ලොරි රථයක් මතට අධිබලැති විදුලි රැහැනක් කඩා වැටෙයි-2ක් මරුට
මහවෙල, මඩඋල්පත ප්‍රදේශයේදී ලොරි රථයකට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටීමෙන් විදුලි සැර වැදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ලොරි රථය නවතා තිබූ අවස්ථාවේදී වොට් 33,000 ක අධි බලැති විදුලි රැහැනක් එය මතට කඩා වැටී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.
එම අවස්ථාවේදී ලොරි රථයේ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.
අනෙක් පුද්ගලයා ලොරි රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
Adaderana
June 6, 2020 02:16 pm
Last edited:


