශනල් උන් ඉන්න ඕන.. ඒක උන්ගෙ වැඩක්. ඒක කරන්නෙ නැතුව අනිත් උන් හදන්න යන එකත් වැරදියි.

    මචං ම්ම පොඩි උදාහරණයක් කියන්නද ? දැන් බලප්න් සුනිල් එදිරිසිංහ ගේ සිංදු අදටත් ජනප්‍රියයි .අපිත් අහනවා .ඒත් අද අපේ රටේ ටීවී රේඩියෝ චැනල් කීයෙන් කීයකද සුනිල් එදිරිසිංහගේ සින්දු Play වෙන්නේ ? අවාරෙට පොල් එනවා වගේ තමා .නැත්තම් නිතරම Play වෙන්නෙ නව පරපුරේ කියන අපතයන්ගේ වැඩකට නති සිල්ලර සිංදු .එව්ව රින්ග්ගින්ග් ටෝන් වලට දීලා උන් පට්ටෙටම හම්බ කරනවා .ඉතිං ක්ෂෙස්ත්‍රය බාල්දු වෙලා තියෙන්නේ .කොහේවත් ඉඳන් එන සුපිරි තරු කියන හාල් කෑලි පරණ මිනිස්සුන්ගේ සිංදු කිය කිය උන් සල්ලි හම්බ කරනවා .ඇත්ත වැඩකාරයා අනාථ වෙලා .අන්න ඒ වගේ දෙයක් තමා මේ Photography කියන එකත් .
    :yes::yes::yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒක අවුලක් නැහැ බන් .ඒකේ ආතල් එක මමත් දන්නවා .මමත් කැමරාවක් අරන් ෆොටෝඅ ගහනවා .එහෙම අහිංසක විදියට දෙයක් කරාට කිසිම අවුලක් වෙන්නේ නැහැ .ඒත් මෙතන අවුල වෘතීමය පැත්ත සෝදාපාළු වේගෙන යනවා .අන්න ඒකයි .දැන් බලපන් අපි ආතල් එකේ ගිටාර් එකක් අරන් සිංදුවලක් කියන එක අවුලක් නැහැ .ඒත් අපි ඒහෙම කියලා ඔහේ මියුසික් වීඩියෝ එකක් කරලා මියුසික් ෆීල්ඩ් එකට එනවානම් තේරුමක් තියෙනවද ? නැහැ නේ ? අන්න ඒ වගේ තමා මේ කේස් එක .

    මෙහෙමයි මචන් කෙනෙක් ආසාවට පික් එකක් අරන් නේම් ටැග් එකක් දාල කොහෙ හරි අප් කරා කියල වෘතීමය පැත්ත හානි වෙනව කියන එක මම පිලිගන්නෙ නෑ බන්.. වෘතීය ජායාරූපකරනය කියන්නෙ වෙනමම එකක් , නිකන් ෆොටෝ එකක් අරගන්නව කියන්නෙ තවත් එකක් යාලු... වෘත්තීමට ජායාරූපශිල්පීන් ගෙ අඩුපාඩු නිසා වෘතීය ජායාරූපකරනය සෝදාපු වෙන්න පුලුවන් යාලු ඒත් විනෝදාංශයක් ලෙස ඒක කලාට එහෙම වෙන්නෙ කොහොමද යාලු සිරාවටම මට ඒකනම් තේරෙන්න්‍ර නෑ මචන්ග්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හැමෝම ඇන්සෙල් ඇඩම්ස්ල නෙවි. එත් ඒක එයාලගේ හොබී (හෝ රැකියාව) එකනේ. ඔතන ගැටලුව තියෙන්නේ ඒ ෆොටෝ ගහන අය නෙවි. ඒ ෆොටෝ බලන අය. බලල ඒවා හොඳයි කියන අය. සමහරු යාළුවා නිසා හොඳයි කියනව, සමහරු බයිට් එකට හොඳයි කියනව, තවත් සමහරු නොදන්න කමට හොඳයි කියනව. වෘතියට ගැටළුවක් වෙන්නේ ඔය හරිනැති වෘතිකයන්ව තමන්ගේ වැඩවලට ගන්න අය නිසා. එත් හැමෝටම 3 - 5 ලැක්ස් දීල ෆොටෝග්‍රපර් කෙනෙක් ගන්න බැ. එහෙම තැන්වලදී ඔයවගේ අවුල් අය පොඩි ගානට යනවා.

    එත් එහෙමයි කියල තමන්ගේ හැකියාව දියුණු කරගන්න හදන අයට හිනාවෙන්න හොඳනැ.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    මෙහෙමයි මචන් කෙනෙක් ආසාවට පික් එකක් අරන් නේම් ටැග් එකක් දාල කොහෙ හරි අප් කරා කියල වෘතීමය පැත්ත හානි වෙනව කියන එක මම පිලිගන්නෙ නෑ බන්.. වෘතීය ජායාරූපකරනය කියන්නෙ වෙනමම එකක් , නිකන් ෆොටෝ එකක් අරගන්නව කියන්නෙ තවත් එකක් යාලු... වෘත්තීමට ජායාරූපශිල්පීන් ගෙ අඩුපාඩු නිසා වෘතීය ජායාරූපකරනය සෝදාපු වෙන්න පුලුවන් යාලු ඒත් විනෝදාංශයක් ලෙස ඒක කලාට එහෙම වෙන්නෙ කොහොමද යාලු සිරාවටම මට ඒකනම් තේරෙන්න්‍ර නෑ මචන්ග්

    මේක්නෙ බ්‍රදර් .උඹට මගේ ත්‍රෙඩ් එකේ තිබ්බ එව්ව ක්ලික් වෙලා නැහැ .මම කියන්නේ නැහැ ෆොටෝඅ එකක් අරන් ෆේස්බුක් දාන්න එපා කියලා .ඒත් උඹට ෆේස්බුක් එකේ ඉන්නවානම් පෙනෙවි කීයෙන් කීදෙනෙක් කිසිම සුදුසුකමක් රහිතව හුදෙක්ම අර මගේ ත්‍රෙඩ් එකේ කියලා තියෙන ජාතියේ කැමරාවල් වලින් ෆොටෝඅ ගහලා උගේ නමින් හරි නැත්තම් වෙන කැමති නමකින් හරි "අහවල් ෆොටෝග්‍රැෆි " කියලා පෙජස් හදාගෙන වෘතීමය ඡායාරූපකරණයේ යෙදෙනවා .වැඩිය ඔනේ නැහ මම පෞද්ගලිකවම දන්න 4 ක් 5 දෙනෙක්ම ඉන්නවා .උන්ට ෆොටෝ ග්‍රැෆි වලට ටියෙන එකම සුදුසු කම තමා උන්ගේ කැමරාවේ සීම් එක .උන් නිකන් ආතල් එකට නෙමේ කරන්නේ වෘතීමය වශ්යෙන් .තවත් සිංහලෙන් තෙරෙන්න කියනවනම් උන් සල්ලිත් ගන්නව වැඩ වලට .අන්න ඒකයි අවුල .නැත්තම් කවිරි හරි එකෙක් ෆොටෝ එකක් අහර ෆෙස්බුක් දාලා යාළුවන්ට ටැග් කරල ඒකෙන් ලබන කමෙන්ට් වලි ලබන ආතල් එක වැරදි නැහැ .මමත් දන්නවා ඒ ආතල් එක /ඒත් වැරැද්ද අන්න අර කලින් කිව්ව සීන් එක :yes::yes::yes::yes: