අද දුම්රියෙන් වැටීම් තුනයි මරණ දෙකයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    train-deaths

    අද (12) පෙරවරුවේදී හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියකින් වැටී තරුණයෙක් මිය ගිය අතර අද පස්වරුවේ කොළඹ කොටුව සිටි රඹුක්කන බලා ධාවනය වන දුම්රියෙන් තවත් පුද්ගලයෙක් වැටී තිබේ.
    බුළුගහගොඩ දුම්රිය ස්ථානය අසළදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහුව ගිලන් රථයක් ආධාරයෙන් රෝහල් ගත් කර තිබේ. ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
    මේ අතර අද සන්ධ්‍යා කාලයෙහි 7 ට පමණ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතරතුරදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් ඇදවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
    මෙලෙස ජීවිතක්ෂයට ඇති පුද්ගලයා වයස අවුරුදු 45ක පමණ අයෙකු බවත් අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවත් පොලිසිය පවසයි.

    තුවාල ලැබූ දුම්රිය මගියා බරපතළ තුවාල සිදුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.
    මෙම පුද්ගලයා දුම්රියෙන් පැන්නා ද නැතහොත් ඇදවැටුනාද යන්න සැකසහිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    අද උදෑසන හොරපේ දුම්රිය ස්ථානය අසළදී මියගොස් තිබුණ තරුණයා ගම්පහ හුනුපිටිය දුම්රිය ස්ථානයට දිනපතා පැමිණෙන මගියෙකි.

    දිනිත් ඉඳුවර (18) කාර්යාල දුම්රියෙන් කොළඹට පැමිණ මොරටුව කර්මාන්ත ඉංජිනේරු ආයතනයේ ජලනලනල කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටියේය. උදෑසන පියා දුම්රිය ස්ථානයට ඇරලවීමෙන් පසු දුම්රියේ ගමන් කරන අයෙකි.

    ඔහුගේ පියා පවසන්නේ මෙම මරණයට වර්ජනය හේතුවූ බවයි. 6.05 ට යන දුම්රිය 6.45 දක්වා ප්‍රමාදවී තිබුණ බවත් ඔහුට දුම්රිය වහලයට යන්නට තීරණය කරන්නට ඇත්තේ එය බවත්ය. ඔහු පාලමක හිස වැදී මරණයට පත්විය.
    ඔහුට පවුලේ සහෝදරියන් දෙන්නෙකු පමණක් සිටින අතර පවුලේ එකම පිරිමි දරුවා විය. වැඩිදුර ඉගෙන ගනිමින් ගරාජයක අමතර රැකියාවක් කළ බවද පැවසේ.
    111.webp
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    ජෙබ්බෝ 3% ට බස්සපු එකේ සාපේ බොලව් සාපේ සාපේ.. 🤭 දෙයියන්ට අනුකම්පා හිතෙනකම්ම තොපිලාට බැට දෙයි.
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ai bn munta me wage dawasakawath bus eke yanna beri. man kiyanne warjane hodai kiyala newei. but minihekta common sence thiyenna oni. pawula goda danna inne u nam oita wada hithanna oni. kolu kamata wahale yanawa. gihilla merenawa. malata passe eka ekata chodana karala wedak ne neh.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Ai බන් මුන් train strike කියලා දැන දැනම ඇවිල්ලා train එකේ එල්ලිලා ගිහින් මැරෙන්නේ. train strike එකක් තියෙනවා කියලා දන්නවනම් බස් එකේ යන්න පුලුවන්නේ. පුදුම මෝඩ යක්කු ටිකක් ඉන්නේ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඊළඟට ඉස්පිරිතාලෙ ඉන්න එකා මැරෙනවා බාල බෙහෙත් බීලා 😂

    මරණ තුනයි 🤣
    මම නම් ඕකට හිනා වෙන්නේ නැ බන් සිරාවටම
    කරීම මලක් එක්ක දුකක් එන්නේ :yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Ai බන් මුන් train strike කියලා දැන දැනම ඇවිල්ලා train එකේ එල්ලිලා ගිහින් මැරෙන්නේ. train strike එකක් තියෙනවා කියලා දන්නවනම් බස් එකේ යන්න පුලුවන්නේ. පුදුම මෝඩ යක්කු ටිකක් ඉන්නේ

    degunayak wiyadam karanna wath salli nathi kama wennath puluwan....

    bus ticket ekak 2x wenwa train ticket ekak ekka compare karama... ex : galle to colombo train eke 250/- ,, bus eka 460/- da koheda wenawa....
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකවේ police ,army කිසි හිඟයක් නැහැ නේ ඇයි එකෙක් මැරුණට පස්සේ වත් police ,army දාන්නේ නැත්තේ නවත්තන්න උඩ යන එක ,


    හේතුව තමයි එහෙම වෙන එකෙනුත් මුන් වාසි ගන්න බලන්නේ බලන්න වෘතීය සමිති කාරයෝ නිසා මරුන කියල , මුල් එකට එහෙම කියන්න පුළුවන් පොඩ්ඩක් එත් ඊට පස්සේ ඒවාට 100% පොන්න රජයේ දේශපාලන හොරු වග කියන්නේ ඕන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,743
    113
    Ai බන් මුන් train strike කියලා දැන දැනම ඇවිල්ලා train එකේ එල්ලිලා ගිහින් මැරෙන්නේ. train strike එකක් තියෙනවා කියලා දන්නවනම් බස් එකේ යන්න පුලුවන්නේ. පුදුම මෝඩ යක්කු ටිකක් ඉන්නේ
    ගව සම්පත කියන්නේ නිකංද?
    මෝඩ ගූටා ට කතිරෙ ගැහුව පුන්නක්වන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Like
    Reactions: Cypress

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    anika tamai train eke yana godak ewun season ekak aran inne.. . eeka godak adu ganak daily train eke yana ganath ekka compare karama.... mam hithanne normal user kenek ge 30 days value eken half wage amount ekak waten season ekata.... hariyata gaanan mathaka na....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නම් ඕකට හිනා වෙන්නේ නැ බන් සිරාවටම
    කරීම මලක් එක්ක දුකක් එන්නේ :yes:

    කලකිරෙන්න ඕන නොගැලපෙන අවදානම් වැඩ කරන මිනිස්සු ගැන. දැන් ෆෝන් තියෙනවා හැම කෙනාටම. ගෙදරට කෝල් කරලා ස්ටේශන් එකේ නිදාගත්තත් පත්තරේ යන්නේ නැතිව ජීවිතේ බේරගන්න තිබුන.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කලකිරෙන්න ඕන නොගැලපෙන අවදානම් වැඩ කරන මිනිස්සු ගැන. දැන් ෆෝන් තියෙනවා හැම කෙනාටම. ගෙදරට කෝල් කරලා ස්ටේශන් එකේ නිදාගත්තත් පත්තරේ යන්නේ නැතිව ජීවිතේ බේරගන්න තිබුන.
    ඔහොම කරනවා නම් මොකටද බන් ට්‍රස්න්පොර්ටෙෂන් එකක් තියෙන්නේ? හැම එකම පැදුරයි කොට්ටෙයි ගෙනාවනම් ඉවරයි