බොහොම පින්
මම මෙහෙම කිවොත් හරිද මට ඕනේ සරලව පැහෙදිලි කරගන්න
රුප කියන්නේ අපිට පෙන රුප
මනුස්සයෙක්, ගැහැනියක් , කාර් එකක් ගෙයක් වගේ
අනිත්‍යයි කියන්නේ
වයසට යන එක, කැඩෙන එක, හැප්පෙන එක,පරණ වෙන එක
වගේ ද ? එහෙම නම්
මිනිස්සු වයසට යනවා කියන එක සිද්දාර්ථ දැනගත්තේ චන්න ඇමතියා ගෙන් පස්මහා බැලුම් බලන වෙලාවේ
එහෙනම් අවුරුදු 6ක් දුෂ්කරක් ක්‍රියා කරන්නේ නැතුව මේ කතාව කියන්න තිබ්බ නේද ?
ඔබෙ ප්‍රශ්න කිරිම හරි,
අනිච්ච වචනෙ වැරදියට පරිවර්තනය කරලා තියෙන්නෙ අනිත්‍ය විදියට,
අනිචච වචනෙට ත්‍රිපිටකෙ ඇතැම් පරිවර්තන වලදි නිවැරදි තෙරුම තියෙනවා අනිසි, අනිච්ච = අනිසි,
අනිච්ච පැහැදිලි කරලා තියෙන්නෙ උදය වැය ඥානය කියලා, උදය වැය ඥානය විදියට විස්තර කරලා තියෙන්නෙ පටිචචසමුප්පාදය,
පටිචචසමුප්පාදය තෙරුම් ගත්තොත් තමයි දර්මය තෙරුම් ගත්තා වෙන්නෙ,
ද්‍රවය වස්තු වල ස්තිර නැති කමක් නෙවෙයි අනිච්ච කියන්නෙ,
අනිච්චං කයට්ටෙන විදියටත් විස්තර වෙනවා,
දුක්කං බයට්ටෙන,
අනත්තං ආසාර කට්ටෙන,
බුදුදාහාමෙ දුක කියන්නෙ ඥානයක්, දුක්කෙ ඥානං (දැනුම),
පටිචචසමුප්පාදය අපෙ චෙතනා වල ප්‍රොසෙස් එක,
අවිජ්ජා (මුලාව) පච්චයා (හෙතුවෙන්) සංකාර (සකස් කරනවා),
සංකාර පච්චයා විඤ්ඤාන (දැනුම),
විඤ්ඤාන පච්චයා නාම රුප,
නාම රුප හෙතුවෙන් සාලායතන (ඇස කන .........),
සාලායතන හෙතුවෙන් සංස් පර්ශ, (හාදා ගත්ත ස්පර්ශ),
සංස් පර්ශ හෙතුවෙන් වෙදනා (කැමැත්තෙන් හිතින් හාදා ගත්ත රාග වෙදනා),
වෙදනා හෙතුවෙන් තන්හා (රුප ශබ්ද ගන්ද...... වලට හා වෙනවා),
තන්හා හෙතුවෙන් උපාදාන (පංච උපාදානයට ඇදිලා බැදිලා) ,
උපාදාන හෙතුවෙන් බව (කාම බව රුප බව...),
බව හෙතුවෙන් ජාති (ඇස රුප චක්කු දැනුම),
ජාති හෙතුවෙන් ජාරා මරණ, (හිතෙ ප්‍රොසෙස් එක),