අද බස් එකක ගහපු එකක් දැක්ක . ගොඩක් වැදුනා ..

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,974
    6,654
    113
    ගග අද්දර
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුනනවා...
    මන් දුන් ලියුමේ රටකජු ඔතලා මටමම විකුනවා...
    ලියුම බලන්නද රටකජු කන්නද මගේ සිත විමසනවා...
    මා දුන් ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුනනවා...
    මන් දුන් ලියුමේ රටකජු ඔතලා මටමම විකුනවා...
    ලියුම බලන්නද රටකජු කන්නද මගේ සිත විමසනවා...
    මා දුන් ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා...

    ඔය වැරදියි බං..:(

    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා
    මා දුන් ලියුමක රටකජු ඔතලා ඈ මා හට දෙනවා
    ලියුම බලනවද රටකජු කනවද මගෙ සිත විමසනවා
    මගේම ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා

    රටකජු කනකොට මගේම ලියුමේ සටහන් මතුවෙනවා
    අත්වැල් බැඳගෙන රටකජු කෑ හැටි එහි සටහන් වෙනවා
    රටකජු වාගෙම අපේ ලව් එකෙත් පොතු ගැලවී යනවා
    ලවෙයි කජු වලයි වෙනසක් නැති බව මට දැන් වැටෙහෙනවා

    :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආයෙ මක්කයි..:lol:

    බස් එකකද තිබ්බෙ.. තිබ්බා නම් ඒක සාමාන්‍ය දෙයක්.. බස් අජිත් අයියා..:lol:

    පෙන බුබුලක් වගේ උඩට ඇවිත් බිඳිලා යන්නෙපා.....
    ටින ටින්ට ටින්ට ටින නා...

    මගේ ලඟට ඇවිත් ආපසු ඔබ හැරිලා යන්නෙපා....
    \\
    :lol://
    | |
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අඩෝ මේ ඒ සින්දුව නේද ?
    මට මේක මිට ඉස්සෙල්ල කොහේදී හරි අහල පුරුදුයි බන් .
    කිලෝමීටර 5 ක් විතර කල්පනා කර කර ආව මේක කොහෙද තිබුනේ කියල.
    අයියෝ මන් වගේ මෝඩයෙක් :(

    :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,974
    6,654
    113
    ගග අද්දර

    ඔය වැරදියි බං..:(

    පෙර දිනයක මා පෙම් කල යුවතිය රටකජු විකුණනවා
    මා දුන් ලියුමක රටකජු ඔතලා ඈ මා හට දෙනවා
    ලියුම බලනවද රටකජු කනවද මගෙ සිත විමසනවා
    මගේම ලියුමේ මොනව බලන්නද මම රටකජු කනවා

    රටකජු කනකොට මගේම ලියුමේ සටහන් මතුවෙනවා
    අත්වැල් බැඳගෙන රටකජු කෑ හැටි එහි සටහන් වෙනවා
    රටකජු වාගෙම අපේ ලව් එකෙත් පොතු ගැලවී යනවා
    ලවෙයි කජු වලයි වෙනසක් නැති බව මට දැන් වැටෙහෙනවා

    :cool:

    මන් ඕකෙ ඔච්චර දුර අහල තිබුන් නෑ බන්. මට දවසක් ඉස්කෝලෙදි කොල්ලෙක් කියපු එකක් ලාවට මතකේ තිබිල දැම්මේ. :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හ්ම්.. පද රචකයාගෙ, තණු නිර්මාපකයාගෙ, ගායකයාගෙ.. ඔය තුනේම සම්මිශ්‍රණයකින් තමයි හොඳ ගීතයක් බිහිවෙන්නෙ.. ගායකයා මොන තරම් හැකියාව තියෙන කෙනෙක් උනත් වැඩක් නෑ තනුව, පදරචනය හරි නැත්නම්.. සන්නාලියනේ පදරචනා කලේ සේකර.. ආයෙ ඉතිං මොන කතාද..:dull:

    the-golden-threshold-sarojini-naidu.jpg

    ඕන් ඔය පොතේ තිබ්බ කවියක් තමයි වෙනස් කරලා සන්නාලියනේ කියන සිංදුව ලියල තියෙන්නෙ මහගම සේකර..:cool:

    :cool::cool:;);)
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බයික් පදින ගමන් පොටෝ ගන්න එපා නාකියො.තෝ හැපිල මැරෙයි.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මෙන්න මේ සිංදුව අහපන්. ජීවිතේ තියෙන ඉපදීම-විවාහය-මරණය තුන නියමෙට කියැවෙන ගීතයක්..

