me thread eka kiyewahama pissu hadenawa :/ sorry machan weccha deta. monawa karannada. okkoma wenne hodatai kiyala ohoma idapan. binna bahina case nam puthe goo 70i. kuliyata hari kohe hari giya nam hari.
ත්රෙඩ් එක මැද හරිය නම් කියෙව්වෙ නෑ...
කොහොම උනත් කල් ගිහින් මීට වැඩිය නරක දේවල් නොවී, ඔහොම උන එක හොඳයි කියල කොහොම හරි හිත හදා ගන්න බලන්න.. ඒත් ඒක ගොඩක් අමාරු වෙයි නම් තමයි..
අනිත් කාරනේ බීමටනම් පුරුදු වෙන්නම එපා ඔය වගේ ප්රශ්න ආව කියලා.. ඊට පස්සෙ ගොඩ එන්න කොහොමත් අමාරුයි... එකෙන් ඔයා ඉන්න තැනින් තවත් පහළට වැටෙන එක විතරයි වෙන්නේ...
ඔය වගේ ප්රශ්න ගොඩකට මූන දීපු අය මේකෙත් ඕන තරම් ඉන්නවනේ...
ඒ නිසා හැම දේම වෙන්නෙ මිනිස්සුන්ටනේ කියල හිත හදා ගන්න උත්සහ කරන්න..
මටත් මුල් ෆොටෝ ටික දකිද්දිම ගොඩක් දුක හිතුන උඹව ජීවිතේට දැකල නැති නාඳුනන කෙනෙක් උනත්.. ඉතින් උබේ වේදනව ගැනත් හොඳට තේරෙනවා...
දවසක මෙහෙම කරදර නැති හොඳ විවිහයක් කර ගන්න ලැබෙයි...
ඒක එහම වෙන්නම කියල අපිත් ප්රාර්ථනා කරන්නම්...
හිතේ කිසිම දුකක් කනගාටුවක් නැහැ මචන්, කලකිරීමක් ඇරෙන්න, සිද්ද උන දවස් වල කල්පනා උන මොකද්ද මේ උනේ කියල. එත් මට වැඩ මිනිස්සුන්ට මීට වැඩ දේවල් වෙලා තියෙන්නේ, engage වෙලා wedding එකට කලින් කසාදෙ අවලංගු කරනවා. බැඳලා ඩිවොර්ස් වෙනවා ළමයෙක් හදන්නත කලින්, මම අහල තියෙනවා බැඳලා photo album එක ගන්න කලින් divorce උණු අයව, සමහරු ලමයිත් හදල divorce වෙන්නේ ජීවිත් කීයක් විනාසකරගෙනද. එහෙම වෙන්නේ නැතුව මෙහෙම උණු එක ලොකු දෙයක් මචන්,
මචන් මම බොන්නේ, බොනවානම් බොන්න ඕන සතුටට. බැරි වෙලාවත් මේ දේවල් බැන්දට පස්සේ ඇදුනනම් වහ තමයි බොන්න වෙන්නේ,
බැන්දට පස්සේ මේ වගේ ප්රශ්න ඇතිවෙනවානම් ඊට වඩා දාහෙන් සම්පතයි නොබැඳ ඉන්න එක, සිරාවටම,
ජය වේවා..!
ඇඟ හිරි වැටිලා ගියා බන්. අපිත් මේ දවස් වල වෙඩිම ප්ලෑන් කරන ගමන් ඉන්නේ. හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ. අනාගතේ ඔහොම ප්රශ්න නොවී හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න ලැබේවා කියල තමා කියන්න තියෙන්නේ
siyalu de nesena sulu bawa dan nan monawata pehadili we...![]()
ජීවිතේ අනිත්යයි, අපි එක තේරුම් ගන්නේ බොහොම ප්රමාදවෙලා, අද මම කසාද බඳින්න හිටිය දවස, සැහෙන්න දේවල් සැලසුම් කරා ලෑස්ති කල, එත් ඒ ඔක්කොම වෙනස් වෙන්න ගියේ එක මොහොතයි, ,,,![]()
[/IMG]![]()
[/IMG]![]()
[/IMG]![]()
උඹලගෙ තත්තා කරපු වැඩේ හරි වැරැද්ද තව අවුරුදු 25ක් 30ක් ගිහාම උඹට හරියටම තේරෙයි, උඹ එදාට මාර්ග ඵලයක් ලබාගෙන නොතිබුනොත්. උඹට කෙල්ලො ඕනතරම් හොයාගන්න පුලුවන්වෙයි. ඒත් උඹට තව තාත්තලා හොයාගන්ඩ බැහැ. උඹගෙ තාත්තා වැරදියි කියලා උඹට හිතෙන්නෙ, තාත්තගෙ වචනෙනිසා උඹට දෙයක් නැතිවෙච්චනිසා. පොඩ්ඩක් හිතපන්. උඹ ඔය කෙල්ලව කසාද බැදලා යම් දවසක උඹ ඔය ගේ හදල ඉවරඋනාට පස්සෙ කෙල්ලගෙ අය්යා ඇවිත් එයාගෙ පන්ගුව ඉල්ලුවොත් මොකද වෙන්නෙ කියලා. මට හිතෙන්නෙ උඹගෙ තාත්තා හැදුවෙ උඹව ඒ තැනට වැටෙන එකින් ගලවාගන්න. ඒ නිසා තාත්ත වැරදියි කියලා හිතෙන එක නවත්තගන්ඩ බලපන්.

මගේ හිතවතෙකුගේ අයියා කෙනෙක් ගේ, අවුරුදු 7 ලවු කරපු, ගිය සතියෙත් ලවු කරපු කෙල්ල මෙන්න අද වෙන මිනිහෙක් බැඳලා!
මේ වෙලාවේ උන්ගේ ගෙදර අපායක් වෙලා තියෙන්නේ!
හරි පුදුමයි එකපිට එක කතා අහන්න වෙනවා නේ!


තරහ නැත්තං ඔය වොඩින් කාඩ් එක ගත්තේ කොහෙන්ද කීයද කියල කියන්න පුලුවන් ද
contact No ekak tiyanawanam denawada machanමැලිබන් ස්ට්රීට්, 35/= උනා 1 ක්
කියලා වැඩක් නෑ බං.
හෙට මොකක් අහන්න වෙයිද කියලා සැකෙන් මං ඉන්නේ.
අරු මැරෙන ලයින් එකේ යන්නේ...![]()
ජීවිතේ නැතිකරගන්න එක අපි ඒ වෙලාවේ ගන්න ක්ෂණික තීරණයක් උනාට, එකෙන් විඳවන්නේ අනෙක් අය. මැරෙන එක නෙමෙයි ජීවත්වෙන එකයි වටින්නේ කිවවට, ඒ අත්දැකීමට මුහුණ දුන්න කෙනා තමා වේදනාව දන්නේ. කෙල්ල්ක් නම් හොයගැත්ත්කි. එත් අපරාදෙ බන් සල්ලි
පසුව සොයා බැලීමේ දී අනාවරණය වූයේ කෙල්ලගේ සිරා ලව් එක සල්ලි තියෙන අර ඩිපෙන්ඩර් හාදයා බවත් කෙල්ල ව නොඉස්සූ බවත් කෙල්ල කැමැත්තෙන්ම දුවං ගිහිං ඩිපෙන්ඩරයේ නැග්ග බවත් ය...












මම කම්පාවට පත්වෙලා නැහැ මචන්, උපේක්ෂාවෙන් ඉවසගෙන ඉන්නවා, කොයි දේත් මිනිස්සුන්ටනේ වෙන්නේ කියලා හිතාගෙන, යම් කිසි පසුතැවිල්ලක් තියෙනවා මට මෙහෙම සිද්ද උනානේද කියල හිතනකොට, එ මම ජීවත් උණු විදිහ නිසා, කාටවත් හිංසාවක් වෙලා නැහැ, ඉතින් ඇයි මට මෙහෙම උනේ කියලා,
මම නම් කියන්නේ ගෑනුන්ගේ ගෙවල් වල නම් බින්න බහින්න හිතන්නවත් එපා කියලා. කෙල්ලට වෙනම ඉඩමක් තියෙනවා නම් එකේ ගෙයක් හැදුවට කමක් නෑ.
9 නපුරුයි මචෝ ... ඇත්තටම මටත් ගොඩක් අප්සට්...අපි කවුරුත් මිනිස්සුනේ.උබේ නැන්දම්මා වරදිඑ බන්
Waradda kaageda monaada une kiyala hoyala wadak venne nane dan komath
Oka tiken tika amathaka karala issarahata yana balamu bro.
Hamoma kiwwa vage oyaage hondatay meka une kiyala hithaagena hitha hadaagana balana![]()
contact No ekak tiyanawanam denawada machan
මම කාටවත් වැරද්දක් පටවන්නේ නැහැ, හැබැයි හොඳ පාඩමක් ඉගෙන ගත්ත.
මේ වෙච්ච දේවල් ගැන දැන් මගේ හිතේ කිසිම දුකක් කනගාටුවක් නැහැ, කලකිරීමක් ඇරෙන්න.
මේ දේවල් අමතක කරල හෙට ඉඳන් ජීවිතේට මුහුණ දෙනවා.