අද මට කියන්නම හිතුවා.......

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    අද මට කියන්නම හිතුවා.
    උදෙන්ම නාගත්තෙ වතුර 9 ට කපනව කියලා ඊයෙ රෑ අම්ම කියනව ඇහිලා.
    නාලා කාලා ඇඳගත්තෙ සමුද්‍ර හම්බවෙන්න යන්න. සමුද්‍ර කියන්නෙ මං කලිං වැඩ කරපු කන්තෝරුවේ හිටිය හොඳම යාලුවා.
    මිනිහා මෑතක කසාඳ බැන්ඳේ. දුර පැත්තක කෙල්ලක්. ගිය සතියෙ මට කෝල් එකක් දීලා පුළුවන්නම් ඇවිත් යන්න කිව්වා.
    මේ කොරෝනා මගුල නිසා එළියට බහින්න බෑ අක්කයි අම්මයි බරබරේ.

    කොහෙද යන්නෙ
    ගෙදර හිටපං
    දන්නවනෙ මිනිය බලන්නවත් හම්බ වෙන්නෙ නෑ

    ඔය වගේ අසුබ කතා කෝටියක් විතර අහගෙන ගියා සමුද්‍රය හම්බ වෙන්න.
    මං යනකොට ඌ විතරයි නංගි නෑ. බැලින්නම් නංගි මූව දාල එයාගෙ මහ ගෙදර ගිහිං.
    මොකද උනේ කියන එක තමා කතාව

    ගේ ළඟ ඉන්නවලු ශ්‍රී ලංකන් වැඩ කරන කෙල්ලෙක්. ඒ කෙල්ල මේ මෑත දවසක සමුද්‍රගෙ ගේ ළඟින් යද්දි සමුද්‍රයි වයිෆුයි ඉඳල තියෙන්නෙ ගේට්ටුව ළඟ. අර ගෑනු ළමයා සමුද්‍ර ට කිව්වලු
    " අයියා ගොඩක් කාලෙකින් දැක්කෙ. මං හැමදාම බැලුවා මෙතනින් යනකොට පේන්ඩ හිටියෙ නෑ. " කියලා
    හලෝ අක්කෙ කියලා වයිෆ්ටත් කිව්වලු.
    එතකොටම සමුද්‍රගෙ බාරියාව අර කෙල්ලට කියලා
    " අයියා ගැන බලන්න මං ඉන්නව. ඔයා ගිහිං ඔයාගෙ ගෙදර ගැන බලාගන්න " කියලා
    අර කෙල්ල හුස්ම ගන්න අමතක උනා වගේ බයවෙලා බලං ඉඳලා සොරි කියං ගියාලු.

    සමුද්‍රගෙ එකේ පංතියෙ ඉඳන් යාලුවෙක්ගෙ නංගිලු ඒකි. සමුද්‍රයට හතර විලිලැජ්ජා වෙලා ගෑනිව ගෙදරට ඇදං ගිහිං බැන්නලු.
    කතාකරන හැම ගෑනිවම කසාද බඳින්නෙ නෑ. ඒ කෙල්ල පුංචිකාලෙ ඉඳන් දන්න යාලුවගෙ නංගි දන්නෙ නැද්ද එයාගෙ අයියව කියලා .
    තමුසෙ අර අහිංසක කෙල්ලට කරපු ලැජ්ජාව බලනව කොහොමද මං කපිලගෙ මූණ බලන්නෙ කියලා.

    යකෝ මේ ගෑනි සමුද්‍රයව දාලා ගෙදර ගිහිං තියෙන්නෙ අර කෙල්ලට අහිංසක ගෑනි කියලා කිව්ව එකටලු. සමුද්‍ර කොහොමද ඒකි අහිංසකයි කියලා දන්නෙ. ෂුවර් එකටම පරණ පෙම්වතී වෙන්න ඇති කියලා කතා මංගලයක් ගොතලා ඇඳුම් ටිකකුත් පොදි ගහං ගෑනි ගිහිං.

    දැන් සතියක්.....
    දැන් ගෑනි කෝල් කරනවලු. මේකා කතා කරන්නෙ නෑ. ඌ උයාගෙන කාලා ජොලියෙ ඉන්නව. මං ඇහුවා ගෑනි ගේන්න යන්නෙ නැද්ද කියලා. මේක කියනව
    " අනේ පලයං රනා, අද ගිහිං ගෙනාවොත් හැම මගුලටම පොඩ්ඩ බැරිවෙනකොට ගෙදර දුවයි. මං යන්න ඕන පෙට්‍රල් පුච්චං කැන්දං එන්න. ගියා නං වරෙං කියලා මං කිව්ව.
    මුලදිම හදාගත්තෙ නැත්තං ඕකුන් අපේ නහයට ලනුවක් දාලා කකුලට කුරත් ගහලා නැට්ට කපලා අං දෙකක් ගාවල නතර වෙන්නෙ".
    ඇයි යකෝ, මූ දාර වස්සෙක්ද ඔය ටික වෙන්න කියල හිතුවත, මං ඇහුවෙ නෑ.
    ගෑනු පිරිමි මට්ටු කරන්න යනවා. හැබැයි හැම පිරිමියම මට්ටු වෙන්නෙ නෑ.

    අක්කට ගෙදර ඇවිත් කතාව කිව්වා
    " ගෑනු දෙන්නගෙන් කවුද වැඩියෙන් ලස්සන"
    ඕං අක්කා අහපු එක

    මං දන්නෙ කෝමද ඕයි.
    😂

    © rathna perera


    ඉස්සුවේ ගෙඩි පිටින් බුකියෙන් මචෝ ........:-):-)
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    අර නංගි ලස්සන ඇති sure එකටම මූගෙ ගෑනිට වඩා. කැත කෙල්ලෙක් ඔහොම කිව්වනම් අරකිට වැඩිය ගානක් වෙන් නැට් වෙන්නත් ඉඩ තිබුන. UL කෙල්ලො ඉතින් බහුතරය ලස්සනයි. අපි ඒක දන්නවනෙ හොදටම🌝 :yes: