අද රෑ 12 පස්සේ බෑ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අද රෑ 12 පස්සේ දේශපාලනය බෑනේ.. එතකොට එලකිරිය ගෑන කොහොමද? ලොක්කා දේශපාලන ත්‍රෙඩ් ඔක්කොම මකයිද?
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    VPN ලෑස්ති කරගන්න වෙන තැනට අපිව ගේන්න එපා
    -මහින්ද දේශප්‍රිය
    :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එහෙම කරන්න පුලුවන්ද ගිය චන්ද වලනම් එහෙම කරේ නැහැ ඇඩ් නම් අවුලක් නැහැ ,

    මිනිස්සුන්ගේ කටවලුත් වහන් තමයි ඉන්න වෙන්නේ එහෙනම්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මo නම් දේශපාලන පොස්ට් දන් නෑ 12 පස්සෙ.හොදට නිදියනවා. අදින් මගෙ ජොබ් එක ඉවරා....යි.
    16 රෑ හම්බෙමු බොතලෙකුත් අරන් එන්නම් තොපිත් එක්ක බොන්න. :P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මo නම් දේශපාලන පොස්ට් දන් නෑ 12 පස්සෙ.හොදට නිදියනවා. අදින් මගෙ ජොබ් එක ඉවරා....යි.
    16 රෑ හම්බෙමු බොතලෙකුත් අරන් එන්නම් තොපිත් එක්ක බොන්න. :P

    :P:P
    පඩි ගෙවලා ඉවරයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මo නම් දේශපාලන පොස්ට් දන් නෑ 12 පස්සෙ.හොදට නිදියනවා. අදින් මගෙ ජොබ් එක ඉවරා....යි.
    16 රෑ හම්බෙමු බොතලෙකුත් අරන් එන්නම් තොපිත් එක්ක බොන්න. :P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමවූ අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට කිසිඳු කරුණක් නිසා උපවාස කිරීම තහනම් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
    මැතිවරණය පැවැත්වෙන නිහඬ කාලයේදී කිසිඳු පුද්ගලයෙකුට හෝ උපවාස ආදිය සිදුකිරීම නතර කරන්නැයි මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දීමක් කළ බවද ඔහු පැවසීය.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය.
    සමහරු මාරුවෙන් මාරුවට උපවාස කරනවා.ඒකෙන් කිසියම් අපේක්ෂකයෙකුට අගතියක් වෙන්න ප්‍රළුවන්.තව කෙනෙකුට වාසියක් වෙන්න පුළුවන් යැයි ඔහු කීය.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ පනතේ 70 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව ජනාධිපති මැතිවරණයට අදාල සියලු ප්‍රචාරන කටයුතු අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් වන බවත් මෙම නීති උල්ලංඝනය කර ප්‍රචාරණ කටයුතු වල නිරත වන පිරිස් වීඩියෝ කර ඔවුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
    මේ සඳහා ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පොලිස් නිලධාරීන් දැනුවන් කර ඇති බවත් එවැනි ක්‍රියා වීඩියෝ ගත කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ප්‍රතිපාදන ද ලබා දී ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
    මෙම නිහඬ කාලය තුළ ප්‍රචාරණ කටයුතු වල නිරත පුද්ගලයන් එම වීඩියෝ දර්ශන මගින් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමවූ අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට කිසිඳු කරුණක් නිසා උපවාස කිරීම තහනම් වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
    මැතිවරණය පැවැත්වෙන නිහඬ කාලයේදී කිසිඳු පුද්ගලයෙකුට හෝ උපවාස ආදිය සිදුකිරීම නතර කරන්නැයි මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත දැනුම් දීමක් කළ බවද ඔහු පැවසීය.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය.
    සමහරු මාරුවෙන් මාරුවට උපවාස කරනවා.ඒකෙන් කිසියම් අපේක්ෂකයෙකුට අගතියක් වෙන්න ප්‍රළුවන්.තව කෙනෙකුට වාසියක් වෙන්න පුළුවන් යැයි ඔහු කීය.

    එක්කෙනෙක් ඉන්නව නේද නිදහස් චතුරස්සෙ..එයාට මොනා වෙයිද දන්නෑ :rolleyes: