අද පාර්ලිමේන්තුව අනාතයි
බිලියන 400 බැඳුම්කර විකුණන යහපාලන ආණ්ඩුවේ යෝජනාව පරාදයි.. විපක්ෂය රණ ගී ගයති..
April 7, 2015 at 6:59 pm | lanka C news
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් රුපියල් බිලියන 400ක් උපයා ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 21කින් පරාජයට පත් විය. යෝජනාවට පක්ෂව ඡන්ද 31ක් හා විපක්ෂව ඡන්ද 52ක් ලැබින.
ඒ සඳහා ඡන්දය විමසන අවස්ථාවේ අගමැති, මුදල් ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තුවේ සිටියේ නැත. එජාපයේ පමණක් මන්ත්‍රීවරු 47ක් සිටිති. ආණ්ඩුවේ කොටසක් වන ජවිපෙද ඊට විරුද්ව වීම විශේෂය.
ඡන්ද විමසීම අවසානයේ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තවේ දෙවන මහලේ සිට ‘හෙළ ජාතික අබිමානේ’ ගීතය මහ හඬින් ගයමින් පැමිනියහ.

Last edited:

.