අධ්‍යාපන පද්ධතිය

Dec 28, 2014
343
44
0
ගාල්ල
අධ්‍යාපන පද්ධතිය



අධ්‍යාපන පද්ධතිය
------------------


මෙම රූපය බැලූ කල්හි අපට පෙනෙනවා විවිධාකාරයේ සතුන් ටිකක් සහ ඒ සතුන් ටිකට විධානයක් දෙන ගුරුවරයෙක්... මෙය ඇත්තටම වර්තමාතමාන අධ්‍යාපන ක්‍රමය විදහාපාන කදිම උපමාවකි...


මෙහි දැක්වෙන පරිදි සෑම සතෙකුටම එකම පරීක්ෂණයක් ගුරුවරයා විසින් ලබා දෙනවා "කරුණාකර අර ගසට නගින්න" කියලා... මෙතනදී ගස් නැගීමෙහි උපන් හපන්කමක් ඇති වඳුරාට නම් එය පහසුවෙන්ම ඉටුකර පරීක්ෂණය ඉහළින්ම සමත් විය හැකියි... පක්ෂියාටත් ගස් නැගීම‍‍ට බැරි වුනත් වඳුරාට කලින් පියාඹා ගසේ මුදුනටම යා හැකියි... මාළුවා‍ට නම් එය කොහෙත්ම කරන්න බැරි දෙයකි... මන්ද හාත්පසින්ම වෙනස් පරිසර තත්වයක් යටතේ සිටින බැවින්... අනිත් සතුටත් එම පරීක්ෂණය සමත් විය නොහැකියි...


මෙය අපේ අධ්‍යාපන ක්‍රමය හා සසඳා බැලූ විට මෙහි දැක්වෙන ගුරුවරයා ‍හැම සතකුටම දෙන පරීක්ෂණය එක හා සමාන වගේ අපි හැමෝටම දෙන පරීක්ෂණත් නැත්නම් විභාගත් එක වගේ... එයින් මා අදහස් කළේ ප්‍රශ්න හා විෂයන් සමානයි කීම නොව හැමෝටම වගේ දෙන්නේ ලිඛිත පරීක්ෂණයි... ඒවායිනුත් බොහොමයක් ඒවා කටපාඩමින් කළ යුතු ඒවායි... ඉතින් කටපාඩම් කිරීමට හැකියාවක් ඇති අය අර වඳුරා වගේ ඉහළින්ම සමත්වේ... ඒ වගේම ‍copy කිරීම හෝ වෙනත් විදියේ වංචනික ක්‍රම මගින් අර පක්ෂියා වගේ ලේසියෙන්ම සමත්වේ... කට පාඩම් කිරීම‍ට නොදත්ම කෙනා අර මාළුවාට වගේ ‍අපහසුතාවය‍ට පත්වේ...


මෙයින් ගත හැකි යමක්ද ඇත... එනම් විවිධ පුද්ගලයන්ගේ දක්ෂකම් හා හැකියාවන් විවිධාකාරය... එකම ආකාරයේ පරීක්ෂණ ක්‍රමයක් භාවිතා කොට එය කොහෙත්ම මැනීම‍ට නොහැක... මන්ද එය සිදු කළ හැකි පරීක්ෂණ ක්‍රම රැසකින් එකක් වන නිසා... ඉහත පරීක්ෂණය පිහිනීම සම්බන්ධව කළහොත් මාළුවා ඉහළින්ම සමත් වෙන අතර වඳුරා හා පක්ෂියා‍ ඉහළින්ම අසමත් වේ... එම නිසා මතක තබා ගත යුතු වැදගත් කරුණ වනුයේ O/L හෝ A/L හෝ මොනයම් විභාගයක් හෝ කෙනෙක් අසමත් වුවහොත් ඒ කෙනා අදක්ෂයෙක්\මැට්ටෙක්\මෝඩයෙක් නොවේ කියන එකයි... මොකද අද සමාජයේ සම්මත කරගෙන ඇති පරීක්ෂණ ඒවායි... එම නිසා ඒවා අසමත් වෙන අය සිය දිවි නසා ගැනීමටත් පෙළ‍‍‍ඹේ... එසේත් නැතිනම් සමාජය විසින් ඔවුන් කොන් කරයි... හංවඩු ගසයි... මන්ද ඔවුන් හැමගේ දෘෂ්ඨි කෝණයන්ට හසු වී ඇත්තේ එකම ආකාරයේ පරීක්ෂණ ක්‍රමයක් බැවිනි...


විභාග සමත් වෙන අය ඒ සම්බන්ධව දක්ෂයෝ බව නොරහසකි... නමුත් අසමත් වෙන අය ඒ පරීක්ෂණයට සාපේක්ෂව අදක්ෂයන් මිසක් සෑබෑ ලෙසම අදක්ෂයන් නොවෙන බව මින් පැහැදිලි වේ...


-නිපුන නිරෝෂන කිරිඇල්ල-

2012.04.24 වෙනිදා ලියන ලද්දකි෴



REP DEEPALLA
 
  • Like
Reactions: [email protected]

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    oka eththama kathwa bn
    450px-Education_in_the_United_States.svg.png

    http://en.wikipedia.org/wiki/Education_in_the_United_States me wage system ekak tiyenna oni bn
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ඕක මචං සමත් අසමත් වෙන උන්ගේ වැරැද්ද නෙමේ .මේ ක්‍රමය සහ ඒ ක්‍රමය හරහා නිර්මාණය වෙලා තියෙන මානසිකත්වයේ වැරැද්ද .උඹට කියන්න මෙන්න මෙහෙම දෙවල් තියෙනවා සමාජයේ .දවසක් එකෙක් බියර් බොන්න කතා කරා .එතන හිටිය තව එකෙක් කිව්වා මචං ඔව්ව බොන එපා බන් අපරාදේ සල්ලි කියලා .ඊට පස්සේ අරු කියපි අඉක් පැත්තට "උඹ විභාගේ ෆේල් නේ .යකෝ අපි මෙව්ව ගහලා තමා පාස් උනේ .උඹට ඒක කර්ගන්නවත් බැරි උනානේ " කියලා .ඉතිං බලපන් අරු හොඳ දෙයක් කිව්වේ .එකේ ඇති වැරැද්දක් නැහැ නේ .මොකද ඌ බොන එකෙකුත් නෙමේ .හැබයි අනික් එකා උගේ වැරදි ක්‍රියාව සාධාරණී කරණය කරා උගේ විභාග රිසාල්ට් එක හරහා .ඔන්න ඕකයි තත්වේ බන් .අන්න ඒක තමා අපි වැරදී කියන්නේ .පාස්වෙන එකෙවත් ෆේල්වෙන එකෙවත් නෙමේ අවුල තියෙන්න .ඔය කියන පාස් ෆේල් මානසිකත්වය හරහා ගොඬනගා ගන්න ආකල්ප වල .