    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හිමිදිරි උදයේ
    සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
    කාටද ඇදුම වියන්නේ

    කාටද ඇදුම වියන්නේ

    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    මාලගිරා තටු සේම රුවින් යුතු
    නිල්වන් ඇදුම වියන්නේ
    ඊයේ ඉපදුනු කුලුදුල් දූටයි
    මේ පොඩි ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    මේ හැන්දෑ යාමේ
    හැඩ වැඩ දමලා ලස්සන කරලා
    කාටද ඇදුම වියන්නේ

    කාටද ඇදුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    කාටද ඇදුම වියන්නේ

    සැන්දෑ අහසේ රන්වන් පාටින්
    දිලිසෙන ඇදුම වියන්නේ
    ඒ කුලුදුල් දූ දීගෙක දෙන්නයි
    මoගල ඇදුම වියන්නේ

    සන්නාලියනේ සන්නාලියනේ
    සීතල හද එළියේ
    මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්
    කාටද සලුව වියන්නේ
    හීතල සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    කාටද සලුව වියන්නේ

    කණකොක් තටුවේ සුදුමැලි පාටින්
    සීතල සලුව වියන්නේ
    මියගිය ඇයගේ මිනිය වහන්නයි
    සීතල සලුව වියන්නේ....

    පද රචනය - මහගම සේකර
    ගායනය - පන්ඩිත් අමරදේව

    නමේ හැටියට හැටට කිට්ටු වෙලා කියන්න බෑ.. නමෙන් වයස කියතැහැකි.. (පස්සෙ නම් මාරු කරල නැත්තං..) හා හා ඕවා වැඩක් නෑ..:cool:

    හැටට කිට්ටු වෙන කතාවක් නෙමෙයි මේකෙන් කියන්නෙ.. තනිකම ගැන.. ගැඹුරු තේරුමක් නෑ මේ ගීතයෙ.. සාමාන්‍යයෙන් ඕනම කොල්ලෙක් තමන්ගෙ තරුණ කාලෙදි කරන්න පුළුවන් විච්චූරණ හැම එකක්ම කරනවා.. ඒත් කාලයත් එක්ක තමන් වයස්ගතයි කියලා හිතුන දාට ඔය හැමදේම ඈතට යනවා.. මොකද හැම විච්චූරණ කරන්නෙ යම් හේතුවක් ඇතුව..

    බලපං..

    පාරට බැස්සම නොවැ සීතල වැඩි
    තනිකම ඊට වැඩී
    එකම කුඩය යට අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි
    මට හොඳහැටි මතකයි

    ජීවිතේ හැම දේකටම වඩා තනිකම කියන්නෙ වේදනාවක්.. ඒක ජීවිතේ නතිවෙච්ච කෙනෙක්ම විතරයි දන්නෙ.. ඒත් ගොඩක් තනිවෙච්චි මිනිස්සු ඒ වේදනාව දුක පෙන්නන්නෙ නෑ.. ඒක නිසා මතුපිටින් බලන ඕනම කෙනෙක්ට හිතෙන්නෙ යකෝ මූ තනිකඩයෙක් උනාට හරි සතුටින් ඉන්නවනේ.. අපි බැඳලා ඉල්ලං කෑවනේ කියලා.. මේ මනුස්සයා පාරෙ යනකොට දකිනවා එක කුඩේ යටින් යන යුවලක්.. එතනදි එයාට අතීතය මතක් වෙලා වේදනාවක් දැනෙනවා.. මොකද එයත් මේ විදියටම පෙම්වතියත් එක්ක එක කුඩේ ඉහළන් මේ විදියටම ගිහින් තිබුණ නිසා.. ඒත් තමන් දැන් තනිවෙලා..

    මීවත තොල ගාගන්න ගියේ සීතල මකාගන්න.. ඒත් අර මගදි දැකපු සිද්ධියෙන් හිතේ වේදනාව තවත් වැඩිවෙච්ච නිසා එයා ආපහු හැරිලා යන්න යනවා.. මීවිතෙන් හීතල නැති කරගත්තත් හිතේ දුක නැති කරගන්න පුළුවන්ද.. තවත් වේදනාව එකතු වෙනව මිසක.. :(

    කේ.ඩී.කේ. ධර්මවර්ධන තමා ඕක ලිව්වෙ..:cool:

    අඩේ අපේ බඩියා මාර විචාරකයෙක් නෙ :lol:
    මොනාඋනත් පට්ට සින්දුව බන් මට අහපු එක පාරින්ම මතක් උනා.අර සන්නාලියනෙ සින්දුව අපේ සින්හල පොතේ තිබුනා.මට එකාලෙ ඒක කටපාඩම්.සින්දුවක් කියල දන්නෙ පස්සෙ.කලින් හිතන් හිටියෙ කවි පන්තියක් කියලා
    :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නමේ හැටියට හැටට කිට්ටු වෙලා කියන්න බෑ.. නමෙන් වයස කියතැහැකි.. (පස්සෙ නම් මාරු කරල නැත්තං..) හා හා ඕවා වැඩක් නෑ..:cool:

    හැටට කිට්ටු වෙන කතාවක් නෙමෙයි මේකෙන් කියන්නෙ.. තනිකම ගැන.. ගැඹුරු තේරුමක් නෑ මේ ගීතයෙ.. සාමාන්‍යයෙන් ඕනම කොල්ලෙක් තමන්ගෙ තරුණ කාලෙදි කරන්න පුළුවන් විච්චූරණ හැම එකක්ම කරනවා.. ඒත් කාලයත් එක්ක තමන් වයස්ගතයි කියලා හිතුන දාට ඔය හැමදේම ඈතට යනවා.. මොකද හැම විච්චූරණ කරන්නෙ යම් හේතුවක් ඇතුව..

    බලපං..

    පාරට බැස්සම නොවැ සීතල වැඩි
    තනිකම ඊට වැඩී
    එකම කුඩය යට අර යුවලක් යන හැඩ
    මමත් ඔහොම ගිය හැටි මතකයි
    මට හොඳහැටි මතකයි

    ජීවිතේ හැම දේකටම වඩා තනිකම කියන්නෙ වේදනාවක්.. ඒක ජීවිතේ නතිවෙච්ච කෙනෙක්ම විතරයි දන්නෙ.. ඒත් ගොඩක් තනිවෙච්චි මිනිස්සු ඒ වේදනාව දුක පෙන්නන්නෙ නෑ.. ඒක නිසා මතුපිටින් බලන ඕනම කෙනෙක්ට හිතෙන්නෙ යකෝ මූ තනිකඩයෙක් උනාට හරි සතුටින් ඉන්නවනේ.. අපි බැඳලා ඉල්ලං කෑවනේ කියලා.. මේ මනුස්සයා පාරෙ යනකොට දකිනවා එක කුඩේ යටින් යන යුවලක්.. එතනදි එයාට අතීතය මතක් වෙලා වේදනාවක් දැනෙනවා.. මොකද එයත් මේ විදියටම පෙම්වතියත් එක්ක එක කුඩේ ඉහළන් මේ විදියටම ගිහින් තිබුණ නිසා.. ඒත් තමන් දැන් තනිවෙලා..

    මීවත තොල ගාගන්න ගියේ සීතල මකාගන්න.. ඒත් අර මගදි දැකපු සිද්ධියෙන් හිතේ වේදනාව තවත් වැඩිවෙච්ච නිසා එයා ආපහු හැරිලා යන්න යනවා.. මීවිතෙන් හීතල නැති කරගත්තත් හිතේ දුක නැති කරගන්න පුළුවන්ද.. තවත් වේදනාව එකතු වෙනව මිසක.. :(

    කේ.ඩී.කේ. ධර්මවර්ධන තමා ඕක ලිව්වෙ..:cool:

    Adoh tho danna dewal :nerd: