අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    ධර්මයෝ මනස පෙරටු කොට ගෙන පවති යි. මනස ශ්‍රෙෂ්ඨ කොට ගෙන පවති යි. ධර්මයෝ සිතින් ම උපදි යි. ඉදින් යමෙක් කිලිටි සිතින් යමක් කියයි නම් ‍හෝ කරයි නම්, ඒ හේතුවෙන් උපදින දුක ඔහු ලුහුබඳියි. ගොනු අනුව යන ගැල්සක මෙනි.

    Damma medicine-
     
    Last edited:
    • Like
    Reactions: shammee

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    "All that we are is the result of what we have thought. If a man speaks or acts with an evil thought, pain follows him. If a man speaks or acts with a pure thought, happiness follows him, like a shadow that never leaves him."


    :):)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ධර්මයෙහි හැසිරෙන්නා දහම විසින් රැකේ.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බාලයන් ඇසුරු නොකිරීමද, පණ්ඩිතයන් ඇසුරු කිරීමද, පිදිය යුත්තන් පිදීමද මංගල කරුණකි.

    පිදිය යුත්තන් බොහොම පරිස්සමෙන් තෝර ගන්න ඕනෙ.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ වගේම තමයි ඇසුරු කල යුතු සත් පුරුෂයන් තේරීමේදිත් සැලකිලිමත් වෙන්න ඕනි...
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    buddhism6.jpg




    “මහණෙනි, දක්ෂ රන්කරුවකු උණූ කිරීමෙන් හා උරගලෙහි ඇතිල්ලීමේන් රන්වල නියම ස්භාවය දැනගන්නා පරිද්දෙන් විචාරාත්මක පරීක්ෂාවෙන් මිස මා කෙරෙහි ඇති ගෞරවය නිසා මාගේ ධර්මය පිළිනොගත යුතුය.”

     
    අත්තා හි අත්තනෝ නාථෝ
    කෝ හි නාථෝ පරෝසියා?

    අත්තනාව සුදන්තේන

    නාථං ලභති දුල්ලභං
    තමාට පිහිට තමාමය, වෙන කවරෙක් තමාට පිහිට වේද ? තමා (තම සිත)මනාව දමනය කරගත් නුවනැත්තෝ දුර්ලභවූ අර්භත්ඵල නැමැති පිහිට(සහ සියලු සැනසුම) ලබයි.
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    භාග්‍යවතුන් වහන්ෙසේ විසින් ෙපන්වා දී තිෙබන ඒ උතුම් නිවන් මඟ, සතර සතිපට්ඨානය ෙකෙරහි බලවත් වූ පැහැදීම ඇති කරගැනීමට වාසනාව, ශක්තිය ෛධර්යය උදාෙව්වා...! ඒ සඳහා කළ්‍යාණ මිත ඇසුර ඇති කරගන්නත් දියුණු කරගන්තත් හැකියාව, ෛධර්යය, වාසනාව ඔබටත් උදාෙව්වා.
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත යි කියල තේරුම් ගැනීම පිණිස ම ඉගෙන ගන්න. යමෙක් ධර්මය ස්වාක්ඛාත යි කියල තේරුම් ගත්තොත් එපමණකින් ම එයා ට වීරිය උපදිනවා. මේ ධර්මය තුළ දුක පිළිබඳ ව පරිපූර්ණ වශයෙන් ම කියල දීල තියෙනවා. දුකේ හට ගැනීම ගැන ත් පරිපූර්ණ වශයෙන් ම කියා දීල තියෙනවා. දුකේ නැති වීම ගැනත් පරිපූර්ණ වශයෙන් ම කියා දීල තියෙනවා. දුක නැති කරන වැඩපිළිවෙල ගැන ත් පරිපූර්ණ වශයෙන් ම කියල දීල තියෙනවා. මේ කාරණා තේරුම් ගත් කෙනා දුක තුළ වාසය කරන්ට කැමති වෙන්නෙ නෑ. දුකේ නැති වීමට එයා කැමති වෙනවා. ආන් එයා දුක නැති කරන වැඩ පිළිවෙලට ත් කැමති වෙනවා. එයා තුළ වීරිය උපදිනවා. ඒ නිසා ධර්මය ස්වාක්ඛාත බව වටහාගැනීම පිණිස හොඳින් ඉගෙන ගන්න.
    ~~~පූජනීය අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ උතුම් අවවාදයකි~~
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    පෘථඃජන ලෝකය තුළ මේ 'උත්සව සමය​' කි.
    තෙරුවන් සරණ ගිය ශ්‍රාවක අපි ආර්‍ය විනය තුළ හික්මීම ඇති කරගනිමු.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    භාග්‍යවතුන් වහන්ෙසේ විසින් ෙපන්වා දී තිෙබන ඒ උතුම් නිවන් මඟ, සතර සතිපට්ඨානය ෙකෙරහි බලවත් වූ පැහැදීම ඇති කරගැනීමට වාසනාව, ශක්තිය ෛධර්යය උදාෙව්වා...! ඒ සඳහා කළ්‍යාණ මිත ඇසුර ඇති කරගන්නත් දියුණු කරගන්තත් හැකියාව, ෛධර්යය, වාසනාව ඔබටත් උදාෙව්වා.

    :yes::yes::yes:
     

    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    උතුම් දහම තුළ යළි උපන් පිනෙන් පිරුනු සොඳුරු ජීවිත පතුරන ඒ උතුම් මිනිසත් බවේ ගුණ සුවඳ දැනේවා සියළු සත හට​...... 'දහම තුළින් ප්‍රායෝගිකත්වයට'
    -මිනිසත් බවින් උපරිම ඵල නෙලමු-
    මේ ගෞතම බුද්ධ රාජ්‍යය යි....!!!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඇල්ම නිසා ශෝකය ඇති වෙයි.
    ඇල්ම නිසා භය ඇති වෙයි.
    ඇල්මෙන් වෙන් වූවහුට ශෝකය නැත;
    භයක් කොයින්ද?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ධම්ම පදය, අප්පමාද වග්ගය

    උට්ඨානවතො සතිමතො
    සුචිකම්මස්ස නිසම්මකාරිනො
    සඤ්ඤතස්ස ච ධම්මජීවිනො
    අප්පමත්තස්ස යසොභිවඩ්ඩති




    නොපසුබස්නා වීර්යය ඇති බව, එළැඹ සිටි සිහිය ඇති බව, නිදොස් ක්‍රියා ඇති බව, නුවණින් විමසා බලා තම කටයුතු කරන සුළු බව, කය වචන දෙකින් හික්මුණු බව දැහැමින් දිවි පවත්වන බව සහ අප්‍රමාදීව කටයුතු වල නියැළෙන බව යන කරුණු හත යම් පුද්ගලයෙකුගේ චරිතය තුළ විද්‍යාමාන වේ නම් ඔහු සමාජයේ කීර්තියටත් යසසටත් පත්වෙයි.

    උපුටාගැන්ම: බුදුසරණ http://www.lakehouse.lk/budusarana/2009/10/03/tmp.asp?ID=vision01