නිදුකින් ඉනු මැන
නිදුකින් ඉනු මැන මට වඩා කල්
මගෙ පනත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජිවිතේ පවතින තුරා
මම විඳින දුක වෙන කෙනෙකු වෙත
යලිත් කිසි දා දෙන්නෙපා
සසරෙ කොතනක මට ලැබුනු දුක
ඔබට ලැබෙනු එපා
දිනෙක අයෙත් ලන් වෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා.....
රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි
වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
තිස්සෙම කඳුලැල් දැසෙ රැන්දුනේ ඉන්න බැරි තැනමයි
දිනෙක අයෙත් ලන් වෙලා
නාවත් මා සොයා
හැමදාමත් පෙම් කලා
මාගේ සිත් පුරා.....
ලන්ව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි
හන්ගගෙන තව ඉන්න බැහැ මට ඔබට ගැති සිත අසරණයි
කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපටයි
එච්චර රිදුමක් අයිති කෙරුවෙ රත්තරං ඔබමයි
නිදුකින් ඉනු මැන මට වඩා කල්
මගෙ පනත් අරගෙන ඔයා
සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
ජිවිතේ පවතින තුරා....