අද සිකුරාදා!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    සිරා අද සම්බන්ධන් අගමැති කරයිද? මහින්ද ආයෙ විපක්ශ නායක වෙයිද?
    කොහොමත් TNA එක UNP එකත් එක්ක අලුත් ආණ්ඩුවක් හදන්න එකග වෙලා කියල තියෙනව නෙ, තව ටිකකින් සම්බන්ධන් එක්ක මයිත්‍රී,යූඑන්පී සෙට් එක මීටින් එකක් තියෙනවල්ලු නෙහ්, සිරිසේන ආයෙ චන්ද ගැසට් එක කැන්සල් කරයි වගේ (7 නඩු තීන්දුවෙන් පොර ව්යවස්තාව උල්ලංඝනය කරා කියල තීරණේ ආවොත් ඒ චටර් එක වහගන්න), පිස්සු යකෙක් මේකා :rofl::rofl::rofl:
     
    Last edited:

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    නෑ බං 7 වෙනිදා චන්දයක් තියන්න ඕනෙ කියලා ඒවි.
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    මට නම් හිතෙන්නෙ අද මොකුත් වෙන්නේ නැ 7 වෙනකන් ඔහොම අරන් යයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113

    උතුර-නැගෙනහිර අපට ඕන හැටියට කරන්නත්, නව ව්‍යවස්ථාව ගේන්නත් රනිල් පොරොන්දු වුනා..- TNA

    උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළවූ බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

    එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

    එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමින් ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒම,ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම,දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කිරීම වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

    මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.

    Source?